පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් අලෙවි නියෝජිතයෝ අැගයෙති | සිළුමිණ

පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් අලෙවි නියෝජිතයෝ අැගයෙති

තිස්පස් වසරක අභිමානවත් ඉතිහාසයකට උරුම කියන විද්යුත් උපාංග නිෂ්පාදනයේ, ආනයනයේ, බෙදාහැරීමේ සහ අලෙවියේ මෙරට කීර්තිමත් සමාගමක් වන සී/ස පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් පෞද්ගලික සමාගම දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීය. ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා LED නිෂ්පාදන අලෙවි ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයින් සියලූ දෙනාට ටැබ් සහ බැංකොක් සංචාර හිමි විය. ත්‍යාග පිරිනැමීම නිල වශයෙන් සංකේතවත් කරමින් අලෙවි නියෝජිතයන් පස්දෙනෙකුට පොලික්‍රෝම් සභාපති ඩී.ඩබ්ලිව්. පරණ විතාන මහතා අතින් ත්‍යාග පිරිනැමිණි. පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් සමාගම විද්‍යුත් උපාංග, ට්‍රිප්ස්විච්, මේන්ස්විච් හා බ්‍රේකර්ස්, ඉලෙක්ට්‍රිකල් කන්ඩියුට්, කේබල් ට්‍රින්කින්ග්, ආදී විවිධ පරාසයන් ගෙන් යුතු නිෂ්පාදන රාශියක් වෙළෙද පොළට ඉදිරිපත් කරන අතර එම නිෂ්පාදන පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගැනීමට බෙදාහැරීමේ සහ අලෙවි නියෝජිත ජාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයක් පුරාම විසිරී සිටිති.

ඔවුන්ගේ නිෂ්පාදන රැසක SLS සහතිකය ලැබී ඇති අතර LED බල්බ් සඳහා SLS 1458 ප්‍රමිති සහතිකය ලැබී ඇත. එම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ හොදම LED නිෂ්පාදන ලෙස ජනතා විශ්වාසය ඉහළින්ම දිනා තිබේ.

Comments