නුවරඑළිය සීසන්ස් විලා විවෘත වෙයි | සිළුමිණ

නුවරඑළිය සීසන්ස් විලා විවෘත වෙයි

නුවරඑළියේ ඉදි කැරුණු නවතම සංචාරක හෝටලය වන සීසන්ස් විලා පසුගියදා උත්සවාකාරයෙන් මෙහෙයුම් ඇරැඹීය. නුවරඑළියේ, අපර් ලේක් රෝඞ්හි, අංක 11 ලිපිනයේ පිහිටි සීසන්ස් විලා ට්‍රිපල් රූම්, ඩබල් රූම් සහ ෆැමිලි රූම් 10කින් සමන්විතය. මෙහි සියලුම කාමර මනා ඉඩ පහසුකම්වලින් සපිරිව පවුලේ සැමට සුවපහසු ලෙස නවාතැන් ගත හැකි ආකාරයට Delux King, Deluxe Twin, Delux Family යන කාණ්ඩ යටතේ ඉදි කර ඇත. සුන්දර නුවරඑළියේ මිහිදුම් සළුවලින් වැසුණු කඳුකර දසුන් නෙතගට ගැටෙන සේ මේ සියලු කාමර ඉදි කර ඇති අතර ඇතැම් කාමරවලට බැල්කනියක්ද ඇතුළත්ය.

කාමර සියල්ල උණු වතුර, කේබල් ටීවී, තේ පිළියෙළ කිරීමේ පහසුකම්, මිනි බාර්, උසත්‍ස, රූම් හීටර්ස්, අයන් සහ අයන් බෝර්ඩ් ආදී පහසුකම්වලින් පරිපූර්ණය. ග්‍රෙගරි වැවේ සිට කිලෝමීටර් 1.4ක දුරින් පිහිටි සීසන්ස් විලාහි සිට වික්ටෝරියා හා ගැල්වේස් ලෑන්ඩ් උද්‍යානවලට, මැක්වුඩ් කෞතුකාගාරයට, නුවරඑළිය හා රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්වලට, සීතා අම්මාන් කෝවිලට, හග්ගල උද්භිද උද්‍යානයට, පිදුරුතලාගලට ඇත්තේ කෙටි දුරකි.

සීසන්ස් විලාහි හිමිකරු ඉංජිනේරුවෙකු වන අතර එහි නිර්මාණ කටයුතු සිදු කර ඇත්තේ Focal Point Creative Homes සමාගමයි. මෙහි අලෙවි කටයුතු භාරව සිටින්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ හෝටල් කළමනාකරණ සමාගමක් වන D & S හොස්පිටැලිටි මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමයි. සීසන්ස් විලාහි නවාතැන් ගන්නා අමුත්තන්ට අලාකාට් මෙනු එකකින් දේශීය ආහාර වර්ග මෙන්ම පෙරදිග හා බටහිර රසට පිසින ආහාර වර්ග අමුත්තන්ගේ සිතැඟි පරිදි පිළියෙල කිරීමට සීසන්ස් විලාහි පළපුරුදු සූපවේදීන් නිරන්තර සූදානමින් සිටින අතර නේවාසික කළමනාකරු කිරුළ කුමාරසිරි මහතා ප්‍රමුඛ සුහදශීලී කාර්ය මණ්ඩලයක ආගන්තුක සත්කාර අත්විඳීමට සීසන්ස් විලා වෙත පැමිණෙන අමුත්තන්ට හැකිය.

අදහස්