ලෝකය දිනන ගමනේ අග­මැ­තිගේ විය­ට්නාම් සංචා­රය | සිළුමිණ

ලෝකය දිනන ගමනේ අග­මැ­තිගේ විය­ට්නාම් සංචා­රය

ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ විය­ට්නා­මයේ නියෝජ්‍ය අග්‍රා­මාත්‍ය සහ විදේශ කට­යුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමු වූ අව­ස්ථාව...
ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ විය­ට්නා­මයේ නියෝජ්‍ය අග්‍රා­මාත්‍ය සහ විදේශ කට­යුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමු වූ අව­ස්ථාව...

යහ­පා­ලන රජය බල­යට පත් වී තෙව­ස­රක් ගත වී ඇත. මේ කාල පරා­ස­යේදී ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේ­න මහතා හා අග­මැති රනිල් වික්‍ර­ම­සිං­හ­ මහතා විසින් ලබා දෙන නාය­ක­ත්වය තුළ ශ්‍රී ලංකාව අත්පත් කර­ගත් ජය­ග්‍ර­හ­ණ­යන් බොහෝය. වර්ෂ 2015 ට පෙර පැවති වක­වා­නුව තුළ මානව හිමි­කම් උල්ලං­ඝ­නය වීමත්, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නීතිය වල්වැදී, සමාජ, ආර්ථික හා දේශ­පා­ල­න­මය වශ­යෙන් මහා ඛේද­වා­ච­ක­ය­කට රට ලක්ව තිබූ ආකා­ර­යත් පිළි­බඳ අල්ප සිහි කැඳ­වී­ම­කින් වුවද පැහැ­දිලි කර­ගත හැකිය.

අප රටක් ලෙස සිටියේ ලෝක­යෙන් හු‍ෙද­ක­ලා­වය. අන්තර්ජාතික තක්සේ­රුව අබි­මුව අපි ගෝත්‍රි­ක­යන් වී සිටි­යෙමු. රට සමග ආර්ථික සබ­ඳතා ගොඩ නන්වා ගැනී­මට ශිෂ්ට ලෝකය මැලි­ක­මක් දැක්වීය. බල­වත් රාජ්‍ය­ය­න්ගෙන් එල්ල­වන පීඩ­නය හමුවේ ඔවුන්ට මෙරට ඉඩම් හා සම්පත් සින්න­ක­රව ලියා දෙන්නට එවක සිටි පාල­ක­යන්ට සිදු­විය. ලෝකය අබි­මුව දුර්මු­ඛව සිටි ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනීමේ නිශ්චිත වග­කීම කර මතට ගැනී­මට අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සිදු­විය. ලෝක ගමන් මඟ නිසි­යා­කා­රව අව­බෝධ කර ගනි­මින් නව දැක්මක්, නව චින්ත­න­යක්, අලුත් සිතුම් පැතුම් ඔස්සේ ශ්‍රී ලංකාව ඉහ­ළට ඔසවා තැබී­මත්, නූපන් දරු­ප­ර­පු­රට හිමි අනා­ග­තය දීප්ති­මත් කර­ලී­මත් අර­මුණු කර ගනි­මින් ඔහු අද විවිධ අභි­යෝග මධ්‍යයේ සිය යුතු­කම හා වග­කීම මැන­වින් ඉටු කර­මින් සිටියි.

ලෝකයේ අනෙ­කුත් රට­වල් දියු­ණුව කරා පැමිණි ආකා­රය පිළි­බ­ඳව එම රට­වල නාය­ක­යින් සමග නිර­තු­රු­වම සාකච්ඡා කර­මින්, සොයා බල­මින් ඒ ඔස්සේ සිය රට දියු­ණුවේ මාව­තට ගෙන යාම සඳහා සිය කාලය, ශ්‍රමය වැය කරන අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගන්නා ඒ උත්සා­හයේ ප්‍රති­ඵල දෙස බලා තව වසර 10 – 15 ක් ගත වන විට මෙරට ජන­තා­වට සතුටු වීමට හැකි වනු ඇත. එදාට මේ නාය­කයා මෙරට රාජ්‍ය පාල­නයේ සිටි හොඳම නාය­කයා බව පව­සනු ඇත.

 

ලෝකය අප පසු­ කර ගිහින්

 

මීට වසර 30 – 35 කට ඉහත දී ශ්‍රී ලංකා­වට වඩා දියු­ණු­වෙන් අඩු මට්ට­මක පැවැති රට­වල් බොහෝ­ම­යක් අද වන විට අප පසු­කර ගොසිනි. අපේ රට දියු­ණුව කරා ගෙන යාමට නම් ඒ දියුණු රට­වල ආධාර, උප­කාර මෙන්ම මිත්‍ර­ත්වය ගොඩ­නගා ගැනීම අත්‍ය­ව­ශ්‍යම කරු­ණක් බවට පත්ව ඇත. පසු­ගිය සති අන්තයේ අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විය­ට්නාම සංචා­රය එහි තවත් සාධ­නීය පිය­ව­රකි.

ඉන්දීය විදේශ ඇමැ­තිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහ­ත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය  රනිල් වික්‍ර­ම­සිංහ මහතා සාකච්ඡා පව­ත්ව­මින්...

විය­ට්නා­මයේ හැනෝයි නුවර දී අගෝස්තු මස 27-28 දෙදින තුළ පැවැති ඉන්දීය සාගර සමු­ළු­වට සහ­භාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා අගෝස්තු 25 වැනිදා විය­ට්නා­මය බලා පිටත් විය.

මෙවර ඉන්දීය සාගර සමු­ළුවේ තේමාව “කලා­පීය නව හැඩ තල ගොඩ­නැං­වීම” (Building Regional Architectures) වූ අතර, මෙහිදී ඉන්දි­යානු සාගර කලා­පයේ මුලෝ­පා­යික සහ ආර්ථික වැද­ග­ත්කම ගැඹු­රින් අව­බෝධ කර­ග­නි­මින්, ආර­ක්ෂාව, වෙළඳ සහ වාණිජ කට­යුතු සහ පරි­පා­ල­නය සඳහා සාමූ­හි­කව කට­යුතු කිරී­මේදී නව කලා­පීය හැඩ­තල ගොඩ­නැං­වීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව අව­ධා­නය යොමු කරනු ලැබීය.

මෙම සංචා­රයේ දී ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව, බංග්ලා­දේ­ශය සහ විය­ට්නා­මය සහ රට­වල් හා සංවි­ධාන කිහි­ප­යක ප්‍රධා­නීන් රැසක් සමග අග්‍රා­මා­ත්‍ය­ව­රයා සාකච්ඡා පව­ත්වනු ලැබු­වේය. එම සාකච්ඡා ඔස්සේ මිත්‍ර­ශී­ලී­භා­වය තව­දු­ර­ටත් තහ­වුරු කර ගනි­මින් ශ්‍රී ලංකා­වට එම රට­ව­ලින් ලබා­ගත හැකි වාසි­දා­යක තත්ත්ව­ කෙ­රෙහි වැඩි අව­ධා­න­යක් යොමු කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශය අතර සබ­ඳතා තව තවත් සමීප කර­ලී­මට සඳහා නිර­න්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියා­කාරී සැල­සු­මක් දියත් කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ බංග්ලා­දේශ සැල­සුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් (Hon. A.H.M. Mustafa Kamal) මහතා අතර 27 වැනිදා පැවති සාක­ච්ඡාවේ දී අව­ධා­ර­ණය කෙරිණි.

සාක­ච්ඡාව ආර­ම්භයේ දීම බංග්ලා­දේශ අග­මැ­තිනි ෂෙයික් හසිනා මැති­නි­යගේ සුබ පැතුම් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිරි­නැමූ කමල් මහතා, බංග්ලා­දේ­ශයේ සංචා­ර­ය­කට සහ­භාගී වන ලෙස අග­මැ­ති­නිය කළ නිල ආරා­ධ­නය ද ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙත දැනුම් දුන්නේ ය.

 

අලු­ත්වන විය­ට්නාම් සබ­ඳතා

 

ශ්‍රී ලංකාව සහ විය­ට්නා­මය අතර සාම්ප්‍ර­දා­යික සබ­ඳතා තව තවත් පුළුල් කර­මින් දේශ­පා­ලන සහ­යෝ­ගීතා ඔස්සේ ආර්ථික සබ­ඳතා ශක්ති­මත් හා පුළුල් කර­ලී­මට දෙපා­ර්ශ්ව­යම කට­යුතු කළ බව ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ විය­ට්නා­මයේ නියෝජ්‍ය අග්‍රා­මාත්‍ය සහ විදේශ කට­යුතු අමාත්‍ය ෆාම් බින් මින් (Hon. Pham Binh Minh) මහතා අතර පැවැති සාක­ච්ඡාවේ දී අව­ධා­ර­ණය කෙරිණි. ශ්‍රී ලංකාව සහ විය­ට්නා­මය අතර ද්විපා­ර්ශ්වික වෙළෙ­දාම 2020 වන විට අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­යක් දක්වා ඉහළ නැංවීම සඳහා නිර­න්තර සාකච්ඡා සහ සැල­සුම් ක්‍රියා­ත්මක කිරීමේ අව­ශ්‍ය­තා­වය පිළි­බ­ඳව ද මෙහිදී අද­හස් හුව­මාරු කර ගැනිණි.

විය­ට්නාම නියෝජ්‍ය අග්‍රා­මා­ත්‍ය­ව­රයා පැව­සූයේ ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය වසරේ නිල සංචා­ර­යක් සඳහා විය­ට්නා­ම­යට පැමි­ණී­මෙන් ද, මෙම මාසයේ ඉන්දීය සාගර සමු­ළුව සඳහා සහ ලබන මාසයේ ලෝක ආර්ථික සමු­ළුව සඳහා විය­ට්නා­ම­යට පැමි­ණී­මෙන් ද පිළි­බිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍ර­ශීලී ආක­ල්පය බවය. ඒ සම්බ­න්ධ­යෙන් නියෝජ්‍ය අග්‍රා­මා­ත්‍ය­ව­රයා වික්‍ර­ම­සිංහ මහ­තාට කෘත­ඥ­තාව පළ කළේය.

ඉන්දීය සාගර සමු­ළුව ඔස්සේ කලා­පීය සංව­ර්ධ­නය, සාමය සහ සමෘ­ද්ධිය උදා­ක­ර­ලී­මට සියලූ පාර්ශ්ව­ක­රු­වන් සම්බන්ධ කර ගත යුතු බව ද මේ සාක­ච්ඡාවේ දී විශේ­ෂ­යෙන් අව­ධා­ර­ණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංව­ර්ධ­න­යට පද­නම් වන ඉන්දි­යානු ආයෝ­ජන වැඩි­දි­යුණු කිරී­ම­ටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශ­යන් පුළුල් කිරීම සදහා ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබා­දී­ම­ටත් දිගින් දිග­ටම කට­යුතු කරන බව ඉන්දීය විදේශ ඇමැ­තිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහ­ත්මිය, ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමග 27 වැනිදා පැවැති සාක­ච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

ඉන්දීය සාග­ර­යට සම්බන්ධ සිය­ලුම පාර්ශ්ව­යන්ගේ දාය­ක­ත්වය ඇතිව නිද­හස් නාවික ගම­නා­ග­ම­නය සහ ඉන්දීය සාග­රයේ සාමය හා ආර­ක්‍ෂාව ස්ථාපිත කර­ලීම සඳහා එක­ඟ­ත්ව­ය­කට එළැ­ඹි­මට සුදු­සුම වේදි­කාව ඉන්දීය සාගර සමු­ළුව බව මෙම සාක­ච්ඡාවේ දී අව­ධා­ර­ණය කෙරිණි.

 

තුන්වැනි ඉන්දීය සාගර සමු­ළුව

 

අවි­ශ්වා­සය සහ තර­ග­කා­රී­ත්වය ඉහ­ළට එසැ­වීම වෙනු­වට එදි­රි­වා­දි­කම් හා විරෝ­ධතා පසෙක ලා එක­මු­තුව ක්‍රියා කිරීම ඔස්සේ ලෝක ජන­තා­වට අති­ම­හත් ප්‍රති­ලාභ අත් කර­දී­මට හැකි වන බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සාධා­ර­ණ­ත්වය, සමා­නා­ත්ම­තා­වය හා සෞභා­ග්‍යය සපිරි ලෝක­යක් බිහි කිරීම උදෙසා අප ඉදි­රියේ ඇති අද්වි­තීය අව­ස්ථාව අත්නො­හැ­රිය යුතු බව ඉන්දීය සාගර සමු­ළුවේ සමා­ර­ම්භක සැසි­වා­රය අම­ත­මින් අව­ධා­ර­ණය කළේ ය.

27 වැනිදා සන්ධ්‍යාවේ හැනොයි නුවර ෂෙර­ටන් හෝට­ලයේ දී පැවති තුන්වැනි ඉන්දීය සාගර සමු­ළුවේ සමා­ර­ම්භක සැසි­වා­රය පැවැ­ත්වුණු අතර ඊට රට­වල් 48 ක් නියෝ­ජ­නය කර­මින් නියෝ­ජි­ත­යන් 280 දෙනෙක් සහ­ගාගී වූහ. මේ සද්කා­ර්යය පෙරට ගෙන­යාමේ දී ඉතා වැද­ගත්ම සාධ­කය වනුයේ ඉන්දීය සාග­රය බව ද, ඉන්දීය සාග­රයේ ආර­ක්‍ෂාව, සාමය හා නිද­හස් නාවික ගම­නා­ග­ම­නය සහ­තික කිරීම සඳහා සියලු පාර්ශ්ව­ක­රු­වන් එක­මු­තුව කට­යුතු කළ යුතු බව ද වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

ඉන්දීය සාග­රය යනු ‘අනා­ග­තයේ සාග­රය’ යැයි අව­ධා­ර­ණය කළ ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා, සාග­රය ආශ්‍රිත රට­වල ශිෂ්ටා­චාර ඔස්සේ මතු­වන සංස්කෘ­තීන්, යටත් විජිත ක්‍රම­වේද, ජාත්‍ය­න්තර ප්‍රමි­තීන් හා සාර­ධර්ම සමග සසැ­ඳෙන සිරිත් විරිත් හා වටි­නා­කම් ආදි­යෙන් ඉන්දීය සාගර කලා­පය පෝෂ­ණය වී ඇති බවත් ප්‍රකාශ කළේය. වර්ත­මා­නයේ සිදු­වන ­දේ­ශ­පා­ල­නික විප­ර්යාස සඳහා සාර්ථක ලෙස ප්‍රති­චාර දැක්වී­මට කලා­පීය සංවි­ධා­න­යන් අපො­හො­සත් වී ඇති නිසා නව හැඩ­තල සහිත බහු­පා­ර්ශ්වීය සංවි­ධාන නිර්මා­ණය කර­ගැ­නීමේ අව­ශ්‍ය­තාව මතුවී ඇති බවත්, ඒ සඳහා මෙවර සමු­ළුව සවි­මත් පද­න­මක් වනු ඇති බවත් ශ්‍රී ලංකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය. අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විය­ට්නාම සංචා­රයේ කට­යුතු සාර්ථක කර ගැනීම සඳහා විය­ට්නා­මයේ ශ්‍රී ලංකා තානා­ප­තිනී හසන්ති දිසා­නා­යක මහ­ත්මිය ඇතුළු එම කාර්ය මණ්ඩ­ලය දැඩි වෙහෙ­සක් ගෙන කට­යුතු කළහ.

එම සංචා­ර­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ, යෞවන කට­යුතු හා දක්‍ෂිණ සංව­ර්ධන අමාත්‍ය සාගල රත්නා­යක, අග්‍රා­මාත්‍ය ලේකම් සමන් ඒක­නා­යක, අග්‍රා­මාත්‍ය අති­රේක ලේකම් සමන් අතා­වු­ද­හෙට්ටි, විදේශ අමා­ත්‍යාං­ශයේ සාගර කට­යුතු හා දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අංශයේ අධ්‍යක්‍ෂ ජන­රාල් සශි­කලා ප්‍රේම­ව­ර්ධන, සහ­කාර ලේකම් රුවන් ගුණ­ව­ර්ධන, අග්‍රා­මාත්‍ය විශේෂ සහා­යිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිල­ධා­රීහු එක්වූහ.

 

අදහස්