CINEC Open Day 15 වැනි දා | සිළුමිණ

CINEC Open Day 15 වැනි දා

දිවයිනේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන මාලඹේ CINEC Campus හි විවෘත දිනය මේ 15 වැනිදා සෙනසුරාදා පැවැත්වේ. උසස් පෙළ සාර්ථකච නිම කළ සිසු සිසුවියන්ට CINEC ආයතනය මඟින් පිරිනමන උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී හැකි වේ.

විවෘත දිනයට සහභාගි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනික අභිලාෂයන් සපුරා ගැනීම සඳහා ආරම්භයක් මෙහි දී ලබාගැනීමට හැකි වන අතර එදින ම පාඨමාලා සඳහා ලියාපදිංචිය මෙන්ම සුවිශේෂී වට්ටම් ද ලබා ගැනීමට හැකි වනු ඇත. අපොස උසස් පෙළ විභාගයේ දී ඉහළ දස්කම් පෙන් වූ සිසුන්ට 75% දක්වා ශිෂ්‍යත්ව ලබා ගැනීමට හැකි වනු ඇත. සැප්තැම්බර් මස ක්‍රියාත්මක වන මෙම විවෘත දිනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස් මහතා පැවසුවේ, ලෝකයේ ඕනෑම තැනක සාර්ථක වෘත්තීය ගමන් මගක් සකස් කරගැනීමට හැකි වන පරිදි අපගේ තරුණ තරුණියන්ට නිපුණතා සපුරාලීම අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. කිසියම් වෘත්තිය ස්ථානයකට ගැළපෙන ආකාරයේ නිපුණතාවලින් සම්පූර්ණ වූ පිරිසක් අපගේ පාඨමාලා අවසානයේ දී බිහි කළ යුතු බව තරයේ විශ්වාස කරනවා. තමන් තෝරා ගත් ක්ෂේත්‍රය ඔස්සේ පෙරට ම යෑමට උනන්දුවෙන් සිටින තරුණ තරුණියන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවරත් බඳවා ගැනීමට අප අපේක්ෂාවෙන් පසු වනවා.”

අදහස්