කලම්බෝ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනි දා | සිළුමිණ

කලම්බෝ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනි දා

1998 වසරේදී ගාලු පුරවරයෙන් ආරම්භ වී වසරින් වසර විශාල ප්‍රගතියක් අත්පත් කරගත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (IAAF) හා මැරතන් සහ දිගුදුර ධාවන තරග සංගමය (AIMS) යටතේ මේ වන විට පූර්ණ සාමාජීකත්වය හිමි ජාත්‍යන්තර මැරතන් තරගාවලිය “කලම්බෝ මැරතන්” තරගයේ 18 වැනි දිග හැරුම ඔක්තෝබර් 7 වැනිදා කොළඹ සිට මීගමුවට පැවැත්වෙයි.

පූර්ණ මැරතන් තරගය අර්ධ, මැරතන් තරගය, ප්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, ප්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, කීලෝ මිටර් 10 – 05 විනෝද මැරතන් තරගය හා පාසල් මැරතන් තරගය කිලෝ මීටර් 05 වශයෙන් ගැහැනු හා පිරිමි වශයෙන් කාණ්ඩ හතක් යටතේ තරගාවලිය සංවිධානය වෙයි.

ආසියාතික ක්‍රීඩා දිනපොතේ ප්‍රධානතම තරගාවලියක් ලෙස සටහන් වී පවත්වන තුන්වන තරගාවලිය මෙවර තරගාවලිය වන අතර ජාත්‍යන්තර දිනපොතේ සටහන් පළමු තරගාවලිය කොළඹ සිට මිගමුව තෙක් පැවැත්විය. දෙවන තරගාවලිය වු 2017 තරගාවලිය කොළඹ නගර සිමාව තුළ සංවිධානය විය. නමුත් අධික රථවාහන තදබදය නිසා නැවතත් කොළඹින් ආරම්භ වී මීගමුවෙන් අවසන් කිරිමට තරග සංවිධායකයන් මෙවර කටයුතු සම්පාදනය කර ඇත.

රුපියල් මිලියන 2.5 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු සංවිධානය කර ඇති අතර තරගාවලියට සහභාගිවන තරග කරුවන් ලියා පදිංචිය හා වෛද්‍ය පරීක්ෂනය ඔක්තෝබර් 6 වැනිදා සිදු කීරිමට නියමිතව ඇත.

රටවල් 47ක තරගකරුවන් 500ක පිරිසක් හා මෙරට මැරතන් ක්‍රීඩා ලෝලින් 8000ක් පමණ සහභාගී විමට ඇයැදුම් පත් යොමු කොට ඇති 18 වැනි කලම්බෝ මැරතන් තරගාවලියට මේ වන විටත් ඉන්දියාව නියෝජනය කරමින් තරග කරුවන් 73 දෙනෙකු, මාලදිවයින නියෝජනය කරමින් තරග කරුවන් 23 දෙනෙකු හා චීනය නියෝජනය කරමින් තරග කරුවන් 20 දෙනෙකු තම සහභාගීත්වය තහවුරුකර ඇත.

ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක පුරවරයක් යන පණිවිඩය තවදුරටත් ලෝකය වෙත ගෙන යාම ශ්‍රී ලංකාව සංචාරක හා විනෝදාත්මක වැඩසටහන් සඳහා තෝතැන්නක් බව ලොවට කියා පැම හා මෙරට තරුණ තරුණියන් හා පාසල් ළමුන් අතර මලල ක්‍රීඩාව සඳහා පුරුද්දක් ඇති කිරීමට මෙය හොඳ අවස්ථාවක් වන අතර මෙරට සිටින තරගකරුවන්ට ජාත්‍යන්තර තරගකරුවන් හා උරෙන් උර ගැටී තරග වැද තම දක්ෂතා ඔප්නංවා ගැනිමට මෙමගින් අවස්ථාවක් උදාවෙයි.

18 වැනි කලම්බෝ මැරතන් තරගාවලිය ඔක්තෝබර් 7 වැනි දා උදෑසන 6.00ට බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් අනුමත කරන ලද ධාවන පථය ඔස්සේ පැවැත්විමට නියමිතය. බෞද්ධාලෝක මාවත, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, පමුණුගම, තලාහේන, පිටිපන හා දූව හරහා මිගමුව වෙරළ තීරයෙන් තරගාවලිය අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනය විසින් 18 වැනි වරටත් සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන කලම්බෝ මැරතන් තරගයේ තාක්ෂණය, විනිශ්චය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් උසුලන අතර නීතිය හා සාමය අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, මීගමුව නගර සභාව සත්කාරකත්‍වයෙන් සහය වෙයි.

Comments