ඇගයුම පිළිබඳ සමුළුව හෙට | සිළුමිණ

ඇගයුම පිළිබඳ සමුළුව හෙට

ඇගයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව වන EvalColombo2018 සමුළුව රටවල් 52ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (17) සිට 19 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙයි.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන අතර, එදිනම සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳ ජාතික ඇගැයුම් ප්‍රඥප්තිය එළිදැක්වීමට නියමිතය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීමටද අදහස් කෙරෙයි. එසේම පාර්ලිමේන්තුවේ ඇගැයුම් ඒකකයක්ද ස්ථාපිත කෙරෙන අතර මෙම ගෝලිය සමුළුව හරහා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක්ද අපේක්ෂා කෙරෙයි.

Comments