කපිල ජයවර්ධන සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති වෙයි | Page 2 | සිළුමිණ

කපිල ජයවර්ධන සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති වෙයි

සෙලාන් බැංකුව, සිය විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස 2018 සැප්තැම්බර් 10 වනදා සිට බලපවත්වන පරිදි පත්කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ ගොනුකිරීම් වලින් ප්‍රකාශ වේ.

කපිල ජයවර්ධන මහතා මූල්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිධරයෙකු මෙන්ම බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු සහ ලන්ඩනයේ පිරිවැය සහ විධායක ගණකාධිකාරී ආයතනය සාමාජිකයෙකුද වෙයි. ඔහු 1998 සිට 2007 දක්වා සිටි බෑන්ක් (CitibankNA) හි දේශීය ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරී (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) ලෙස ද කටයුතු කළේය.

LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ LOLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස 2007 වසරේදී LOLC හා එක්වූ කපිල ජයවර්ධන මහතා ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී (Eden Hotel Lanka PLC),LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම (LOLC General Insurance Limited), LOLC සිකියුරිටීස් ලිමිටඩ් (LOLC Securities Limited), පාම් ගාඩ්න් හොටෙල්ස් පීඑල්සී (Palm Garden Hotels PLC), බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී(Browns Capital PLC), හි සභාපති / අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම, සෙලාන් බැංකුව පීඑල්සී (Seylan Bank PLC), බ්රැක් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (BRAC Lanka Finance PLC), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී(Brown & Company PLC), රිවරීනා රෙසොට්ස් (පුද්ගලික) සමාගම (Riverina Resorts (Pvt) Limited),LOLC ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම(LOLC International (Pvt) Limited), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (Browns Investments PLC), බ්‍රවුන්ස් ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම(Browns Advanced Technologies (Pvt) Limited),LOLC ඒෂියා(පුද්ගලික) සමාගම(LOLC Asia (Pvt) Limited), LOLC (පුද්ගලික) සමාගම(LOLC Private Limited), සිලෝන් (පුද්ගලික) සමාගම (Ceylon (Pvt) Limited) යන ආයතන වල අධ්‍යක්ෂවරයාද වෙයි.

ඊට අමතරව ඔහු LOLC සමූහයේ අනුබද්ධ සමාගම් වල අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

Comments