පීපල්ස් ලීසිං ­නෙ­ළුව ශාඛාව වැඩි පහ­සු­කම් සහිත නව ­ප­රි­ශ්‍රයක | සිළුමිණ

පීපල්ස් ලීසිං ­නෙ­ළුව ශාඛාව වැඩි පහ­සු­කම් සහිත නව ­ප­රි­ශ්‍රයක

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමු­ඛ­තම මූල්‍ය සමා­ගම වන පීපල්ස් ලීසිං­ඇන්ඩ් ෆිනෑන්ස් සමා­ගමේ නෙළුව ශාඛාව, ගණු­දෙ­නු­ක­රු­වන්ට වඩාත් සුව­ප­හසු හා කඩි­නම් මූල්‍ය සේවා­වක් ලබා­දීමේ අර­මු­ණෙන් නව­ ප­රි­ශ්‍ර­යක (මනු­ක­ගො­ඩ­නැ­ගිල්ල, දෙල්ල­ව­ පාර, නෙළුව) එම සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී සාමා­න්‍යා­ධි­කාරී සබ්‍රි ඊබ්‍රහිම් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා විවෘත කෙරුණි. තේ දළු කර්මා­න්තය හා වෙනත් ව්‍යාපා­රික අවස්ථා බිහි­වීම හේතු­වෙන් නෙළුව හා එය අවට ප්‍රදේ­ශයේ නව ව්‍යාපා­රික පිබි­දී­මක් හා ජීව­න­ර­ටා­වක් ඇති වීමෙන් මූල්‍ය ­ප­හ­සු­කම් ලබා­ගැ­නී­මට පීපල්ස් ලීසිං­නෙ­ළුව ශාඛා­වට පැමි­ණෙන ගනු­දෙ­නු­ක­රු­වන්ගේ ප්‍රමා­ණය ඉහ­ල­යෑම මත එම ශාඛාව වැඩි ඉඩ­කඩ හා පහ­සු­කම් සහිත නව­ප­රි­ශ්‍ර­ය­කට ගෙවැ­ඳීම සිදු­විය.

පීපල්ස් ලීසිං නෙළුව නව ශාඛාව විවෘත කිරීමේ උත්ස­ව­යට එම සමා­ගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී, සංජීව බණ්ඩා­ර­නා­යක, ප්‍රධා­න­ක­ළ­ම­නා­කරු මෙහෙ­යුම්, හසන්ත ද සිල්වා හා නෙළුව පීපල්ස් ලීසිං ශාඛා කළ­ම­නා­කරු, අරුණ හේවා­ම­ද්දුම මහතා ඇතුළු ගණු­දෙ­නු­ක­රු­වන් රැසක් සහ­භාගී වූහ.

අදහස්