පරි­ස­රය සුර­කින පොකැ­ට්ටු­වට සරි­ලන නව තාක්ෂ­ණයේ ප්‍රවා­හ­නය පෙර­ළිය වින්ඩි | සිළුමිණ

පරි­ස­රය සුර­කින පොකැ­ට්ටු­වට සරි­ලන නව තාක්ෂ­ණයේ ප්‍රවා­හ­නය පෙර­ළිය වින්ඩි

විදුලි යතු­රු­පැදි ලොව පුරා අති­ශ­යින් ජන­ප්‍රිය වෙමින් පව­තින අව­ස්ථා­වක වින්ඩි ට්‍රේඩින් සමා­ගම ALFA සන්නා­ම­යෙන් විදුලි යතු­රු­පැදි පෙළක් වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දෙයි. වින්ඩි ට්‍රේඩින් පෞද්ග­ලික සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ජගත් කරු­ණා­රත්න මහතා පව­සන්නේ මෙරට විදුලි යතු­රු­පැ­දි­ව­ලට ඇති ආක­ර්ෂ­ණය වැඩි වන බවයි.

එහෙත් ඉන්ධන යතු­රු­පැ­දි­යෙන් විදුලි යතු­රු­පැ­දි­යට මාරු වීමට දක්වන කුතු­හ­ලය නිසා විදුලි යතු­රු­පැදි ප්‍රච­ලිත වීම ප්‍රමාද වී ඇත. එසේම පසු­ගිය කාල­යේදී විදුලි යතු­රු­පැදි ලංකා­වට ගෙන්වා බෙදා හැරි සමා­ගම් කිහි­ප­යක් වැසූ නිසා පාරි­භෝ­ගි­ක­යන් අත­රමං වීමද මීට හේතු විය. එහෙත් වින්ඩි ට්‍රේඩින් සමා­ගම 2006දී අරඹා අඛ­ණ්ඩව ඉදි­රි­යට යාමට හේතු වූයේ ALFA යතු­රු­පැ­දි­වල අනර්ඝ තත්ත්ව­යත්, අලෙ­වි­යෙන් පසු සප­යන විශිෂ්ට සේව­යත්, පාරි­භෝ­ගික නිර්දේ­ශත් නිසා ඔවුන් හා එකතු වන නව පාරි­භෝ­ගි­ක­යෝය.

ඉන්ධන භාවි­ත­යෙන් ක්‍රියා කරන යතු­රු­පැ­දි­යක් කි.මී. 1ක් ධාව­න­යට රුපි­යල් 4ක් හෝ 5ක් වැය වන අතර විදුලි යතු­රු­පැ­දි­යක් කි.මී. 1ක් ධාව­න­යට වැය වන්නේ ශත 50ක් වැනි අඩු මුද­ලකි. ශබ්දය, දෙද­රීම්, දුම් දැමීම්, රත් වීම් නොමැති මෙම පරි­සර හිත­කාමී විදුලි යතු­රු­පැදි භාවි­ත­යෙන් මුදල් ඉතිරි වන අතර එම­ගින් පරි­ස­රය සුරැ­කීමේ යහ­පත් කාර්ය­යට ඔබට දායක විය හැකිය.

නඩත්තු විය­දම් අවම විදුලි යතු­රු­පැදි මාදිලි රැසක් රු. 130000 සිට රු. 375000 දක්වා වූ මිල ගණ­න්ව­ලට මිලට ගත හැකිය. වේගය අවම පැයට කි.මී. 55 සිට 110 දක්වා මාදිලි රැසක් ඇති අතර එක් ආරෝ­ප­ණ­ය­කින් කි.මී. 70 සිට 180 දක්වා දුරක් ධාව­නය කළ හැකිය. දිව­යින පුරා ඇති ALFA අලෙවි නියෝ­ජිත ජාල­යෙන් විදුලි යතු­රු­පැදි මිලට ගත හැකි අතර ලීසිං පහ­සු­කම් එලා­යන්ස් ෆිනෑන්ස් සමා­ග­මෙන් ලබා ගත හැකිය.

Comments