TATA NEXON SUV සමඟ පිය­ව­රක් ඉදි­රි­යට | සිළුමිණ

TATA NEXON SUV සමඟ පිය­ව­රක් ඉදි­රි­යට

ටාටා මෝටර්ස් හා සීමා­ස­හිත ඩීසල් සහ මෝටර් ඉංජි­නේරු පොදු සමා­ගම (ඩීමෝ) ඒකා­බ­ද්ධව නවීන විලා­සි­තාවේ SUV රථය වන Tata NEXON ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි. විප්ල­වීය නිමැ­වු­මක් සහිත නව­තම NEXON රථය සුවි­ශේෂී හැඩ­යෙන් යුක්ත නවීන පහ­සු­කම් රැස­කින් සම­න්විත රථ­යකි. පසු­ගි­යදා මෙර­ටට හඳුන්වා දුන් මෙමNEXON SUVරථය ආක­ර්ෂ­ණීය පෙනු­ම­කින් යුතු වෙයි.

වඩාත් ඇග­යී­මට ලක්වූ NEXON රථ­වල AMT මාදි­ලිය තුළ HyprDrive Self- Shift Gears පහ­සු­ක­මින් ද යුක්ත වේ. XE, XM, XT, XZ, XZ+, XZA+ යනු­වෙන් වන මෙහි මාදිලි Etna Orange, Vermont Red, Moroccan Blue, Seattle Silver, Glasgow Grey සහ Calgary White ආදී වර්ණ වලින් දිව­යින පුරා ඩීමෝ අලෙවි මධ්‍ය­ස්ථාන 38 කදී අලෙවි කිරී­මට නිය­මි­තය. බල­ප­ත්‍ර­ලා­භීන් සඳහා මෙම පෙට්‍රල් රථ­යක හඳු­න්වා­දීමේ මිල වන්නේ රුපි­යල් මිලි­යන 1.99 කි. ඩීසල් රථ­යක මිල රුපි­යල් මිලි­යන 4.6 කි . ටාටා සමා­ගමේ මගී වාහන අතර ප්‍රමු­ඛ­තම වාහ­නය බවට මෙම වාහ­නය පත්ව තිඛෙන්නේ එහි ඇති විශේ­ෂතා නිසාය.

මෙම රථ­යෙහි ආර­ක්ෂාව පිළි­බ­ඳව සැල­කී­මේදී Global NCAP විසින් තරු 4 ආර­ක්ෂක ශ්‍රේණි­ගත කිරී­මක් ලබාදී ඇති අතර Global NCAP පරී­ක්ෂණ වලදී ඉන්දීය වාහ­න­යක් විසින් ලැබූ ඉහ­ළම ආර­ක්ෂා­කාරී ලකුණු ප්‍රමා­ණය (13.56/17.00) Tata NEXON රථය විසින් ලබා­ගෙන තිබේ.

 

අදහස්