තලවතුගොඩ හේමාස් පස්වැනි වසර සමරයි | Page 2 | සිළුමිණ

තලවතුගොඩ හේමාස් පස්වැනි වසර සමරයි

ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුතු රෝහල් සේවාවක පුරෝගාමී නාමය වන හේමාස් රෝහල් සමූහයට අයත් තලවතුගොඩ හේමාස් රෝහල සිය ජාත්‍යන්තර මට්ටමේ සුවසේවා මෙහෙවරෙහි පස්වන සංවත්සරය පසුගියදා මහත් හරසරින් යුතුව සමරන ලදි. තලවතුගොඩ හේමාස් රෝහලේ පස්වන සැමරුම් උලෙළ ‘ප්‍රණාමය’යන තේමාව යටතේ පවැත්වූ අතර පසුගිය පස් වසර තුළ රෝහලේ කටයුතු වෙනුවෙන් සිය උපරිම දායකත්වය දැක්වූ හේමාස් රෝහල් පවුලේ සාර්ථකත්වයේ කොටස්කරුවන් මෙහිදී ඇගයීමට ලක් විය. තලවතුගොඩ හේමාස් රෝහලේ පස්වන සංවත්සරය සඳහා පැවති විශේෂ සැමරුම් උලෙළ සඳහා හේමාස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩෙබි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූහ. ආරම්භයේ සිට මේ දක්වා වසර 5ක් පුරා සිය අපරිමිත දායකත්වය රෝහලේ උනන්තිය වෙනුවෙන් ලබාදුන් රෝහල් මණ්ඩල සේවක සේවිකාවන් 90දෙනෙක් මෙහිදී සම්මාන සහ සහතිකයන්ගෙන් ඇගයීමට ලක් වූහ. තලවතුගොඩ හේමාස් රෝහලේ පස්වන සංවත්සරයට සමගාමීව පසුගිය කාලයේදී ලබා ගත් ජයගරගොඩහන විශිෂ්ටත්වයන් පිළිබිඹුවන පෝස්ටර් සහ නිර්මාණාත්මක රචනා තරගයක් ද සංවිධානය විය.

අදහස්