අපට ඕන මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න | සිළුමිණ

අපට ඕන මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න

 සීමා­නි­ර්ණය වාර්තාව පරා­ජ­යට පත් වුණා. එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ආණ්ඩු­වට අව­ශ්‍යයි මේ මැති­ව­රණ කල් දැමී­මට. ඒ වගේම සීමා නිර්ණය පිළි­බඳ වාර්තා­වක් සම්බ­න්ධ­යෙන් කතා­වක් ‍ගොඩනැ­ඟෙන්නේ ගිය අවු­රුද්දේ සැප්තැ­ම්බර් මාසයේ විසි­වැ­නිදා පළා­ත්සභා ජන්ද විම­සීමේ පනත වෙනස් කිරී­මට කරන ලද උත්ස­හය නිසයි. සිමා නිර්ණය පිළි­බඳ වාර්තා­වක් මතක් වෙන්නෙත් එය පද­නම් කර­ගෙන. අද පළා­ත්සභා තුනක මැති­ව­ර­ණය මාස එකො­ළ­හක් ප්‍රමාද කරලා තියෙ­න්නේත් එය උප­යෝගි කර­ගෙන ආණ්ඩුවේ අර­මුණු ඉටු කර­ගැ­නී­ම­ටයි.

පනතේ සංශෝ­ධ­න­ව­ලට විරු­ද්ධ­වත් ජන්දය ප්‍රකාශ කළා. ඒ නිසා එහි මූලික හරය වු පන­ත­ටත් විරු­ද්ධව ජන්දය ප්‍රකාශ කළා. අපිට අව­ශ්‍ය­තා­වක් නැහැ තව­දු­ර­ටත් ජන්ද කල් දමන කිසිදු කාර­ණා­ව­කට පක්ෂව ජන්දය දෙන්න. ආණ්ඩු­වට ඕන ඕන විද­හට නටන විප­ක්ෂය හෝ ජවිපෙ වගේ නොවෙයි අපි කියලා මතක තබා­ගත යුතුයි.

ආණ්ඩු­වට වුව­මනා ජන්දය කල් දාන්න කියලා ඔබ කිව්වත් ඒකා­බද්ධ විප­ක්ෂය ජන්දය කල් දාන­වාට කැමැති කියලා ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැ­ති­ව­රුන් කිය­නවා ?

මැති­ව­රණ කල් දාන්න අපිට මැති­ව­රණ කල් දාන්න කිසිදු අව­ශ්‍ය­තා­වක් නැහැ. එහෙ­නම් නම් අපි සැප්තැ­ම්බර් මාස‍යේ ගෙනාපු පන­ත­ටත් පක්ෂව ජන්දය දෙනවා. එහෙ­නම් ඒ ප්‍රශ්නය වඩා සදා­චා­රා­ත්ම­කයි. ජවි­පෙන් හෝ දෙමළ සන්ධා­නෙ­යෙන් ඇහුවා නම් එදා පක්ෂ ව ජන්දය දුන්න අය අද ඇයි විරුද්ධ වෙන්නෙ.

මේ සීමා­නිර්ණ වාර්තා­වට විරු­ද්ධව ආණ්ඩුවේ ඇතැම් ඇමැ­ති­ව­රුත් ජන්දය ප්‍රකාශ කළා නේද ?

එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ අව­ශ්‍ය­තා­වට ගෙන ආව මේ පන­තට විරු­ද්ධව ඒ අයම ජන්දය ප්‍රකාශ කළේ ජන්දය කල් දාන්න. අපි එක්සත් ජාතික පක්ෂ­යත් සමඟ එකඟ වෙලා පන­තට විරු­ද්ධව ජන්දය ප්‍රකාශ කළා නොවෙයි. අපිට ඕන මේ ආණ්ඩුව පරා­ජ­යට පත් කරන්න. විප­ක්ෂ­යට වඩා මැති­ව­රණ පව­ත්වන්න කට­යුතු කරන්න ඕන ආණ්ඩුව. අපිට විශ්වා­ස­යක් තියන නිසයි අපි පළා­ත්පා­ලන ජන්දය ඉල්ල‍න්නේ. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩුව කාලයේ මැති­ව­ර­ණ­ව­ලට කලින් මැති­ව­රණ පැවැ­ත්වුවා. අපිට එදා විශ්වා­ස­යක් තිබුණා අපේ ජය­ග්‍රා­හ­ණය සම්බ­න්ධව. අව­සන් වරට පැවැත්වු ජනා­ධි­ප­ති­ව­රණ අව­ස්ථා­වේදී ජන­තාව තීන්දු කළා වෙන කෙනෙක් පත් කරන්න. වත්මන් රජ­යට තියෙ­න්නෙත් මැති­ව­ර­ණ­ව­ලට බය වන ආණ්ඩු­ව­කට තියන ප්‍රශ්න­යක් .

සිමා නිර්ණ­යට වාර්තා­වට විශාල මුද­ලක් සහ කාල­යක් වැය කළා. මේ පන­තට විරුද්ධ වීම ජන­තා­වට ප්‍රශ්න­යක් ?

ජන­තා­වට ගැට­ලු­වක් වෙන්න කාර­ණා­වක් නැහැ මේ රජය සියල්ල කරන්නේ ජන්දය කල් දැමී­මට බව ජන­තාව දන්නවා. අපිට මේ පන­තට එකඟ වෙන්න කිසිදු වුව­ම­නා­වක් නැහැ. ඒ පනත හදපු කමි­ටු­ව­ටත් අපි විරුද්ධ වූණා. අපි දැන­ගෙන හිටියා ජන්දය තියන්න හදන මුවා­වෙන් නොතියා ඉන්න තමයි මේ හදන්නේ කියලා. අපි එකඟ නැත්තේ ජන්දය පව­ත්ව­නවා කියලා කිය­මින් කල් දැමී­මට කට­යුතු කිරී­ම­ටයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට අනුව ඉදි­රියේ පව­ත්වන මැති­ව­ර­ණ­යට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ඉදි­රි­පත් ‍විය හැකියි කියල පසු­ගිය දින­වල කතා බහාට ලක්වු­ණත් නීති­වේ­දින් සද­හන් කරන ආකා­ර­යට තුන්වැනි වතා­වට හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට නොහැකි බව සද­හන් වෙනවා‍?.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ඉදි­රි­පත් වීමට හැකියි නම් එය වඩා හොඳයි. එසේ ඉඩ­කඩ නැති නම් ජනා­ධි­පති වීමට සුදුසු අ‍පේක්ෂ­කයා අපි ඉදි­රි­පත් කර­නවා. අනි­වා­ර්යෙන් අපේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ජය­ග්‍ර­හ­ණය කර­නවා .

ජන­බල මෙහෙ­යුමේ නාය­ක­ත්වය නාමල් රජා­පක්ෂ මන්ත්‍රි­ව­රයා ඇතුළු තරුණ පිරි­සට ලබා දීම නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කල­කි­රී­මට පත් වෙලා කියලා ඇතැම් පිරිස් සද­හන් කර­නවා. ?

ඒක අමූ­ලික බොරු­වක් කමි­ටුවේ තරුණ පිරිස් නියෝ­ජ­නය කරන්න නාමල් මන්ත්‍රි­ව­රයා ඇතුළු පිරි­සක් ඉන්නවා ව‍ගේම එහි මෙහෙ­ය­වීම් මහි­න්දා­නන්ද මන්ත්‍රී­ව­රයා, ඩලස් අල­හ­ප්පෙ­රුම මන්ත්‍රි­ව­රයා රෝහිත අ‍බේගු­ණ­ව­ර්ධ­න‍ ­ජො­න්ස්ටන් ප්‍රනාන්දු සියලු අය සංවි­ධා­නය කර­නවා. මෙය අපි ශක්ති­මත්ව සාර්ථ­කව සිදු කර­නවා. අපිට ඔය මඩ­ව­ලට පිළි­තුරු දෙන්න අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ හරි­යට කරන නිසා කවු­රුත් කල­බල වෙන්න අවශ්‍ය නැහැ.

මේ විරෝ­ධ­තා­ව­ලින් සිදු­වෙන්නේ ජන­තා­වට හිරි­හැ‍ර­යක් වෙන එක පම­ණයි කියලා ඇතැ­මුන් කිය­නවා.? ‍

මිනි­ස්සුන්ට අපි ගේන්නේ විමු­ක්තිය. ජන­තාව අප­හ­සු­තා­වට පත් කර තිබෙන්නේ රජ­යයි. ජන­තාව ආණ්ඩු­වට විරෝ­ධ­තාව ප්‍රකාශ කර­න්නයි එන්නේ. මේ රජ­යයි ජන­තා­වට අව­හි­ර­යක් කර තිබෙන්නේ. අප­හා­සු­තා­ව­යක් ඇති­ක­රලා තියෙන්නේ

එදි­නට පාර්ලි­මේ­න්තුව වට­ලන්න බලා­පො­රොත්තු වෙනවා කියන්නෙ ඇත්තද?

අපි කිසිම දෙයක් වට­ල­න්න­වත් කිසිදේකට හානි කර­න්න­වත් බලා­පො­රෙ‍ාත්තු වෙන්නේ නැහැ. අපි ගෙන යන මේ සාම­කාමී උද්ඝෝ­ෂ­ණ­ව­ලදී ඔවුන්ගේ ප්‍රහාර එල්ල කළ­හොත් ඇති වන තත්ත්ව­යට ආණ්ඩුව වග කියන්න වෙනවා. ඒ නිසා අපි දැනුම් දෙන්නම් පස්සේ දව­සක අපි යන දිහාව මොකක්ද කියලා. ආණ්ඩුවේ හුගක් උද­වි­ය‍ මේ උද්ඝෝ­ෂ­ණ­යට බය­වෙලා ඉන්න බව දන්නවා. ඒකයි කෑග­හන්නේ.

විශේෂ අධි­ක­ර­ණ­ව­ලට විරුද්ධ වුණේ ඒකා­බද්ධ විප­ක්ෂයේ අය වැරුදි කරපු නිසාලු ?

කිසිදු ප්‍රශ්න­යක් නැහැ. අපේ රටේ අධි­ක­රණ පද්ධ­තිය යටතේ නීති­රිති පව­ති­නවා. අපිට අධි­ක­ර­ණය පිළි­බද ව විශ්වා­ස­යක් තිබෙ­නවා. සාමාන්‍ය නිතිය යටතේ නඩු විස­ඳී­මට අපි කැමැ­තියි. ආණ්ඩු­වට අව­ශ්‍යයි දේශ­පා­ල­න පළි­ගැ­නීම් කිරිමට.

සංවා­දය - සුභද්‍රා දේශ­ප්‍රිය

අදහස්