හද රැඳි ක්‍රීඩාවකට එක්වීම සතුටක් | සිළුමිණ

හද රැඳි ක්‍රීඩාවකට එක්වීම සතුටක්

පී.ජී. කුමාරසිංහ සිරිසේන

සභාපති SLT

විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ අංක එකේ සේවා සපයන්නා ලෙසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වන අපට ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැදි සවාරිය සංවිධානය කිරීමට ලැබීම, අභිමානයක් මෙන්ම, ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසින් දකිනවා.

පාපැදි ක්‍රීඩාව කියන්නේ කැපවීම, සවිබලය සහ දරාගැනීමේ ශක්තිය කියන කාරණා තුනේ එකතුවක්. ටෙලිකොම් සමාගමද මෙරට මෙම ක්‍ෂේත්‍රයේ කිසිවෙකුට නොදැවෙනිව සිටින්නේද මනා කැපවීම, ඉහළම සවිබලයෙන් යුක්තවීම සහ ඕනෑම අභියෝගයක් මැනවින් දරාගැනීමේ හැකියාව නිසයි. ඒ අනුවත් පාපැදි ක්‍රීඩාවේ සහ SLT සමාගමේ මනා ගැලපීමක් තියෙනවා.

පාපැදි ක්‍රීඩාව කියන්නේ නගර, ගම් නියම්ගම් සිසාර ජනප්‍රිය වූ ක්‍රීඩාවක්. පාපැදි තරගයක් පාරක දැක්කත් තරාතිරමකින් තොරව ඕනෑම කෙනෙක් ඒ දිහා බලා සිටිනවා. එය අපේ හදවතේ රැඳි ක්‍රීඩාවක්. මෙරට ජනතාවගේ හදවතේ රැඳි නාමයක් වන SLT ය මෙරට ජනතාවගේ හදවතේ ඇති ක්‍රීඩාවක් වෙනුවෙන් ඉදිරිපත් වුනේ කරුණු කිහිපයක්ම අරමුණු කරගනිමින්.

මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩාවට නව පනක් දුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මම හිතනවා මෙරට පාපැදි ක්‍රීඩාවට අවශ්‍යම මොහොතකයි අප මෙය සංවිධානය කිරීම සඳහා ඉදිරිපත්වුණේ කියලා. අපි දුටුවා පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පවා මෙරටට වැඩිම රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩා අතර පාපැදි ක්‍රීඩාව රැඳෙනවා. ලංකාව වෙනුවෙන් පදක්කම් දිනන, ජාත්‍යන්තරයේ දස්කම් දක්වන ක්‍රීඩකයන් සියලුදෙනාම මෙම SLT ස්පීඩ් අප් සවාරියට එකතුවනවා. ඔවුන්ගේ එම ජයග්‍රහණ සහ දක්‍ෂතා සඳහා මෙවැනි තරගාවලියක් තුළින් පන්නරය ලබාදීමට හැකිවීම ගැන අප ඉතාම සතුටට පත්වෙනවා.


අලුත් සංස්කෘතියක බලාපොරොත්තුවක්

කිත්ති පෙරේරා

ප්‍රධාන විධායක නිලධාරි SLT

SLT සමාගම සංවිධානය කරණු ලබන ස්පීඩ් අප් සවාරිය, පාපැදිය භාවිතය මෙරට ජනතාව අතර ජනප්‍රිය කිරීමටත් මෙවැනි ඉසව්වලින් උත්තේජනයක් සපයනවා. පාපැදිය කියන්නේ පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක්. එසේම එය භාවිතය ශරීරයට ව්‍යායාමයක්. මේ ආදි කරුණු කාරණා රාශියක් නිසා අද ලෝකයේ බොහෝ දියුණු රටවල් කෙටි ගමන් සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කරනවා. SLT ස්පීඩ් අප් සවාරිය මගින් ශ්‍රී ලංකාවත් මෙවැනි සංස්කෘතියක් වෙත රැගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. එය අද කාලයට මනා සේ ගැලපෙන සමාජ සත්කාරයක් ලෙසින් මා දකිනවා. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාවට පෝෂණය සපයන සමාජ වගකීමක් සහිත සමාගමක් ලෙසින් SLT සමාගම ශරීර සෞඛ්‍යයට හිතකර, පරිසර හිතකාමී ක්‍රියාකාරකමක් ලෙසින් පාපැදි ක්‍රීඩාව ප්‍රවර්ධනයට කැප වෙනවා.

ශ්‍රී ලංකාවේ අංක එකේ Digital සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙසින් සිටිමින් පවා අප නොනැවතීම අපගේ සේවාවන් නව්‍යකරණයට ලක්කරමින් අලුත්ම අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා වගේම සියලුම තරාතිරමේ අය ආදරය කරන ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැදි සවාරිය, මෙම SLT ස්පීඩ්අප් තරගාවලියත් සමග නව්‍යකරණයට ලක්ව තිබෙනවා.

මෙවැනි පාපැදි සවාරියක් සංවිධානය කිරීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් කැපවෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඇතුළු දායකත්ව සපයන සියලු පාර්ශ්වයන්ට ස්තුති කිරීමට මෙන්ම, ඉතාම කැපවීමෙන් SLT ස්පීඩ් අප් තරගාවලියේ තරගවැදීමට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.


සමාජ වගකීමට දායක වීමක්

අජන්ත සෙනෙවිරත්න සමූහ ප්‍රධාන අලෙවි විධායක SLT

ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්ද යුතුකම් ඉටුකිරීමට SLT සමාගම වෙත ලැබුණු අවස්ථාවක් ලෙසින් SLT ස්පීඞ් අප් සවාරිය අප යොදාගන්නවා. ක්‍රීඩාව කියන්නේ ජනතාවගේ හදවත කම්පනය කරන්න පුළුවන් මාධ්‍යයක්. SLT සමාගම සහ පාපැදි ක්‍රීඩාවේ ගුණාංග අතර මනා ගැලපීමක් තිබෙනවා. එනිසාම SLT කියන සන්නාමය සහ ක්‍රීඩාව අතර දිගුකාලීන හෘදයාංගම සබඳතාවක් ගොඩනැගෙනවා. SLT කියන්නේ ශ්‍රී ලංකාවේ වේගවත්ම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය බවට පත්වී එම ක්‍ෂේත්‍රය ජයගත් ආයතනයක්. පාපැදි කරුවෙකුගේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයත් එයමයි.

SLT කියන්නේ රට පුරා ජනතාවගේ විශ්වාසය දිනාගත් නාමයක්. අප කෙරෙහි විශ්වාසය තබා අපගේ සේවාවන් තෝරාගත් ජනතාවට ආශ්වාදනීය අත්දැකීමක් ලබාදීමට මෙම ස්පීඩ් අප් සවාරිය මගින් අපට හැකිවෙනවා. මේ ඉසව්ව යොදාගනිමින් පාපැදිය ජනප්‍රිය කරවීම හරහා ක්‍රීඩාවටත්, සමාජයටත්, පරිසරයටත් යුතුකම් ඉටුකරන්නට අපට හැකිවෙන බව මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ අංක එකේ විදුලි සංදේශ සැපයුම්කරු ලෙසින් සිටිමින් පවා අප නොනැවතීම අපගේ සේවාවන් නව්‍යකරණයට ලක්කරමින් අලුත්ම අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා වගේම මෙම SLT ස්පීඩ් අප් තරගාවලියත් නව්‍යකරණයට ලක්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට කාන්තා අංශයෙන් දින දෙකක් පුරා ක්‍රියාත්මක ඉසව්වක් සංවිධානය කර තිබෙනවා වගේම පළමු වරට පැරා ක්‍රීඩකයන් සඳහාද ඉසව්වක් සංවිධානය වනවා. ඒ අයුරින් මෙරට ක්‍රීඩාවේ ඉතිහාසයට එක්වන ඉසව්වක් සංවිධානය කිරීමට ලැබීම අපට භාග්‍යයක්.

ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් සන්නාමයක් වන SLT පිළිබඳ අනුග්‍රාහකයකු ලෙසින් මෙරට පාපැදි ක්‍ෂේත්‍රය තැබූ විශ්වාසය ඉටු කරන්නට හැකිවුණා වගේම මෙම තරගාවලිය මගින් පාපැදි ක්‍රීඩාවට ලබාදෙන ජවය, ජාත්‍යන්තරයේ පාපැදි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව තව තවත් දිනවීම පිණිස හේතුවනු ඇතැයි අප විශ්වාස කරනවා.


පාපැදියට අලුත් අත්දැකීමක්

රෝහණ එල්ලාවල

ආයතනික සම්බන්ධතා විධායක නිලධාරි සහ ව්‍යාපෘති කළමනාකරු SLT

ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව ඉහළ තලයට ඔසවාතැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සවාරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන, SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ තෙවැන්නෙහි මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි ඉසව්ව සැප්තැම්බර් 08 වැනිදා ආරම්භ වෙනවා.

මෙවර පිරිමි ඉසව්ව කොළඹින් ආරම්භ කර කිලෝමීටර 820ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වන සේ ගමන් මාර්ගය සලකුණු කර ඇති අතර, කාන්තා ඉසව්ව කොළඹින් ආරම්භ කර කිලෝමීටර 175ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් වන සේ මාර්ගය දක්වා තිබේ. කුරුණෑගලින් ඇරඹෙන පැරා ඉසව්ව කිලෝමීටර 75ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වීමට නියමිතය.

පාපැදි ක්‍රීඩාව යනු මෙරට වඩාත් ජනප්‍රිය මෙන්ම වඩාත් ආශ්වාදනීය ක්‍රීඩාවක් වේ. මෙම වැදගත්කම සැබෑලෙසින් හඳුනාගනිමින්, සමාජ වගකීමක් සහිත ආයතනයක් විදියට අප මේ පාපැදි සවාරිය 2016 දී SLT විසින් SLT ස්පීඩ් අප් සවාරිය ආරම්භකරනු ලැබුවේ මෙම ක්‍ෂේත්‍රයේ දක්‍ෂයන් ගැන රටට හඬගා කියන අතරවාරයේ ඔවුන්ට නිසි ඇගයුම ලබා දීමේ අරමුණින් යුතුවයි. මෙම ඉසව්ව තුළ යෞවනයන්ට අවස්ථාව ලබාදීම සඳහා මෙහි තරගවදින කණ්ඩායමකට වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ අවම වශයෙන් ඇතුළත් වන පරිදි කණ්ඩායම් සංයුතිය පැවැත්වීමට සංවිධායකයන් අනුබල ලබා දී තිබේ.

මීට අමතරව මෙම තරගාවලිය හේතුවෙන් රටෙහි පාපැදි ක්‍රීඩාව පිළිබඳ ඇතිවන උනන්දුව හරහා එය සෞඛ්‍ය, පාරිසරික සහ ආර්ථික වටිනාකමක් වෙත යොමුකිරීමටද SLT ඉලක්ක කර ගෙන තිබෙනවා.

අදහස්