කාටත් එපා වූ සීමානිර්ණ කමිටු වාර්තාව හා දේශ­පා­ලන පඹ­ගාල! | සිළුමිණ

කාටත් එපා වූ සීමානිර්ණ කමිටු වාර්තාව හා දේශ­පා­ලන පඹ­ගාල!

පාර්ලි­මේ­න්තුවේ ආණ්ඩු පක්ෂ­යත්, විප­ක්ෂ­යත් එක්ව ආණ්ඩු­වේම ඇම­ති­ව­ර­යකු විසින් ඉදි­රි­පත් කරන ලද පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පරා­ජය කිරීම සුවි­ශේෂ වාර්තා­වක් වුවත් ඒ වාර්තා­වට පසු­බිම් වූ දේශ­පා­ලන කතාව තුළ ඇත්තේ අප ජීවත් වන මේ යුගයේ දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වෙහි දිළිඳු බව හා නොපැ­සුණු බව විනා අන් දෙයක් නොවේ. යහ­පා­ලන ආණ්ඩුවේ පාර්ශ්ව­ක­රු­වන්ට මෙන්ම ඉන් පිටත සිටින ඒකා­බද්ධ විප­ක්ෂ­ය­ටද මෙහිදී විශේෂ සතු­ටක් තිබේද යන්නට වඩා මේ නිසා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ අලුත් ප්‍රාර්ථනා මැලවී සිඳී යෑමේ ඛේද­වා­ච­ක­යක සංඥා තිබේද යන්න විමසා බැලීම වටී. මේ සීමා නිර්ණ වර්තාව සඳහා ජන­තා­වගේ මුද­ලින් රුපි­යල් ලක්ෂ 212ක් පමණ වැය වී ඇතැ­යිද කියති. ඒ කුමක් වුවත් ඉදිරි පළාත් සභා මැති­ව­රණ පැවැ­ත්විය යුත්තේ පැරණි ක්‍රම­ය­ටද, නොඑසේ නම් අලුත් ක්‍රම­ය­ටද යන්න විමසා බලා යළි වාර්තා­වක් සැක­සීම සඳහා කථා­නා­ය­ක­ව­රයා විසින් කමි­ටු­වක්ද පත් කර තිබේ. එහි සභා­ප­ති­ව­රයා වන්නේ රනිල් වික්‍ර­ම­සිංහ අග­මැ­ති­ව­ර­යාය.

මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා මෙන්ම ශ්‍රීල­නි­ප­යද පැහැ­දි­ලි­වම පව­තින සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුය යන ආස්ථා­නයේ සිටියි. මෙරටේ මැති­ව­රණ ක්‍රමය පම­ණක් නොව, මහ­ජන මන්ත්‍රී­ව­ර­යාගේ භූමි­කාව බර­ප­තළ සෝදා­පා­ළු­ව­කට ලක් වීමේ ප්‍රධාන හේතුව 1978 ව්‍යව­ස්ථා­වෙන් ක්‍රියා­ත්මක වූ සමා­නු­පා­තික ක්‍රමය බවට බර­ප­තළ විවේ­චන තිබේ. එයින් ඉදි­රි­පත් වූ මනාප ක්‍රමය දූෂිත දේශ­පා­ලන මග­ඩි­කා­ර­යන්ට විශාල අනු­ග්‍ර­හ­යක් වූ බවද රහ­සක් නොවේ. කිසිදු ආකා­ර­යක මහ­ජන ප්‍රසා­ද­යක් ලබා­ගත නොහැකි පම­ණක් නොව, ප්‍රබුද්ධ සමාජ දැක්මක් හෝ ශාස්ත්‍රීය වශ­යෙන් ප්‍රමා­ණ­වත් සුදු­සු­ක­ම්ව­ලින්ද තොර විකට රූප මහ­ජන නියෝ­ජි­ත­යන් බවට පත් වීම එම මනාප ක්‍රමයේ නර­කම ලක්ෂ­ණය විය. මහ­ජන අභි­ලා­ෂ­යන් මෙන්ම සමාජ ආර්ථික දේශ­පා­ලන හා සංස්කෘ­තික වශ­යෙන් රටක් සංව­ර්ධ­නය කිරී­මට කිසිදු සාධ­නීය යෝජ­නා­වක් හෝ ඉදි­රි­පත් කළ නොහැකි අමු­තුම පැළැ­න්ති­යක් වෙතට ජනතා පර­මා­ධි­පත්‍ය හිමි වීම­ටමේ ක්‍රමය දොර හැර තිබෙන බව සඳ­හන් කරන ලද්දේ ප්‍රබුද්ධ දේශ­පා­ල­න­ඥ­යකු මෙන්ම ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා පිළි­බඳ විශා­ර­ද­ය­කුද වූ දිවං­ගත ආචාර්ය ඇන්ඇම් පෙරේරා මහතා විසිනි.

ජනතා පර­මා­ධි­පත්‍ය, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වැනි විශිෂ්ට සංකල්ප හාස්‍ය­යට ලක් කෙරෙන දේශ­පා­ලන සූත්‍ර­වල අත් පොතක් බවට පත් වූයේ 1978 ව්‍යව­ස්ථාව බව අද වන විට තහ­වුරු වී තිබේ. මේ ව්‍යව­ස්ථාව වෙනස් විය යුතු බව ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ මෙන්ම ඒවායේ නාය­ක­කා­ර­කා­දී­හුද ප්‍රකාශ කරති. මැති­ව­රණ කොට්ඨා­ස­ය­කින් හෙවත් ආස­න­ය­කින් පරා­ජ­යට පත් වුවද මෙකී මනාප ක්‍රම­යට පින් සිදු­වී­මට අත­දි­ග­හැර මුදල් වැය කළ හැකි කව­ර­කුට වුවද මන්ත්‍රී ධුර­යක් ලබා­ගැ­නී­මට අද හැකිව තිබේ. මෙහිදී තවත් විශේෂ කරු­ණක් වන්නේ ජන­තා­වට වග­කී­මක් නැති ජනතා නියෝ­ජි­ත­යන් පත්වී­මය. ආස­නය පරා­ජය වීමෙන් පසු මන්ත්‍රී­ක­මක් හිමි වන කව­ර­කුට වුව ඒ කොට්ඨා­සය තුළ ජන­තාව සමඟ සබ­ඳ­තා­වක් ඇති කර­ගැ­නී­මට අවශ්‍ය නොවේ.

මේ සියල්ල ඉඳුරා පසක් කර­ගත් මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා ඉකුත් මැති­ව­රණ වේදි­කා­වේදී ප්‍රකාශ කළේ මහ­ජ­න­තා­වට වග­කි­යන මන්ත්‍රී­ව­ර­යකු තෝරා පත් කර­ගැ­නීම සඳහා උචිත මැති­ව­රණ ක්‍රම­යක් සකසා දෙන බවයි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සීමා නිර්ණ කමි­ටුව පත් කර­න්නේම ඒ ප්‍රති­ඥාව යථා­ර්ථ­යක් බවට පත් කර ලීම­ටය. මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව මේ අර­මුණ වෙනු­වෙන් පෙනී සිටි බව රහ­සක් නොවේ. එහෙත් මේ පක්ෂ අතර දැන් මෝදු වෙමින් තිබෙන විර­ස­ක­යද අලුත් මැති­ව­රණ ක්‍රමය දුරස් වීමට හේතු වී තිබේ. දැන් දෙප­ක්ෂ­ය­ටම අවශ්‍ය වී තිබෙන්නේ තම ඡන්ද­ගොඩ වැඩි කර­ගැ­නීම මිස අන් දෙයක් නොවේ. එසේම ඒකා­බද්ධ විප­ක්ෂ­යට අවශ්‍ය වී තිබෙ­න්නේද ආණ්ඩුව තුළ තිබෙන අර්බුද හුවා­දැ­ක්වීම හා එම­ගින් තම ඡන්ද­ගොඩ වැඩි කර­ගැ­නීම පමණි.

පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණය පව­ත්වන ලද්දේ කොට්ඨාස ක්‍රමය පද­නම් කර­ග­නි­මින් වුවද එය දෝෂ සහිත ක්‍රම­යක් බව අද තහ­වුරු වී තිබේ. හාර­ද­හ­සක් වූ පළාත් පාලන නියෝ­ජිත සංඛ්‍යාව දෙගු­ණ­යක් වූයේද මේ අලුත් ක්‍රමයේ අතු­රු­ප­ල­යක් වශ­යෙනි. එසේ පළාත් පාලන ආය­ත­න­ව­ලට පත්වූ නියෝ­ජි­ත­ය­න්ගෙන් ඇතැම් කෙනක අද ක්‍රියා කරන ආකා­ර­යද ප්‍රශ්න­කාරි වී තිබේ. කොළඹ නගර සභාව පිළි­බඳ ඇසෙන ආන්දෝ­ල­නා­ත්මක සිදු­වීම් මෙන්ම එහිදි සිදු වන බව කියන මහ­ජන මුදල් විනා­ශ­යද බර­ප­ත­ළය. ඉකුත් පළාත් පාලන මැති­ව­රණ ප්‍රති­ඵ­ලය උඩ දමන ඒකා­බද්ධ විප­ක්ෂයේ සම­හ­රුන් ප්‍රකාශ කරන්නේ ජන­තාව මේ ආණ්ඩු­වට පිළි­තුරු දීමට මැති­ව­ර­ණ­යක් එන තුරු නොඉ­ව­සි­ල්ලෙන් බලා සිටින බවයි. පසු­ගිය පුංචි ඡන්ද­යේදී පොදු ජන පෙර­මුණේ පොල්පි­ත්ත­කට වුව ඡන්දය දෙන මාන­සි­ක­ත්ව­ය­කට සම­හ­රුන් පත් වී සිටි බවද සැබෑය. එහෙත් ඉදිරි මැති­ව­ර­ණ­ය­කදී ජනතා ප්‍රති­චා­රය කුමක් විය හැකිද යන්න ස්ථිර­වම කිව නොහැ­කිය.

මේ වන විට ඒකා­බද්ධ පිල අභ්‍ය­න්ත­ර­යේද මත­භේද මතු වී තිබේ. ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය රාජ­පක්ෂ පවු­ලට හිමි කර­ගැ­නීමේ ප්‍රය­ත්නය ඒකා­බ­ද්ධයේ අනු­ගා­මි­ක­ය­න්ටද පැහැ­දිලි කරු­ණකි. දේශ­පා­ලන වශ­යෙන් ප්‍රවී­ණ­ත්ව­යට පත්ව සිටින දිනේෂ් ගුණ­ව­ර්ධන, වාසු­දේව නානා­ය­ක්කාර හෝ කුමාර වෙල්ගම වැනි අයකු එබඳු අපේ­ක්ෂ­ක­ත්ව­ය­කට නුසු­දුසු වෙත්දැයි විම­සන අයද සිටිති. දැන් රාජ­පක්ෂ කඳ­වුර වෙනු­වෙන් තර්ක කරන සම­හ­රුන්ගේ අද­හස වී ඇත්තේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක අපේ­ක්ෂ­කයා මහින්ද රාජ­පක්ෂ මහතා බවයි. කුමක් වුවත් රටේ පාලන බලය තම පවු­ලට ලබා­ගැ­නීම සඳහා දියත් වන අර­ග­ලය පිළි­බ­ඳව ජන­තාව තුළ කිසි­යම් විම­ති­යක් ඇති­වී­මද ස්වාභා­වි­කය.

මෙරටේ ජන­තාව මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වා­සය හා බලා­පො­රොත්තු සසල වී හෝ බිඳ­වැටී තිබු­ණද තව­මත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා පිළි­බඳ සාධ­නීය ප්‍රති­චා­ර­යක් දක්වන බවද පෙනේ. දූෂ­ණය, වංචාව, අක්‍ර­මි­කතා දුර­ලීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා දක්වන සුවි­ශේෂ අව­ධා­නය ජන­තාව තේරුම් ගෙන සිටිති. එසේම මේ වන විට රටේ දේශ­පා­ල­නය තුළ බල කේන්ද්‍ර තුනක් ක්‍රියා­ත්මක වෙමින් තිබෙන බවද ඔවුන්ට හැඟී ගොස් ඇත. එසේම හැම බල කේන්ද්‍ර­යක් තුළම විස­මතා, ගැටුම් සියල්ල සම­නය වී නැති බවද ඔවුහු දනිති. එසේම එජා­පයේ ඇතැම් කොටස් නීති­ගැට මගින් ජනා­ධි­ප­ති­ව­රයා පසු­බැ­ස්වීමේ දුබල ප්‍රය­ත්න­යක නිර­තව සිටින බව ප්‍රබුද්ධ කොටස් මෙන්ම සාමාන්‍ය ජන­තා­වද තේරුම් ගෙන සිටිනු නිසැ­කය.

මේ සක­ල­විධ දේශ­පා­ලන අර්බු­දල කැල­ඹීම් සමඟ වුවද දේශ­පා­ලන පක්ෂ­ව­ලට වුව­මනා තම බලය තහ­වුරු කර­ගැ­නීම බව අමු­තු­වෙන් කිව යුතු නැත. එහෙත් ඒ දේශ­පා­ලන පසු­බිම තුළ වුව මෙරටේ ජනතා අපේක්ෂා බිඳී විසිරී යා නොදී සුරැ­කීම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අධි­ෂ්ඨා­නය බව පෙනේ. ලුම්පන් සමා­ජයේ නැඟීම, අසං­ස්කෘ­තික ධන­කා­මීන් දේශ­පා­ල­න­යට රිංගා­ගැ­නීම, දූෂිත චරිත සහිත මග­ඩි­කා­ර­යන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අව­කා­ශය ප්‍රයෝ­ජ­න­යට ගැනීම වළක්වා ලීම මෛත්‍රී දේශ­පා­ලන දැක්ම වී තිබේ. සීමා නිර්ණ වාර්තාව පාර්ලි­මේ­න්තුව තුළ පරා­ජය වන්නේද නාය­ක­ත්ව­යට අව­නත නොවන මජර දේශ­පා­ල­න­ඥ­යන් පිරි­ස­කගේ වුව­ම­නාව නිසාද විය හැකිය. කුමක් වුවත් එම වාර්තාව ඉදි­රි­පත් කිරී­මට කලින්ම එය පරා­ජ­යට පත් වනු ඇති බව රට­ටම පෙනී ගිය කරු­ණකි. එහෙත් ඇත්ත වශ­යෙන්ම එහිදී සිදු විය යුතුව තිබුණේ එම වාර්තාවේ අඩු­පාඩු සකසා එය සම්මත කර මේ මැති­ව­රණ ක්‍රමයේ ඇදය හැර­ගැ­නී­මය. පව­තින දූෂිත මනාප ක්‍රමය යටතේ අපේ­ක්ෂ­ක­යාගේ පැටි­කි­රිය කුමක් වුවත් ඔවුන්ට ජය­ග්‍ර­හ­ණය කිරීමේ ශක්තිය තිබෙන බව පක්ෂ නාය­ක­යෝද දනිති. මේ දූෂිත මැති­ව­රණ ක්‍රමය නඩත්තු කිරී­මට තම පක්ෂ­වල බොහෝ දෙනකු කැමති බවද ඒ නාය­කයෝ දනිති. මෙරටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කිරීමේ අව­ශ්‍ය­තාව වට­හා­ගත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිසැ­ක­යෙන්ම කැප වූයේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එරෙ­හිව තිබුණු අභි­යෝග මැඬ­ලී­ම­ටත්, ඇතැම් පිරි­ස්ව­ලට අව­ශ්‍යව තිබුණු ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ සිති­යම හැකි­ළීමේ න්‍යාය­ප­ත්‍රය පරා­ජය කිරී­ම­ටත්ය. ඒ සඳහා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා කළ කැප­කි­රීම්ද බොහෝය. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය සම්මත කර­ගැ­නී­මේදී තමන්ට අත්හැ­රී­මට සිදු වන බලය හා අධි­ප­ති­ත්වය පිළි­බඳ අබ­මල් රේණු­වක තරම් වත් ආලෝ­භිත මන­සක් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට නොවීය. වත්මන් දේශ­පා­ල­නයේ තමන් සතු බලය දන් දෙන වෙස්ස­න්ත­රලා නොවෙති. එහෙත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විශි­ෂ්ට­ත්වය එබඳු අත්හැ­රී­මක් කිරී­මට තරම් ප්‍රබල පෞරු­ෂ­යක් තිබී­මය.

මෙරටේ නීති­ය­ටත් උඩින් සිටි සුපිරි විධා­ය­ක­යට ප්‍රජා­ත­න්ත්‍ර­වාදි මුහු­ණු­ව­රක් පම­ණක් නොව ‍අධ්‍යාත්ම­යක්ද ලබා දීමේ දුෂ්කර කාර්යය යථා­ර්ථ­යක් වූයේ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා වැනි පුද්ග­ල­යකු එම ධුර­යට පත් වීම නිසා බව අද බොහෝ දෙන­කුට අම­තක වී තිබේ. එහිදී සම­හ­රුන් තුළ තිබුණ පෞද්ග­ලික න්‍යාය­පත්‍ර නිසා එම ව්‍යවස්ථා සංශෝ­ධ­නය තුළින් කිසි­යම් දේශ­පා­ලන අවු­ලක් නිර්මා­ණය වී තිබෙන බව අද අපට පැහැ­දි­ලිය. 19 වැනි සංශෝ­ධ­න­යෙන් සිදු කළ වෙන­ස්කම් මත පද­නම්ව අද තවත් විවා­ද­යක්ද ඇරඹී තිබේ. කුමක් වුවත් තව­මත් අප සිටින්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ක්‍රියා­ව­ලිය පසු­බැ­සී­ම්ව­ලට ලක්ව තිබෙන සමාජ දේශ­පා­ලන පරි­ස­ර­ය­කය. ඒ දේශ­පා­ලන අවු­ලෙන් ගොඩ වීම සඳහා අද තිබෙන පිය­ව­රක් වන්නේ රටට යහ­පත්, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ සීමා නොඉ­ක්ම­වන මැති­ව­රණ ක්‍රම­යකි. ඒ මැති­ව­රණ ක්‍රමයේ අර­මුණ විය යුත්තේ මහ ජන­තා­වට තමන් රිසි නියෝ­ජි­ත­යන් බාධා­ව­කින් තොරව තෝරා පත් කර­ගැ­නීමේ හැකි­යාව ලැබී­මය. ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මැති­ව­රණ ක්‍රමය වෙනු­වෙන් කිසි­ව­කුට ගැට­ලු­වක්, දෙව­රක් කල්පනා කිරීමේ අව­ශ්‍ය­තා­වක් තිබිය නොහැ­කිය. නිද­හස් හා සාධා­රණ මැති­ව­රණ නිසි කලට පැවැ­ත්වීම මෙහිදී අති­ශ­යින්ම වැද­ගත් වනු ඇත. තමන් විසින් පාල­නය සඳහා කලින් ලබා දෙන තාව­කා­ලික බල­ප­ත්‍රය ආපසු ගැනී­මට තිබෙන එකම ක්‍රමය මැති­ව­ර­ණය බව ජන විඥා­නය තුළට කාවැදී තිබෙන අද­හ­සකි. අනෙක් අතට රටේ දේශ­පා­ලන ස්ථාවර භාව­යක් ඇති කිරී­මට සමත් මැති­ව­රණ ක්‍රම­යක් අද අපට නැත. මේ ආණ්ඩුව පම­ණක් නොව, මීට කලින් තිබුණු ආණ්ඩු­ව­ලින්ද මේ මැති­ව­රණ ක්‍රමය මෙන්ම එය හඳුන්වා දුන් සමස්ත ව්‍යව­ස්ථා­වම වෙනස් කරන බව කියා තිබේ. පාර්ලි­මේ­න්තුව බෙල­හීන කළ ජය­ව­ර්ධන ව්‍යව­ස්ථාව විසින් ප්‍රජා­ත්න­ත්‍ර­වා­දයේ ඇතැම් සාධ­නීය අංග ඉවත් කළ ආකා­රය ආචාර්ය ඇන්ඇම් එම ක්‍රමය පිළි­බඳ කළ විවේ­ච­නා­ත්මක විශ්ලේ­ෂ­න­යක සඳ­හන් විය. ඉතා වැද­ගත් යෝජ­නා­වක් එහි අඩංගු විය. එනම්: අතුරු මැති­ව­රණ ක්‍රමය අහෝසි නොක­රනු යන්නය. මන්ත්‍රී­ව­ර­යකු කුමන ආකා­ර­ය­කට ඉවත් වුවත්, ඒ ලැයි­ස්තුවේ ඊළ­ඟට සිටින පුද්ග­ලයා ඒ සඳහා නම් කිරීම සදොස් බව ඇන්ඇම්ගේ තර්කය විය. කෙසේ හෝ වේවා මේ සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රති­ක්ෂේප කර ඇත්තේ හුදු දේශ­පා­ලන බලය පිළි­බඳ අද­හ­ස­කින් බවට චෝද­නා­වක් ඇත. සීමා නිර්ණ කමිටු වාර්තාවේ බහු ආසන මන්ත්‍රී­ව­රුන් පත් කර­ගැ­නී­මට විධි­වි­ධාන නැතැයි සුළු පක්ෂ විරුද්ධ වූ බවක්ද නිල නොවන ආකා­ර­යට වාර්තා වී තිබේ. මේ සුළු පක්ෂ­වල නාය­ක­යන් එදා පළාත් පාලන පනත පන­හට පනහ ලෙස සම්මත කර­ගත් ආකා­ර­යද අපට මත­කය.

මෙබඳු බල තෘෂ්ණා­ව­කින් රෝගි වී සිටින දේශ­පා­ල­න­ඥ­යන් සමඟ කිසි­දි­නක මේ දූෂිත මනාප ක්‍රමය වෙනස් කර­ගත නොහැකි බව නම් ඉතා පැහැ­දි­ලිය මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා 20 වැනි සංශෝ­ධ­නය සම්මත කර­ගැ­නී­මට දැරූ ප්‍රය­ත්නය අපට මත­කය. එහෙත් මේ පසු­බෑම් නිසා 20 වැනි සංශෝ­ධ­නය අත­හැර දැමී­මට සිදු වූ බවද සැඟ­විය නොහැ­කිය. ආණ්ඩුව පසුව හඳුන්වා දුන් නව පළාත් සභා ඡන්ද ක්‍රම­යට අදා­ළව සීමා නිර්ණය කමි­ටුව පත් කර තිබිණි. එහෙත් එය පාර්ලි­මේ­න්තුව තුළ පරා­ජය වන බව ඊට පෙර දින­යේම ඇතැම් මාධ්‍ය­ව­ලින් හෙළි වී තිබිණි. ආණ්ඩුව මෙන්ම සියලු දේශ­පා­ලන පක්ෂ ඒ ක්‍රියා­වට දායක වී ඇත. සීමා නිර්ණ කොමි­සමේ යෝජනා කුමක්ද යන වග වත් සම­හ­රුන් නොදැන සිටි බවද කියති. පැරණි ඡන්ද ක්‍රමය අවශ්‍ය නම් ඒ වෙනු­වෙන් මෙබඳු ක්‍රියා­දා­ම­යක් දියත් කිරීම බර­ප­තළ වර­දක් නොවේද?

පාර්ලි­මේ­න්තුවේ පක්ෂ නාය­ක­යන්ට එකට වාඩි වී මෙබඳු පොදු කරු­ණක් පිළි­බඳ සම්මු­ති­යක් ඇති කර­ගැ­නී­මට නොහැකි වීම රටේ අවා­ස­නා­වක් වැන්න. මේ වාර්තාව සංශෝ­ධ­නය හෝ සමා­ලෝ­ච­නය කිරී­මට ඕනෑ තරම් අව­ස්ථාව තිබිණි. එහෙත් සිය­ල්ලෝම ඒ වග­කීම පැහැර හැර සිටිති. දැන් තිබෙන එකම බලා­පො­රො­ත්තුව අග­මැ­ති­ව­රයා ප්‍රමුඛ පංච පුද්ගල කමි­ටු­වය. එයට අනු­මැ­තිය ගෙන ඡන්දය පැවැ­ත්වී­මට වුව කාල­යක් අවශ්‍ය වේ. එසේ නැතිව පැරණි ක්‍රම­යට ඡන්ද පැවැ­ත්වී­මට වුවද නීති­මය ක්‍රියා­දා­ම­යක් අනු­ග­ම­නය කළ යුතුය. පැරණි ඡන්ද ක්‍රම­යට යළි එකඟ වීම යනු මෙරටේ දේශ­පා­ලන සංස්කෘ­තිය පැරණි අඳුරු මඟ­ටම ඇද­දැ­මී­මක් බවට විවේ­ච­න­යක් තිබේ. එහෙත් මස් රාත්ත­ලම ඉල්ලා සිටින ‍දේශපා­ලන ෂයි­ලො­ක්ලාට මැති­ව­ර­ණය යනු මහ­ජන අයි­ති­ය­කට වඩා සේප්පඩ විජ්ජා­වක් වැන්න. ඒ දේශ­පා­ලන බල­ප­ත්‍රය අතට ගැනීම සඳහා කැප වී සිටින බහු­ත­ර­යක් සිටින රටක, පුර­වැ­සි­යන් වන අපට ඒවා ගැන අමුතු කම්ප­න­යක්ද නැත. මොන ආකා­ර­ය­කට මැති­ව­රණ පැවැ­ත්වු­වද දේශ­පා­ලන පක්ෂ­ව­ලට හා ඔවුන්ගේ නියෝ­ජි­ත­ය­න්ටද හතර අතට බැණ­ව­දි­මින් හෝ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය­යට හැත්තෑ පහ­කට වැඩි පිරි­සක් ඡන්ද පොළ­ව­ලට උද්යෝ­ග­ය­කින් යන බවද අපි දනිමු. ඒ ඉහත සඳ­හන් කළ පරි­දිම ඔවුන්ගේ ජන විඥා­නය තුළ තැන්පත්ව තිබෙන ඡන්දය යනු තම හිමි­ක­මක්ය යන්න නිසා බවද නිසැ­කය. එනිසා ඒ ජනතා අයි­තිය අප්‍ර­මා­දව ලබා දීමට ආණ්ඩුව මෙන්ම සියලු දේශ­පා­ලන පක්ෂ හා නාය­ක­යෝද බැදී සිටිති.

අදහස්