වස විසෙන් තොර ගුණා­ත්මක දේශීය ආහාර පෙළක් | සිළුමිණ

වස විසෙන් තොර ගුණා­ත්මක දේශීය ආහාර පෙළක්

ස විසෙන් තොර ආහාර පරි­භෝ­ජ­නය පිළි­බඳ මෑත කාලයේ බහුල වශ­යෙන් කතා­බ­හට ලක්වේ. ඒ පිළි­බඳ කට­යුතු කරන වැඩ­ස­ට­හන් රැසක් මේ වන විට දීප­ව්‍යා­ප්තව ක්‍රියා­ත්මක වෙමින් පවතී. ඒ යටතේ, පාර­ම්ප­රික සහල් වගාව පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු­වෙ­මින් පවතී. පාර­ම්ප­රික සහල් වගා කට­යු­තු­වල නිර­ත­වන ගොවි­යන් දිරි­මත් කිරීම වෙනු­වෙන් විවිධ කට­යුතු රට පුරා ක්‍රියා­ත්මක වන අතර ප්‍රමි­ති­ගත සෞඛ්‍යා­ර­ක්ෂිත පාර­ම්ප­රික සහල් වර්ග වෙත පාරි­භෝ­ගික ජන­තා­වගේ අව­ධා­නය යොමුව තිබේ. පාර­ම්ප­රික සහල් වර්ග මෙන් ම ශ්‍රී ලාංකේය බිමෙන් නෙළා­ගන්නා දේශීය ඇට වර්ග, පලා වර්ග සහ එළ­වළු වර්ග වෙත ද පාරි­භෝ­ගික ජන­තාව වැඩි අව­ධා­න­යක් යොමු­ක­රන කාල­යකි මේ.

පාර­ම්ප­රික වී ගොවි­තැන දියුණු කිරීම වෙනු­වෙන් රජය විශේෂ වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නංවන අතර පෞද්ග­ලික අාය­ත­න­වල මැදි­හ­ත්වීම ද ඊට යොමුවේ.

ප්‍රමි­ග­තව නිය­මිත ක්‍රම­වේ­ද­යන් සහි­තව පාර­ම්ප­රික ගොවි­තැන සිදු­කි­රීමේ දී ලැබෙන අස්වැන්න වෙනත් සහල් සමග සසඳා බැලී­මේදී ප්‍රමා­ණා­ත්ම­කව අඩු වුවද එය ගුණා­ත්ම­කව ඉතා ඉහළ මට්ට­මක පවතී. මේ නිසා ම නිවැ­රදි දේශීය සහ­ලට, සැප­යිය නොහැකි ඉල්ලු­මක් පවතී. ඒ ඉල්ලුම සපු­රා­ලී­මට විවිධ පෞද්ග­ලික ආය­තන සක්‍රී­යව දායක වේ. ඒ අතර Grains.lk Agri Business ආය­ත­නය, අන්ත­ර්ජා­ලය සහ සමාජ ජාල අතර සැරි­ස­ර­මින් පාර­ම්ප­රික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග භාවි­තයේ වැද­ග­ත්කම ඉස්ම­තු­ක­ර­මින් එම නිෂ්පා­දන පාරි­භෝ­ගි­කයා වෙත විශ්ව­ස­නී­යව ලබා­දී­මට කට­යුතු කරයි.

පාර­ම්ප­රික සහල් අතර ඉහ­ළින්ම වැජ­ඹෙන සුව­ඳැල්, පච්ච­පෙ­රු­මාල්, රන්ක­හ­වනු, මඩ­ත­වාලු, කලු­හී­නටි, කුරු­ලු­තුඩ, මාවී, ගෝණ­බරු ඇතුළු පාර­ම්ප­රික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග වන කව්පි, මුංඇට, මෙනේරි, ඕලු හාල්, තණ­හාල්, තල, රට­කජු ආදිය දිව­යින පුරා බෙදා­හැ­රීම සිදු­ක­රනු ලබන එම ආය­ත­නය, පාර­ම්ප­රික වී වගා­ක­රන ගොවි­යන් සහ දේශීය ධාන්‍ය වගා­ක­රු­වන් සමග එක්ව විශේෂ වැඩ­පි­ළි­වෙළ රැසක් ක්‍රියා­වට නංවයි.

වස විස අවම නිෂ්පා­ද­න­යක් පාරි­භෝ­ගි­කයා වෙත ලබා­දීම මුඛ්‍ය අර­මුණ බවට පත්කො­ට­ගත් Grains.lk ඉදි­රි­යේදී ඔවුන්ගේ නිෂ්පා­දන පෙළ දිව­යින පුරා බෙදා­හැ­රීම සඳහා නියෝ­ජි­ත­යන් පත්කි­රී­මට ද බලා­පො­රොත්තු වේ.

රට පුරා සංචා­ර­ය­කින් අන­තු­රුව තෝරා­ගත් ගොවී­න්ගෙන් ලබා­ගන්නා කෘෂි නිෂ්පා­දන පම­ණක් මෙම කට­යුතු සඳහා යොදා­ගැ­නීම විශේ­ෂ­ත්ව­යකි. ඒ ක්‍රියා­ව­ලිය හරහා ප්‍රමි­තිය රඳවා ගැනීම ඔවුන්ගේ බලා­පො­රො­ත්තු­වයි.

ඇත්ත­ටම මේ ආය­ත­නය පරි­සර හිත­කා­මීන් කිහි­ප­දෙ­න­කුගේ වෑය­මක ප්‍රති­ඵ­ල­යක්. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ වස විස අවම ආහාර ජන­තා­වට ලබා­දෙන්න. නිවැ­ර­දි­වම කිය­න­ව­නම් අපේ දරු­වන්ගේ පර­ම්ප­රාවේ ශරී­ර­ග­ත­වන වස විස අවම කිරීම වෙනු­වෙන් තමයි අපි මේ ව්‍යාපෘ­තිය පට­න්ගත්තේ. වස විස නැති පරි­ස­ර­යක් එක වර තැනීම පහසු නැහැ. ඒ නිසයි අපි කියන්නෙ අපේ නිෂ්පා­දන වස විස අවම කියල. අපි නිෂ්පා­දන මිලදී ගන්න ගොවි­යන්ගෙ ප්‍රමි­තිය සහ කෘෂි ක්‍රියා­ව­ලිය පිළි­බඳ අප නිතර අව­ධා­න­යෙන් ඉන්නවා. ඒ වගේම කල්තබා ගැනීමේ ද්‍රව්‍යත් අපි නිෂ්පා­ද­න­ව­ලට එක් කරන්නෙ නැහැ.

ඇතැම් නිෂ්පා­ද­න­යන් කල් තබා­ගැ­නී­මට අධික රසා­ය­නික ද්‍රව්‍ය යොද­නවා. ඒ නිසා බොහෝ කලක් ඒවා තබා ගන්නට පුළු­වන්. ඒ වගේම පාර­ම්ප­රික සහල් ඉල්ලු­මට සැප­යුම දෙන්න ඇතැම් වෙළෙ­න්දන් වෙනත් සහල් කල­වම් කර­නවා. ඒ නිසා ඒ සහල් ඉතා අඩු මිලට දෙන්නට පුළු­වන්. අප ආය­ත­නය ආර­ම්භයේ සිටම අවං­කව කට­යුතු කර­නවා. මොකද මේ හැම­දේම වැඩි­පු­රම ආහා­ර­යට ගන්නේ දරු­වන්. ඒ නිසා අපි නිතර ප්‍රමි­තිය සහ ගුණා­ත්මක බව රකි­නවා.

දිව­යින පුරා ප්‍රමි­ගත සහල් සැප­යු­ම්ක­රු­වන්ට සහ පැකට් කළ ධාන්‍ය වර්ග අළෙවි කරන ඒජ­න්ත­ව­රු­නට අව­ස්ථාව ලබා­දෙ­න්න­ටත් අපි සූදා­නම්.

ඒ වගේම grains.lk වෙබ් අඩ­විය සහ ෆේස්බුක් සමාජ ජාල පිටුව හරහා පාර­ම්ප­රික සහල් සහ දේශීය ධාන්‍ය­වර්ග පිළි­බ­ඳ­වත් ඒවාහි ගුණ අගුණ ගැන වගේම දේශීය ධාන්‍ය සහ පාර­ම්ප­රික සහල් යොදා­ග­නි­මින් ආහාර පිළි­යෙළ කර­ගන්නා ආකා­ර­යත් වීඩියෝ සහි­තව ඉදි­රි­පත් කර­මින් නව කති­කා­වක් ජන­ගත කිරී­මට අප සැල­සුම් කොට තිබෙ­නවා. දැනට දිව­යින පුරා පාරි­භෝ­ගි­ක­යන් රැසක් අප සමඟ අත්වැල් බැඳ­ගෙන ඉන්නවා.

ප්‍රමි­ගත සහල් වෙළෙ­ඳ­පොළ ඉල්ලු­මට අනුව සැප­යීම අප­හසු කට­යු­ත්තක්. මෙම වී වගා­වෙන් ලබා­ගන්නා සහල් ප්‍රමා­ණය අනෙක් ඒවාට සාපේ­ක්ෂව ඉතා අල්පයි. නමුත් ගොවි­යන් මේ සහල් නිෂ්පා­ද­නය වෙනු­වෙන් විශාල කැප­වි­මක් කර­නවා. ඒ වෙනු­වෙන් ඔවුන්ට ප්‍රණා­මය සහ ප්‍රති­ලාබ ලැබිය යුතුයි. මේ කැප­වීම නිසාම ප්‍රමි­ති­ගත ගුණා­ත්මක සහල් තර­මක් මිලෙන් වැඩි­වෙ­නවා. එන­මුත් මෙම සහල් සහ ධාන්‍ය ආහා­ර­යට ගැනී­මෙන් මස­කට ලෙඩ රෝග වෙනු­වෙන් වැය­ක­රන මුදල කපා­හ­රි­න්නට පුළු­වන්.

මෙම ව්‍යාපා­රයේ නියැ­ලිලා ඉන්න හැම­දෙ­නාම අවංක වෙනවා නම් අපට සෞඛ්‍ය සම්පන්න සමා­ජ­යක් තන­න්නට පුළු­වන්.”

එසේ අද­හස් දක්වනු ලබන්නේ Grains.lk Agri Business ආය­ත­නයේ සාමා­න්‍යා­ධි­කාරි දෙනු­වන් විජේ­ව­ර්ධ­නයි.

වස විස අවම දේශීය ධාන්‍ය වර්ග සහ පාර­ම්ප­රික සහල් වර්ග­වල වටි­නා­කම් පිළි­බඳ ජන­තාව තුළ දැනුම සහිත කති­කා­ව­තක් අන්ත­ර්ජාල හරහා ජන­ගත කිරීම සඳහා ඔවුන් විසින් grains.lk වෙබ් අඩ­විය ප්‍රති­නි­ර්මා­ණය කර­මින් පව­තින අතර ඔවු­නගේ ෆේස් බුක් පිටුව ද ජන­තා­වට පාර­ම්ප­රික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග පිළි­බඳ තොර­තුරු ලබා­දීම මෙන්ම මිල­දී­ගැ­නී­මට ඇති ස්ථාන පිළි­බඳ දැනු­වත් කිරී­මට සූදා­නම් කර­මින් පවතී.

වස විසෙන් තොර පළ­වැ­ලින් බර සශ්‍රීක හෙට දව­සක නිරෝගී පුර­වැ­සි­යකු බිහි­කි­රී­මට සක්‍රීය දාය­ක­ත්වය ලබා­දීම Grains.lk Agri Business ආය­ත­නයේ බලා­පො­රො­ත්තු­වයි.

අදහස්