මාලි­ගා­වත්තේ කැඳයා ඩුබායි සිට මිනී­ම­රපු හැටි | Page 2 | සිළුමිණ

මාලි­ගා­වත්තේ කැඳයා ඩුබායි සිට මිනී­ම­රපු හැටි

නිප්පු ඝාතනය  වූ අවස්ථාව
නිප්පු ඝාතනය වූ අවස්ථාව

සු­ගිය දහ­නව වැනි දා කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනුණු කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා වූ පලනි රිමෝ­ෂන් සහ පලනි කෙනි­ස්ටන් කළ පාපෝ­ච්චා­ර­ණ­යෙන් බොහෝ අප­රා­ධ­වල සුල-මුල සොයා ගැනී­මට හැකි­විණි. ඒ අතරේ එම පාපො­ච්චා­ර­ණ­ය­න්ගෙන් හෙළි වූයේ සිදුවූ අප­රාධ ගණ­නා­ව­ක­ටම වග­කි­ව­යුත්තේ මේ වන විට ඩුබා­යිහි වෙසෙන කංජි පාන ඉම්රාන් නමැත්තා බව­ටයි.

රිනේෂා

රිමෝ­ෂන්ගේ හෙළි­ද­ර­ව්වත් සම­ඟින් නැව­තත් කලෙ­කට පසු මාලිගාවත්ත පාතා­ල­යෙන් එක්වරම මතුවූ කංජි පාන ඉම්රාන්ගේ කල්ක්‍රියා ගැන පාතාල මර්දන ඒක­ක­යන්ගේ උකුසු ඇස යොමු වෙමින් තිබේ. පසු­ගිය සමයේ එත­රම් ප්‍රකට චරි­ත­යක් නොවූ කංජි පාන ඉම්රාන් ගැන පොලිස් නිල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු වෙද්දී ඔහු විසින් මෙහෙ­යවූ බවට සැක කරන තවත් ඝාත­න­යක් පසු­ගිය 26 වැනි දා සවස හයට පමණ සිදු වූයේ මාලි­ගා­වත්ත ජුම්මා හන්දියේ ලොන්ඩ්‍රිය අස­ල­දීය.

යතු­රු­පැ­දි­ය­කින් පැමිණි පුද්ග­ල­යන් දෙදෙ­නෙකු විසින් මාර්ගයේ ගම­න්ගත් කාන්තා­ව­කට වෙඩි තබා පලා ගියේ මාස ගණ­නා­වක් නිහ­ඬව තිබූ මාලි­ගා­වත්ත පාතාල සෙල්ලම් යළි කර­ළි­යට ඔස­ව­මිනි. එදින වෙඩි වැදී කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගියේ 31 වියැති නො. 119/1, මාලි­ගා­වත්ත පෙදෙසේ විසූ මොහො­මඩ් මුම්මිරි සිත්ති රිනේෂා නමැති කාන්තා­වයි.

රිනේෂා යනු කංජි පාන ඉම්රාන්ගේ පළමු විවා­හක බිරිය බවට අනා­ව­ර­ණය වේ. ඉම්රාන් විසින් ඩුබායි සිට වෙඩි­ක්ක­රු­වකු යොදවා සිදු කළ එම ඝාත­න­යට මෙතෙක් ඊට නිශ්චිත හේතු­වක් අනා­ව­ර­ණය කර­ගැ­නී­මට නොහැකි වුවත් පසු­ගිය සමයේ කංජි පාන ඉම්රාන් සමඟ රිනේෂා බද්ධ වෛර­ය­කින් පසු වී ඇත. ඊට හේතුව ලෙස සැල­වෙන්නෙ ඉම්රාන්ට යමක්-කමක් නොමැති සමයේ ඔහුගේ දුක-සැප සොයා බැලු රිනේෂා හට වර්ත­මා­නයේ ඉම්රාන් නොසැ­ල­කී­මයි.

එසේම පසු­ගිය 30 වැනිදා පෙර­වරු 10.55ට පමණ මාලි­ගා­වත්ත ජුම්මා හන්දි­යේ­දීම නාඳු­නන වෙඩි­ක්ක­රු­වකු විසින් තවත් වෙඩි තැබී­මක් සිදු කළ අතර එම වෙඩි තැබීම ද ඉම්රාන්ගේ ගිණු­මට බැර වී තිබේ. එදින සිදුවූ මාරා­න්තික වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූයේ 33 හැවි­රිදි අබ්දුල් රවුෆ් නමැ­ත්තායි.

ඔහු පාතා­ලයේ කෙරු­මෙකු ව සිට 2013 ජූලි 04 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහා­ර­ය­කින් මිය­ගිය කාදර් මොහො­මඩ් අස්මිල් හෙවත් මාම­ස්මින් නමින් ප්‍රක­ටව සිටි තැනැ­ත්තාගේ ඥාති සහෝ­ද­ර­යෙකි. එසේම අබ්දූල්, ෆාජි නැමැති හිටපු පාතාලයාගේ සහෝදරයෙක් වන බයියාගේ ගෝලයෙකු ද වේ.

ඇන්ටනී  රාජ් වෙඩි ප්‍රහාරයට ලක්වූ
අවස්ථාව

එම වෙඩි තැබීම ද ඉම්රාන් විසින් වෙඩි­ක්ක­රු­වන් යොදවා සිදු කොට ඇත්තේ මත්ද්‍රව්‍ය සහ කප්පම් සම්බන්ධ ඇතිවූ ගැටු­මක් නිසාය. ඉම්රාන් විසින් ඩුබා­යිහි සිට හොර පාරෙන් මෙර­ටට එවන ලද හෙරො­යින් සහ කේරල ගංජා බෙදා­හ­රින මෙරට සිටින පුද්ග­ල­යන් කීප­දෙ­නෙ­කුම ඉම්රාන්ට ‘පොලු’ තියා ඇති නිසා එවැනි ගෝල­යන් සමඟ ඉම්රාන් බද්ධ වෛර­යෙන් පසු වන බවට ද වාර්තා වේ.

එසේ ඉම්රාන්ට පොලු තැබූ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට එරෙ­හිව ඔහුගේ ගෝල­බා­ල­යන් සිදු කරන ප්‍රහා­ර­යන් රැසක්ම පසු­ගිය දින­වල සිදු­විණි.

තම පළමු බිරිය ද ඩුබායි සිට වෙඩි­ක්ක­රු­වන් මෙහෙ­යවා ඝාත­නය කර­මින් පසු­ගිය දින­වල සිදුවූ අප­රාධ රැස­ක­ටම වග­කිව යුත්තා වන කංජි පාන ඉම්රාන් යනු මීට අවු­රුදු හත­කට අට­කට පමණ ඩුබායි රටට ගොස් වර්ත­මා­නයේ එරට වෙසෙ­න්නෙකි.

පාතා­ලයේ ‘කෙරුමා’ වීමට වලි­කන මාක­ඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා, කෙසෙ­ල්වත්තෙ දිනුක යන පාතාල සාමා­ජි­ක­යන් සමඟ ඩුබා­යිහි වෙසෙන ඉම්රාන් මුලින් නොයෙ­කුත් රැකියා සඳහා ඩුබායි වෙත ගොස් ඇත. පසුව මත්ද්‍රව්‍ය ජාවා­ර­මට අත ගසා ඇති ඔහු මේ වන විට ඉන්දි­යාව, පාකි­ස්ථා­නය, ඇෆ්ග­නි­ස්ථා­නය වැනි රට­වල පිරිස් සම­ඟද සබ­ඳතා ගොඩ­න­ඟා­ගෙන මෙරට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපා­රය මෙහෙ­ය­මින් ඒ හරහා යහ­මින් මුදල් හම්බ කර­මින් සැප­වත් ජීවි­ත­යක් ගත කරන බවට සැල වේ.

පසු­ගිය සමයේ පොලි­සිය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය එක්ව පාතාල මර්ද­න­යට ගෙන ගිය වැඩ­පි­ළි­වෙ­ළට බිය­වීම නිසා ඩුබායි රටේ රැඳී සිටි­මින් වර්ත­මාන පාතාල ක්‍රියා­කා­ර­කම් සිදු කර­මින් සිටින මාක­ඳුරේ මධුෂ්ව ද ඩුබායි වෙත ගෙන්වා­ගෙන ඔහුට අවැසි සියලු පහ­සු­කම් සලසා දී ඇත්තේ ඉම්රාන් බවට ද සැක­යක් මතුව තිබේ. .

අනූව දශ­කයේ මුල් භාග­යේදී හිටපු නාග­රික මන්ත්‍රී­ව­ර­යෙකු වූ ඉමි­ටි­යාස් හරහා කුඩු නූර් වැන්න­න්ගෙන් ආරම්භ වූ මෙරට මුස්ලිම් පාතා­ලයේ තිඹි­රි­ගෙය මාලි­ගා­ව­ත්තයි. මාලි­ගා­වත්තෙ 99/8, ශ්‍රී සද්ධර්ම මාවතේ විසූ ඉම්රාන් රැකි­යා­වක් ලෙස මුල් කාලයේ නිරතව තිබුණේ මාලිගාවත්ත පාතා­ල­යට නම ගිය ඉස­ව්වක් වන ඇප­ල්වත්ත ලෙසින් හඳු­න්වන ප්‍රදේ­ශයේ තිබෙන ජුම්මා මස්ජිඩ් මාර්ගයේ කර­ත්ත­යක තබා කැඳ විකු­ණ­මින් ජීවි­කාව ගෙන යෑමයි.

කංජි පාන ඉම්රාන්

එසේ මුට්ටි­යක බහා කැඳ විකු­ණ­මින් සිටි ඉම්රාන් කොලු ගැටයා පසුව දමිළ බසින් කැඳ මුට්ටිය හඳු­න්වන ‘කංජි පාන’ වච­න­යද නමේ ඉදි­රි­යට එක්ක­ර­ගෙන තිබෙන්නෙ ඔහු කැඳ රස්සා­වෙන් එම ප්‍රදේ­ශයේ ප්‍රච­ලිත නමක් දිනා සිටි නිසායි.

මේ වන විට 37 වැනි වියේ පසු­වන ඉම්රාන් පසුව සැවොම හඳු­න්වන්ට වූයේ කංජි පාන ඉම්රාන් ලෙසිනි.

කුඩු නූර්ගෙන් පසුව බිහිවූ මාලිගාවත්ත පාතා­ලයේ කල්ලි කීප­යක් අත­රින් ප්‍රබ­ලම කල්ලි­යක් වූ ජුම්මා මස්ජිඩ් මාර්ගයේ විසූ ෆාජිගේ කල්ලි­යට එක්වූ ඉම්රාන් මුල් සමයේ ෆාජි ඇතුළු එම කල්ලියේ ප්‍රබ­ල­යන් වූ මාම­ස්මින්, ටෝජි, බයියා, මංජල් අක්‍රම් වැන්නන්ට ආව­තේව කර­මින් ‘කඩේ’ ගිය කොලු ගැට­යෙකි.

2009 අගෝස්තු 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළ­කාය ජුම්මා මස්ජිඩ් පාරේ විසූ ෆාජිගේ පාතාල රාජ­ධා­නි­ය­ටම ගොස් කළ සූක්ෂ්ම වැට­ලී­මක දී ෆාජි විසූ තුන් මහල් නිවෙසේ වහ­ලය මත දී ෆාජිට අව­සන් ගමන් යෑමට වූයේ පොලිස් විශේෂ කාර්ය බළ­කා­යත් සමඟ වූ ගැටු­ම­ක­දීය. ෆාජිගේ මර­ණ­යත් සමඟ ඔහුගේ ඇතැම් ගෝල­බා­ලයෝ සිසී­කඩ විසිර ගියහ. ෆාජිගේ ඝාත­න­යෙන් පසුව ෆාජිට බැල මෙහෙ­වර කළ කංජි පාන ඉම්රාන්ද විසිර ගියේය. අන­තු­රුව ඔහු ඩුබායි රටට ගොස් තිබේ.

පසු­ගිය 26 වැනිදා ඉම්රාන් විසින් මෙහෙ­යවා ඝාත­නය කළ බවට සැක­ක­රන රිනේෂා මුලින් විවාහ කර­ගෙන සිටි ඉම්රාන් පසුව මත්ද්‍රව්‍ය ජාවා­රම් මඟින් යහ­මින් මුදල් උප­යද්දී මැර බල­යද උක­හා­ගෙන තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ මුද­ලට ලොල් වූ අප­රා­ධ­කා­ර­යන් තම කල්ලි­යට එකතු කර­ග­නි­මිනි. මේ වන විට නැත්ත­ටම නැති වී තිබෙන මාලිගාවත්ත පාතා­ලය යළි හිස ඔසවා එහි ‘කෙරුමා’ වීමට ඉම්රාන් වලි­ක­මින් සිටී.

ජාවා­රම් හරහා මුදල් යහ­මින් හිමි­වෙද්දී මුල් කාලයේ ඔහු ගැන සොයා බැලූ රිනේ­ෂාව අත්හැර දැමූ ඉම්රාන්ගේ වර්ත­මාන බිරිය වනුයේ පාතාල ප්‍රබ­ල­ය­කුව සිටි මංජල් අක්‍රම්ට සිටි බිරි­න්දෑ­ව­රු­න්ගෙන් කෙනෙකි.

මංජල්ට දාව උපන් දරු­වන් තිදෙ­නාද සමඟ එම කාන්තාව වර්ත­මා­නයේ ඉම්රාන් සමඟ ඩුබා­යිහි ජීව­ත්වන බවට සැලවේ. ඉම්රාන්ට දාවද ඇයට මේ වන විට මාස එකො­ළ­හක පමණ වය­සැති දරු­වකු සිටින බව කියයි.

එම කාන්තාව පසු­ගිය දින­වල කීප විටෙ­ක­දීම මෙර­ටට පැමිණ ගිය අව­ස්ථා­ව­ලදී ඉම්රාන්ගේ පළමු බිරිය වූ රිනේෂා සමඟ ගැටුම් ද ඇති­ක­ර­ගෙන තිබිණි. එම ගැටු­ම්වල ප්‍රති­ඵ­ල­ය­කින් ඇය ඝාත­නය වූවාද යන්නත් පරී­ක්ෂණ නිල­ධා­රින්ගේ සැකය යොමු වී තිබේ.

මෙරට තුළ වෙසෙන මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් කිහිප දෙනෙක්ම ඉම්රාන්ට පසු­ගිය දින­වල වූ ගනු­දෙ­නු­ව­ලට අදාළ මුදල් නිසි පරිදි නොගෙ­වීම නිසා ඉම්රාන්ගේ මෙහෙ­ය­වී­මෙන් මේ වර්ෂය තුළ ඝාතන රැසක්ම සිදු වී තිබේ.

එසේ ඝාත­නය වූ පුද්ග­ල­යෙකු වූයේ 42 හැවි­රිදි ඉන­ස­මුත්තු ඇන්ටනී රාජ්ය. පසු­ගිය මාර්තු 19 වැනිදා 10.45ට පමණ අලු­ත්කඩේ අධි­ක­ර­ණයේ තිබූ නඩු කට­යු­ත්ත­කට බිරිය සමග ගොස් එමින් සිටි­යදී ඇන්ටනී රාජ්ව නාඳු­නන වෙඩි­ක්ක­රු­වකු යොදවා ඝාත­නය කළේ ආම­ර්වී­දි­යේ­දීය. කුඩු සෙල්විගේ පුතුන් දෙදෙ­නාගේ පාපෝ­ච්චා­ර­ණ­යෙන් හෙළි වූයේ එම ඝාත­නය ඉම්රාන්ගේ අව­ශ්‍ය­තා­වට සිදු කළ බවයි. එදින එම ඝාත­න­යට යතු­රු­පැ­දිය පදවා තිබුණේ රිමෝ­ෂන් විසිනි. ඔහු සහ වෙඩි­ක්කරු එම ඝාත­න­යට පැමිණි ආකා­රය අසල තිබූ සීසී­ටීවී කැමරා දසු­න්වල මනාව සට­හන් වී තිබිණි. ඇන්ටනී රාජ් ඝාත­නය කොට දින අටක් ගිය තැන නැව­තත් ඉම්රාන්ගේ මෙහෙ­ය­වීම මත තවත් ඝාත­න­යක් සිදු වූයේ පසු­ගිය මාර්තු 27 වැනි­දායි. එදින රාත්‍රී 9.00ට පමණ මාලි­ගා­වත්ත අලාමා ඉක්බාල් මාර්ග­යේදී නාඳු­නන වෙඩි­ක්ක­රු­ව­කුගේ වෙඩි ප්‍රහා­ර­ය­කින් ඝාත­නය වූයේ සාහුල් හමීඩ් මොහො­මඩ් නිෆ්රාස් හෙවත් නිප්පුය. මංජල් අක්‍රම්ගේ එක් බිරි­යක වන භානුගේ සහෝ­ද­ර­යකු වන නිප්පු ඝාත­නය වූයේ ඉම්රාන් සමඟ වූ මත්ද්‍රව්‍ය ගනු­දෙ­නු­වක් හේතු­වෙනි. වර­කා­පොළ ප්‍රදේ­ශයේ ජීවත්වූ නිප්පු මාලි­ගා­ව­ත්තට පැමිණ තිබුණේ ඉම්රාන් විසින් ඩුබායි සිට දුන් දුර­ක­ථන ඇමැ­තු­ම්ව­ල­ටයි.

නිප්පු ඝාත­නය වූ මොහොතේ ඒ අසල තිබී හමුවූ දුර­ක­ථ­න­යෙන් නිප්පුට මිය යෑමට මොහො­ත­කට පෙරද ඩුබා­යි­ව­ලින් පැමිණි ඇමැ­තුම් සට­හන් වී තිබිණි. එම ඇමැ­තුම් සියල්ල ඉම්රාන් විසින් නිප්පුට ලබා­දුන් ඒවාට බවට සැක කෙරේ. අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය අසල දී පසු­ගිය පෙබ­ර­වාරි 16 දින දහ­වල් ඝාත­නය වූ වාහන කුලී පද­න­මට දුන් ව්‍යාපා­ර­යක් කර­ගෙන ගිය කෝටි­ප­ති­යකු වූ මොහො­මඩ් රිස්කාන්, ඉම්රාන්ගේ ගෝල­යෙකි. රිස්කාන්ගේ ව්‍යාපා­ර­යට මාක­ඳුරේ මධුෂ්ගේ මුදල් ද යොදවා තිබුණේ ඉම්රාන් හරහා ඇති කර­ගත් සබ­ඳ­තා­ව­කිනි.

රිස්කාන් ඝාත­නය කොට තිබුණේ මධු­ෂ්ගෙන් පළි­ගැ­නී­මට සම­යංගේ කල්ලිය විසිනි.

ජුම්මා මස්ජීඩ් හන්දිය

එම ඝාත­ක­යන් ඒ මොහො­තේම පොලි­සි­යට හසුවූ නිසා මධුෂ්ගේ කල්ලිය ‘එකට එක’ කිරී­මක් ලෙස එදින ඝාත­ක­යන් පැමිණි යතු­රු­පැ­දිය සැපයූ සම­යංගේ ගෝල­යකු වූ ශාන්ත කුමාර හෙවත් කොස්ම­ල්ලිව අඟු­ණ­කො­ල­පැ­ලැ­ස්සේදී දස වධ දී ඝාත­නය කෙරිණි.

පසුව ඔහුගේ හිස කොටස රිස්කාන් ඝාත­නය වූ අලු­ත්කඩේ බණ්ඩා­ර­නා­ය­ක­පුර මාව­ත­ටම රැගෙ­න­විත් දමා ගොස් තිබුණේ රිමෝ­ෂන් විසින් ඉම්රාන්ගේ කීම­ටයි. ඒ දැනට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින රිමෝ­ෂන්ගේ වැඩි­ම­හලු සහෝ­ද­රයා වන ශිරාන් විසින් කෝල් කොන්ෆ­රන්ස් හරහා ඉම්රාන්ට, රිමෝ­ෂන් සම්බන්ධ කර දෙමිනි. ශිරාන් යනු බන්ධ­නා­ගා­රයේ සිට ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවා­රම මෙරට තුළ සිදු කරන ප්‍රධා­න­තම ජාවා­ර­ම්ක­රු­වෙකි.

එලෙස කලෙ­කට පෙරදී මාලි­ගා­වත්ත ජුම්මා මස්ජීඩ් පාරේ කැඳ විකිණු කොලු ගැටයා මත්ද්‍රව්‍ය ජාවා­රම ඔස්සේ මේ වන විට පාතාල ලෝකයේ ‘පොර’ක් වෙමින් සිටී. මත්ද්‍රව්‍ය ජාවා­රම නිසාම පාතාල කල්ලි අතර ඇතිවූ ගැටුම් නිසා ඉම්රාන් ඩුබායි සිට මෙහෙ­යවා මෙරට තුළ මේ වන විට ඝාතන වැලක්ම සිදු කොට තිබේ. එම ඝාතන වැලට ‘තිත’ තැබීම පාතාල මර්දන ඒක­ක­යන්ගේ වග­කී­මයි.

මේ අතරේ පසු­ගිය 28 වැනිදා මාක­ඳුරේ මධුෂ්ගේ පියා වූ 62 හැවි­රිදි එස්. ඒ. ලක්ෂ්මන් නමැත්තා මිය­ගියේ නාගොඩ රෝහ­ලේ­දීය. පසු­ගිය 22 වැනිදා සවස 2කට පමණ කළු­තර උතුර වස්ක­ඩුව ප්‍රදේ­ශයේ සිදුවූ රිය අන­තු­ර­කින් පසුව රෝහ­ල්ග­තව සිටි­යදී ඔහු මිය­ගිය අතර මාක­ඳුරේ මධුෂ්ගේ ලොකු අම්මා කෙනෙ­කුගේ අව­මං­ග­ල්‍යය උත්ස­ව­ය­කට සහ­භාගි වී යමින් සිටි­යදී එම තැනැත්තා රිය අන­තු­රට මුහු­ණපා තිබේ. මධුෂ්ගේ නඩු කට­යුතු කීප­යක් වෙනු­වෙන්ම ඇප ලබා­දී­මට ඉදි­රි­පත් වීම නිසා ඔහුගේ පියාට අවස්ථා කීප­ය­ක­දීම බන්ධ­නා­ගා­ර­ග­තව සිටී­ම­ටද සිදුවී තිබිණි.

පසු­ගිය 28 දා කොළඹ 12 මුහ­න්දි­රම් පටුම‍ඟේ කළ වැට­ලී­ම­කදී කෙසෙ­ල්වත්ත දිනු­කගේ මව වූ 53 හැවි­රිදි මුහු­දු­ගම ආර­ච්චිගේ රේණුකා අම­ර­සීලි හෙවත් චූටි අම්මා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ හෙරො­යින් ග්‍රෑම් 1යි මිලි­ග්‍රෑම් 200ක් ළඟ තබා ගැනීම නිසාය. දිනුක විසින් ඩුබා­යිහි සිට ලබා දෙන සියලු නියෝග මෙරට සිට මෙහෙ­ය­ව­මින් පිට­කො­ටුව ඇතුළු ප්‍රදේ­ශ­වල ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් කප්පම් එකතු කිරීම් සියල්ල සිදු­ක­රන්නෙ චූටි අම්මා බව­ටද වාර්තා වේ.

Comments