තායි­ල­න්තයේ රජු හැදූ කෘත්‍රිම වැස්ස අපේ නිය­ඟ­යට පිළි­තු­රක් කරගැනීම | සිළුමිණ

තායි­ල­න්තයේ රජු හැදූ කෘත්‍රිම වැස්ස අපේ නිය­ඟ­යට පිළි­තු­රක් කරගැනීම

ව වැනි තායි රජු ලෙසින් කිරුළු පළන් සිය රාජා­භි­ෂේ­කයේ සතුට සිත් සේ විඳ­ග­න්නට තරුණ භූමි බෝල් රජු බලා­පො­රො­ත්තු­වෙන් සිටියේ ය. පත­පොතේ ඉගෙ­නුම් ද නිසි ලෙසින් හමාර කර සිටි ඔහු 1951 අවු­රුද්ද වෙද්දී සිය­ලු‍ ­සු­දු­සු­කම් වලින් ‘රජ වී‘ සිටියේ අඩු­පා­ඩු­වක් සොය­න්නට ඉඩක් නොත­බ­මිනි. අලු‍ත් රජු වී රටේත් ජන­තා­ව­ගේත් වග­කීම තමන් වෙත ලබද්දී තායි­ලන්ත වැසියෝ සිටියේ නම් අසීරු අඩි­යක ය.”‍තායිලන්ත වැසි­යන්ගේ සතුට සහ යහ­පත උදෙසා ධාර්මි­කව රට පාල­නය කර­මියි”‍ලෙසින් දුන් පොරො­න්දුව ඉටු කර­න්නට ඔහුට හොඳ ම වේලාව පැමි­ණෙ­මින් තිබුණේ ය. තායි වැසියෝ ‘නිමා වන බවක් නොපෙ­නුණු නිය­ඟ­ය­කින්‘ පීඩා­වට පත් වෙමින් සිටිනා බව භූමි­බෝල් රජුට සැල­වූ­යේය. 1955 අවු­රුද්ද වෙද්දී මේ නියං­සාය පිළි­ය­මක් සෙවිය යුතු තර­මට වැඩි වී ආයේය.

දිගු­ක­ලක් වැස්ස නොලැබී වගා බිම් වියළී යද්දී තායි වැසි­යන්ගේ ජීවිත ද වියළී යන්නට පටන් ගත්තේය. තව තවත් වැඩිවී ආ නිය­ඟය තායි­ල­න්තය වසා­ගෙන තිබුණු ‘කොළ පැහය‘ටිකෙන් ටික අඩු කර දම­න්නට තරම් ද වූයේය. වනා­න්තර විනාශ වී යන්න­ටත්, සතුන් පිපා­ස­යෙන් මියැ­දෙ­න්න­ටත් වූයේ ය. ගම්මාන වල­ටත් වඩා නගර ආශ්‍රිත පානීය ජල අව­ශ්‍ය­තාව සැපි­රීම ගැට­ලු‍වක් වූයේය. වය­ඹ­දිග තායි­ල­න්තය ම පාහේ වියළී යද්දී භූමි­බෝල් රජු වය­ඹ­දිග තායි­ල­න්තය පුරා තැනින් තැනට ඇවිද යමින් තමන් ම නිය­ඟ­යට විස­දුම් සොය­න්නට පටන් ගත්තේය. ඔහු තමන්ම අලු‍ත් අලු‍ත් අද­හස් ඇතිව අලු‍ත් අලු‍ත් දේ සොය­න්නට වූ අතර ම, වැස්ස ගැන වූ පර්යේ­ෂණ ගැන ද සොයා බැලු‍වේය. අව­සන කෘත්‍රිම වැස්සක් ඇති කරන්න ඇති හැකි­යාව පිරික්සා බල­න්නට ඔහු තීන්දු කළේය.‘වැස්ස ඇති කිරීමේ රාජ­කීය ව්‍යාපෘ­තිය වූ මෙහි ‘වැස්ස ඇති කිරීමේ කතාවේ‘ අයි­තිය ඇත්තේ භූමි­බෝල් රජුට ය.

ඔහු ‘වැස්ස ඇති­කි­රීමේ කතාව‘ එක­වර ලියා අව­සන් කර­න්නට හදිසි නොවූ­යේය. වියළී ගිය බිම්පුරා ඇවිද යමින් ඔහු ඒ ගම්මාන වල වාරි මාර්ග, ඇළ­වේලි, ගැන සේම වැසි ජලය එක් රැස් කර තබා ගත හැකි වැව්, අමුණු ගැනද හොඳින් සොයා බැලු‍වේ ය. වගා බිම් ගැනම පම­ණක් නොව වනා­න්තර වල පැවැත්ම ගැන ද සිතූ ඔහු වාතයේ පව­ත්වා­ගත යුතු ආර්ද්‍ර­තා­වය ගැන ද එයින් වනා­න්ත­ර­වල මනා පැවැත්ම පව­ත්වා­ගත් යුත්තේ කෙසේද යන්න ගැන ද සොයා බැලු‍වේය. භූමි­බෝල් රජු අහස දෙස බැලු‍වේ පොළවේ සිදු කළ යුතු සොයා බැලීම් අව­සා­න­යේය. අහසේ වළා­කුළු ඇතත් ඒ වළා­කුළු සුළ­ගට ගසා­ගෙන යන නිසා වැස්ස අඩු­වන බව ඔහු හැඳින්නේ ය. වළා­කුළු නිසි තැනට රැස්කොට තබා වැස්ස ලැබෙ­න්නට සැලැ­ස්වීම ගැන ඔහුම සිත­න්නට පටන් ගත්තේ මේ සිය­ලු‍ ­සො­යා­බැ­ලීම් කරනා අත­රේදී ම ය. වළා­කුළු අත­රින් ම කෘත්‍රිම වැස්සක් ඇති­කර ගන්නට කළ යුතු දේ ගැන පර්යේ­ෂණ පැවැත්වූ රජු 1969 අවු­රුද්ද වෙද්දී තමන්ම ඊට විස­දු­මක් සොයා ගත්තේය. සිය පර්යේ­ෂ­ණයේ හොඳ නොහොඳ සොයා බල­න්නට ඔහු පැක් ජොන් පළාතේ කාඕ යැයි ජාතික උද්‍යාන කලා­පය තෝරා ගත්තේය. කෘත්‍රිම වැස්ස ඇති කර­විය හැකි බවට තහ­වුරු කර­ගෙන සිටි වියළි අයිස් මේ කෘත්‍රිම වැස්ස වෙනු­වෙන් මුලින් ම යොදා ගන්නට රජු තීන්දු කර­ගෙන සිටි­යේය. අගල බැගින් දිග,පළල් උස ඇති වියළි අයිස් කැට මේ වෙනු­වෙන් යොදා ගත්තේය. ගුවන් යානා යොදා ගනි­මින් මේ වියළි අයිස් කැට වළා­කුළු අත­රට එකතු කිරීම රජුගේ සැලැස්ම වී තිබු­ණේය. කුඩා ගුවන් යානා යොදා ගනි­මින් තත්පර 30කට ග්‍රෑම් 100ක් බැගින් වන ලෙස අඩි 10,000ක් ඉහළ අහ­සේදී මේ ‘වියළි අයිස් කැට‘ වැපි­රීම සිදු වූයේ ය. බලා සිටි­න්නට සිදු­වූයේ මින්ත්තු 15කට මඳක් වැඩිවූ වේලා­වකි. කැටි වළා­කුළු කෙමෙන් විශාල වන්න­ටත් අදුරු පැහැ­ව­න්න­ටත් පටන් ගත්තේය. උත්සා­හය සාර්ථක වන බව පෙනු­ණත් හමා­ය­මින් තිබුණු වියළි සුළඟ මේ උත්සා­හ­යට වඩා සවි­මත් ව නැඟී ආයෙන් අදුරු පැහැවූ කැටි වළා­කුළු කඳු දෙසට ගසා­ගෙන ගියේ වැස්සක් ඇති වූ වාද නැති­දැයි සොයා දැන ගන්නට ඉඩක් නොත­බ­මිනි.

වැස්ස ඇතිවූ බවක් නිශ්චි­තව ම දැන­ග­න්නට නොලැ­බුණ නමුත් ලැබුණු නිරී­ක්ෂණ තැබූ පළමු පිය­වර සාර්ථක් එකක් බවට ඉඟි කරවා තිබීම කාගේත් සිතට සැන­සී­මක් වී තිබුණේ ය. සැන­සි­ලි­දා­යක වූ පළමු අත්දැ­කී­මෙන් පසුව වඩා වැඩි පහ­සු­වක් ඇති ගුවන් පථ­යක් සිය අත්හ­දා­බැ­ලීම් වෙනු­වෙන් යොදා­ගත යුතු බව සිතූ ඔහු හුආ හින් දිස්ත්‍රි­ක්කයේ බෝ ෆායි වාණිජ ගුවන් පථය ඒ වෙනු­වෙන් සූදා­නම් කර­ග­ත්තේය. රජු ඇතුළු වැස්ස ඇති කිරීමේ පර්යේ­ෂණ කණ්ඩා­යම මේ සියල්ල සිදු කළේ නිය­මිත විද්‍යා­ත්මක ක්‍රම්වේද අනු­ග­ම­නය කර­මිනි. 1969 අවු­රුද්දේ අගෝ­ස්තුවේ කෙරුණු මේ අත්හදා බැලීම තර­මක් සාර්ථක වූයේ නමුත් සිය­ලු‍ ­බ­ලා­පො­රොත්තු මල්ඵල ගැන්වී­මට තරම් වූයේ නැත. 1969 සහ 1970 වසර වල සිදු කෙරුණු මේ පර්යේ­ෂණ සහ අත්හදා බැලීම් වල සාර්ථ­ක­ත්වය මාධ්‍ය ඔස්සේ දැන­ගත් තායි වැසියෝ නිය­ඟ­යට පිළි­යම් පතා රජු වෙත සිය ආයා­චන එව­න්නට පටන් ගත්හ. ඒ කාලය වන විටත් අත්හදා බැලීම් මට්ටමේ තිබුණු වැස්ස ඇති කිරීමේ ක්‍රියා­ව­ලිය සිය ජන­තා­වට සහ­න­යක් වන බව දුටු භූමි­බෝල් රජු 1971 අවු­රුද්දේ ජූලි මස 10 සිට අගෝස්තු 26 දක්වා කාල­යේදී ක්‍රියා­ත්මක වන්නට මෙහෙ­යුම් කණ්ඩා­ය­මක් පත්ක­රනු ලැබු­වේය. නැකෝන් සවාන් ගුව­න්තොටේ සිට මේ කණ්ඩා­යම ක්‍රිය­ත්මක වූයේ හදිසි තත්ත්ව­යක්ට පිළි­යම් යොද­න්නට ලැබුණු රාජ­කීය අණිනි. මධ්‍යම තායි­ල­න්තයේ නොකෝන් සවාන් වැසි­යන් තමන් පීඩා­වට පත් කර­මින් තිබුණු නිය­ගය ගැන කල දැනු­ම්දී­මට රජු ලබා දුන් මේ ඉක්මන් විස­ඳුම සැබෑ­ව­ටම විස­ඳු­මක් වූයේ වියළී ගොස් තිබුණු ජීවිත වලට නැවත පණ දෙන්නට ‘කෘත්‍රිම වැස්ස‘ තරම් වූ නිසා ය. මේ සාර්ථ­ක­ත්වය නිසාම මේ මෙහෙ­යුම් කණ්ඩා­යම ‘තැනින් තැනට යමින් රාජ­කීය වැසි ඇති කිරීමේ විශේෂ මෙහෙ­යුම් කණ්ඩා­යම‘ ලෙස නම් ලැබුවේ ය

රට වැසි­යන්ගේ වියළී ගිය ජීවිත වලට පණ­දෙ­න්නට තරම් වූ භූමි­බෝල් රජුගේ මේ වෑයම ලෝකය පුරාම පැස­සු­මට ලක්වූ අතරේ ම ලෝක කාල­ගුණ විද්‍යා සංග­මය මේ සාර්ථක වෑය­මට ලෝකය පුරා වියළී ගිය බිම් සරු කර­න්නට හැකි විස­ඳුම ලෙස මහ ඉහළ වටි­නා­ක­මක් ද ලබා දුන්නේය. කෙත­රම් ඇග­යුම් පැස­සුම් ලැබු­ණත් භූමි­බෝල් රජු මේ උත්සා­හය තව තවත් සාර්ථක කර ගන්නට ගත් වෑයම අත්හළේ නම් නැත. ඔහුගේ අධ්‍ය­යන, පර්යේ­ෂණ, අත්හදා බැලීම් වල කෙළ­ව­රක් නොවූ­යේය. 1973 අවු­රුද්ද වන විට සිය වැස්ස ඇති­කි­රීමේ රාජ­කීය තාක්ෂ­ණය වඩා සාර්ථක තාක්ෂ­ණ­යක් බවට පත් කර­ව­න්නට ඔහු සමත් වූයේය. රජු මේ තාක්ෂ­ණය ‘සැන්විච් තාක්ෂ­ණය‘ ලෙසින් නම් කළේ වළා­කුළු අතරේ වියළි අයිස් කියුබ ඇති­රීම සල­කාය. මුල් අත්හදා බැලීම් වල්දීට වඩා අයිස් කියුබ ඇති­රීමේ ක්‍රම­වේ­දය නම් සැන්විච් තාක්ෂ­ණ­යේදී තර­මක් දියුණු වී තිබුණේ ය. අයිස් කියුබ ඇති­රිය යුත්තේ වැස්ස ලබා­ගැ­නී­මට බලා­පො­රොත්තු වන වළා­කුළ සහ අනෙක් වළා­කුළු අතර ය. මේවා අතර පර­ත­රය අඩි 1000ක් වත් විය යුතු බවත් වැස්ස ලබා ගැනීම බලා­පො­රොත්තු වන වැසි වළා­කුළ පහ­තින් පිහි­ටන තර­මට වැස්ස වැඩි­වන බවත් සැන්විච් තාක්ෂ­ණය විස්තර කර දී ඇත්තේය. අලු‍ත් අලු‍ත් ක්‍රම හඳුන්වා දෙමින් භූමියේ පැති­රීම, ප්‍රදේ­ශයේ කාල­ගු­ණය සහ අනෙ­කුත් පරි­සර සාධක පද­නම් කර ගනි­මින් සැන්විච් තාක්ෂ­ණය වඩ වඩා දියුණු කර­න්න­ටත් කාටත් යහ­පත් උදා­ක­රන අඩු­පාඩු රහිත තාක්ෂ­ණ­යක් බවට පත් කර­ව­න්න­ටත් භූමි­බෝල් රජු සිය කණ්ඩා­යම හා එක්ව නිර­තු­රුව කට­යුතු කළේය.

වැසි ඇති කිරීමේ තාක්ෂ­ණය වඩ වඩා දියුණු වෙමින් අලු‍ත් අංග එක් වෙද්දී නිය­ඟය මැඬ ගැනී­මෙන් තර­මක් ඈත් වූ අර­මුණු ඉටු කර­ග­න්නට ද තරම් වූයේය. වැසි වළා­කුළු කඳු ප්‍රදේශ වලින් ඉවත් කර පහත් වියළි බිම්ව­ලට වැසි ලබා දෙන තත්ත්ව­යට පත් කිරීම, විසිරී පතිරී සුළ­ඟට හසුව ගසා­ගෙන යන වැසි වළා­කුළු එක් රැස් කොට වැසි ඇති කර­වී­මට සැලැ­ස්වීම, වැස්ස වුව­මනා තැනට වැසි වලා­කුළු ගෙන­විත් තැබීම, ලැව් ගිනි මැඩ­ලී­මට කදිම ක්‍රම­යක් ලෙස යොදා ගැනීම වැනි වූ බොහෝ දේ වෙනු­වෙන් සාර්ථක ව යොදා ගත හැකි ලෙස වැසි තාක්ෂ­ණය දියුණු කර­ග­න්නට භූමි බෝල් රජු සමත් වී තිබුණේය.

1999 වසර වන විට වඩා දියුණු වී තිබූ වැසි තාක්ෂ­ණ­යෙන් වැඩ ගන්නට තරමේ දැඩි නිය­ග­ය­කට තායි­ල­න්තය නැවත මුහුණ දුන්නේය. මේ වෙනු­වෙන් විශේෂ මෙහෙ­යුම් කණ්ඩා­යම් දෙකක් යොදා­ගත් රජු සිය වැසි ඇති කිරීමේ සැන්විච් තාක්ෂ­ණය ‘සුපිරි සැන්විච් තාක්ෂ­ණය‘ ලෙස තවත් පිය­ව­රක් ඉදි­රි­යට ගෙන ගියේය. සෙල්සි­යස් අංශක -78ක උෂ්ණ­ත්වයේ ඇති අයිස් කියුබ මේ සුපිරි තාක්ෂ­ණය වෙනු­වෙන් යොදා ගැනු­ණේය. ප්‍රේර­ණය, වළා­කුළු වලට පහ­ර­දීම සහ වළා­කුළු තර කිරීම යන පිය­ව­ර­යන් සුපිරි තාක්ෂ­ණය වෙනු­වෙන් අලු‍තින්ම හදුන්වා දුන්නේ ය. වළා­කුළු වලට පහර දීම පිය­වර දෙක­කින් සිදු­වූ­යේය. අඩි 1000ක පර­ත­රය ඇති වළා­කුළු පදම් අතර අයිස් කියුබ අතු­ර­මින් ඒවා­යෙන් වැසි ලබා­ගැ­නී­මට බලා­පො­රොත්තු වන වියළි වළා­කු­ළට පහර දී එය සුපිරි සිසිල් තත්ත්ව­යට පත් කිරීම සහ එසේ සුපිරි සිසිල් තත්ව­යට පත් වූ වළා­කුළු වලට සිල්වර් අය­ඩ­යිඩ් මඟින් පහ­රදී ඒවායේ උෂ්ණ­ත්වය -8ත් -2 ත් අතර පවත්වා ගැනීම මේ අලු‍ත් තාක්ෂ­ණික පිය­වර ය. සුපිරි සැන්විච් තාක්ෂ­ණ­යෙන් වැසි ලබා ගැනීම පිය­ව­ර­යන් හය­කින් සිදුවූ අතර මේ පිය­වර හය භූමි­බෝල් රජු විසින් ම කඩ­දාසි වල අතින් අදින් ලදුව කාටත් විස්තර සහි­තව පැහැ­දිලි කර දී තිබුණේ ය.

රටේ සහ ජන­තා­වගේ නිල භාර­කරු ලෙසින් භූමි­බෝල් රජු තමන් ම හදුන්වා දී තමන්ම දියුණු කර ගත් කෘත්‍රිම ව වැසි ඇති කර­ගැ­නීමේ ‘සුපිරි සැන්විච් තාක්ෂ­ණය‘ට පේටන්ට් අයි­තිය ලබා ගැනී­ම­ටට ඔහුට හැකි වූයේය. ලෝකයේ වැඩි ම කාල­යක් රාජ්‍ය­ත්වයේ සිටි­මින් තායි වැසි­යන්ගේ දෙවි­යන් බවට පත් වීමට ඔහු ඉටු කළ මේ වග­කීම පම­ණක් වුව නොසෑ­හෙන්නේ ද! අද ලෝකය කෘත්‍රිම වැසි තාක්ෂ­ණය ලෙස යොදා ගන්නේ භූමි­බෝල් රජුගේ සුපිරි සැන්විච් තාක්ෂ­ණය යි. රජ­කු­ගෙන් බලා­පො­රොත්තු විය නොහැකි තරමේ කැප­කි­රී­මක් වෙහෙ­සක් දැරූ භූමි­බෝල් රජුගේ වෙහෙ­සෙන් අද ලෝක­යක් වැඩ ගන්නේය.

මේ තාක්ෂ­ණය රැගෙන එන්නට අපේ පිරි­සක් තායි­ල­න්ත­යට ගොස් ඇති බව දැන ගන්නට තිබීම සතු­ටට හේතු­වකි. තායි­ල­න්තයේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය යටතේ දැනට මෙහෙ­ය­වෙන මේ තාක්ෂ­ණය මේ වසර තුළදී අප රටට ලබා ගත හැකි වනු ඇති බවට වන විශ්වා­සය ද සතු­ටු­දා­ය­කය. එසේම තායි විශේ­ෂ­ඥ­යන් මේ සදහා වන මූලික නිරී­ක්ෂණ කට­යු­තුද මේ වන විට මෙර­ටදී සිදු කර ඇති බව දැන ගන්නට තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමු­දාව, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව,මහ­වැලි සංව­ර්ධන සහ පරි­සර අමා­ත්‍යාං­ශය, සහ ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය එක්ව කෘත්‍රිම වැසි වලින් මෙරට බිම තෙමා සන­ස­න්නට සූදා­නම් වන බවක් කියැවේ. වියළී ගිය රජ­ර­ටට දිය බිදක් ගෙන එන්නට භූමි­බෝල් රජු ලොවට දායාද කළ තාක්ෂ­ණයේ සරණ අපට සර­ණක්ම වේවා!

අදහස්