ග්‍රාම ශක්ති පිහි­ටෙන් ඉරු­දෙ­ණි­යා­යට අලුත් ඉරක් | සිළුමිණ

ග්‍රාම ශක්ති පිහි­ටෙන් ඉරු­දෙ­ණි­යා­යට අලුත් ඉරක්

මෙරට කෘෂි­ක­ර්මා­න්තය වෙනු­වෙන් මහඟු මෙහෙ­ව­රක් ඉටු­ක­රන ඉටු කරන ගොවි රජ­වරු සිටින ප්‍රදේ­ශ­යක් ලෙස ඉරු­දෙ­ණි­යාය හැඳි­න්විය හැකි වේ. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ පිහිටි විශා­ල­තම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය ලෙස පිළි­ගැ­නෙන පොල්පි­ති­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පිහිටි ඉරු­දෙ­ණි­යාය පදිංචි ගොවි ජන­තාව තමන් වගා කරන එළ­වළු හා පළ­තුරු පිට­ර­ටට යැවී­මට පවා සමත් වූවෝ වෙති .

ඉරු­දෙ­ණි­යාය ජන­තාව කෘෂි­ක­ර්මා­න්තය තම ජීවි­කාව ලෙස තෝරා ගන්නට බලපෑ ප්‍රධා­නම හේතුව වූයේ 1970- 77 සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය අග්‍රා­මාත්‍ය ධුරය දැරූ පාලන සමය තුළ “සිය රට දේ සිරි සැප දේ “ යන සංක­ල්පය පෙර­දැරි ව මෙරට තුළ මහා වගා සංග්‍රා­ම­යක් සිදු කිරී­මට කට­යුතු කළ බැවිනි. ඉරු­දෙ­ණි­යාය පොළ­වද කෘෂි­ක­ර්මා­න්ත­ය­ටම ඔබින සරු­සාර පස­කින් පොහො­ස­ත්වුණු අතර 1971 දී බණ්ඩා­ර­නා­යක මැති­නිය විසින් කෘෂි බිම් සංව­ර්ධන පනත යටතේ මෙම ප්‍රදේ­ශය කෘෂි­කර්ම ප්‍රදේ­ශ­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර සිය වගා කට­යුතු සිදු කිරීම සදහා එහි පදිං­චිව සිටි ජන­තා­වට අව­සර ලබා දෙන ලදී. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ප්‍රදේ­ශයේ තිබුණු මුඩු­බිම් පවා එළි­පෙ­හෙළි කර ගෝවා, බීට්, බණ්ඩක්කා , රාබු, වැට­කොළු, තක්කාලි ,බටු වැනි එළ­වළු ද කෙසෙල්, අඹ, පැපොල් වැනි පල­තුරු ද වගා කිරී­මට මෙහි ජන­තාව පෙල­ඹුණු අතර තවත් අක්කර ගණ­නා­වක පොල් වගාව ද ඉතා සරු­සාර ලෙස සිදු කෙරිණි .

කෙසේ වුවත් 1989 වස­රේදී මෙරට ජනා­ධි­පති ධුර­යට පත් රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ පාලන සමය තුළ ඉරු­දෙ­ණි­යාය ප්‍රදේ­ශයේ ගොවි ඉඩම් කහල්ල, පල්ලේ­කැලේ අභය භූමි කලා­ප­යට ඒකා­බද්ධ කර වන­ජීවී කලා­ප­යක් ලෙස ගැසට් මගින් ප්‍රකා­ශ­යට පත් කරන ලදි. ඉන් අන­තු­රුව ඩී බී විජේ­තුංග මහතා ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසු සන්නස් පත්‍ර­යක් මගින් එම ඉඩම් වගා කට­යුතු සඳහා නැවත ගොවි ජන­තා­ව­ටම පැව­රීය. එම ඉඩම් පවරා දීමේ අව­ස්ථාව සඳහා ජනා­ධි­ප­ති­ව­රයා ඉරු­දෙ­ණි­යාය ගමට ගිය අතර තම පැමි­ණීම සනි­ටු­හන් කර­මින් එහි ශෛල­මය සිහි­ව­ටන ඵල­ක­යක්ද ස්ථාප­නය කරන ලදී.

ඉරු­දෙ­ණි­යාය ජන­තාව සිය වගා කට­යුතු සිදු කර­ගෙන යාමේදී වල්අලි තර්ජ­න­ව­ලට ද ඉතා දරුණු ලෙසම මුහුණ දුන්හ. වල් අලි ප්‍රහාර නිසා මරණ රැසක් ද සිදු­වුණු අතර අලි­න්ටද ජීවි­ත­යෙන් වන්දි ගෙවී­මට සිදු වුණු අවස්ථා අන­න්ත­වත් වාර්තා වී තිබුණි. කෙසේ වුවත් මෙම අලි මිනිස් ගැට­ළුව නිසා මිනි­ස්සුන්ගේ හා අලින්ගේ ජීවි­ත­ව­ලට සිදු­වන හානිය හා වගා­වන්ට සිදු­වන විනා­ශ­යන් වළක්වා ගන්නට අලි වැටක් ද මෙහි ඉදි කෙරුණි.

මේ වන විට ඉරු­දෙ­ණි­යාය පදිං­චිව සිටින සමස්ත ගොවි පවුල් සංඛ්‍යාව 2453 ක් වේ.එම පවුල් අතර සිටින ජන­ග­හ­න­යද දස දහ­ස­කට වැඩි ය. දේශ­පා­ල­න­ඥ­යින් පවා දන්නා පරම සත්‍යය වන්නේ ඉරු­දෙ­ණි­යාය මිනිස්සු කිසිම දව­සක රජයේ රැකියා ඉල්ලා කර­ද­ර­කර හෝ අර­ගල සිදු කර නොමැති බවයි. ඔවුන් ඒ තර­ම­ටම තම ජීවි­කාව වන කෘෂි­ක­ර්මා­න්තය හා බද්ධ වී තිබේ. මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍ය­ස්ථා­නය ලෙස පිළි­ගැ­නෙන දඹුල්ල විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නය සඳහා සිය­යට හත­ළි­හක්ම එළ­වළු සප­යන්නේ ඉරු­දෙ­ණි­යායේ ගොවි රජ­වරු බව කීවොත් එය කිසිදු විටෙක අති­ශ­යෝ­ක්ති­යක් නම් නොවේ.

දින­ප­තාම ලොරි තිස් පහත් හත­ළි­හත් අතර ප්‍රමා­ණ­ය­කින් ඉරු­දෙ­ණි­යාය සිට දඹු­ල්ලට එළ­වළු යැවෙන අතර එසේ යවන එළ­වළු ප්‍රමා­ණය කිලෝ පනස් දාහක් පමණ වෙතැයි කියැවේ. ස්ව ශක්ති­යෙන් නැගි­ටි­න්නට උත්සාහ කරන ඉරු­දෙ­ණි­යාය ගොවි­ජ­න­තාව පිළි­බ­ඳව වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ද අව­ධා­නය යොමුව තිබේ. ඒ අනුව ජනා­ධි­ප­ති­තු­මාගේ සංක­ල්ප­යක් මත මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියා­වට නංවා ඇති ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපා­රයේ සක්‍රිය කොට­ස්ක­රු­වකු වීම සඳහා ඉරු­දෙ­ණි­යාය ජන­තා­වට ද එතුමා ආරා­ධනා කළේය.

දැන් ඉරු­දෙ­ණි­යාය ගොවි ජන­තා­වද ග්‍රාම ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­ර­යත් සමඟ ඉතා ශක්ති­මත් ලෙස දෑත් බැඳ ගෙන ඇත. ඒ අනුව මෙම ජන­තා­වගේ කෘෂි නිෂ්පා­දන කට­යුතු වලට ධෛර්ය­යක් ලබා­දෙ­න්න­ටද ඉරු­දෙ­ණි­යාය ගොවි ජන­තා­වගේ ද සහ­භා­ගි­ත්ව­යෙන් ඉරු­දෙ­ණි­යාය ග්‍රාම­ශක්ති ජනතා සමා­ගම මේ වන විටත් ස්ථාපිත වී තිබේ.

මෙම ග්‍රාම ශක්ති ජනතා සමා­ගම හරහා ඉදි­රි­යේදී තම ගොවි­තැන් කට­යුතු සාර්ථ­කව සිදු­කර ගැනී­මට අවශ්‍ය රාජ්‍ය අනු­ග්‍ර­හය නොඅ­ඩුව ලැබෙනු ඇතැයි මෙහි ජන­තාව තර­යේම විශ්වාස කරති. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපා­රයේ ප්‍රබල සෙන්ප­ති­යකු ලෙස පිළි­ගැ­නෙන හේමාල් ඩයස් මහ­තාගේ ද උප­දෙස් හා අනු­ග්‍ර­හන් ලැබෙන නිසා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා තම ගැටලු පිළි­බඳ අව­ධා­නය යොමු­කර ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපා­රය හරහා ඊට ඉක්ම­නින් පිළි­යම් ලබා දේ යැයි මෙහි ජන­තාව බලා­පො­රොත්තු ව සිටිති.

තව­මත් ඔවුන්ගේ ප්‍රධාන ගැට­ලු­වක්ව ඇත්තේ සිය වගා කට­යුතු සිදු කරන මෙම ඉඩම් වලට තමන්ට කියා ඔප්පු නොමැති වීමයි. විවිධ අව­ස්ථා­වල තම ගැට­ලුව පෙන්වා දුන්නද ඒ කිසි­වෙ­කුත් මෙම ගොවි ජන­තා­වට ඉඩම් ඔප්පු සකස් කර දීමට සමත් වූයේ නැත. එහෙත් දශක ගණ­නා­වක් පුරා පර­ම්පරා දෙක තුනක් තමන් වගා කළ මෙම ඉඩම්හි අයි­තිය මෙවර විධි­මත් ඔප්පු­වක් මගින් තමන්ට හිමි වේ යැයි ඔවුන් දෑස් අයා බලා සිටිති.

එප­ම­ණක් නොව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නාය­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපා­රයේ ආලෝ­ක­යෙන් තම ගමට සංව­ර්ධ­නයේ අරු­ණලූ උදා වේ යැයිද ඔවුන්ගේ අපේ­ක්ෂාව වී තිබේ. තමන් විසින් පිහි­ටු­වා­ගත් ඉරු­දෙ­ණි­යාය ග්‍රාම­ශක්ති ජනතා සමා­ගම හරහා තම ප්‍රදේ­ශය තුළ විදෙස් සංචා­ර­ක­යින්ට පහ­සු­කම් සල­සන සුන්දර නිවාඩු නිකේ­ත­න­යක් ඉදි­කි­රී­මට ද දැන­ට­මත් පිඹු­රු­පත් සකස් වී තිබීම විශේ­ෂ­ත්ව­යකි. නිවාඩු නිකේ­ත­නය ආරම්භ වූ පසු සැල­කිය යුතු පිරි­ස­කට රැකියා අවස්ථා ලබා­දී­මට සැල­සුම් කර ඇත .

මේ අතර තම ප්‍රදේ­ශය තුළ තුළ ඉදි­රි­යේදී මහ­ජන බැංකුව, ලංකා බැංකුව වැනි රාජ්‍ය බැංකු­වල ශාඛා ස්ථාපිත කරන ලෙසත්, ඉන්ධන පිර­වුම් හලක් ඉදි කර දෙන ලෙසත්, ඉරු­දෙ­ණි­යාය ග්‍රාම ග්‍රාම­ශක්ති ජනතා සමා­ගම මේ වන විටත් අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලීම් කර තිබේ.

ගොවි ජන­තාව ලෙස රට දැය වෙනු­වෙන් තම යුතු­කම් ඉටු කරද්දී තම මෙහෙ­වර අගය කිරී­මට බල­ධා­රීන් උත්සුක වනු ඇතැයි යන විශ්වා­ස­යෙන් සිටින මෙම ජන­තාව එක හඬින් ම පව­සන්නේ ඉරු­දෙ­ණි­යාය ට ඉර පායන්නේ ග්‍රාම ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­ර­යෙන් බව තමන්ට සක්සු­දක් සේ පැහැ­දිළි වී ඇති බවයි.

ඉරු­දෙ­ණි­යාය ඒකා­බද්ධ ගොවි සංවි­ධා­නයේ සභා­පති පී ඒ අබේ­සේ­කර මහතා හා ඉරු­දෙ­ණි­යාය ග්‍රාම­ශක්ති ජනතා සමා­ගමේ සභා­පති එච්.එම් නිශ්ශංක හේරත් යන මහ­ත්ව­රුන්ට විශේෂ ස්තූතිය.

අදහස්