සර­සවි ත්‍රස්ත­වා­දයේ ම්ලේච්ඡ­කම හෙළි කළ සර­සවි සිසුන්ගේ කඳුළු සාක්ෂි... | සිළුමිණ

සර­සවි ත්‍රස්ත­වා­දයේ ම්ලේච්ඡ­කම හෙළි කළ සර­සවි සිසුන්ගේ කඳුළු සාක්ෂි...

ග්‍ර නව­ක­ව­ධයේ අසං­ස්කෘ­තික ම්ලේච්ඡ­ත්වය පිළි­බ­ඳව සිළු­මිණ පුව­ත්ප­තින් පසු­ගිය සති කිහි­පයේ දී අප අනා­ව­ර­ණය කළේ දැඩි සංවේ­ග­යෙන් යුතු­වය. මේ අනා­ව­ර­ණ­යත් සමග ඊට දැක්වුණ ප්‍රති­චාර එක් අත­කින් ප්‍රකා­ශ­යට පත් කළේ මේ සමූ­හ­යේම අශිෂ්ට පර­පී­ඩ­ක­ත්වය ය. වෙබ් අඩවි හා දුර­ක­ථන ඇම­තුම් ඔස්සේ අසභ්‍ය අතා­ර්කික හරුප වගු­ව­රු­ව­මින් කළ වියරු වැටුණු මුග්ධ හැසි­රී­මක් විනා ප්‍රස්තු­තය පද­නම් කර­ගත් සාධ­නීය කථි­කා­වක් ගොඩ­නැ­ගුණේ නැත. මොනම පද­න­ම­කින් හෝ මේ ම්ලේච්ඡ පර­පී­ඩ­ක­ත්වය සාධා­ර­ණී­ක­ර­ණය කළ හැකි මනෝ­භා­ව­යක් කිසිම මනු­ෂ්‍ය­යෙකු තුළ ඇති­වීම අපව තිග­ස්ව­න්නේය. ඊට අනු­බල දිය හැකි වීම හෝ එහි සාධ­නීය අග­යක් දැකීම අපව කම්ප­න­යට පත්ක­ර­න්නේය. එය සර­සවි සංස්කෘ­තියේ ප්‍රශ්න­යක් නොව නඩත්තු කර පවත්වා ගන්නට උත්සාහ කරනු ලබනා මේ සමාජ විකෘ­ති­යේම ප්‍රකා­ශ­න­යක් වන බැවිනි.

සර­සවි නව­ක­ව­දයේ අශි­ක්ෂිත ස්වරූ­පය හෙළි කරන මේ ලිපි­යෙ­නුත් කියැ­වෙන්නේ මේ සමාජ ඛේද­වා­ච­කය ය. මෙහි ඇතු­ළත් සියලු තොර­තුරු ප්‍රබන්ධ නොව මේ තුච්ච වද­යට ලක් වූ සර­සවි සිසු දරු දැරි­ය­න්ගේම අතින් ලිය­වුණු අඳෝනා ය. එසේම විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­න­යට කරන ලද ලිඛිත පැමි­ණි­ලිය. මේ ලියන සෑම වච­න­යක් පිළි­බ­ඳ­වම වග­කීම අප සතුව තිබේ. යමෙකු මෙහි සඳ­හන් කුරිරු වධ­හිංසා විශ්ව­වි­ද්‍යාල පරි­ස­ර­යන් තුළ සිදු නොව­න්නේ­යැයි පව­සන්නේ නම් එහි සත්‍ය අස­ත්‍ය­තාව ඔප්පු කිරී­මට සාධක අප සතුව ඇත. අපට අවශ්‍ය වන්නේ සර­ස්ව­ති­යට උරුම භූමිය සර­ස්ව­ති­යම උරුම කර දීම මිස මෙවැනි මාන­සික ව්‍යාධීන්ට ලක්වූ­වන්ට තෝතැ­න්නත් සැප­යීම නොවේ.

මේ ලිපිය ලියන මොහොත වන විටත් මේ ම්ලේච්ඡ වධය හේතු­වෙන් කී දෙනෙක් කදුළු සලත්ද? කී දෙනෙ­කුට අකා­ලයේ දිවි අහිමි කර ඇත්තේද? කී දෙනෙකු ආබා­ධිත හෝ රෝගී වූවන් වී ඇත්ද? මේ ගැන කිය­න්නට කරුණු කාරණා බොහෝය. මේ වන විට සර­සවි බිමේ ඇතැම් පිරිස් මෙහෙ­ය­වන මෙවැනි ම්ලේච්ඡ­ත්ව­යන් කුරිරු අමා­නු­ෂික තත්ත්ව­යට පැමිණ ඇත්තේය.

කොළඹ ප්‍රධාන පාස­ලක උගත් අව­සා­නයේ එක්­තරා සර­ස­වි­ය­කින් උපාධි ලැබීමේ අපේ­ක්ෂා­වෙන් පසුවූ අමාලි චතු­රිකා නැමැති සිසු­විය 2015 පෙබ­ර­වාරි 15 වැනි දින සිය ජීවි­තය පිළි­බඳ අව­සන් තීන්දු­ව­කට පැමි­ණියේ ඇයි?

“මටත් ලස්සන ජිවි­ත­යක් තිබුණා....... ඒ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ 1st year exam ඉවර වෙලා කැම්පස් එකට ආපු 2nd year batch එකේ මාෂා හා ඉසුරු නිසයි. මට නවක වදය තුළින් දුන්නේ අසී­මිත මාන­සික පීඩ­න­යක්. ඒක ගොඩාක් ළමයි දන්නවා. ඒත් දැන්නම් කවු­රු­වත් සාක්ෂි දෙන්න ඉදි­රි­පත් වෙන එකක් නැහැ...................මට science වලින් කැම්පස් select වෙන්න වාස­නාව ලැබුණා. ඒත් අවා­ස­නා­වන්ත විදි­යට xxxxxට.( විශ්ව­වි­ද්‍යා­ලයේ නම සඳ­හන් කර ඇත). කැම්පස් සේර­ගෙන්ම නව­ක­ව­දය ඉවත් කරන්න ඕන. ඒක ළම­යින්ට මාන­සික වද­යක්. මම දැන් ලෙඩෙක් වෙලා තියෙන්නේ නව­ක­ව­දය නිසා...........ආයිත් බෙහෙත් ගන්න මේ බදාදා යන්න තියෙන්නේ. එත­කන් මම ජීවත් වෙන එකක් නැහැ. මාෂා, ඉසුරු මම මැරෙන්නේ ඔය දෙන්නත් එක්ක හිතේ තර­හෙන්. මගේ ආත්මය xxxxxට( විශ්ව­වි­ද්‍යා­ලයේ නම සඳ­හන් කර ඇත) ඇවිත් ඔය 2ගෙන් පළි­ගන්න එක පළි­ග­න්න­වා­මයි...“ එම විශ්ව­වි­ද්‍යා­ලයේ නව­ක­ව­දය හේතු­වෙන් සිය­දිවි නසා ගත් අමාලි චතු­රි­කාගේ අන්තිම කැමැති පත්‍රය (2015/2/15 රාත්‍රී 10 ට ලියන ලිපිය) ලියා ඇත්තේ ඇය විඳි කුරිරු නව­ක­ව­ධ­යට සාප කර­මිනි.

එවැනි කුරිරු වධ නැතැයි පව­ස­මින්, නව­ක­වධ කාලයේ ශිෂ්‍යා­වන්ට තන­පට ඇතුළු යට ඇඳුම් නොඇ­ඳී­මට කිසි­වෙ­කුත් බල­පෑම් නොක­ළේ­යැයි පිරි­සක් මුසා බාන අව­ධි­යක එම සර­ස­වියේ අමාලි අමු අමු­වේම දරුණු හිරි­හැර විඳ ඇති අයුරු ඇයගේ අව­සන් ලිපි­යෙන් මනාව පැහැ­දිලි වේ. නමුත් එක් මර­ණ­යක් නොව 1978 වසරේ සිට මේ දක්වා මෙම කුරිරු නව­ක­ව­ධය හේතු­වෙන් 14 දෙනෙ­කුගේ දිවි අහිමි වී ඇතත්, ප්‍රමා­ණය සඳ­හන් කළ නොහැකි ආකා­ර­යෙන් බොහෝ දෙනෙකු රෝගීන් බවට පත්වි ඇතත් මේ ම්ලේච්ඡ වධය තව­මත් අව­සා­න­යක් දැක නැත. කුරිරු ම්ලේච්ඡ­ත්ව­යට අඩ නොතියා සර­ස­විය පලා යද්දි වධ­කා­ගාර බවට පත්වන විශ්ව­වි­ද්‍යාල තුළ මෙයත් තවත් එවැනි අමා­නු­ෂික හෙළි­ද­ර­ව්වකි.

‘xxxxx විශ්ව­වි­ද්‍යා­ලය වධ­කා­ගා­ර­යකි‘( අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ නම සඳ­හන් කර ඇත) යනු­වෙන් ශිර්ෂ පාඨ යොදා සිසුන් පිරි­සක් විසින් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මට 2018/5/16 වැනි දින බාර දුන් ලිපියේ මේ උග්‍ර වධයේ කායික වධ හිංසා මෙයා­කා­ර­යෙන් පැමි­ණිලි කර ඇත.

“වච­නයේ පරි­ස­මා­ප්තා­ර්ථ­යෙන්ම xxxxx විශ්ව­වි­ද්‍යා­ලය (අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ නම සඳ­හන් කර ඇත) පළමු වසර සිසුන් හා දෙවැනි වසර සිසුන් සඳහා වධ­කා­ගා­ර­යකි...ලිපිය අව­සා­නයේ විස්තර සඳ­හන් කරන පිරි­සක් විසින් විශ්ව­වි­ද්‍යා­ලය අනෙ­කුත් සිසුන් සඳහා වධ­කා­ගා­ර­යක් කර හමා­රය. විශ්ව­වි­ද්‍යා­ලයේ පළමු වසර සිසුන් හා දෙවැනි වසර සිසුන් නොවි­ඳිනා දුකක් නැත....මුළු පාලන අධි­කා­රි­යම තුන්වන හා හත­ර­වන වසර සිසුන්ගේ අත­කොළු බවට පත්ව හමා­රය. මේ වන විට දෙවැනි වසර සිසු­න්ගෙන් විශාල පිරි­සක් සර­ස­විය තුළ ලේ හලා ඇත....විශාල පිරි­සක් සිටින තුන්වන වසර හා හත­ර­වන වසර සිසු­න්ගෙන් කිහිප දෙනෙක් මෙම ක්‍රියා­ව­ලිය සිදු කරති. මෙහි ප්‍රධාන මොළ­කරු xxxxx (සිසු­වෙ­කුගේ නමක් සඳ­හන් කර ඇත) යන හත­ර­වන වසර සිසු­වාය.....ඔහු කිසි දිනක දෙවැනි වසර සිසුන්ට පහර දී නැත. අව­සර ලබා දෙනුයේ ඔහුය. පහ­ර­දීමේ ක්‍රියා­ව­ලියේ මාන­සික රෝගියා xxxxx යන xxxxx ( සිසුන් දෙදෙ­නෙ­කුගේ නම් සඳ­හන් කර ඇත) විශ්ව­වි­ද්‍යා­ලයේ තුන්වන වසර ශිෂ්‍ය නියෝ­ජි­ත­යාය. ඔහු­ගෙන් ගුටි නොකෑ දෙවැනි වසර සිසු­වෙකු නොමැති තරම්ය. මොහු සෑම දින­කම සිසුන් පස් හය දෙනෙ­කු­ට­වත් පහර දේ. එය ඔහුට පුරු­ද්දක් වි ඇත. තවද මොහුගේ ගෝල බාල­යන් පිරිස සෑම දින­කම දෙවැනි වසරේ සිසු­වෙ­කුට හෝ දෙනෙ­කුට විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රධාන භෝජ­නා­ගා­රය පිටි­පස හෝ විශ්ව­වි­ද්‍යා­ලයේ “බීච් එක නැමැති ස්ථාන­යේදි බිමට වැටෙ­න්නට තිරි­සන් සතෙ­කුට මෙන් පහර දෙන්නේය....” මේ අදාළ වධ­කා­ගා­රය පව­තින විශ්ව­වි­ද්‍යා­ලයේ නමම සඳ­හන් කර­මින් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මට සිසුන් පිරි­සක් විසින් යැවූ ලිපි­යකි. මෙම ලිපිය අව­සා­නයේ නව­ක­වද දෙන තුන හා හත­ර­වන වසර සිසුන්ගේ සිය­ලූම ඡායා­රූ­පද අමුණා ඇත්තේ ඔවුන්ගේ නම්, ගම් මෙන්ම විශ්ව­වි­ද්‍යා­ල­යේදි ඔවුන් හදු­න්වන කෙටි නම්ද වන ඇන්ටි,ඔබාමා,ලැමා ආදි වශ­යෙන් ඔවුන් හැඳින්වූ අන්ව­ර්ථ නාමද සම­ඟිණි.

එදා විශ්ව­වි­ද්‍යාල උප­සං­ස්කෘ­තිය සුළු පිරි­සක් හේතු­වෙන් අද පාතා­ල­යක් වී ඇත්තේ මෙයා­කා­ර­යෙනි. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම පව­සන පරිදි මෙහි සිදු­වන ඇතැම් හිරි­කිත ක්‍රියා බොහෝ සෙයින් භයං­කා­රය. ලොමු ඩැහැ ගැන්වෙන සුලුය. සිදු­වන ඇතැම් දේ කිසි­වෙ­කු­ට­වත් සිතා ගත නොහැකි තරම් ය. ම්ලේච්ඡ­ත්වය උප­රිම ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක කර­න්නන්ට ඉටු කර ගැනී­මට යම් යම් පටු අර­මුණු ඇත්තේය. මේ එක්තරා සර­ස­වි­යක තවත් එවැ­නිම පැමි­ණි­ල්ලකි.

“xxxxx (අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ නම සඳ­හන් කර ඇත) ඉතා අමා­නු­ෂික නව­ක­ව­ද­යක් තියෙ­නවා. මුලින්ම අපි ඒකට තදින්ම අක­මැති වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ උත්ත­ම­යන් හා උත්ත­මා­වි­යන් අපට නිද­හසේ college එකේ ඇවි­දි­න්න­ව­ත් කැම කන්න­වත් දෙන්නේ නැහැ. කොටින්ම canteen එක ඇතු­ළට තියා canteen එක ඉස්ස­ර­හි­න්වත් යන්න තහ­නම්..........xxxxx (බල­ධා­රි­යෙ­කුගේ නමක් සඳ­හන් කර ඇත) ට කොච්චර complaint කළත් සත පහ­කට අපි ගැන හොයලා බලන්නේ නැහැ. හැම­දාම අපිට ගැහුවා කිව්ව­හම evidences ගේන්න කිය­නවා. ඒ නිසා අපි ඔක්කෝම පුළු­වන් විදි­යට video කර ගත්තා... මේ video හා photos වල ඉන්න සම­හර අයට විරු­ද්ධව ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට අමා­නු­ෂික ලෙස පහර දීම හා නව­ක­ව­ධය ලබා­දීම යටතේ ගරු අධි­ක­ර­ණයේ නඩු 5 ක් විභාග වෙනවා. එමෙන්ම ඔවුන්ට විරු­ද්ධව xxxxx (අදාළ විශ්ව­වි­ද්‍යා­ල­යක නම සඳ­හන් කර ඇත) විශ්ව­වි­ද්‍යා­ලය විසින් පව­ත්වපු විනය පරී­ක්ෂ­ණ­යට අද­වන තුරු සිදුවූ දෙයක් නැහැ. ඒත් ඔවුන්ගේ හැසි­රීම එහෙ­මම තමයි..“උසස් අධ්‍යා­පන රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාට 201801.08 දින අදාල විශ්ව­වි­ද්‍යා­ල­යේම සිසුන් පිරි­සක් විසින් අදාළ සියලු ඡායා­රූ­පද සම­ඟින් යොමු කළ ලිපි­යකි.

සර­සවි ගතවූ මෙවන් විකෘති මාන­සි­ක­ත්ව­යෙන් යුතු වූවන් මෙවැනි වධ­යන් කිරී­මට පෙල­ඹෙ­න්නන් ඔවුන්ගේ යටි සිත තුළ මනුෂ්‍ය ඝාත­න­යට යම් කැමැ­ත්තක් දක්වන නිසා බව මේ සම්බ­න්ධ­යෙන් පර්යේ­ෂ­ණය කර­න්නන්ගේ අද­හ­සයි. නව­ක­යින් නග්න කිරී­මෙන් හා ඔවුන් අස්ව­ාභා­වික ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්වල යෙද­වී­මෙන් හා ඒ පිරිස් බියෙන් තැති ගැන්ම­කට ලක්වී­මෙන් උග­ත්යැයි කියා ගන්නා මේ නව­ක­වධ උත්තම උත්ත­මා­වි­යන් ලබන්නේ අස්ව­ාභා­වික තෘප්ති­යකි.

“රාත්‍රි කාල­යේදි නේවා­සි­කා­ගා­ර­යන්ට අවුත් නව­ක­යින්ට පහර දෙනවා මෙන්ම දිවා කාලයේ දේශන තුළ­දීද (දේශන නොමැති කාලය තුළ­දීද) පහර දෙනු ලබයි. එමෙන්ම මාන­සික වශ­යෙන් විශාල පීඩ­න­යක් ලබා දෙනු ලබයි. තවද දේශන අව­සන් වි නේවා­සි­කා­ගා­ර­යට යන අතර තුර­දීද නව­ක­යින් වධ­කා­ගා­රය යැයි හඳුන්වන එක්තරා ස්ථාන­ය­කට රැගෙන ගොස් ඒ තුළ­දීද පහර දෙනු ලබයි. තවද රාත්‍රි­යේදි නේවා­සි­කා­ගා­ර­යන්ට පැමිණ නේවා­සි­කා­ගාර නිළ­ධා­රීන් හට මුසා පව­ස­මින් (විවිධ අංග­යන්/ උත්ස­ව­යන් සැල­සුම් කිරී­මට නව­ක­යින් රැගෙන යන බව පව­සයි) නේවා­සි­කා­ගා­රයේ පිට­තට රැගෙන ජ්‍යෙෂ්ඨ නේවා­සික කරා ගෙන ගොස් මැදි­යම් රෑ වන තුරු පහර දෙමින් ජුගුප්සා ජනක ලිංගික හිරි­හැර ලබා දෙයි.(රාත්‍රි නව­යට පමණ රැගෙන ගොස් නවයේ සිට මධ්‍යම රාත්‍රිය පසු­වන තුරු මෙය සිදු­ක­රනු ලබයි.) ලබා දෙන ලිංගික හිරි­හැ­ර­යන් මේ ලිපියේ දැක්වී­මට තරම් මා හට ධෙර්ය­යක් නොමැත.....තවද ඔබ හට පැවැ­සී­මට සුවි­ශේෂි කරු­ණත් පව­තියි. මෙහිදි කිසිදු ද්‍රවිඩ හෝ මුස්ලිම් ජ්‍යෙෂඨ ශිෂ්‍ය­යන් කිසිදු නව­ක­වද ක්‍රියා­ව­ලි­ය­කට සහ­භාගි වන්නේ නැත. මෙම අමා­නු­ෂික ක්‍රියා­ව­ලිය සිදු­ව­නුයේ සිංහල ප්‍රජාව අතරේ පමණි..... තවද මෙවන් ලෙස­කින් ලිපි ලියා නව­ක­ව­ද­යට එරෙ­හිව ක්‍රියා මාර්ග­යක් ගෙන විශ්ව­වි­ද්‍යා­ලයේ නිද­හසේ ඉගෙ­නි­මට සිතී­මද දවල් සිහි­න­යකි.“ මෙය 2018/8/27 දින විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මට එක්තරා විශ්ව විද්‍යා­ල­යක වධ­කා­ගා­රයේ වේදනා විදි­මින් අව­සා­නයේ පළමු වසර විභා­ග­යද අහිමි වු සිසු­වෙකු ලබා දුන් දුක් ගැන­වි­ල්ල­කින් උපුටා ගත්තකි.

මේ වන­විට මෙම අමා­නු­ෂික නව­ක­ව­ධයේ බිහි­සුණු බව හේතු­වෙන්ම 1989 දෙනෙක් සර­සවි භූමිය අත්හැර ගොසිනි. ඒ පිළි­බ­ඳව විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම හා උසස් අධ්‍යා­පන කොමි­සම ඉදි­රි­යේදි ගත­යුතු ක්‍රියා මාර්ග ගැන මේ වන විට සාකච්ඡා කර­මින් පසු­වෙයි. එසේම 1978 සිට මේ දක්වා මෙම කුරිරු වධ ඉව­සා­ගත නොහැකි වීමෙන් සිසුන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විශ්ව­විද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මම සාක්ෂි දරයි. එම කොමි­සම පව­සන පරිදි නව­ක­ව­ධය දෙන්න­වුන්ගේ තවත් ක්‍රියා­මා­ර්ග­යක් වි ඇත්තේ සෑම වස­ර­කම පළමු වසර සිසුන් අදාළ සර­සවි ප්‍රවේ­ශ­යට යාමට පෙර ඔවුන්ගේ නම් ලිපි­න­යන් මේ උත්තම උත්ත­මා­වි­යන් කෙසේ හෝ සොයා ගනි­මින් යම් යම් උප­ක්‍ර­ම­ශී­ලීව තමන්ගේ ග්‍රහ­ණ­යට නතු­ක­ර­මින් මනස් ශෝධ­න­යන් කිරී­මය. මේ කට­යු­ත්තේදි කොළඹ හා නාග­රික ප්‍රදේ­ශ­වල සිසුන් අත්හ­රි­මින් පහ­සු­වෙනු ග්‍රහ­ණය කර ගත හැකි පිරිස් පම­ණක් යොදා ගනි­මින් මෙම මනස් ශෝධ­නය කරන්නේ විවි­ධා­කාර පංති වලට සහ­භාගි කර­ව­මිනි. දැන් විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණෙ­න්නට පෙරා­තු­වම මේ කට­යුත්ත ඔවුහු විසින් කරති.

කෙසේ වෙතත් සර­සවි භූමිවල මේ උත්ත ­ම­යන්ගේ අති අමා­නු­ෂික අවකල් ක්‍රියා­වන් බොහෝ­ම­යක් මේ වන විට අනා­ව­ර­ණය වෙමින් පව­තින්නේ අදාළ සිසුන් විසින්ම ඒ පිළි­බඳ අනා­ව­ර­ණ­යන් කිරීම හේතු­වෙනි. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම පැව­සූයේ මේ වන විට මෙවැනි පැමි­ණිලි 434 ක් ලිඛි­තව, ඡායා­රූප, විඩියෝ පට හා හඬ­පට ආශ්‍ර­යෙන් ලැබී ඇති බවත් මේ වන විට එ් හරහා අදාළ පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇති බවත්ය.

මේ ම්ලේච්ඡ සංස්කෘ­තිය විශ්ව­වි­ද්‍යාල සංස්කෘ­තිය තුළ පවත්වා ගෙන යන්නේ එක්තරා සුළු පිරි­සක් බව කොයි කවු­රුත් දන්නා දෙයකි. සම­ස්ත­යක් ලෙස විශ්ව­වි­ද්‍යා­ල­යන්හි ඉගෙ­නුම ලබන සිසු­වි­යන්ගේ අපේ­ක්ෂාව තමන් පැතූ උපාධි සිහි­නය සැබෑ කර ගැනී­මය. මේ නිසා එවන් දරු­ව­න්ටත්, දරු­වන් වෙනු­වෙන් කැප­වන ආචාර්ය මණ්ඩ­ල­යට හා පරි­පා­ල­න­යට ගෞරව කිරී­මක් වශ­යෙන් විශ්ව­වි­ද්‍යා­ල­යන්හි නම් සඳ­හන් නොකි­රී­මට මෙම ලිපි­යේදි වග බලා ගතිමි. තමන්ට ජීවය ලබා දුන් සිය දෙම­වු­පි­යන් දෙදෙ­නාට පම­ණක් නොව අකුරු කළ ගුරු­ව­රු­න්ටත් ද්‍රෝහි වෙමින් මෙවැනි කට­යුතු කර­න්නන්ගේ ජීවි­තයේ කිසිදු අර­මු­ණක් හෝ ඉල­ක්ක­යක් නොමැ­ත්තන්ය. මොවුන්ගේ ඉති­හා­සය සොයා බලද්දි පර්යේ­ෂ­ක­යින්ට පවා පැහැ­දිලි වි ඇත්තේ ඉන් බොහෝ­ම­යක් ළමා කල විවිධ අප­චා­ර­යන්ට මෙන්ම ගෘහස්ථ හිංස­න­යන්ට ගොදුරු වූවන් වන අතර ඔවුන්ගේ මූලික අභි­ප්‍රාය වි ඇත්තේ සමා­ජ­යෙන් පළි­ගැ­නීම බවයි. එදා අහිං­සක වින්ද­න­යක් වු මෙය අද කුරිරු , රුදු වින්ද­න­යක් වි හමා­රය. එහෙත් මේ රුදු වධ­යට තිත තබ­න්නට තවත් පමා නැත. එසේ කර­න්නට සැවො­ටම වග­කී­මක් ඇත්තේය. ඒ අනා­ග­තයේ ඔබේ දරු­වන්ගේ නිද­හස් අධ්‍යා­ප­නය සුරැ­කී­ම­ටය. නැති­නම් මෙවැනි වධ­යන් ලබා දෙන ඔබේම දරු­වාගේ හෝ සහෝ­දර සහෝ­ද­රි­යගේ ආර­ක්ෂා­ව­ටය. එසේම අපට රටක් ලෙස ඉටු කර දීමට වග­කී­මක් ඇත්තේය. ඒ ජාත්‍ය­න්ත­රය තුළ අපේ විශ්ව­වි­ද්‍යා­ල­යන්ට හිමි නිසි තැන සුරැකී­ම­ටය.

අදහස්