SLT සම්මාන ත්‍රිත්ව­ය­කින් පිදුම් ලබයි | සිළුමිණ

SLT සම්මාන ත්‍රිත්ව­ය­කින් පිදුම් ලබයි

ජාතික තොර­තුරු සහ සන්නි­වේ­දන විස­ඳුම් සප­යන්නා වන ශ්‍රී ලංකා ටෙලි­කොම් ( SLT ) විසින් ඉකුත්දා කොළඹ ටාජ් සමුද්‍රා හෝට­ලයේ පැවැති, මෙරට හොඳම සේවා­යෝ­ජ­ක­යන් ඇග­යෙන Sri Lanka Best Employer Brand Awards 2018 හිදී සම්මාන ත්‍රිත්ව­ය­කින් පිදුම් ලැබීය.

SLT සමූහ සභා­පති පී. ජී. කුමා­ර­සිංහ සිරි­සේන මහතා, ප්‍රධාන විධා­යක නිල­ධාරී කිත්ති පෙරේරා මහතා, ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී/තාක්‍ෂණ නිල­ධාරී ප්‍රියන්ත ෆර්ඩි­නැ­න්ඩස් මහතා, මානව සම්පත් ප්‍රධානී ඉන්ද්‍රානී හිස්සැල්ල සහ ප්‍රධාන පාරි­භෝ­ගික නිල­ධාරී - රොෂාන් කළු­ආ­රච්චි මහතා සමා­ගම වෙනු­වෙන් අදාළ සම්මාන ලබා­ගැ­නී­මට මේ සඳහා සහ­භාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකා ටෙලි­කොම් විසින්, විදුලි සංදේශ අංශයේ, ශ්‍රී ලංකාවේ හොඳම සේවා­යෝ­ජක සන්නා­මය , සන්නාම නාය­කත්ව සම්මා­නය සහ SLT මානව සම්පත් ප්‍රධානී ඉන්ද්‍රානී හිස්සැල්ල විසින් කාන්තා නාය­කත්ව විශි­ෂ්ටතා - ශ්‍රී ලංකා කාන්තා නාය­කත්ව සම්මාන දිනා ගන්නා ලදි.

ජගත් මානව සම්පත් සංව­ර්ධන කොංග්‍ර­සයේ කොට­සක් ලෙසින් ගෝලීය සේවා­යෝ­ජක සන්නාම යටතේ ලොව කලාප කිහි­ප­යක වාර්ෂි­කව පැවැ­ත්වෙන මෙම සම්මාන ප්‍රදා­නය ශ්‍රී ලංකාවේ පව­ත්වනු ලැබුවේ තෙවැනි වස­ර­ටය.

අදහස්