රත්න­පු­රය කැලඹූ සමන් දෙවොලේ මැණික් අවනඩුව | සිළුමිණ

රත්න­පු­රය කැලඹූ සමන් දෙවොලේ මැණික් අවනඩුව

ශ්‍රීපාද ස්ථානය සමඟ බැඳෙන ප්‍රධා­නම පූජ­නීය ස්ථානය වන්නේ සප­ර­ගමු මහ සමන් දේවා­ල­යයි. එක්ද­හස් අට­සිය තිස්තුනේ සිට මුඛ පර­ම්ප­රා­ග­තව ආ විහාර දේවා­ල­ගම් පනත එක්ද­හස් අට­සි­යය හැත්තෑ­වේදී අංක 04 දරණ ගැසට් නිවේ­ද­නය යටතේ නීති ගත විය. මේ නිති­ගත වීමෙන් සමන් දේවා­ල­යට අයත්වූ ඉඩම් ප්‍රමා­ණය අක්කර දහස් ගණ­නක් විය. මේ ඉඩම් කුරු­විට හා හංග­මුව වශ­යෙන් බෙත්ම දෙකක් යටතේ තිබිණි. මේ බෙත්ම දෙකේ දේවාල වැඩ කට­යුතු කර­වන විවිධ නිල මට්ටමේ නිල­ධා­රී­වරු 15 - 20 අතර ප්‍රමා­ණ­යක් සිටි­යහ. මේ පිරිස් සිංහල රජ සමයේ සිට නිල පර­ම්ප­රා­වෙන් පැවත එන්නෝ ය.

දේවා­ල­යට අයත් ඉඩම් වල විශේ­ෂ­ත්වය වන්නේ මේ ඉඩම් මැණික් සඳහා විශේෂ වීම ය. විටෙක රාජ­කාරී ඉඩම් හා නින්ද­ගම් ඉඩම් වශ­යෙන් හැඳි­න්වෙන මේවායේ පතල් කර්මා­න්තය සිදු කෙරිණි. දේවා­ලයේ ඉඩම් වල මැණික් කර්මා­න්තය කෙරුණු විට එහි ආදා­යම බෙදී ගියේය. එය අතී­තයේ සිට ම සිදු වන සම්ප්‍ර­දා­යකි. මේ ඉඩ­ම්වල පතල් කිරී­මෙන් ලැබෙන මැණික් විකි­ණී­මෙන් ලද ආදා­ය­මෙන් සිය­යට විස්සෙන් හරි අඩක් සබ­ර­ගමු මහ සමන් දේවා­ල­යට ලැබිණි. අනෙක් අඩ ඉඩම බුක්ති විඳි­න්නාට ලැබීම සම්ප්‍ර­දාය විය.

සම්ප්‍ර­දා­යා­නු­කූ­ලව දේවා­ලයේ ඉඩ­ම්වල මැණික් කර්මා­න්තය කිරී­මෙන් ලැබෙන ආදා­ය­මෙන් සමන් දේවා­ල­යට ලැබෙන කොටස බෞද්ධ කට­යුතු කොම­සා­රි­ස්ව­ර­යාගේ අධී­ක්ෂ­ණය යටතේ දේවා­ලයේ ගිණු­මට බැර වීම අනි­වාර්ය විය. මේ ගිණු­මට බැර­වන මුදල් ප්‍රයෝ­ජ­න­යට ගනු ලබන්නේ දේවා­ලයේ නඩත්තු කට­යුතු සඳහා ය. එමෙන්ම දේවා­ලයේ වාර්ෂික පෙර­හර මංගල්‍ය සඳ­හාද, ගිණුමේ මුදල් ප්‍රෙයා්ජ­න­යට ගනු ලැබිණි. මීට අම­ත­රව දේවා­ලයේ පිං කැට මඟින් ලැබෙන පුණ්‍යා­ධාර හා බාර­හාර ඔප්පු කිරි­මේදි ලැබෙන රත්ත­රන් වලින් තුනෙන් පංගු­වක් කපු­ම­හ­ත්ව­රුන්ට හිමි විය. ඉතිරි පංගු දෙක දේවා­ලයේ ගිණු­මට බැර විය යුතුය. මේ ලැබෙන මුදල් සියල්ලේ පාල­කයා වන්නේ ඡන්ද­යෙන් පත්වනු ලබන දිය­ව­ඩන නිල­මේය.

විහාර දේවාල ගම් පන­තට අනුව බස්නා­යක නිලමේ තන­තුර සඳහා පත්වී­මට යම් අය­කුට තිබිය යුතු සුදු­සු­කම් කිහි­ප­යක්ම විය. එ් තැනැත්තා උප­තින්ම බෞද්ධ­යකු විය යුතු වූයේය. එමෙන්ම ගෞර­ව­නීය පුද්ග­ල­යෙක් විය යුතු වූයේය. එහෙත් මේ කතාව ඇති වන්නේ එ් සංස්කෘ­තික සම්ප්‍ර­දාය අභි­යෝ­ග­යට ලක් කර­මින් සමන් දේවාල පරි­පා­ල­නය අන්ත දූෂිත අඩි­ය­කට වැටෙ­මින් තිබුණ වට­පි­ටා­වක ය. මීට කල­කට පෙර අන්‍ය ආග­මි­ක­යකු බස්නා­යක නිලමේ ධූර­යට වූයේය. ඔහුගේ කාලයේ ද දේවා­ල­යට සිදුවු අය­හ­පත ගැන අදත් රත්න­පුරේ මිනිස්සු කතා කර­න්නේය. ඉන්ප­සුව පත් වූ බස්නා­යක නිල­මෙලා දෙවි­යන්ගේ දේ කොල්ල කෑ ආකා­රය සම්බ­න්ධව විටින් විට කතා ඇසු­ණේය. චෝදනා ලබන බස්නා­යක නිල­මේ­ව­රයා සම්බ­න්ධව ගැට­ලුව මතු­වන්නේ මේ අත­රය.

චූදිත බස්නා­යක නිලමේ

චෝද­නා­වට ලක්වන බස්නා­යක නිලමේ වරයා එ් ධූර­යට පත්වන්නේ 2012 වස­රේ­දීය. දේවා­ලය පිළි­බඳ තතු දන්නෝ පව­සන්නේ හිත් කල­කි­ර­වන සුළු කතා ය.

“බුදු මැදුරේ ල දේවා­ලයේ වහල හොඳ­ටම අබ­ලන් වෙලා තිබුණේ. වහලේ ලැලී වැස්සට තෙමිලා ඒ තෙමුණු තැන් වල බිම්මල් හැදිලා තිබුණා. නමුත් වහල අලු­ත්වැ­ඩියා කර තිබුණේ නැහැ. චම්පික රණ­වක ඇම­ති­තුමා බස්නා­හිර සංව­ර්ධන අර­මු­ද­ලෙන් ලබා දුන්න කෝටි ගණ­නක මුද­ලින් තමයි දැන් දේවා­ලයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කර­ගෙන යන්නේ. ඒක ඒ විදි­හට වුණේ නැත්නම් මේ වන විට දේවා­ලය කඩා­ගෙන වැටිලා. අපිට තියෙන ප්‍රශ්නය මේකයි. බිම් පංගුව හැටි­යට දේවා­ල­යට ලැබුණ මුදල් වලට මොකද වුණේ කියන එකයි.

” වාර්තා වන ආකා­ර­යට ඒ බිම් පංගුව සුළු පටු මුද­ලක් නොවේ. වාර්ෂි­කව කෝටි පන­හ­කට ආස­න්නය.

ලක්ෂ අනූ නවයේ මුදල් වංචාව

බස්නා­යක නිල­මේ­ව­රයා සම්බ­න්ධව මූලික ප්‍රශ්නය පැන නඟින්නේ දේවා­ල­යට ලැබුණු මුද­ලක් සම්බන්ධ ව ය. මේ මුදල ලැබෙන්නේ මැණික් වෙන්දේ­සි­ය­කිනි. ඉන් දේවා­ලයේ කොටස ලෙස රුපි­යල් අනූ නව ලක්ෂ විසි දෙද­හ­සක් (රු-992,200) ලැබී තිබිණි.

දෙද­හස් දහ හතර වස­රේදී මේ මැණික් ගල ලැබී තිබුණේ හුනු­වල දේවා­ල­ගම් ඉඩ­මෙනි. ඒ මැණික ගලේ විකි­ණුම් මිල වූයේ රුපි­යල් එකො­ළොස් කෝටි අනූ­නව ලක්ෂ අසූ පන්ද­හස් තුන්සිය හැට දෙකකි. එයින් දේවා­ලයේ පංගුව ලෙස ලැබුණු කොටස වන අනූ­නව ලක්ෂ විසි දෙද­හ­සක මුදල අදාළ බල­පත්‍ර හිමි එච්. ඩී. නන්ද­කු­මාර නැමැති අය විසින් දේවා­ල­යට බාර දී තිබිණි. ඒ 2014 වර්ෂ­යේදී ය.

එහෙත් මුදල සඳහා රිසිට් පතක් නිකුත් කර තිබුණේ නැත. එමෙන්ම මේ අනූ නව ලක්ෂ­යක මුදල දේවා­ලයේ බැංකු ගිණු­මට බැර වී තිබු­ණේත් නැත. ඒ සමඟ ම කියැ­වුණේ දේවා­ලයේ පංගුව ලෙස දේවාල ඉඩ­ම්වල මැණික් මුදල් ගෙවන බොහෝ අයට කුවි­තාන්සි නොලැ­බෙන බවය. දේවා­ල­යට වාර්ෂි­කව ලැබෙන මැණික් ආදා­යම රුපි­යල් කෝටි පන­හ­කට ආසන්න බව ද කියැ­විණි. එප­ම­ණක් නොවල දේවා­ලයේ රාජ­කාරි සම්ප්‍ර­දාය විය­වුල් කරන බවට චෝදනා නැඟිණි. දේවාල රාජ­කාරි කරන පාර­ම්ප­රික නිල­ම­ක්කා­ර­යන්ගේ පර­වේණි ඉඩ­ම්වල ස්වකීය හිත­ව­තුන් ලවා බල­හ­ත්කා­ර­යෙන් මැණික් ගර­වන බවට චෝදනා බස්නා­යක නිලමේ වර­යාට එල්ල විණි.

සබ­ර­ග­මුව මහ සමන් දේවා­ලයේ සිදු වෙමින් ඇති බව කියැ­වුණ මේ වංචා අතු­රින් ප්‍රධා­නම වංචාව සේ සැල­කුණ ලක්ෂ 99 22000 මුදල් ගනු­දෙ­නුව සම්බ­න්ධව තොර­තුරු දැන ගැනීම සඳහා 2016 අංක 12 දරණ තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම් පිළි­බඳ පනතේ නියෝග ප්‍රකා­රව බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉල්ලී­මක් කර තිබිණි. ඒ ඉල්ලීම කර තිබුණේ හංග­මුව උඩහ වලව්ව ලිපි­නයේ පදිංචි ජේ.එම්.බී. බණ්ඩාර ජය­සු­න්දර නැමැති අයෙක් විසිනි. ඒ ඉල්ලීම අනුව ඔහුට බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු නිල­ධා­රී­ව­රයා විසින් ලබා දී තිබුණ තොර­තුරු මවි­තය දන­වන සුළු විය.

බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශය

බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තු­වට ලද පැමි­ණිලි ප්‍රකා­රව සප­ර­ගමු මහ සමන් දේවා­ලයේ සිදුවී ඇතැයි පැව­සෙන විවිධ අක්‍ර­මි­කතා සම­බ­න්ධව එ් දෙපා­ර්ත­මේ­න්තුව විසින් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් කර තිබේ. එ් පරී­ක්ෂ­ණය හෙළි­ද­රව් කරන්නේ දේවා­ලයේ ආදා­යම් හා විය­දම් තොර­තුරු ලේඛ­ණ­ගත කිරී­මේදී හා ආදා­යම් බැංකු­ගත කිරී­මේදී සිදුවී ඇති අක්‍ර­මි­කතා නිරී­ක්ෂ­ණය වූ වග ය.ඒ අනුව ප්‍රධාන කාර්යා­ලයේ අභ්‍ය­න්තර විග­ණන අංශය මැදි­හත් වීමෙන් විග­ණ­න­යක් සිදු කර තිබේ. එ් විග­ණ­න­යට අනුව වර්ෂ 2014. 01.12 දින දී සිදුවූ අනූ­නව ලක්ෂ විසි දෙද­හසේ මැණික් ගනු­දෙ­නුව සඳහා රිසි­ට්පත නිකුත් කර ඇත්තේ 2016.08.06 දා ය. රුපි­යල් රුපි­යල් අනූ දෙලක්ෂ විසි දෙද­ද­හ­සක වටි­නා­ක­මක් සහිත කුවි­තා­න්සි­යක් මංජුල තුෂාර හා නන්ද කුමාර යන අයට නිකුත් වී තිබිණි. එහෙත් එ් මුදල් බැංකු­ගත වූ වගට තහ­වුරු වී නොති­බිණි.

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් වර­යාගේ අංක BRT/R/242 01/242 හා 2017/12/21 දින ලිපි­යෙන් බස්නා­යක නිල­මේ­ගෙන් මාස­යක් ඇතු­ළත කරුණු ඉදි­රි­පත් කරන ලෙද දන්වා තිබිණි. එමෙන්ම අදාළ මුදල් බංකු­ගත කර වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස ද දන්වා තිබිණි. එමෙන්ම බෞද්ධ කට­යුතු කොම­සා­රි­ස්ව­ර­යාට අනුව මහ සමන් දේවා­ල­යට ලැබෙන මැණික් ආදා­යම නිවැ­ර­දිව බැංකු­ගත කර නැත. එ් මුදල් නිසි ආකා­ර­යෙන් ලේඛන ගත කිරී­මක් සිදුවී නැත. මේ සම්බ­න්ධව අංක BRT/R/242 01/242 හා 2017/12/21 ලිපි­යෙන් මාස­යක් ඇතු­ළත කරුණු දන්වන ලෙස බෞද්ධ කට­යුතු කොම­සා­රි­ස්ව­රයා බස්නා­යක නිල­මේ­ව­ර­යාට දන්වා තිබේ.

මුද­ල්වල රිසිට් පත් ගැන විමසූ විට බස්නා­යක නිලමේ පවසා ඇත්තේ දෙද­හස් දාහත වසරේ එ් මුදල පෙර­හ­රට විය­දම් කළ බව ය. පසුව ගංව­තු­රට හසු වීමෙන් මේ රිසිට් පත් ඇතු­ළත් ලිපි ගොනු විනාශ වූ බවය.

මේ චෝද­නා­වට ලක්වන්නේ සබ­ර­ගමු මහ සමන් දේවා­ලයේ බස්නා­යක නිලමේ වරයා ලෙස කට­යුතු කළ කමල් සේනක රත්වත්තේ ය. මේ පිළි­බඳ ව බස්නා­යක නිල­මේ­ව­රයා ලෙස ඔහු කට­යුතු කළ ආකා­රය ගැන සිළු­මිණ කළ විම­සී­ම­කදී ඔහු පැව­සුවේ දැනට පරී­ක්ෂ­ණ­යක් කර­ගෙන යන බැවින් මේ සම්බ­න්ධව ප්‍රකා­ශ­යක් කළ නොහැකි බවය; පරී­ක්ෂ­ණය නිමා වූ පසු මාධ්‍ය­යට අද­හස් දක්වන බවය. සිද්ධිය සම්බ­න්ධව අප­රාධ මූල්‍ය කොට්ඨා­සය මගින් විශේෂ විම­ර්ශ­න­යක් සිදු කර­මින් තිබේ. සිදු­වෙ­මින් ඇති පරී­ක්ෂණ සම්බ­න්ධව රට අව­දි­යෙනි.

 

ඉසවි

Comments