Idea සමාගමෙන් ‘වීරා’ සෙවිලි | සිළුමිණ

Idea සමාගමෙන් ‘වීරා’ සෙවිලි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනයවන ‘වීරා’ සෙවිලි නිෂ්පාදනය පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙනු ලැබීය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Construct – 2018 ප්‍රදර්ශන භූමියේ පිහිටි එම සමාගමේ වෙළෙඳ කුටියේ පැවැති උත්සවයකදී එම හඳුන්වාදීම සිදු කෙරුණි.

100%ක්ම දේශීය නිෂ්පාදනයක් වන ‘වීරා’ සෙවිලි ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට සහමුලින්ම ගැලපෙන ලෙස නිපදවූවකි. ‘ඇත්තෙන්ම සුරක්ෂිතයි’ යන තේමාව යටතේ නිපදවන ‘වීරා’ සෙවිලිවල සහතික කළ සුරක්ෂිතතාවත් හා කල්පැවැත්මක් තිබෙන අතර එහි මතුපිට විශේෂ සංයෝගයක්වන ASA භාවිතයෙන් නිමවා ඇත.

අදහස්