නොවි­ඳිනා දුකක් විඳි දෙවි­නු­වර කලණ | සිළුමිණ

නොවි­ඳිනා දුකක් විඳි දෙවි­නු­වර කලණ

ශ්‍රී ලංකාව අලි ඇතුන් සම්බ­න්ධ­ව­යෙන් ගොඩ­නැ­ගුණු යම් සංස්කෘ­තික පරි­ස­ර­යක් ඇති රටකි. ඒ නිසා අපි කැමති වුවද අක­මැති වුවද සංස්කෘ­ති­ක­මය කාර්ය­යන් සඳහා අලි ඇතුන් යොදා ගැනීම නතර කිරීමේ හැකි­යා­වක් නොමැ­ත්තේය. මේ නිසා අද­වන විට ගෘහස්ථ අලින්ගේ පැවැත්ම සම්බ­න්ධ­යෙන් අර්බුද රැසක් පැන නැඟී ඇත. මීට කදිම උදා­හ­ර­ණ­යක් ලෙස ඉකුත් සතියේ සමාජ මාධ්‍ය හා ජන­මාධ්‍ය හරහා දෙවි­නු­වර දේවා­ලයේ කළණ අලියා සම්බ­න්ධ­යෙන් ගොඩ­නැ­ගුණු සමාජ කති­කාව හඳු­නා­ගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ අලි පර­ම්ප­රාවේ ප්‍රධාන ගැට­ලුව වී ඇත්තේ නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් හෝ සංර­ක්ෂ­ණ­යක් නොමැ­ති­ක­මය. වන අලි ලබා නොගෙන ගෘහස්ථ අලි පර­ම්ප­රාව පව­ත්වා­ගැ­නී­මට තව­මත් අප රටේ අලි හිමි­ක­රු­වන්ට හැකි­යා­වක් නොමැත. මීට හේතුව වන්නේ ගෘහස්ථ අලින්ගේ අභි­ජ­නන ක්‍රියා­ව­ලිය සිදු නොවීම හා අලින්ගේ මාන­සික ස්වභා­වයේ ඇති­වන පීඩා­කා­රි­ත්වය හේතු කර ගෙන අඩු ආයු­කා­ල­ය­කින් මේ සතුන් මිය යෑමය. වන­අලි හා මිනිස් ගැටුම හේතු කර ගෙනද අලි මිය යති.

අලින්ට දැඩි ඉල්ලුමක්

ආග­මික කට­යුතු වෙනු­වෙන් යැයි පව­ස­මින් බොහෝ ආග­මික මධ්‍ය­ස්ථා­න­ව­ලින් අලින් ඉල්ලුම් කිරීම් දිගින් දිග­ටම සිදු වේ. වනා­න්ත­ර­යෙන් අලි පැට­වුන් අල්ලා ගැනීම් සඳහා ඇති ඉල්ලු­මද වැඩිය. පසු­ගිය කාලය පුරාම රක්ෂිත ප්‍රදේ­ශ­වල වෙසෙන වන අලි පැට­වුන් ඉතා­මත් හිංසා­කාරී ක්‍රම­වේද යොදා ගනි­මින් මවු ඇති­න්ණි­යන් ඝාත­නය කර­මින් අල්ලා ගැනීමේ නිහීන ක්‍රියා­දා­ම­යක් සිදු­විය. පසු­ගිය පාලන සමයේ මෙය දිගින් දිග­ටම සිදු­වීම නොර­හ­සකි. ඒ සම්බ­න්ධ­යෙන් බොහෝ දෙනෙ­කුට චෝදනා එල්ල වුවත් ඒ කිසිදු අය­කුට මේ වන­තෙක් දඬු­වම් දීම­ක්නම් සිදුවී නොමැත.

මාතර වූකලී අලි සංස්කෘ­තිය සම්බ­න්ධව ඓති­හා­සික උරු­මක් සහිත නග­ර­යකි. විශේ­ෂ­යෙන්ම මාතර ඇතුන් වෙළ­ඳාම හා ඇත් ගාල් රැසක් පැවැති බවට පුරා විද්‍යා­ත්මක සාධක රැසකි.

මාතර පුර­ව­රයේ අලි ඉති­හා­සය ගැන කීමට සිදු­වූයේ පසු­ගිය සතියේ මාධ්‍ය ඔස්සේ වාර්තාවූ මාත­ර­දෙ­වි­නු­වර ශ්‍රි උපු­ල්වන් දේවා­ලයේ කලණ අලියා පිළි­බඳ තොර­තුරු හෙළි­වී­මත් සම­ගය. කකුල බැඳ තිබූ දම්වැ­ලට කකුල කැපී දම්වැල සමඟ හාවී මස් ලියලා වේද­නා­වෙන් කෑග­ස­මින් සිටි මේ දැවැ­න්ත­යාට එතෙක් කිසිදු ආකා­රයේ පිහි­ටක් ලැබී තිබුණේ නැත. මේ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය වාර්තා පළ­වී­මෙන් පසු සමාජ අව­ධා­නය ඒ කෙරෙහි යොමු­විය. කලණ ගැන තොර­තුරු වාර්තා­වී­මත් සමඟ ඉකුත් 24 වැනිදා පින්න­වල අලි අනා­ථා­ගා­රයේ පශු වෛද්‍ය කණ්ඩා­ය­මක් පැමිණ කලණ අලි­යාට ප්‍රති­කාර කළේය. මේව­න­විට අලි­යාගේ ඉදිරි පස දකුණු පාදයේ පහළ දරුණු තුවා­ල­යක් වෙයි.

දරුණු තුවා­ල­යක් සහි­තව වුවද මේ සතාට කිසිදු පහ­සු­ක­මක් ලබාදී නොතිබූ අතර වෙන­කක් තබා සෙව­ණැති ආර­ක්ෂක ආව­ර­ණ­යක් හෝ නොමැ­තිව අව්වට වේලෙ­මින් වැස්සට තෙමෙ­මින් සිට ඇත. වන්ද­නාවේ පැමි­ණෙන බැති­මත්තු කල­ණට නිත­රම පල­තු­රු­ව­ලින් සංග්‍රහ කිරී­මට පුරු­දුව සිටි­යහ. 1989 වස­රේදී රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා විසින් මේ අලියා දේවා­ල­යට පරි­ත්‍යාග කරනු ලැබ තිබේ. කලණ ලංකාවේ පෙර­හ­ර­වල කර­ඬුව ගෙන යන සද්ද­න්ත­යන් සතර දෙනා අත­රින් එක් සත්ව­යෙකි.

කලණට කඩි­නම් ප්‍රති­කාර

කලණ හස්ති­යාගේ දරුණු තුවාල පිළි­බඳ සැලවී රජයේ විශේෂ අව­ධා­නය යොමු­වීම නිසා කඩි­න­මින් ප්‍රති­කාර ආරම්භ විය. හස්ති­යාගේ පසු­පස පාද­වල තවත් තුවාල කිහි­ප­යක් දැක­ගත හැකි වූ අතර ඒවා­ටද ප්‍රති­කාර කර තිබේ. අන­තු­රුව දෙහි­වල සත්ව උද්‍යා­නයේ පශු වෛද්‍ය කණ්ඩා­ය­මක් පැමිණ කල­ණට ප්‍රති­කාර කිරීම ආරම්භ කර ඇති අතර භාර­කා­ර­ත්ව­යද දෙහි­වල සත්ව උද්‍යා­නය හෝ පින්න­වල අලි අනා­ථා­ගා­රය යට­තට පත් කිරී­මට සැල­සුම් කර තිබිණ.

ආග­මික ස්ථාන­වල රඳවා සිටින මෙවැනි අලින් සම්බ­න්ධ­යෙන් රාජ්‍ය මැදි­හ­ත්වී­මක් ප්‍රමා­ණ­වත් පරිදි සිදු නොවීම හේතු­වෙන් මේ ආකා­ර­යෙන් අලින් වධ­හිං­ස­න­යට පත්වන බවට පරි­ස­ර­වේ­දිහු චෝදනා කරති. රුහුණ විශ්ව විද්‍යා­ලයේ භුගෝල විද්‍යා අධ්‍ය­නාං­ශයේ කථි­කා­චාර්ය මංජුල කරු­ණා­රත්න මහතා අලින් සම්බ­න්ධ­යෙන් වසර ගණ­නක සිට පර්යේ­ෂ­ණ­ක­ර­න්නෙකි.

“හීලෑ අලි වසර පුරාම පෙර­හ­ර­ව­ලට සහ­භාගී කර­ව­නවා වගේම සංචා­රක කට­යුතු සඳ­හාත් වෙනත් මුදල් උපයා ගැනීමේ ව්‍යාපා­ර­ව­ලත් යොද­ව­නවා. ඇතැම් අලි ඇතුන් දරුණු ලෙස හිංසා­වට ලක් වෙනවා. අලින්ගේ ප්‍රජ­නන කාලය නොහොත් මද කිපෙන කාල­යේදී විරුද්ධ ලිංගික සතුන් සමඟ එක­තු­වීමේ අව­ස්ථාව මේ හීලෑ අලින්ට අලි හිමි­යන් ලබා දෙන්නේ නැහැ. ඔවුන් ඒ කාලයේ කරන්නේ මෙම සතුන් බැඳ තැබීම පම­ණයි. මද කිපෙන කාල­යේදී පිරිමි සතුන් ප්‍රච­ණ්ඩ­කාරී ‍ලෙස හැසි­රෙන එක සාමාන්‍ය දෙයක් විදි­හ­ටයි සැල­කෙන්නේ. ගැහැනු සතුන්ගේ ගැබ් කාලය දිගුයි. මේ කාල­යේදී ඇති­න්නි­යන් ගෙන් වැඩ ගන්න බැහැ. මෙය ඉතා ආත්මා­ර්ථ­කාමී අශිෂ්ට සහ හිංස­කාරී ක්‍රියා­ව­ලි­යක්.

ආග­මා­නු­කූ­ලව සලකා බැලු­වත් සදා­චා­ර­මය වශ­යෙන් බැලු­වත් මෙය පිළි­ගන්න බැහැ.

රජ­යේ මැදිහත්වීමක් ඕනෑ

පෙර­හ­ර­ව­ලට අලින් අත්‍ය­වශ්‍ය නම් පින්න­ව­ලින් අලින් කණ්ඩා­ය­මක් පුහුණු කරලා ඒ සඳහා යොදා ගැනීමේ හැකි­යාව තිබෙ­නවා. නමුත් මේ හීලෑ අලි හිමි­යන් අලින් ඉල්ලා සිටින්නේ තමන් සන්ත­ක­යේම තබා­ග­න්නයි. ඒ අන් කිසි­වක් නිසා නෙවෙයි වසර පුරාම මේ අලින් ගෙන් වැඩ ගෙන මුදල් උපයා ගන්නයි. ඒ වගේම සම­හ­රුන් පුහු මාන්නය රැක ගැනී­ම­ටත් අලි ඇතුන් තබා ගන්නවා. ඇයි ඔවුන්ට බැරි තමන්ගේ ගෘහ අලි පර­ම්ප­රාව අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යන්න? ඒ සඳහා අවශ්‍ය නම් රජයේ අනු­ග්‍ර­හය උප­දෙස් ලබා­ගත් හැකියි. රජ­යෙන් ඒ සඳහා සම්පත් ඉල්ලා සිටිය හැකි යි. නමුත් ඔවුන් ඒ කිසි­වක් නොකර වනා­න්ත­ර­යෙන් අලි පැට­වුන් අල්ලා ගන්න උත්සාහ කර­නවා. අද දෙවු­න්දර දේවා­ලයේ කලණ හස්ති­යාට මෙවැනි ඉර­ණ­මක් අත් වෙලා තිබෙ­න්නේත් මේනි­සයි.

මෙම තත්ත්වය වහා වෙනස් කළ යුතුයි. සත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තු­වට, වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට සහ සංස්කෘ­තික අමා­ත්‍යං­ශ­යට පවා හැකි­යාව තිබෙ­නවා මේ සඳහා මැදි­හත් වෙලා කට­යුතු කරන්න. ඒ වගේම වසර පුරාම මේ සතුන් පිළි­බඳ අව­ධා­න­යෙන් ඉන්න. මේ සතුන් යොද­වන්නේ කුමන කාර්ය­යන් සඳහා ද කියන එක සොයා බලන්න. ඒ වගේම ඔවුන්ගේ සුබ­සා­ධ­නය ගැන අව­ධා­නය යොමු කරන්න. මේ කිසි­වක් නොකෙ­රෙන තත්ත්ව­ය­කදී මෙවැනි සිද්ධීන් වාර්තා වීම වැළැ­ක්විය නොහැ­කියි.” යනු­වෙන් කරු­ණා­රත්න මහතා පැව­සීය.

“දෙවි­නු­වර දේවා­ලයේ සිටින්නේ අලින් දෙන්නයි. එක් කෙනෙක් කලණ. අනෙක් අලියා ළසඳා. සෑම වර්ෂ­ය­කම මේ සතාගේ මද කිපීම සිදු වෙනවා. මෙයා උස අලි­යෙක්. දකුණු පළාතේ පෙර­හ­ර­වල කර­ඬුව වඩ­ම්මන අලි­යෙක් ලෙස තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මීට මාස­ය­කට පෙර කඹු­රු­පි­ටියේ සපු­ගොඩ පෙර­හරේ කර­ඬුව වැඩැ­ම්මු­වෙත් කලණ අලියා. පස්සේ තමයි මඳ කිපීම සිදු වුණේ. ඊට පස්සේ මෙයා දේවා­ලය භුමියේ ගැට ගසා තැබුවා. මිනි­සුන් දැක්කාම කල­බල වෙන නිසා ගස් බැඳ තැබීම සිදු කර­නවා. මාස තුනක් ගස් දාලා තියෙන්නේ. නැති­නම් මිනි­සුන්ට කර­ද­රයි. ඇත් ගොව්වා සියලු සාත්තු කර­නවා. නහවා කෑම ආදිය ළඟට දෙනවා.” සිද්ධිය ගැන අද­හස් පළ කර­මින් දේවා­ලයේ නිල­මේගේ ලේක­ම්වන එස්. කොළ­ඹගේ මහතා කීය.

සේයාරූ - තිහගොඩ විශේෂ

Comments