නැඟෙනහිරින් අලුත් දොරටුවක් | සිළුමිණ

නැඟෙනහිරින් අලුත් දොරටුවක්

වයස දහ අටක් වුණත් නිරෝ­ජන්ගෙ හිත තව ම පුංචියි.

අත් කකු­ල්ව­ලින් වාරු අරන් අනෙක් ළමයි පදින හැටි බලා හිටි­යට නිරෝ­ජන් කව­දා­වත් ඔන්චි­ල්ලා­වක් පැදලා තිබුණෙ නැහැ. අඩුම තරමේ ආබා­ධිත අයට පදින්න පුළු­වන් ඔන්චිලි තියෙ­න­වද කිය­ල­වත් දැන­ගෙන හිටියෙ නැහැ.

එක අත­කට, කකුල් දෙකට ම පෝලියෝ හැදිච්ච, කතා කර­න්න­වත් බැරි, අම්මා අප්පා නැති ආබා­ධිත දරු­වෙක් කවුරු හුර­තල් කර­න්නද... කවුරු, පිළි­ග­න්නද... ඔවුන්ට තිබුණෙ කොන් වෙච්චි ජීවිත. හැංගිච්ච ජීවිත.

නැගෙ­න­හිර ජීවත් වුණාට නිරෝ­ජන්ලා වගේ සිය ගණ­නක් ජීවි­ත­ව­ලට මෙච්චර කල් ඉර නැගු­ණෙම නැති තරම්.

මිනි­සුන් ඇති කළ යුද්ධය මදි­වට සුනා­මි­යත් ඔවුන්ගෙ ජීවිත හෙම්බත් කළා.

ඒත් හැම­දේම වෙන­ස්වන දව­සක් ආවා!

අක්කර 23 ක් පුරා ගොඩ නැඟූ, මිනිස් ජීවිත නඟා සිටු­වන - බල ගන්වන MJF සෙන්ටර්, පහු­ගි­ය­දාක රටේ අග­මැ­ති­ව­රයා අතින් විවෘත වුණේ වාල­ච්චේ­නෙට කල්කු­ඩා­ව­ලට විත­රක් නෙ‍ෙවයි, මුළු නැගෙ­න­හි­රට ම අලුත් බලා­පො­රොත්තු අර­ගෙන.

දැන්, නි‍රෝජන්ලා... සයු­රන්ලා... දෙනූ­ජලා.... වගේ ආබා­ධිත දරුවො ආද­රෙන් පිළි­ගන්න බලා ඉන්න ඉස්කෝ­ල­යක් තියෙ­නවා. ස්පීච් තෙරපි, ඩාන්සින් තෙරපි, මියු­සික් තෙරපි, ෆිසියො තෙරපි.... ප්‍රති­කාර සත්කාර ඔවුන්ට ලැබෙන ගමන් බඩ­ගිනි වුණාම කෑම ටිකක් දෙන්න, ආද­ර­යෙන් කතා කරන්න, ගුරු­තු­මි­ය­කුත් මේ දරුවො වෙනු­වනේ බලා ඉන්නවා.

මෙච්චර කල් ගෙවල් ඇතු­ළෙම එහෙ­මත් නැති­නම් රෝද පුටු­ව­කට සිමා වෙච්චි, ඒ පුංචි­වුන්ගේ මූණු­ව­ලට හිනාව ඇවිත්. මේ ව්‍යාපෘ­ති­වල දිග පළ­ල­වත්, හදන්න වෙච්චි බර­ප­තළ මහ­න්සි­ය­වත් නොදැ­නු­ණාට, ඒ හිත්ව­ලට දැනුණු එකම හැඟීම ‘සතුට’ විත­රයි. ඒ සතුට, කල්කු­ඩාවේ බිම පුරා­ව­ටත් වඩා වැඩියි. වාල­ච්චේන නිල් අහ­ස­ටත් වඩා වැඩියි.

රේන්බෝ සෙන්ටර්, හි ‘අසි­රි­මත් ඉස්කෝලෙ’ මේ හැම තැන­කම ඉඩ පුංචි අයට වෙන් වුණේ ඒ මිලක් නැති සතුට වෙනු­වෙන්. ලෝ ප්‍රකට චෙෆ් ජෙරාඩ් මෙන්ඩිස් ප්‍රමුඛ ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් ශිල්ප දෙන, ‘එම්ප­වර්’ සූප­ශාස්ත්‍ර සහ ආග­න්තුක සත්කාර පාස­ලත් IT මධ්‍ය­ස්ථා­න­යත් තරුණ තරු­ණි­යන් වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන්නේ සූප­වේ­ද­යේත් තොර­තුරු තාක්ෂ­ණ­යේත් ජාත්‍ය­න්තර දැනුම දෙමින්.

යුද වැන්ද­ඹු­වන්ගේ ජීවි­තය ආර්ථි­කය නඟා සිටුවා වෘත්තීය වැඩ­ස­ට­හන්, ඉහළ ඉල්ලු­මක් ඇති ‘ඕග­නික් ෆුඩ්ස්’ නිපැ­යුම්, ගොවීන් ඒ සඳහා යොමු කර­ලීම්, නවීන තාක්ෂ­ණය හරහා ‘සුප­ර්මා­කට් චේන්’ වෙත සිය අස්වනු විකි­ණී­මට ඔවුන් ජාල­ගත කිරීම් සහ ආදර්ශ ගොවි­ප­ළ­වල් ඇති කිරීම, නිය­ඟ­යට ඔරොත්තු දෙන බෝග සිටු­වීම, කුඩා ව්‍යව­සා­ය­ක­යින් බිහි කිරීම, කජු පැළ මිලි­ය­න­යක් වවා සාර්ථක අස්වනු ලබ­මින් ආර්ථි­කය ඉහළ නංවා ගන්නා අතර, ඒ ඔස්සේ මඩ­ක­ල­පුවේ මේ කාස්ටක බිම් හරිත කලා­ප­යක් කිරීම... MJF සෙන්ටර් වෙතින් ක්‍රියා­ත්මක සේවා­වන් කිහි­ප­යක්.

ජීවිතේ කෙළ­ව­රක් නැතිව, විස­ඳු­මක් පේන මාන­ක­වත් නැතිව ගැට ගැහෙන ප්‍රශ්න කොළඹ අපිට වඩා මේ මිනි­ස්සුන්ට දැනෙ­නවා වැඩියි. සම­හර වෙලා­වට ජීවිතේ නැති කර ගන්න හිතෙන තර­මට ඒ පීඩාව වැඩියි.

‘යන්තම් හරි එහෙම සිති­වි­ල්ලක් එනවා නම් ඔබ මොහො­ත­කට හෝ MJF සෙන්ටර් එකට ගොඩ වදින්න ඕනේ. මොකද, ඔබ ආපහු පිට වෙන්නේ ඔබේ ජීවිතේ වටි­නා­කම ගැන විත­රක් නෙවෙයි, ඔබට කරන්න පුළු­වන් හුඟක් දේ දැන­ගෙන.’ නැගෙ­න­හිර පළා­තට ඔවුන් පණිවිඩ­යක් දෙනවා.

අවු­රුදු දොළ­හක් පුරා නැගෙ­න­හිර පළාතේ සිදු කරන ලද ක්‍රියා­කා­ර­ක­ම්වල අග්‍ර­ඵ­ලය ලෙස MJF සෙන්ටර් නිමැ­වුණේ, රුපි­යල් බිලි­යන 1.2 විය­ද­මින්. වස්තුව දේපළ බූද­ලය තර කර­ග­න්නට ම හිතන ව්‍යාපා­රි­ක­යන් අත‍ෙර්, 88 හැවි­රිදි ඩිල්මා සභා­පති මෙරිල් ජේ. ෆර්නෑන්ඩු මහ­ත්මයා, වෙනස් චරි­ත­යක්.

‘මං පල්ලන්සේ‍න ගමේ ඉප­දුණු, මධ්‍යම පාන්තික කතෝ­ලික පවු­ලක දරු­වෙක්. දුප්ප­තුන් හා බෙදා හදා ගැනීමේ පාඩම මට ඉගැ­න්නුවේ මගේ අම්මා. මං මේ රටේ අවු­රුදු 56 ක් ව්‍යාපාර කළා. ඩිල්මා නම ලෝකෙට ගියේ ‘සිලෝන් ටී’ නිසා. එහෙ­නම් මමත් රටට යමක් කළ යුතුයි. මේ රටේ ඇති නැති පර­ත­රය මහා විශා­ලයි. තියෙන කෙනාට ඕනෑ­ව­ටත් වැඩියි. නැති මිනි­හට එදා වේලත් නැහැ. බැංකු­වල ගොඩ­ගැ­හු­වත් දව­සක ඒවා දාලා යන්නෙ. ඒ මුද­ලින් සිය­යට එක­ක්වත් දුප්ප­තුන්ගෙ ජීවිත නඟා සිටු­වන්න වැය කළාට පොහො­සතා වැටෙන්නෙ නැහැ...’

එහෙම හිතන ඔහු, අවු­රුදු ගණ­නා­වක පටන්, රට­පුරා මධ්‍ය­ස්ථාන 16 කදී හැම වස­රක් තුළ ම මිනි­සුන් ලක්ෂ­ය­කගේ ජීවිත, පරි­ව­ර්ත­න­ය­කට ලක් කර­නවා. තම සමා­ගමේ වතු කම්කරු හා දලු නෙළන අයගේ දරු­වන් අතරේ උග­තුන්, වෛද්‍ය­ව­රුන් බිහි­වුණේ ඒ අත දීමෙන්.

මොර­ටුව කටු­බැද්දේ වෙලෝනා පරි­ශ්‍රයේ පිහිටි MJF සෙන්ටර් හර­හාත් මේ සියලු සේවා­වන් සිදු­වන නමුත් මේ සා විසල් මධ්‍ය­ස්ථා­නක් ඉදි වූයේ පළමු වතා­වට.

සිය­යට සිය­යක් හරිත මධ්‍ය­ස්ථා­න­යක් ලෙස නිම කළ මේ බිම සකසා ඇති ආකා­රය පවා ආද­ර්ශ­යක් කිය­ලයි ඩිල්මා, ප්‍රධාන විධා­යක නිල­ධාරි, ඩිල්හාන් ෆර්නෑන්ඩු මහතා පව­සන්නේ.

“අක්කර 23 ක බිමක් වුණාට මෙහි ප්‍රධාන ගොඩැ­නැ­ඟිලි 24 ක් ඉදි­කළේ සිය­යට දොළ­හක බිම් ‍කොටසක. අපි මේ ඉඩම ගනිද්දි කාස්ටක කාන්තා­ර­යක්. අවු­රු­ද්දෙන් මාස එකො­ළ­හක් ම තද පෑවිල්ල. ඉඳ­හිට පොඩි­වැහි ආවට හරි­යට වහින්නෙ ජන­වා­රියෙ විත­රයි. මාස 11 ක ඒ මුළු කාල­යම නියං සම­යක් වගේ. අපි, මහ­පො­ළො­වෙන් වැලි තට්ටු­වක් අයින් කරලා, එළු කුකුළු, ගොම පොහොර සහ දිරා­පත් වූ තල් මුල් කඳන් වෙනත් ශාඛ රොඩු බොඩු ඇතු­ළත් ‘බයෝ චා’ කාබ­නික ස්තර­යක් පසට මිශ්‍ර කළා. පසට පෝෂ­ණය දුන්නට පස්සෙයි, පළා­තට ආවේ­ණික ස්පයි­ඩර් ලිලී, ඔලි­යෙ­න්ඩර්, ඇමී­ලියා, ඇල­මැ­න්ඩර් සහ දම්, සුදු මිනී­මල් පඳුරු හිටෙව්වේ.

අපි එතැ­නින් නැව­තුණේ නැහැ. අඹ, සූරිය, මාදං, කරඳ, විත­රක් නෙවෙයි, කහ පාටින් පොකුරු කඩා හැලෙන ඇහැළ, සිසිල ගෙනෙන කොහොඹ, කුඹුක්, මී, මයිල සහ ගංසූ­රිය ඇතුළු ගස් 5400ක් හිටෙව්වෙ හොඳින් වැඩී මේ බිම විය­නක් වෙන්න. ජල ප්‍රශ්නය උග්‍ර වුණත් ගැඹු­රට හෑරූ නළ ලිං ජලය අපිට ප්‍රමා­ණ­වත්. මොකද ඒ ජලය ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කරන නිසා එක බිඳු­වක් හෝ අපතේ යන්නෑ. වැලි කියන්නෙ හොඳම ජල පෙරන­යක්. අහස උසට නැඟුණු ජල ටැංකි රඳ­ව­නය සම්පූ­ර්ණ­යෙන්ම කොළ පැහැ­යෙන් විය­නක් සේ උඩ සිට පහ­ළට වැල් වවා ආව­ර­ණය කර තිබෙන්නේ සිසිල රැ‍ඳෙන අයු­රින්. ගොඩ­නැ­ඟිලි 24 න් 21 ක්ම ‘ග්‍රීන් රූෆ්’ හෙවත් හරිත වහ­ල­ය­න්ගෙන් සම­න්වි­තයි.

තණ­කොළ වවා ඇති ඒ සෑම වහ­ලක් ම අහ­සට පෙනෙන්නෙ කොළ පැහැ කුඩා පිට්ටනි ලෙසින්. වහින එකම මාසෙදි ජලය ලීටර් අසූ­දා­හක් රැස්කළ හැකි ජල ටැංකි පද්ධ­තිය තිබෙන්නේ පොළොව යට.

ප්‍රධා­නම දේ තමයි, මේ සියලු ගොඩ­නැ­ඟිලි ඉදි­කෙ­රු­ණේත් බිම් සකස් කෙරු­ණේත් සිය­යට අසූ­ප­හ­කට වඩා මේ පළාතේ මිනිස්සු අතින්. ගල් වැලි බ්ලොක් ගල් පවා අපි මිලදී ගත්තෙ මේ පළාතේ ව්‍යව­සා­ය­ක­ය­න්ගෙන්.”

ඩිල්ෂාන් කියන්නේ, මේ සෑම තැනෙ­කම ඇති අපූ­ර්ව­ත්වය ගැන. පූර්වා­ද­ර්ශය ගැන. ඕනෑ තරම් දීප්ති­මත් වර්ණ තිබි­යදී කහ, සුදු, අළු පැහැ­යෙන් ඔවුන් ‍ගොඩනැ­ඟිලි වර්ණ­වත් කළේ විශේ­ෂ­යෙන් හේතු­වක් ඇතිව. එනම් කාස්ටක අව්වේදී ඇසට අප­හසු නොවන අයු­රින්, වැල්ල සහ අහස අතර ගැළපූ වර්ණ සංක­ල­න­යක් ලෙසින්.

හැම දේම හැමෝ­ටම නොලැ­බෙන එක ලෝක සොබාව. ඒත් මේ ලෝකෙ අත­ළො­ස්සක් ‍හරි දෙනා ඒ සිය­ල්ලෙන් සම්පූර්ණ, සැප­වත් ජීවිත බුක්ති විඳි­නවා.

එහෙම බුක්ති විඳින ගමන් නැති බැරි අය වෙනු­වෙ­නුත් ඉන් ටිකක් හෝ දෙන්න හිතෙන එක, සිය පාර­ම්ප­රික උරු­ම­යක් ලෙසයි ඩිල්ෂාන් දකින්නේ.

“2006 අවු­රුද්දේ අපි පොඩි පොඩි ව්‍යාපෘති කරන්න මෙහෙ ආපු වෙලාවෙ එක පොලි­සි­යක් පහු­ක­රලා අනෙක් පොලිස් පොයින්ට් එකට ගියේ පුදුම වේගෙ­කින්. ඒ, ස්නයි­පර් තුව­ක්කු­ක­රු­ව­න්ගෙන් බේරිලා යන්න ඕන නිසා. මේ පළාතෙ මිනිස්සු ගෙවන දුෂ්කර දරිද්‍ර ජීවිත ගැන අපි ඇස් දෙකෙන් දැක්කා. මෙහෙම තැනක් හදන්න ඒ අතීත මත­ක­ය­නුත් හුඟක් බල­පෑවා.

කොහොම වුණත්, අපේ තාත්තා තේ වෙළෙ­ඳා­මෙන් ජාත්‍ය­න්ත­රය දිනුවේ ‘High value added’ හෙවත් ‘ඉහළ අග­යක් එකතු කළ’ සංක­ල්පය නිසා. වර්ල්ඩ් විෂන් එකෙන් පුහුණු කරපු ඕග­නික් ෆාමර්ස්ලා දාහක් මෙහෙ ඉන්නවා. කාබ­නික ගොවි­තැන ගැන දැ‍නගෙන හිටි­යට, ඔවුන්ට හරි වෙළෙ­ඳ­පො­ළක් හොයා ගැනීමේ මඟක් තිබුණෙ නැහැ. අපි මේ දැනු­වත් කිරීම් හරහා ගොවීන්ගේ කාබ­නික අස්වනු, ‘High value added’ මට්ට­මට ගේන අත­රම කොළඹ ඉහළ ම වෙළෙ­ඳ­පො­ළට සහ මාල­දි­ව­යි­නට යවන්න පුළු­වන් ‘මාකට් ලින්ක්’ එක හදලා දෙනවා. සල්ලි ටිකක්, ද්‍රව්‍ය­මය ආධාර ටිකක් දෙන­වට වඩා වටින්නෙ මනු­ස්ස­ය­කුට උත්සා­හ­යෙන් දියුණු වෙන්න මඟ හදලා දෙන එකයි.

යටි­තල පහ­සු­කම් සහ ගුරු­වරු අපෙන් වුණාට, වර්ල්ඩ් විෂන්, රෝටරි ක්ලබ් සහ නැගෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලය වැනි බො‍හෝ ආය­තන අපි එක්ක එක­තු­වෙලා දුෂ්කර ගම්ව­ලට ගිහින් යම් යම් වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරන්න කැමැ­තියි.

එහෙම උදව් කරන්න කැමැති ඕනෑ කෙන­කුට අපිත් සහය දෙනවා. මොකද, අව­සා­නයේ නැඟී හිඳින්න ඕ‍ෙන් බල­ගැ­න්වෙන්න ඕනෙ මේ දුෂ්කර ජන ජීවිත නිසයි.”

මෙරිල් ජේ ෆර්නෑන්ඩු මහ­තාගේ ඩිල්හාන්, මලික් පුතුන්ට, දුප්ප­තුන් හා බෙදා හදා ගැනීමේ මේ පුරුද්ද, පවුලේ උරු­ම­යක් තර­මට වටියි.

“අපිට තාත්තා උරුම කර දුන් බෙදා හදා ගැනීමේ ඒ යහ­පත් ගුණය අපේ දරු­වොත් දව­සක ඉදි­රි­යට ගෙන යා යුතුයි. ඒ තමයි, ඩිල්මා වෙතින් ඔවුන්ට ලැබෙන උරු­මය.”

ඉදින්, හෙට දවසේ නැගෙ­න­හි­රට තවත් ඉරක් පායාවි. MJF සෙන්ටර් වෙතින්, මිනි­සුන් බල­ගැ­න්වේවි. කාට­වත් අත නොපාන දිරි­යෙන් නැඟි­ටින මිනි­සුන් බිහි­වේවි.

සිය­ල්ලට වඩා කාට­වත් නොපෙනී හැම­දා­මත් ගේ ඇතුළේ හැංගුණු ආබා­ධිත - කිරි දරු­වන් හිනැ­හේවි.

අදහස්