කවි මඩල | සිළුමිණ

කවි මඩල

කිසා­ගෝ­තමී

නොමළ ගෙය අබ ඔසුව
නිව­හ­නෙන් නිව­හ­නට
සොය සොයා යන අතරෙ
හමු­වුණා සමිඳු‍නේ
මර­ණ­යක් සිදු නොවුණු
එකම එක නිව­හ­නක්
දිළිඳු යුව­ළක් වෙසෙන
එහෙත් සමි­ඳුනේ එහි
තිබුණෙ නැහැ අබ ටිකක්
එම්. චන්ද්‍ර­පාල


ජිප්සි කෙල්ල

බුල­තින් ඔප දැමූ රතු ලව­නත
ඇට වැලෙන් සර­සාලු ගෙල­වට
මොනර පිල් කළඹෙ නිල් ඇස් වට
ඉර එලියෙ තව සඳක් කුමට
තිබි­යදී ළමා විය බෝ දුරක්
තනා­ගෙන නා ඉල්ලෙ කැදැ­ල්ලක්
පුංචි වට­කුරු හීන මැඩිල්ලේ
ඇර­ඹු­වෙද තව­ල­මට දිගු දුරක්
පිරි­ම­දින වීණාව කොක­නද
හඬාවී තත්ස­රය ඉකි­බිඳ
ළමැ­ඩි­යෙහි හොවා නෙක කිරි සිහින
ගයන්නේ ජීවිතේ කවි­ය­මද
දේදුන්න ඉරා බඳ වට ඔතා
දූවිල්ල පුයර මල වත උලා
මල් දෙවැට මායිමේ උනි බලා
මියුල්, ඇස් කඳුළ සිතු­වම් කළා
රුවන් මුතු­නා­යක


සතපා තබමි

නොප­තමි දකි­න්නට නුඹ
කිසි­දින දෙනෙත පුරා
වාවනු කෙලෙස හිත හද
මගේ ආල නුරා
සතපා නුඹ ම ‍මගෙ හද ගැබ තුළ
මලින් සරා
සනසා තබමි සැමදා නුඹ
තුටින් අරා...
සුදත් චමිල මැණි­ක්දි­වල


ආද­ර­යද මේ

ඇය එන­තුරු මඟ බලා සිටි
කාලයේ වැලි­ත­ලාවේ
චණ්ඩ හිරු රැස් අතර සිරවී
මා වෙලා දෙක­න්ස­යෙන්
ගලා හැළෙන දාහය
පිසදා ගතිමි කෝප­යෙන්
ඇය දුන්න ටිෂු කොළ­යෙන්
ටිෂු කොළ­යෙන්
ටිෂු කොළ­යෙන්
විසි කළෙමි අසල කුණු බඳු­නට
අංජන තැවරූ ඇගේ උවනේ
සිරිය දෙස බල­මින්
සර­තැස නිවා­ග­න්නට වෙහෙස දර­මින්
මතක් කර අම්මා තව­මත් සිඹින
තාත්තා දුන් මල් මල් ලේන්සුවේ
සුවඳ සොය­මින්
ලක්ෂ්මන් කොඩි­තු­වක්කු


විර­සක වූ තාත්තා

වහ­ලක් නැති වුණොත් ගේකට
බිත්ති­යෙන් ඇති පල කිම
එදා අන්තිම පොලු පහ­රට
මගුල් පින්තූරෙ ඉරි හර­හට
දෑ අවු­රු­ද්දක්ම කඹුරා නොර­ටුන්ට
ඇවිල්ලා ගෙවුණෙ මොන දව­සක්ද
මව් ඇකය නුහුරු පොඩි නංගිට
ඔඩො­කු­ව­මයි ඕනෙ හව­සට
දුර­ක­ථනෙ ඇතුළෙ හැංගිල තිබුණ
එස්.එම්.එස්.ලියු­මදෝ කළේ වින
රෑට මානං ඉමි දෑස අහ­ස­ටම
තරු­ව­කින් ඇවිත් ගෙට ගොඩ­වන්න
නුවන් ප්‍රසන්න විතා­නගේ


හිමි අහිමි

මං මුලාවූ පෙම් ලොවේදී
බැරි වුණා හඳු­නා­ගන්න හරි­හැටි
පැතුම් පොදි බැඳ මලු ගණන්
සෙනෙ­හ­සින් එක්වුණේ සැමදා...
සෙනෙ­හ­සක් නැති දයා­වක් නැති
හද­ව­තක් ළඟ ඉකි­ගසා
ගඟට කැපු ඉනි ලෙසම වේ නම්
කිමද ඵල මේ හඬා වැටෙනා ජීවි­තෙන්...
ඉගිළ යන්නට කැදැ­ල්ලෙන්
සිතුණ මුත් දස දහස් වාර­යක්
දරු සෙනෙහෙ ඉදි­රි­යට ආවා
මහා බාධක පරය සේ...
පුංචි පැට­වුන් ලොකු වෙලා දැන්
ඉගිළ ගොස් කැද­ලිත් තනා­ගෙන
අපත් විය­පත් වෙලා ගොස් දැන්
තවත් කුම­ටද සෝ තැවුල්...
කරපු පින් පව් ඒවි පසු­පස
බුදු සමි­ඳුනේ ඔබේ දහ­මයි
කියා දුන්නේ සසරෙ අනි­යත
ලබා දුන්නෙ සිතට සැන­සුම...
වෛද්‍ය පද්මිණී බෙන­ර­ගම


කපුටු හාමිගේ පැමි­ණිල්ල

කට හඬට, ගීයට වශී වී
කවි, ගීත ලිය­නවා කොහා ගැන
කාලෙ­කට ඇවි­දින් ඉගිළ යන
නුඹ සිටින්නේ නෑනේ අපි ළඟ...
පහන් වන විට ඔබ අවදි කර
අනා­වැකි පව­සලා හෙට ගැන
සුද්ධ කර බිම - අපල දුරු කර
ගිල්ලා තෙල් තිර - අප­ම­ණයි මම
දැමු බිජු රැක - කැදැල්ලේ සිට
පැටවූ ඇති දැඩි කළේ මම බව
අම­ත­කයි ඉගි­ළිලා යන විට
නව­තින්නේ නුඹ ඈත දුරු රට
මිහිරි පද බැඳ දී පොරො­න්දුව
උනුත් යනවා අපව අත­හැර
දෙකන් පුරවා නව වසර ගැන
මත­කයේ පම­ණයි පැතුම් ගොඩ
මුලා නොම­වන් ඇසෙන නාදෙට
සිදු­වන්නේ එය පෙර කරු­ම­යට
මොළය සෝදා බලන් වට පිට
පමා වැඩි යයි ළත­වන්න පෙර...
කුමාරි තෙන්න­කෝන්


අනු­රූප

ඇගේ සිත
තෙත­ම­න­යක් නැති
සහරා කාතා­ර­යයි
ඉතින් මම
ඔටු­වෙක් වෙමි
අජිත් ලිය­නගේ

අදහස්