ට්‍රැක්ටර් ගුරු­තුමා | සිළුමිණ

ට්‍රැක්ටර් ගුරු­තුමා

තුලා­වල ගමේ විසූ ගමේ පැරැණි ප්‍රභූ පවු­ල­කින් පැවත ආ මුල් ගුරු මහතා විශ්‍රා­මි­කය. ධන­වත් එසේම ආරෝහ පරි­නාහ දේහ­ය­කින් යුතු හෙතෙම ගමේ සියලු කට­යු­තු­වල මූලික තැන ගත්තේය. එහෙත් ඉතා සරල චාම් ගති පැව­තු­මින් යුතු­විය. ඔහු සතු ඉඩ කඩ­ම්වල මහා පරි­මා­ණ­යෙන් වගා කට­යුතු සිදු­විය. කලක් යද්දී ඔහු සිය කෘෂි කර්මාන්ත වැඩ කට­යුතු සඳහා ‘ෆර්ගි­යු­සන් ’වර්ගයේ අත් ට්‍රැක්ට­ර­යක් මිලට ගත්තේය. ගුණ­පාල ට්‍රැක්ටර් රියැ­දු­රාය. වැඩි දිනක් ගත­වී­මට මත්තෙන් මුල් ගුරු­තු­මාද ට්‍රැක්ට­රය පැදවීමට ඉගෙන ගත්තේය. ගුරු­තු­මාගේ ට්‍රැක්ටර් පැද­වීමේ ගුරු­ව­රයා වූයේ ගුණ­පා­ලය. ඉන්පසු ගුරු­තුමා යන සැම තැනම තමාම ට්‍රැක්ට­රය පදවා ගෙන ගියේය.

එතුමා යන සැම තැන­දීම ගැමියෝ “ලොකු මහ­ත්ත­යාගේ ගුරු­තුමා ගුණ­පාල නේදැ”යි ඇසී­මට හුරුව සිටි­යහ. සැවොම නිත­රම කියන මේ කතාව කලක් යද්දී ගුරු­තු­මාට මහා හිස­ර­ද­යක් විය. පසුව ගැමි­යන් එය නැවත අසද්දී, “ඔව්, බොලව් ගුණ­පාල තමයි” යනු­වෙන් සිනා­සෙ­මින් පිළි­තුරු දෙන්නේ එකි­නෙකා වරි­න්වර අසන මේ පැනය කර­ද­ර­යක් වුවත් කේන්ති නොග­නි­මිනි.

දිනක් ගමේ පොදු රැස්වී­මක සියලු දෙනා රැස්ව සිටි­යදී මුල­සු­නෙන් නැඟී සිටි මුල් ගුරු­ම­හතා,“ගුණ­පාල මෙහෙ වරෙන්” පව­ස­මින් පසු­පස සිටි ගුණ­පාල ඉදි­රි­යට කැඳෙ­ව්වේය. ඉදි­රි­යට පැමිණි ගුණ­පාල තුෂ්ණි­ම්භූ­තව බලා සිටිද්දී ඔහුට බුලත් අතක් පිරි­නැමූ ගුරු­ම­හතා සිය කරේ වූ ලේන්සුව බිම එළා ඔහුට වැන්දේය. ගුණ­පාල දහ­ඩිය දමා ඇද වැටෙන්න යද්දී ඔහු වත්තන් කර­ගත් ගුරු­තුමා ලේන්සුව ගසා කරේ දමා ගෙන සභාව ඇම­තීය.

“උඹල ඔක්කොම මතක තියා ගනිල්ලා මින් පස්සේ ගුණ­පාල මගේ ගුරු­තු­මාද කියා මගෙන් අහන්න එපා” යනු­වෙන් පැව­සූවේ මීයට පිම්බාක් මෙන් සභාව නිහඬ කර­ව­මිනි. ඉන්පසු ගමේ කිසි­වෙ­ක්වත් යළි ඒ පැනය ඇසී­මට ඉදි­රි­පත් නොවූහ.

සරත් විජ­ය­රත්න
ලුණු­විල

Comments