රටවල් අටක් එක සිහිනයක් | සිළුමිණ

රටවල් අටක් එක සිහිනයක්

ඒ. කාණ්ඩය - ශ්‍රී ලංකාව, මැලේසියාව, හොංකොං, සවුදි අරාබිය

බී. කාණ්ඩය - එක්සත් අරාබී එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, මොංගෝලියාව, ඉරාකය

ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය මේ මස 15 වැනි දා සිට 21 වැනි දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩා අංගනයේදි පැවැත් වෙයි.

ආසියානු රටවල් 8ක් තරගාවලියට එක්වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සහාභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 15 වැනි දින පස්වරු 3.00ට සමාරම්භක උළෙලින් තරගාවලිය නිල වශයෙන් ආරම්භ විමට නියමිතය. එදින ආරාධිතයන් හමුවේ සත්කාරක ශ්‍රී ලංකාව සමග හොංකොං රාජ්‍ය තරග වැදිමට නියමිතය.

ආසියානු වොලිබෝල් සම්මේලනයට ඇතුලත් රටවල් 65 අතුරෙන් පළමු රටවල් 16 සඳහා ආසියානු කුසලානය හා ආසියානු අභියෝග කුසලානය ලෙස තරගාවලි දෙකක් පැවැත් විමට නියමිතය. ශ්‍රේණිගත කිරිම් අනුව පළමු ආසියානු රටවල් 8 ආසියානු කුසලාන තරගාවලියට එක් වන අතර ශ්‍රේණිගත කිරීම්වල 9 සිට 16 දක්වා වු දෙවන කණ්ඩායම ආසියානු අභියෝග කුසලාන තරගාවලියට ඇතුලත් වෙයි. ආසියානු අභියෝග කුසලානයට එක් වන කණ්ඩායම් අතුරින් ප්‍රථම ස්ථාන හා දෙවන ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියට තරග කිරීමට අවස්ථාවක් හිමිවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ප්‍රථම ආසියානු අභියෝග කුසලාන තරග මාලාවේ පළමු හා දෙවන ස්ථාන දෙක අතරට ඇතුලත් විමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය බලපොරොත්තු වෙයි.

ප්‍රථම ස්ථාන දෙක අතරට ශ්‍රී ලංකාව ඇතුලත් විමට සමත් වුවහොත් 2019 වසරේදී පැවැත්විමට නියමිත ආසියානු කුසලාන තරගමාලවට තරග කිරීමේ හැකියාව එමගින් හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ආසියානු කුසලාන තරග මාලාවේ “A” කාණ්ඩයෙන් මැලේසියාව, හොංකොං, සවුදි අරාබිය හා සත්කාරක ශ්‍රී ලංකාව තරග වැදිමට නියමිත අතර “B” කාණ්ඩයෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍ය, බංග්ලාදේශය, ඉරාකය හා මොංගෝලියාව තරග වැදිමට නියමිතය.

තරගාවලියේ සමාප්තිය හා ජයසංකේත ප්‍රදානය තරගාවලියේ අවසන් දිනය වන 21 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගීත්වය ඇතුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ද සහභාගීත්වය ද ඇතුව පැවැත් වීමට නියමිතය. එදින තරග මාලාවේ ශූරයන් අනු ශූරයන් සහ තුන්වන ස්ථානය සඳහා ඩයලොග් ශූරතා කුසලාන ශූරතා කුසලානයන් පිරිනැමිමට නියමිත අතර තරගාවලියේ සුවිශේෂ දක්ෂතා දක්වන ක්‍රිඩාකයන් 8 දෙනාට ඩයලොග් ආයතනය මගින් තිළිණ ප්‍රදානය කෙරේ. ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් රන්,රදී හා ලෝකඩ පදක්කම් පිරිනැමීමට ද නියමිතය.

තරගාවලිය 21 වැනිදා දක්වා පැවැත් විමට නියමිත අතර 18 වැනිදා ‍විවේක දිනයයි. අර්ධ අවසන් තරග 19 වැනිදා අවසන් විමට නියමිතය. අවසන් පූර්ව තරග වටය 20 වැනිදා ආරම්භවන අතර 21 වැනි දා අවසන් වෙයි. අවසන් තරගය හා ත්‍යාග ප්‍රදානය එදින සිදු කිරිමට නියමිතය.

අදහස්