නිවෙස තනා ගැනී­මට ඔබේ උදව් ඕනෑ | සිළුමිණ

නිවෙස තනා ගැනී­මට ඔබේ උදව් ඕනෑ

මිනු­ව­න්ගොඩ බෙම්මුල්ල මී ගහ ඇළ පාරේ පදිංචි එම් .ඒ විජිත කුලි වැඩ කර­මින් කීයක් හෝ සපයා ගනි­මින් තම දරු­ප­වුල රැක බලා ගත්තේ පොහෝ අමා­රු­කම් මැද්දේය. කෙත­රම් නැති බැරි­කම් තිබුණ ද ඔවුහු තම ගෙපැලේ සතු­ටින් දවස ගත කළහ. නමුදු ඒ සතුට වැඩි කල් රැඳුණේ නැත. විජිත පොල් ගස­කින් බිමට ඇද වැටුණේ දෙද­හස් දොළහ වස­රේ­දීය. ඔහු ඉන් ඔත්පළ වූ පසු ඔවුන්ට බොහෝ දුෂ්ක­ක­ර­තා­වන්ට මුහුණ දෙන්නට සිදු­විය. පවුලේ එකම ආදා­යම් උප­යන්නා වූයේ විජි­තය.

“සැමියා ඔත්ප­ළවූ පසු අපි අස­රණ වුණා. මට රැකි­යා­ව­කට යන්නත් බැහැ. මම සැමි­යායි දරු­වොයි බලා­ගෙන ගෙද­රට වෙලා ඉන්නවා. මගේ එක පුතෙක් ලබන වසරෙ සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටි­නවා. අනෙක් පුතා නවය වසරේ ඉගෙ­නුම ලබන්නේ. බාලම දරුවා හයේ පන්තියේ ඉගෙන ගන්නවා. මේ දරුවෝ බොහෝ අග­හි­ඟ­කම් මැද්දේ ජීවත් වෙන්නේ . අපි දැන් ඉන්න ගෙදර අබ­ලන්. ගේ පිළි­ස­කර කර ගන්න විදි­හක් නැහැ. ගමේ ස්වෙච්චා ආය­ත­න­යක් කිව්වා ගේ හදලා දෙන්නම් කියලා. ඒත් ඒ අය අපට කිව්වා අමු­ද්‍රව්‍ය හොයා ගන්න කියලා. අපි කොහොම ද මේ ගේ හදා ගන්නේ.“ විජි­තගේ බිරිය පව­සන්නේ හැඬු කඳු­ළෙනි.

එදා වේල පිරි­මසා ගන්නා මේ අස­රණ පවු­ලට තම අබ­ලන් නිවෙස අලුත් වැඩියා කර ගැනීම යනු සැබැ­වින්ම සිහි­න­යකි.කෙසේ වුවත් මෙම අස­රණ දරු­ප­වුලේ නිවෙස සාදා ගැනී­මට අමු­ද්‍රව්‍ය ඇතුළු දෑ ලබා­දී­මට ඔබත් කැමැ­ත්තේ­නම් එය අස­රණ දරු පවු­ලක් වෙනු­වෙන් කරන මහත් මෙහෙ­යක් වනු ඇත.

ඔබගේ උප­කාර මෙසේ යොමු කළ හැකිය.

වයි. ඒ. ටී. ඩී. යාපා.

ගම්පහ ලංකා බැංකු ශාඛාව_අංක 5678363
දුර­ක­ථන අංකය - 0778423384

අදහස්