සදාහරිත වැවිලි සමාගමට සම්මාන | Page 2 | සිළුමිණ

සදාහරිත වැවිලි සමාගමට සම්මාන

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මේලන (NASCO) සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටත ම කාන්තා විකුණුම් නිලධාරිනියට හිමි සම්මානය ඇතුළු සම්මාන හතරකින් පිදුම් ලැබීමට සදාහරිත වැවිලි සමාගම සමත් විය.

මෙරට විශිෂ්ටත ම විකුණුම් වෘත්තිකයන් ඇගයුමට ලක් කෙරෙන මෙරට එකම ජාතික මට්ටමේ සම්මාන උලෙළ මෙයවන අතර, එහිදී ඉහළම සම්මාන හතරකින් පිදුම් ලැබීම කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ වෘත්තීය ගමන්මග සාක්ෂාත් කිරීම සඳහා එම සමාගම දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරයි. මූල්‍ය සේවා අංශයේ බහුජාතික සහ දේශීය දැවැන්ත සමාගම් රැසක් සමග උරෙනුර ගැටෙමින් සදාහරිත වැවිලි සමාගමේ තනූෂා නිමාරි වසරේ විශිෂ්ටත ම කාන්තා විකුණුම් නිලධාරිනියට හිමි සම්මානයත්, ඉදිරිපෙළ කාණ්ඩයේ රන් සම්මානයත් හිමිකර ගැනීමට සමත් විය. ඊට අමතරව එම සමාගමේ යූ.ජී. මංගලිකා එම කාණ්ඩයේ ම ලෝකඩ සම්මානයත්, පී.ජී. සුමේධ ප්‍රාදේශීය කළමනාකාර කාණ්ඩයේ රිදී සම්මානයත් මෙහිදී හිමිකර ගැනීමට සමත් වූහ.

Comments