හැම­දාම අපට හැංගි හොරා ඉන්න බැහැ මේඛලා | සිළුමිණ

හැම­දාම අපට හැංගි හොරා ඉන්න බැහැ මේඛලා

ජිප් රථයේ සද්දෙට ඇඳි­වත දෙකෙ­ළ­වරේ දෑත් පිස දම­මින් ඉදි­රි­යට ආවේ චන්ද්‍ර­ල­තාය. දැන් පුත්‍ර­යාගේ ගම­නට බිම­නට ජිප් රථ­යක් ද පංගාර්තු වී ඇත. සමන්ති දුවගේ වාස­නා­වය. ඊටත් ජයේ­න්ද්‍රත් හාමු මහ­ත්ත­යෙක් නොවැ. මඳ සිනා පහළ කර­මින් පුතාව පිළි­ග­ත්තද ඔහ‍ුගේ මුහුණේ කළු වලා­කු­ළුය!

ඉද්ද ගැහුවා වගේ නතර වුණු ජය­මාල් කෙළින්ම බැලුවේ තම අප්ප­ච්චිගේ මූණ දිහාය. ඒ බැල්ම තුළ තිබුණු නොරි­ස්සුම තේරුම් ගත්තා වගේ හැඟී­ම­කින් විල්ප්‍රඩ් හාමු බස්තම බිම ඇණ තම හාන්සි පු‍ටුවේ ඉඳ­ග­ත්තේය.

“මොකක්ද අප්පච්චි ඒ කතාවේ තේරුම....? මම පුංචි ළම­යෙක් ගාන­ටනෙ තාම හිත­ගෙන ඉන්නේ...මම දැන් උසස් පෙළ විභා­ගෙන් පාස් වෙලා ඉන්නේ මම මටය කියලා රස්සා­වක් හොයා­ගන්න ඕනෑ...!”

“හා ..ඔව්..ඔව්.. අපි උඹ­ලට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ..මේ.. පුතේ මේ තියෙන බිස්නස් එකක් බලා­ගෙන වැඩක් පළක් කර­ගෙන ඉන්නකෝ... මම ස්ථීර පඩි­ය­කුත් හදලා දෙන්නම් අපේ මැනේ­ජර්ට කියලා... ඔය අතන මෙතන හිඟන පඩි වගේ නෙමේ...”

“අනේ අප්පච්චි මං අම්ම­ටත් කිය­ලානෙ තියෙන්නේ... මට නිද­හස් රස්සා­වක් කරන්න ඕනෑ. මේ වතු­ව­ල­ටයි බංග­ලා­ව­ල­ටයි වල­ව්ව­ල­ටයි හිර වෙලා මට ජීවි­ත­යක් හොයා­ගන්න බෑ අප්පච්චි...!”

ආලි­න්දයේ පඩි­පෙළ ළඟ හිට­ගෙන ජය­මාල් පුතා කතා කරන හැටි දැකලා නිර්මලා මැණි‍ෙක් ගේ තුළ සිට ආවේ කල­බ­ල­යෙන්.

“මොකෝ .... පුතේ..මේ...උදේ පාන්දර ගිරිය පුප්පා­ගෙන ...ඔහො­මද අප්ප­ච්චිට කතා කරන්නෙ...ආ....! යසයි...මෙහේ ෆැක්ට­රි­වල වැඩ බලා­ගන්න එක තමුන්ට මදි­ක­මක් නේ... හා... කෑ පතේ පහ­රන්න එපා පුතේ...අප්පච්චි නර­කක් කීවේ නෑනේ..!”

“මේ අම්මේ නිකම් බොරු කතා කියලා පට­ල­වන්න එපා අම්මේ මම කාට­වත් මදිපුංචිකමක් කළේ නෑ. මං කීවේ මගේ අධ්‍යා­පන මට්ටම අනුව මම නිද­හසේ රස්සා­වක් හොයා ගන්නවා කියලා... ඒක මේ මහා අප­රා­ධ­යක් නෙමෙයි නේ කමක් නෑ... මට මම යන්නම්...මට වාහන ඕනෑ නෑ...!”

“ඒයි ඔහොම නව­ති­නවා...!”

විල්ප්‍රඩ් හාමු කෑගෑවේ බස්තම් කෙළ­වර පොළොවේ ගහ­මින්...ජය­මාල් බැලුවේ නැත.

එක වරම ඔහුට මතක් වුණේ ජයේ­න්ද්‍ර­වය. ඔහු තම අප්ප­ච්චිගේ පුත්‍ර­යෙකු බව දැන­ගත්දා සිට සිත ඇතුලේ නළි­යන යක්ෂයා තවම එළි­යට ආවේ නැත. පීඩ­නය ඒකය.

“පුතේ! කියන දේ අහන්න. ඔහොම නව­තින්න...!”

නිර්මලා මැණිකේ කෑගසා කීවේ හොඳ­ටම කළ­බල වෙමිනි. ජය­මාල් කිසිත් නොකියා පඩි­පෙළ බැස මිදු­ලට අව­තීර්ණ වූයේ හිත දැඩි කර­ගෙ­නය.

කරු­ණා­දා­සත් ජන්තුත් ඔහුගේ පස්සෙන් ආවත් ජය­මාල් නතර වූයේ නැත.

“මෙන්න මෙහෙ වරෙල්ල...! කිව්වා නාහන ගුණ ඉහළ යතත් පල පහළ යතත් පල.. කිව්වලු..”

නිර්මලා මැණිකේ අසල හාන්සි පුටු­වට වී හඬ­න්නට පටන් ගත්තේ ඉකි­ග­ස­මින් ය.

* * * *

දේශන හමාර වී ශ්‍රීමාල් සර­ස­වියේ අතුරු පාර­කදී මෙඛලා හමු­වන්නේ පුරු­ද්ද­ට­මය. යෞවන යෞව­නියෝ අත් අල්ලා­ගෙන පෙම් පිළි­ස­ඳරේ ඇවි­ද­ගෙන යනවා දකින එක සාමාන්‍ය දෙයකි.

‘නිවා­ඩු­වට ගියාම තමා මට පාළුව දැනෙන්නෙ...’

ශ්‍රීමාල්ට සමීප වෙමින් මේඛලා කියන්නේ කෙඳි­රි­ල්ලක ස්වරූ­ප­යෙනි.

“බය වෙන්න එපා මම හෙමි­හිට හෙමි­හිට ඒ පැත්තේ කරක් ගහන්න එන්නම්කො... මගේ කුමා­රි­කාව බලන්න ... හා...”

“පිස්සුද ....ඔයාට...?

මේඛලා ඇස් දල්වා­ගෙන උඩට හර­වා­ගෙන ශ්‍රීමාල්ගේ දෑස දිහාම බල­මින් ය. ඒ ඇස් කලා­තු­ර­කින් පිරි­මි­යෙ­කුට හිමි වන දිගැටි ඇස්ය.

“ඔව් ...! ඇයි...?

ඇස් පිය නොහෙලා බලා සිටි­මින් ඔහු කියද්දී මේඛ­ලාගේ කම්මුල් විළි­යෙන් රතු­වෙයි. ශ්‍රීමාල් මොන තරම් කඩ­ව­සම් තරු­ණ­යෙක්ද කියා ඇයට සිතෙද්දී ශ්‍රීමාල්ට හිතෙන්නේ මේඛ­ලාගේ රූප සොබාව තමා ආක­ර්ෂ­ණය කර ඇති විලා­සයේ පරි­මා­ණය ගැනය. දෙදෙ­නා­ටම සිනා යන්නේ එක­වි­ටය.

ආද­රය මොන තරම් සුන්ද­රද?

“හැම­දාම අපිට හැංගි හොරා ඉන්න බෑනේ මේඛලා ....අපේ ප්‍රේම­ක­තා­වත් ප්‍රචා­රය වෙන්නත් එපායැ... නැත්නම් ගති­ය­කුත් නෑනේ...”

ශ්‍රීමාල් කියන්නේ ඇහැක් ගහ­මිනි.

“ඔයාට නම් විහිළු ...මම ඊයේ රෑත් අගෝ­රිස් කපුවා හීනෙන් දැක්කා..” මේඛ­ලාගේ කතා­වට ශ්‍රීමාල් කොක් හඩලා සිනා­සෙයි.

“මේ මේ... කපුවො හීනෙන් දකින එක පැත්ත­කින් තියලා තමුන්ගෙ විභාගෙ ගැන හිත­නවා...මත­ක­යිනේ...!”

“මම පාඩම් අත­පසු වෙන්න දෙන්නෙ නෑ. ශ්‍රීමාල් ...ඒත් මට බය අපේ ගමේ ඔය අගෝ­රිස් කපුවා.. අපේ සම්බ­න්ධෙට හෙනේට හිටිවී කියලා.”

“ඕක..ළමයෝ අස්ථාන බයක්... අස්ථාන සැක­යක්...”

“ඔයා දන්නේ නෑනෙ ගං ගොඩේ විස්තර... මාව කැම්පස් සිලෙක්ට් වෙච්ච එකට අගෝ­රිස් ඉරි­සියා වුණේ එයාගේ දුව පාස් වුණේ නැති නිසා... ඒ අතරෙ... එයා කොහෙන් හරි දැන­ගෙන... අපි දෙන්නා කැම්පස් එකේදී කතා කර­නවා කිය­ලත්..”

“හහ්... ඇයි දෙයි­යනේ අපි දෙන්නට කට­වල් දෙකක් තියෙන්නෙ කතා කරන්න නෙමෙයි ද? අගෝ­රිස් කපු­වාට තියෙන අයි­තිය මොකක්ද ඒවාට යතුරු දාන්න...හහ් හා..!”

“අනේ ශ්‍රීමාල් ප්ලීස් මේවා විහි­ළු­වට ගන්න එපා...මං විත­රයි දන්නෙ මේ ප්‍රශ්නෙන් මං කොච්චර දැවෙ­න­වද කියලා...” ඒ වාක්‍යයේ අග කොට­සක් එක්කම එතැ­නට එන්නේ සිරි­නා­තය. ඔහුගේ අතේ එල්ලී ගීතාය.

“හ්ම් ඔය එන්නේ සුළ­ගිල්ලේ එල්ලී...හහ්හ‍ා..”

ඒ එක්කම උදා­රත් සමීරා ගේ කරට අත­දා­ගෙන එද්දී ...එතැන එකම විහිළු ඝෝෂා­වකි. කාට­වත් ප්‍රශ්න­යක් සිත් තැවු­ලක් නැත. සිත් නිද­හසේ ඉගි­ල්ලෙයි.

“මචං ඉතිං ලබන අවු­රුද්දේ ඉතිං අපි විසි­රෙ­න­වනේ... දුකයි නේද..”

“ඒත් ඉතිං අපිට උඹලා මඟුල් කිය­න­වනේ...එත­කොට එකතු වෙමු”

“මඟු­ලක් කතා කර­නවා! මුංට පිස්සු...!”

ආයෙ­මත් හිනා ඝෝෂා­වය.

ශ්‍රීමාල්ගේ දුර­ක­ත­නය නාද වන්නේ ඒ අත­රේ­දීය.

* * * *

සමන්ති, දරු­වාත් වඩා­ගෙන මිදු­ලට වී සිටියේ ජයෙන්ද්‍ර මේ තරම් ප්‍රමාද ඇයි කියා සිත­මින්ය. ජයෙන්ද්‍ර රැගත් ජිප් රථය ගේට්ටු­වෙන් ඇතුල් වෙද්දී දරුවා අත් පා ගස­මින් සිනා­සෙන්නේ තම පියා අඳු­නා­ගෙන වගේය..

ජිප් රථයේ සද්දෙට ඇඳි­වත දෙකෙ­ළ­වරේ දෑත් පිස දම­මින් ඉදි­රි­යට ආවේ චන්ද්‍ර­ල­තාය. දැන් පුත්‍ර­යාගේ ගම­නට බිම­නට ජිප් රථ­යක් ද පංගාර්තු වී ඇත. සමන්ති දුවගේ වාස­නා­වය. ඊටත් ජයේ­න්ද්‍රත් හාමු මහ­ත්ත­යෙක් නොවැ. මඳ සිනා පහළ කර­මින් පුතාව පිළි­ග­ත්තද ඔහ‍ුගේ මුහුණේ කළු වලා­කු­ළුය!.

“මොකෝ පුතේ මූණ නරක් කොර­ගෙන..?”

“‍ෆැට්ටරියේ හරි ප්‍රශ්න අම්මේ...මිනිස්සු ස්ට්‍රයික් එක­ට­මයි අර අදින්නේ. හහ්... ඒව්වා කොහේද මාත් එක්ක...මං.... ඇඹ­රුවා හොඳ ඇඹ­රි­ල්ලක්...”

“මොකක්ද ජයේ වුණේ.... කිය­න්නකො..!”

සමන්ති ඇසුවේ නොඉ­ව­සි­ල්ලෙනි. ෆැක්ට­රි­වල ඇති­වෙන ආරා­වුල් ගැන ඇය කුඩා කළ පටන්ම අසා පුරු­දුය. ඒත් දැන් ජයේන්ද්‍ර ඒවාට උර­දී­ගෙන යන්නේ පුදුම ධෛර්ය­ය­කින්ය.

“මම එයා­ලට පහ­දලා දුන්නා අයන්නේ ඉදන්ම මොකෝ වෙන තැන­වල වගේ සේව­ක­යන්ට නොස­ලකා අරි­න­වද අපි.. නෑනේ...? ආදා­යම් වැඩි­වෙන හැම අව­ස්ථා­ව­ක­දීම අපේ හාමු මහ­ත්ත­යලා වත්තෙ අයට බෝනස් දෙනවා වැඩි­පුර..මං ඒවා මතක් කරලා දුන්නා මුල හිටං...!”

“බොහොම හරි බොහොම හරි පුතේ...!”

චන්ද්‍ර­ලතා තැඹිලි ගෙඩි­යක් කපා­ගෙන ඇවිත් පුතාට දෙන්නේ ආඩ­ම්බර සෙයි­යා­වෙනි.

“ඔක්කො­මත් හරි අම්මේ...ඒත් එක්කෙ­නෙක්ගෙ මහා කට කැඩිච්ච කතා­ව­කට මගේ ඔලුව ඔක්කෝම අවුල් වුණා.”

“ඒ මොකක්ද පුතේ ඒ...?”

දැන් චන්ද්‍ර­ල­තාගේ හිත කල­බ­ලය... එවි­ටම දරුවා කෑ ගසන්ට පට­න්ගත් නිසා හැම දෙනා­ගේම අව­ධා­නය දරුවා කෙරේ යොමු වුණේ ක්ෂණ­ය­කිනි.

“මං යනවා ඇඟ­පත සෝදා­ගන්න...” ජයේන්ද්‍ර වහා නැගී සිටියේ කල­බ­ල­යෙනි.

* * * *

රත්න­පුර වලව්වේ දුර­ක­ත­නය නාද වෙද්දී ඒ කුම­ක්දැයි බල­න්න­වත් කාට­වත් ඉස්ප­හ­සු­වක් තිබුණේ නැත. ඒ මහ ආලි­න්දයේ මහා ප්‍රශ්න­යක් දිග ඇරිලා නිසාය.

“අප්ප­ච්චි­ලාට මම එකක් කිය­නම්... ඔය එක එකාගේ කේළාම් අහලා මාව වෙන් කරන්න එන්න එපා. හරිද ? මම මේ වලව්වේ පුතෙක් වුණාට... මම නිද­හස් මිනි­හෙක්...”

මලින්ද කෑග­ස­මින් එහාට මෙහාට යන්නේ අමු­තුම විදි­ය­ක­ටය. “ඒකෙන් කමක් නෑ... මම අගෝ­රිස් කපු­වාට කියලා තියෙන්නේ පණි­විඩේ... දැන් තමුන්ගෙ කල වය­සත් හරි. රස්සා­ව­කුත් කර­නවා නෙ...”

“පිස්සු කතා කරන්න එපා අම්මේ... මම තවම දියුණු වුණේ නෑ. මම මේ අවු­රුද්දෙ අග කාර් එකක් ගන්නවා. මම මටය කියලා ඉන්න හිටින්න තැනක් හදා­ගන්න එපෑ...!”

පුත්‍ර­යාගේ කතා­වට සුදු මැණිකෙ හාමු පර­ල­වෙන්නේ හරි­යට දුම්මල වරම අතට ගත්තු කපු­වෙක් ගාන­ටය.

“එත­කොට... මේ.... වලව්ව... කාටද... ආ... මෝඩයො... මේක අයිති තමුන්ට... තමුන්ට... ඇත්තට... තියෙන දේක අග­යක් නැති හැටි...! වෙන එවුන් තමුන්ට අයිති දේපළ රැක ගන්නවා... අපේ උන් ඒවා තඹේ­කට ගණන් ගන්නේ නෑ...!”

සුදු මැණිකේ හති අරි­මින් පපුව අල්ලා­ගෙන කවි­ච්චියේ ඇදී ගනිද්දී කල­බල වෙන්නේ මැගියා...

“හාමු මහ­ත්තයා... හාමු මහ­ත්තයා... මෙහෙ එන්න...!”

නාන කාම­රයේ සිට ඩග්ලස් හාමු දුව­ගෙන එන්නේ විදු­ලි­යක් වගේය. මූණ වෙස් මූණක් දාපු ගාන­ටය.

“කාල­කණ්ණි දරුවෝ... තමුන්ගෙ අම්මාව මරා­ගෙන පංචා­න­න්ත­රිය පාප­ක­ර්මෙට අහු­වෙ­න්නද හදන්නේ...මෝඩයෝ !”

ඔහු කෝප­යෙන් ගුගු­රයි.

ලබන සතියට‍...

අදහස්