නව­ක­වධ පැමි­ණිලි 434ක් යූජී­සි­යට | Page 2 | සිළුමිණ

නව­ක­වධ පැමි­ණිලි 434ක් යූජී­සි­යට

නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 434ක් මේ වන විට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම වෙත ලැබී ඇතැයි එම කොමි­සමේ සභා­පති මහා­චාර්ය මොහාන් ද සිල්වා මහතා පව­සයි. මේ සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව 2017 වස­රේදී පැමි­ණිලි 261ක්ද 2018 වසරේ මේ වන තෙක් පැමි­ණිලි 173ක්ද ලැබී ඇති අතර, මේ සම්බන්ධ පරී­ක්ෂණ කඩි­නම් කරන ලෙස උසස් අධ්‍යා­පන හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ මහතා උප­දෙස් ලබා දී තිබේ.

සභා­ප­ති­ව­රයා සඳ­හන් කරන අන්ද­මට යමකු නව­ක­ව­ධ­යට ලක් වූ විට හෝ නව­ක­ව­ධය පිටු­දැ­කී­මට යම­කුට අවශ්‍ය වූ විට ඒ සඳහා ක්‍රම කිහි­ප­ය­කට පැමි­ණිලි කිරී­මට හැකි­යාව පවතී. ඒ අනුව අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­තිට හෝ ලේඛ­කා­ධි­කාරි වෙත ලිඛි­තව හෝ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම් සභාව වෙත ලිඛි­තව, පෞද්ග­ලි­කව පැමිණ, දුර­ක­තන අංක 0112123700 ඔස්සේ හෝ මේ පැමි­ණිලි කළ හැකිය. නොඑසේ නම් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම් සභාවේ නව­ක­ව­ධය පිළි­බඳ පැමි­ණිලි ද්වාරය වන www.ugc.ac.lk/rag ඔස්සේද, [email protected] හෝ [email protected] යන විද්යුත් ලිපි යොමු මඟින්ද අදාළ පැමි­ණිල්ල කළ හැකි බවත්, උප­කාර පැතීම සඳහා දුර­ක­ත­න­යෙහි ඇති හදිසි ආර­ක්ෂක යෙදුම වන Emergency Safety App භාවිත කර අදාළ පණි­වි­ඩය විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මට දිය හැකි බවත් මහා­චාර්ය මොහාන් ද සිල්වා මහතා පව­සයි.

Comments