මල්ලී... චන්ද්‍ර­ල­තාගේ දුව... චන්ද්‍රානි මගෙ දරු­වෙක් | සිළුමිණ

මල්ලී... චන්ද්‍ර­ල­තාගේ දුව... චන්ද්‍රානි මගෙ දරු­වෙක්

දැන් චන්ද්‍ර­ලතා වැඩි­පුර සිටින්නේ ජයේන්ද්‍ර පුතා­ලාගේ නි‍ෙව­සේය. මාලි­ගා­වක් වගේ අලුත් නිවස එහෙ මෙහෙ දුව පනින සිඟිති සුර­තලාගෙන් ඒකා­ලෝක වෙලාය. දැන් ජ‍යේන්ද්‍රත් හරි හරි­යට වතු­වල වැඩ කට­යු­තු­ව­ලට සම්බන්ධ වෙයි. වත්තේ ඇති­ වන සේවක ප්‍රශ්න­ව­ලට ජය­ති­ස්සට වඩා බුද්ධි­මත්ව මැදි­හත් වීමට පුතාට ඇති දක්ෂ­තාව ඇයට ආඩ­ම්බ­ර­යකි.

වත්තේ මේ ප්‍රශ්න තියෙ­නව නේද මල්ලි, දැන් දැන් ඒවා මතු­වෙන්නෙ අමුතු ම තැන්ව­ලින්..”

ඩග්ලස් හාමු මස්සිනා සමඟ කිය­වන්නේ හිතේ ඇති­වන අමා­රුව නැති ­කර ගන්නට වගේය.

විල්ප්‍රඩ් රත්න­සේ­කර හිස වනන්නේ තමුන් දෙගො­ල්ල­න්ටම මේ ප්‍රශ්නය පොදු නේදැයි කල්පනා කර­මින් ය.

“කාලය මොන­ත­රම් ඉක්ම­නට ඉගි­ළිලා යන­වද කිය­නවා නම් එහෙ බලලා මෙහෙ බලන කොට ප්‍රශ්නත් ඇති­වෙලා ඒවා පැටව් ගහ­ලත් ඉව­රයි. බල­න්නකො.. ඒ එක්කම අපේ දරු­වොත් දැඩි මේනි වෙලා අපි නාකිත් වෙලා ඉව­රයි...!”

“ආ... ඒක නම් ඇත්ත තමා මලේ... දරුවො නම් දැන් අපේ ඉහ­ටත් උඩින් ගිහින්... බලන්න අපේ මලින්ද පුතා.. දැන් එයාගෙ කතා බහ චර්යා­වල් ඔක්කෝම වෙනස්.. අපේ සමන්ති දු‍වගෙ කට­යු­ත්තට... එක­ඟ­තාවෙ පළ කළ එක තමා බලා­ගෙන ගියාම හෙනේට හිටියෙ...”

“අයියා ඔය මට නේද ඇඟිල්ල දික්ක­රන්නෙ...?...ම.. මම... කිව් නිසානෙ...”

ඩග්ලස් ඇඟිල්ල දික්කර විල්ප්‍රඩ් ගේ කතාව නත­ර­ක­ර­වයි.

“මම කොහො­මද මලේ උඹට ඇඟිල්ල දික් කරන්නෙ.. මගේ ඇහේත් රොඩ්ඩ තියා­ගෙන.. ඕවා අපේම වැරදි නෙව...”

‘මොකක්...? මට තේරෙන්නෙ නෑ.. අයියා කියන කිසි­දෙ­යක් මට ගනි­ච්චි­යක් නෑ...”

“මං මීට... ඉහත දොහ­කත් මේ විල­ම්බෑස්ස මල­යට කියන්න ගියා.. බැරි වුණා... මේක අපි අතර රහ­සක්...!”

දැන් විල්ප්‍රඩ් රත්න­සේ­කර අසු­නින් නැඟී සිට මිදුලේ සක්මන් කරයි. ඩග්ලස් බැරෑඩි හඬින් කතා කරයි.

“මල්ලි... ඔය... චන්ද්‍ර­ල­තාගෙ දුව... චන්ද්‍රානි.. එයා මගේ දරු­වෙක්...!”

********

ශ්‍රීමාල් දේශන ශාලා­වෙන් පිටව එන අත­ර­මඟ පුරුදු විදි­ය­ටම හමු­වන මේඛලා දිහා බලන්නේ චකි­ත­යෙනි.

“ඇයි ඔයා මගේ කෝල් එකට ආන්සර් කළේ නැත්තේ...?”

මේඛලා බිම බලා­ගෙන හෙමි­හිට ශ්‍රීමාල් සමඟ ගමනේ යෙදුණා මිස කිසි­වක් කියන්නේ නැත. ඇගේ මුහුණ අඳු­රුය.

“වල­ව්ව­ලින් මඟුල් කතා කරලා තියෙද්දි අපි මොක­දට නිකං මාන්සි වෙන්නෙ. හහ්...”

“මොකක්...? හා... දැන් කාටද මේ මඟුල් කතා කරලා තියෙන්නෙ.”

“ඔයා මට කිව්වෙ නැති­වට මට ඒවා ඔක්කොම ආරංචි වුණා. අපේ අයි­යත් එක්ක කියලා තියෙන්නේ අගෝ­රිස් කපුවා!”

ශ්‍රීමාල් මහ හයි­යෙන් හිනා­වෙයි. ඒ හිනා­වට අස­ලින් ගිය කීප දෙනෙක්ම හැරී බල­නවා පෙනී මේඛ­ලාට දුක හිතෙයි.

“දුප්ප­ත්ක­ම්ව­ලට හිනා­වෙන්න එපා... ශ්‍රීමාල්!”

ඇගේ හැඬු­ම්බර හඬට ශ්‍රීමාල් ගේ හිත රිදෙයි.

“මොකක් හරි ඔයා පට­ල­වා­ගෙන... මේඛලා මට කතා කරපු මඟු­ලක් නෑ.. ඔය අගෝ­රිස් කපුවා අපේ වල­ව්ව­ලට මඟුල් කතා කර­නවා තමා... ඒත් ඔය මිනිහා මොකද ඔයා­ලගෙ අයි­යත් එක්ක මෙහෙම කතා­වක් කිව්වෙ...?”

“අගෝ­රිස් කපුවා හරිම ඉරි­සි­යයි.. මමත් ඔයා යන කැම්පස් එක­ටම සිලෙක්ට් වෙච්ච එකට... ඒක වෙන්න ඇති.. මං හිතුවෙ ඒක ඇත්ත කියලා...”

“මේඛලා ඔයා උගත් ගෑනි­යෙක්.. දැන් ලබන අවු­රුද්දෙ උපා­ධිය අර­ග­න්නවා අපි.. මෝඩ විදි­යට හිතන්නෙ නැතිව ටිකක් මොළේ කල්පනා කරලා වැඩ කළේ නැත්නම් අපේ ඉල­ක්ක­ව­ලට යාගන්න පුළු­වන් වෙන එකක් නෑ!”

ශ්‍රීමාල් කීවේ ස්ථිර­වම ය. මේඛලා ඔහුගේ අත තදින් අල්ලා ගත්තේ සැහැ­ල්ලු­වට සිනා­සෙ­මින්ය.

“සොරි ශ්‍රීමාල් ආයෙ මම කව­දා­වත්ම ඔයා ගැන මේ තරම් පටු විදි­යට හිතන්නෙ නෑ ඔන්න ජීවි­තේ­ටම...!”

මේඛලා එසේ කීවේ ගමේ පෙත්තරේ ළඟ ඉඳ­ගෙන රෙදි කඳු හෝද හෝදා කාල­යක් නැහිච්ච තම අම්මාගේ රූපය මතක් කර­ගෙ­නය. ඇගේ දෑසට කඳුළු ආවේ ඒ හින්දාය.

********

“දැන් මොකක්ද පුතේ ඔයා කරන්න බලා­පො‍ෙරාත්තු වෙන්නෙ...”

නිර්මලා මැණිකේ ජය­මා­ල්ගෙන් ඇසුවේ හිත කර­දර වෙමිනි. ජය­මාල් විශ්ව­වි­ද්‍යා­ල­යට යාමට තරම් ලකුණු ලබා නොති­බීම එක අත­කින් තමා­ගේත් සැමි­යා­ගේත් සතු­ටට හේතු වන බව ඇය දනී.

“මම තව පාරක් එක්සෑම් කරලා මට ඕනෑ නම් කැම්පස් යනවා... ඒත් ඉතිං අම්මයි අප්ප­ච්චියි කැමති නෑනෙ මම කැම්පස් යන­වට.. මම නොතේ­රිච්ච එක­ටත් ඔයා­ලට සතු­ටුයි නේද දැන් හහ් හා...!”

“ඔල­මො­ට්ටල කතා කියන්න එපා දරුවා කට තිබුණු පලි­යට.. ඔයා­ලට තමුන්ගෙ දෙම­වු­පි­යන්ගෙ අගේ තේරෙන්නෙ නෑ. අපි කවද හරි නැති­වෙච්ච දාක තමා ඒක තේරෙන්නෙ.. දෙම­වු­පියො කැමති දරු­වන්ට යහ­ප­තක් වෙනවා දකින්න.. දැන් අයි­යත් උපා­ධිය අර­ගෙන එයා ලබාපු දැනු­මෙන් අප්ප­ච්චිගෙ ව්‍යාපාර දියුණු කරන්න එකතු වේවි... ලබන අවු­රුද්දෙ හිට...”

“මම නිද­හස් ජොබ් එකක් හොයා ගන්නවා අම්මා.. මට ඒක දාහෙන් සැපයි.. ආ.. මට අප්පච්චි කීවා... අපේ කුමා­රත් ඔන්න එස්ටේට් එකේ ඔෆිස් එකට ගන්නවා කියලා...”

“අනේ! ඔව් පුතේ අපේ ජන්තු­වා­ටයි - සිරි­ය­ට­යිත් හරිම සන්තෝ­ෂයි. කොල්ලා පාස් වුණාම... පව් දෙන්නා ම ඇඬුවා හොඳ­ටම... පිං දුන්නේ අයි­යට තමා...!”

“හා.. හා... අපේ අයියා ඉතිං... පිං අතේ වැඩ­මනේ කොරන්නේ... හා.. හා... අම්ම­ලාට හොඳයි එයාව වලව් බිස්නස් බලන්න.. ඒවා මැනේජ් කරන්න.. එයා හොඳයි.. මං ඒකෙන් නිද­හස් කර­න්නකෝ...”

නිර්මලා මැණිකේ තම බාල පුත්‍රයා දිහා බැලුවේ කුහුල් ඇස­කිනි. අනේ ඇත්තට මේ ළම­යාගෙ වේල­ප­ත්කඩේ වත් බල­වා­ගන්න ඕනෑ දෙයි­යනේ.. ඇය නළ­ලට අත තබා­ගෙන සිතුවේ හිත කර­ද­ර­යෙන් ය.

“මොකේ අපෙ මැණිකෙ හාමු... ඉස කකි­ය­න­වා­වත්ද” කුස්සි­යෙන් එමින් සිටි සිරියා අසන්නේ කරු­ණ‍ා­වෙනි.

“නෑ සිරියා” කියා කීවත් නිර්මලා මැණි­කේට හිතුනේ ම සිරි­යාත් ජන්තුත් දුප්පත් කමට ඉප­දු­නත් තමුන්ගේ දරුවා නිසා සැන­සිල්ලේ සිටිනා බවය. කුමාර සාමාන්‍ය පෙළ සම­ත්වීම ඔවුන්ට මහ­මෙ­රක් වගේය. වස්තුව මොන­ත­රම් තිබු­ණත් අපිට අපේ දරු­ව­න්ගෙන් ලැබෙන සතුට සැන­සිල්ල මෙයා­ලට වගේ ලබන්න බැරි ඇයි.. ඇයට හිතුනේ එහෙ­මය.

********

දැන් චන්ද්‍ර­ලතා වැඩි­පුර සිටින්නේ ජයේන්ද්‍ර පුතා­ලාගේ නිව­සේය. මාලි­ගා­වක් වගේ අලුත් නිවස එහෙ මෙහෙ දුව පනින සිඟිති සුර­තලා ගෙන් ඒකා­ලෝක වෙලාය. දැන් ජ‍යේන්ද්‍රත් හරි හරි­යට වතු­වල වැඩ කට­යු­තු­ව­ලට සම්බන්ධ වෙයි. වත්තේ ඇති­වන සේවක ප්‍රශ්න­ව­ලට ජය­ති­ස්සට වඩා බුද්ධි­මත්ව මැදි­හත් වීමට පුතාට ඇති දක්ෂ­තාව ඇයට ආඩ­ම්බ­ර­යකි. ඕවා පරි­පා­ල­නේට ඕනෑ කරන මොළේ හයිය හත්තිය ඉතින් උප්ප­ත්ති­යෙන් ම එයාට ලැබෙන්න ඇතිනේ.. කට කොණට හිනා­වක් නගා­ගෙන ඇය කල්පනා කරයි. ඇයට තම සැමියා ජය­තිස්ස ගැන ඇති­වන්නේ දුකකි. එය දුක­කට වඩා අනු­ක­ම්පා­වක් වගේය.

පව් ජය­තිස්ස... ඉව­සීම පාර­මි­තා­වක් වගේ පුරන බෝධි­ස­ත්ව­යෙක් වගේ එයාට ඉන්න වුණේ එයැ­යි­ගෙම තියෙන උත්පත්ති දුර්ව­ල­කම හින්දනෙ...අතී­ත­යට මොහො­ත­කට යමින් ඇය කල්පනා කරයි. අවු­රුදු ගාණක් තිස්සේ ම ආද­රය වෙනු­වෙන් දහ­දුක් වින්ද ඔහු කෙසේ හෝ තමාව අයිති කර­ගත් හැටි... කසාද බැන්ද දවසේ රාත්‍රිය... මොන තරම් මූසල රාත්‍රි­යක් වුණාද? ඉතා ම දැඩි ආද­ර­ය­කින් උණු­සු­ම­කින් තමාව වැල­ඳ­ගත් ඔහු ඊළඟ මොහොතේ සර්ප­යෙකු ග්‍රහ­ණය ලිහිල් කර­න්නාක් සේ සීතල වී පසෙ­කට වුණු හැටි.. ඔහු මහා හඬින් හඬා වැටුණු හැටි.. තමා මුහුණ දුන්නේ කලා­තු­ර­කින් ගැහැ­නි­ය­කට මුහුණ පාන්නට සිදු­වන දේකට බව තේරුම් ගනි­මින් සිටිද්දී ශ්‍රී ජය වලව්වේ විල්ප්‍රඩ් හාමු තමා කෙරේ දැක්වූ ඇල්ම බැල්ම පවා ජය­තිස්ස ඉවසා සිටි­යේය. පළමු දරුවා... ජයේ­න්ද්‍රට විල්ප්‍රඩ් හාමු පියා වුණේ එහෙ­මය! ඊළ­ඟට... රත්න­පුර වලව්වේ ඩග්ලස් හාමු... චන්ද්‍ර­ලතා ගේ ඇස්වල කඳුළු පිරි­ලාය. එකට ජීවත් වූ අවු­රුදු ගණ­නාව පුරාම ජය­තිස්ස තමාව ආද­ර­යෙන් රැක බලා ගත්තේය. දරු­වන්ට ද ආද­රය කළේය.

“අම්මේ... මොකෝ... මේ ඇස්වල කඳුළු පුරෝ­ගෙන...?”

සම­න්තිගේ කට­හ­ඬින් චන්ද්‍ර­ලතා තිගැ­ස්සෙයි.

“නංගි කැම්පස් ගිය හින්දා අම්මට පාළුයි නේද? එහේ ගේ වහල දාලා ඔන්නොහෙ අම්මා මෙහා­ටම වෙලා ඉන්නකෝ...!”

තම හිස අත­ගා­මින් එසේ කියන ලේලිය ගේ දෑත බදා­ගෙන චන්ද්‍ර­ලතා ඉකි­බි­ඳියි...!

********

ජය­මාල් ශ්‍රී ජය වලව්වේ මිදු­ලට වෙලා බලා සිටින්නේ නිවාඩු පාඩු­වේය. කරු­ණා­දාස ඔහුගේ පසෙ­කිනි. ජන්තු නොන්ඩි ගස­මින් ඇවිත් කුරු­ල්ලන්ට ලේනුන්ට කෑම දමන්නේ පුරු­ද්ද­ටය.

“බේබි හාමු අදත් කොහේ­වත් යන­වද?”

කරු­ණා­දාස වාහ­නය සෝද­න්නට පටන් ගන්නේ ද පුරු­ද්ද­ට­මය.

“ඔව් කරු­ණා­දාස... මට ගම­නක් තියෙ­නවා... කරු­ණා­දාස අදත් ටිකක් විවේක ගන්නකො... මම වාහනේ අර­ගෙන යන්නම්....

“අනේ... ඇයි... බේබි හාමු...”

කරු­ණා­දාස ගේ මුහුණ නරක් වෙයි.

“ආ... ආයි... මොකද මේ... තනි­යෙන් රෝන්ද ගහන්න තියා­ගත්තෙ.”

අප්ප­ච්චිගේ ගොරෝසු කට­හ­ඬින් ජය­මාල් මොහො­ත­කට සැලෙයි.

ලබන සතියට‍...

අදහස්