CNCI Achiever Awards 2018 විජය ප්‍රඩක්ට්ස් නාමය දිදුලයි | සිළුමිණ

CNCI Achiever Awards 2018 විජය ප්‍රඩක්ට්ස් නාමය දිදුලයි

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් ඉකුත්දා පවත්වන ලද CNCI Achiever Awards 2018 සම්මාන උළෙලේදී අති විශාල නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනාගනිමින් අඛණ්ඩ 5 වැනි වරටත් එහි පුමුඛතම සම්මානලාභීන් දස දෙනා අතරේ රැඳීසිටීම විජය ප්‍රඩක්ට්ස් සමත්විය.

මෙරට ප්‍රමුඛතම කර්මාන්ත මණ්ඩලය වන ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් වාර්ෂිකව 17 වැනි වරටත් පවත්වන්නට යෙදුණු CNCI Achiever Awards 2018 නමැති මෙම සම්මාන උළෙලේ අරමුණ වනුයේ සිය ව්‍යාපාරික කාර්යයේදී විශිෂ්ටත්වය දැක්වූ දේශීය කර්මාන්ත ඇගයීමට සහ සම්මානයට ලක්කරමින් රටේ කර්මාන්ත සංවර්ධනයට දිරිදීමයි. අදාළ කර්මාන්තය විසින් පවත්වාගනු ලබන ප්‍රමිතිය, ඵලදායීතාව, සේවක ප්‍රතිලාභ, කම්කරු සබඳතා, පාරිසරික සහ සමාජීය ලැදියාව ආදිය මෙම සම්මාන උළෙලේ සම්මාන ලාභීන් තෝරාගැනිමේදි සලකා බලනු ලබන නිර්නායක වේ. මෑතකදී කොළඹ ගලධාරි හෝටලයේදී පැවති මෙම 2018 සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් ප්‍රභූවරු රැසක්ද එක්ව සිටියහ. අඛණ්ඩව වසර 5ක කාලයක් මෙරට කර්මාන්ත අංශයේ ප්‍රමුඛතම 10 දෙනා අතරේ රැඳී සිටීමට හැකිවීම මෙන්ම මෙවර අති විශාල නිෂ්පාදන අංශයේ රන් සම්මානයද දිනාගැනීමට හැකිවීම කැපී පෙනෙන ජයග්‍රහණයක් මෙන්ම එය කණ්ඩායමක් ලෙස අපට අභිමානයට පත්විය හැකි කරුණක්. අපි හැමවිටම අපේ අවධානය යොමුකර සිටින්නේ සාමාන්‍ය ප්‍රමිතීන් ඉක්මවා ගිය ඉහළම තත්ත්වයේ නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත හිමිකරදීමේ ව්‍යාපාරයක් ගොඩනැගීමටයි. අප ලබන පිළිගැනීමට සහ අපට හිමිවන ගෞරවයන් මගින් අපි නිසි මාර්ගයේ ගමන් කරන බව අපට ප්‍රත්‍යක‍ෂ වෙනවා යැයි විජය ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක‍ෂ අරුණ කොතලාවල මහතා පැවසීය.

අදහස්