අපට නෑනෙ නිද­හ­සක් | සිළුමිණ

අපට නෑනෙ නිද­හ­සක්

පාසල් නිවාඩු කාලේ නිකම් ඉන්න වෙලා­වට ගේ දොර­කඩ බිම වාඩිවී මිදුලේ මල් ගස් දිහා බලා ඉන්න මං හරි ආසයි. අම්මා හිට­වපු ඒ මල් ගස්වල මල් පිපිලා පොකුරු පිටින්. මල්වල පැණි බොන්න සම­න­ලුන් පුංචි කුරු­ල්ලන් පියාඹා එනවා. උන්ගේ කිචි බිචි නාදය අහන් ඉන්න­විට හරිම සතු­ටක් දැනෙ­නවා. ඒ කුරුල්ලො කොච්චර අහිං­ස­කද කියා මට හිතෙ­නවා. උදෙන්ම අවදි වී කෑම සොයා ගෙන අපේ වගේ ගෙවල් අද්ද­රට උන් එන්නේ අප ගැන තියෙන විශ්වා­සෙන් නේද කියා මං අම්මා­ගෙන් අැහුවා.

අපි සතුන්ට හිංසා කර­නවා නම් අපි ඉන්න පළා­ත­ක­ට­වත් කිසිම සතෙකු එන එකක් නෑ කියා අම්මා කිව්වා. පුංචි කුරුල්ලො අත්තෙන් අත්තට පිනි­මින් සද්ද කර­මින් හොට­වල් අතු­ල්ල­මින් නිද­හසේ ඉන්න අපූ­රුව. අනේ! අපට එහෙම නිද­හ­සක් නෑ නේද? මට හිතුණා. අපි ලබන සතියේ ඉඳන් ආයි­මත් උදේ පාන්දර නැගි­ටලා පාසල් යන්න තියෙ­නවා කියා හිතෙද්දි මට පුංචි දුක­කුත් දැනුණා.

හිමංසි ප්‍රාර්ථනා ගිම්හානි
6 ශ්‍රේණිය,
බටු­හේන මහා විද්‍යා­ලය,
හිදැ­ල්ලන, රත්න­පුර

අදහස්