වෙල්ලස්සේ කැරැල්ලට වසර 200ක් ගෙවෙන මේ වසරේ රජය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදි පසුගිය සතියේ 29, 30, 31 දිනවලදී පැවැත්වීය.
‘දේශප්‍රේමි කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට’ යන තේමාව යටතේ ඉහළ ම ජන සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය ප්‍රදර්ශන කලාප 12කින් යුක්ත වූ අතර එයට රජයේ හා පෞද්ගලික ආයතන 204ක ප්‍රදර්ශන කුටි 515ක් අයත්ය.
රටේ බාල, තරුණ, මහලු සියලු ජනතාවට අපේ රටේ සිදුවෙන දැවැන්ත හා ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය පිළිබඳව මහා දැනුමක් ලබාදෙන මෙම ප්‍රදර්ශනය තනිකරම දැවැන්ත ව්‍යවසායකත්ව හා අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස ද හැඳින්වීමට පුළුවන.
රාජ්‍ය ව්‍යාපෘතිය හා රජයේ සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම හා ව්‍යාපාර සමඟ ජනතාව නඟා සිටුවමින් අපේ රටේ ව්‍යවසායක පාරාදීසයක් බිහි කිරීමේ මාර්ගය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
ඓතිහාසික වෙල්ලස්සේ ජනතාවට දිගුකලක් තිස්සේ නොලැබුණු ආර්ථික, සාමාජික, ආධ්‍යාත්මික දියුණුවක් උදාකර දීම සඳහා මේ ප්‍රදර්ශනයට සමගාමීව ගම්පෙරළිය කඩිනම් සංවර්ධන සංග්‍රාමය ක්‍රියාවට නංවන බවද ඇමැතිවරයා කියයි.
සංහිඳියාව ප්රජාතන්ත්රවාදය සහ සංවර්ධනය මත තේමා වුණු ව්‍යවසායකයන් දිරිගන්වන 2025 මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට එක්වූ නැරඹූ වෙල්ලස්සේ ජනතාව එකහෙළා පැවසුවේ මෙවැනි දැනුමක් අධ්‍යාපනයක් ලබා දුන් ප්‍රදර්ශනයක් මෙතෙක් තමන්ට දකින්නට නොලැබුණු බවයි.
ෙම් මගින් අලුත් නැවුම් අත්දැකීම් තමන්ට ලැබුණු බව වෙල්ලස්සේ මොනරාගල, බිබිල, පස්සර, වැල්ලවාය, බදුල්ල, මැදගම, සියඹලාණ්ඩුව, පදියතලාව, බුත්තල, කතරගම හා ඔක්කම්පිටිය වැනි ප්‍රදේශවල සිට පාසල් සිසුන් සමාජ සංවිධාන, සමිති සමාගම්, ගොවි සංවිධාන, තරුණ පිරිස්, අප සමඟ පැවසූහ.
ප්‍රදර්ශනයේ සුවිශාල ප්‍රදර්ශන කුටි විවෘතව තිබුණේ ප්‍රධාන ප්‍රදර්ශන කලාප 12ක් ඇතුළතය.
ප්‍රදර්ශනයේ ප්‍රධාන කලාපය ව්‍යවසායකත්ව කලාපයයි. එමඟින් ව්‍යවසායකයන්ට ලබා දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම පිළිබඳ පූර්ණ දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන්ගේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමට හැකි වීම, ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය සහ ෙපෟද්ගලික බැංකු වලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකි වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දැනුම ලබාදෙන උපදේශන සේවා ආදි පහසුකම් ජනතාවට ලැබේ. ඊට අමතරව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ උපදෙස් හා කෙටිකාලීන සහතිකපත් පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සහ ප්‍රදර්ශනය තුළදීම සහතික පත් නිකුත් කිරීම ආදි අවස්ථා හා පහසුකම් මෙම කලාපය තුළදීම ලැබේ. අපනයන මුල් කරගත් ව්‍යාපාර ඇරඹීමට අවස්ථාව ලබාදීම හා නව දේශීය සහ විදේශීය වෙළඳපොළවල් වල ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් නව ව්‍යවසායකයන්ට නව වෙළෙඳපොළවල් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදීම ද මෙම කලාපයෙන් ජනතාවට ම ලැබෙන ප්රතිලාභ අතර ප්‍රධාන වේ.
සියලුම රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් පිළිබඳව පුළුල් තොරතුරු හා දත්ත මෙහිදී සියලු දෙනාට ලබා ගත හැකිය. නවීන තාක්ෂණය සමාජ වෙබ් අඩවි ඔස්සේ ඒ තොරතුරු දිගටම ලබා ගන්නා අයුරු ද මෙහිදී පෙන්වා දෙන ලදි.
ඊට අමතරව මෙහිදී සෞඛ්‍ය සායන හා වකුගඩු පිළිබඳ වෛද්‍ය සායන, බෝ නොවන රෝග පරීක්ෂා, දත්ත වෛද්‍ය සායන ඇතුළු විවිධ වෛද්‍ය සායන ආදියද රාජ්‍ය ආයතන කලාපයේදී පැවැත්විණි.
රැකියා අවස්ථා ලබාදෙන රැකියා වෙළඳපොළ හඳුනා ගැනීම, ඉඩම් ඔප්පු පිළිබඳ ගැටලු නිරාකරණය, හැඳුනුම්පත් සේවය ඇතුළු රාජ්‍ය සේවාවන් විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය භාණ්ඩ හඳුන්වාදීම සහ කාන්තාවන්ට නව රැකියා අවස්ථාවන් ද මෙහිදී නරඹන අයට ලැබී තිබිණි.
ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපය වෙල්ලස්සේ කුඩා තරුණ වැඩිහිටි ජනතාවට නවමු අත්දැකීමක් විය.
අධ්‍යාපන කලාපය මඟින් දරු පරපුරට සිසු පරපුරට ලැබුණු මෙහෙය කියා නිම කළ නොහැකිය. වෙල්ලස්සේ දරු පරපුරට සිසු පරපුරට ඉදිරියට යෑමට මේ කලාපයෙන් ලැබුණු පිටුබලය ඉමහත්ය.
ප්‍රදර්ශනයේ තිබූ නීල හරිත කලාපයේ පරිසර සුරැකීමට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය. පරිසරය සුරකින රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ හා විවිධ වාහන, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ සමුද්‍ර හා වෙරළ ආරක්ෂණ ක්‍රමෙව්ද පිළිබඳව නීල හරිත කලාපයේදි ජනතාවට අවබෝධයක් ලබා දුන්නේය.
නව නිපැයුම් කලාපයේ දි වෙල්ලස්සේ ජනතාවට මෙන් ම ඌව පළාතේ අයට සිසු දරුවන්ට කුතුහලය දනවන අත්දැකීම් සමඟ දැනුම් සම්භාරයක් ලබා දුන්නේය. ‘අහන්න’ ගීතය සමඟ සංහිඳියාව පිළිබඳ කතිකාවක් සංහිඳියා කලාපයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් වකුගඩු රෝග නිවාරණය පිළිබඳ දැනුම්වත් කරන ලදි. ඊට අමතර කාබනික පොහොර භාවිතයේ වාසි හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්ද පැවැත්විණි.
මාධ්‍ය හා ප්‍රකාශන කලාපය මඟින් ලේක්හවුස් ආයතනය ඇතුළු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල කුටි හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව වෙල්ලස්ස ජනතාවට කරුණු ඉදිරිපත් කෙරිණි.
නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණ ඇතිව හුස්ම ගත්ත වසර තුන වැඩදායක අස්වැන්න රටට පෙන්වමින් මොනරාගලදී පැවැත්වුණු ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රදර්ශනය මඟින් ජාතික සංහිඳියාවෙන් නීල හරිත ආර්ථිකයට ප්රවේශයක්ද ලබා දුන්නේය.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම් ද මෙම ප්‍රදර්ශනයේදී සිදුවිය. රටේ සියලු රාජ්‍ය බැංකු වෙනම කලාපයක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව කලාපයේ පිහිටා තිබිණි.
ඒ අනුව අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැති පුද්ගලයන් එම බැංකු කුටිවලට පැමිණ රජය ක්‍රියාත්මක අලුත් ණය යෝජනා ක්‍රම පිළිබඳව දැඩි උද්යෝගයකින් යුතුව තොරතුරු පිළිබඳව දැනුම්වත් වන අයුරු අපට දැක ගත හැකි විය. ඒ කලාපයේදී අපට හමුවුණු මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (සුළු ව්‍යාපාර) වික්‍රම නාරායන මහතා පැවසුවේ මේ අලුත් ණය යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම ජූනි මාසයේ සිට ආරම්භ කර ඇති බවයි. තම බැංකු ශාඛා ජාලයෙන් රට පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් මේ ණය පිළිබඳව ජනතාවට කියා දීමට වෙනම කණ්ඩායමක් යොදා ඇති බවත් ඒ මහතා පැවැසීය.
ඒ අනුව සියලු තරුණ උපාධිධාරීන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට හා ව්‍යාපාර ආරම්භ කිරීම කිසිම පොලියක් නැතිව රුපියල් ලක්ෂ 15 දක්වා ණය ලබාදෙනු ලැබේ. වසර 7කින් ණය ගෙවිය හැකි ය. ඒ ණය යෝජනා ක්‍රමය ඇරැඹුම ලෙස හැඳින්වේ.
ඊට අමතරව සියලු ලියාපදිංචි මාධ්‍යවේදීන්ට මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය උපකරණ වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 3 දක්වා සතයක්වත් පොලී නැතිව වසර 5 කදී ගෙවීමට ණය ලබාදෙනු ලැබේ. ඒ ණය යෝජනා ක්‍රමය ‘මාධ්‍ය අරුණ’ ලෙස නම් කර ඇත.
ඊට අමතරව ‘දිවි සවිය’ නම් තවත් නව ණය යෝජනා ක්‍රමය අනුව ස්වයංරැකියා සඳහා තරුණ තරුණියන් සඳහා පශු සම්පත් ව්‍යාපාර සඳහා රුපියල් 50000 දක්වා පොලිය නැති ණය ලබාදෙනු ලැබේ. V 2025 යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ හා ව්‍යවසායක පාරාදීසයක් රට තුළ ඇති කිරීමේ සංකල්පය අනුව රජය ක්‍රියාත්මක කරන මේ වැඩසටහන අනුව මහජන බැංකුව රිය ශක්ති, ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම ද ක්‍රියාවට නංවා ඇත. එහි වාර්ෂික පොලිය 3.35ක් බවද වික්‍රම නාරායන මහතා පැවැසීය. ඊට අමතරව රිවි බලය, හරිත ණය, සොඳුරු පියස නම් වලින් යුත් ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව ක්‍රියාවට නංවයි. මේ සියලු ණය යෝජනා පිළිබඳව විශාල පිරිසක් ප්‍රදර්ශන කුටියේ දී පසුගිය දින තුන ඇතුළත දැනුම්වත් වූ බව ද වික්‍රම මහතා කීය. ඒ ගැන වැඩි විස්තර 011-2481356 මඟින් දැනගත හැකි ය.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද මේ සහන පොලියට ණය දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ එක්ව සිටී. ඒ අනුව පවිත්‍ර ගංගා, රිවි බල සහ කප්රුක ජය ඉසුර ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ඒ.ඒ. ආරියපාල මහතා පවසයි. ඒ ගැන සියලු විස්තර 011-2035454 දුරකතන අංකය මඟින් හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛාවකින් ලබාගත හැකි බව ආරියපාල මහතා පවසයි. මේ අලුත් ණය යෝජනා පිළිබඳ සම්මන්ත්රන මඟින් ජනතාව 6000ක් පමණ දැනුම්වත් කර ඇති බව ද ඒ මහතා කීය.
මේ අලුත් ණය ක්‍රමය පිළිබඳව දැනගන්නට ප්‍රදර්ශනයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවට පැමිණ සිටි මොනරාගල බී.එච්. අප්පුහාමි මහතා පැවසුවේ අලුත් ණය යෝජනා ක්‍රම පිළිබඳව විවිධ ප්‍රචාර තිබුණත් හරියට ඒ බව දැනගත්තේ මේ එන්ටප්‍රයිස් ප්‍රදර්ශනයේදී බවයි. මොනරාගල පදිංචි ඒ මහතා පශු සම්පත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ණය ලබාගැනීමට අපේක්ෂා කරයි. මහජන බැංකුවෙන් වගා කටයුතු වලට ණය මුදලක් ලබා ගැනීමට පැමිණ සිටි තණමල්විල ඩී.ඒ. පියදාස හා ජී.ජී. කරුණාවතී යුවළ පැවසුවේ තරුණ හා වැඩිහිටි සැමට අතදෙන අඩු පොලී යෝජනා ක්‍රම රැසක් රජය රටට හඳුන්වාදී ඇති බවයි. තමන් මේ ප්‍රදර්ශනයේ දී දැනගත් අලුත් ණය පිළිබඳ තොරතුරු තම දූ පුතුන්ටත් ලබාදෙන බව ද ඔවුහු කීහ.
උපාධිධාරීන්ට, මාධ්‍යවේදීන්ට, ස්වයං රැකියා කරන්න හදන අයට පොලිය සතයක්වත් නැතිව රුපියල් ලක්ෂ 7 ණය කිසිම රජයක් මෙහෙම කළේ නැහැ අපිට. ලොකු සතුටක් ඒ වගේ ම තරුණ පරපුර දිරි ගැන්වීමක්. නව ව්‍යාපාර ඇරැඹීමට සියයට 3 සිට සියයට 7 දක්වා අඩු පොලියට ‘රිය ශක්ති’ ණය දෙනවා” මහජන බැංකු කුටියට පැමිණ සිටි වැල්ලවායේ සරත් වික්‍රමසූරිය තරුණ මහතා අප සමඟ කීය.
අපේ රට 2025 පොහොසත් රටක් ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අදිටන ඉටු කර ගැනීම පිණිස ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ යටතේ ලංකා බැංකුවෙන් සහන ණය රැසක් හඳුන්වාදීම තිබේ.
ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සී. අමරසිංහ මහතා පැවැසුවේ ලංකා බැංකුවට ද රටපුරා ම තම ගනුදෙනුකරුවන්ට පොලී නැතිව ණය දෙන හා සහන පොලිය මත ණය දෙන වැඩ පිළිවෙළ 12 ක් පමණ සකස් කර ඇති බවයි. ඒ අනුව ලංකා බැංකුව ද සිය ශාඛා 627 මඟින් මේ ගැන ජනතාවට හඳුන්වා දෙයි.
ලංකා බැංකුව ද ඇරඹුම, දිරි සවිය, මාධ්‍ය අරුණ යන කිසිම පොලියක් නැති අලුත් ණය යෝජනා ක්‍රම මෙරට ප්‍රථම වරට ක්‍රියාවට නංවයි. මේ පිළිබඳව ජනතාවට කියා දීමට සියලු ශාඛාවල වෙනම නිලධාරීන් යොදා ඇත. සූර්ය බල පැනල සවි කිරීමට ‘රිවි බල සවි’ හා සියයට 3.3 පොලියක් ඇති ‘ගොවි නවෝදා’ ණය ක්‍රමය ද ලංකා බැංකුව හඳුන්වා දී තිබේ. ගොවි නවෝදා මඟින් කෘෂිකාර්මික කටයුතු වලට ලක්ෂ 5 දක්වා ණය දෙන බව සී. අමරසිංහ මහතා කියයි.
ඊට අමතරව ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ද ‘ගොවි නවෝදා’ ණය ක්‍රමය ඇතුළු ක්‍රමවලින් සියයට 3.38 පොලියට ණය ලබාදීම සිදු කරයි. රට පුරා සියලු ශාඛා මඟින් මේ අලුත් ණය යෝජනා ක්‍රමය පිළිබඳව විස්තර ලබා ගත හැකි බව බැංකුවේ ප්රචාරක කළමනාකරු ලලිත් ලියනගේ මහතා කියයි.
මෙම ප්‍රදර්ශනයේදී අපට හමුවූ මොනරාගල ඇතිමලේ ඒ.පී. මුහන්දිරම් හා ඩී.එම්. සිරිසේන යන මහත්වරු පැවැසුවේ “දිරි සවිය හා ගොවි නවෝදා වැනි අලුත් සහන ණය ක්‍රම පිළිබඳව තමන් හරියට දැනුම්වත් වුණේ මේ ප්‍රදර්ශනය නිසා බවයි. දිරිය සවිය හා ගොවි නවෝදා ණය ක්‍රමයෙන් අපට අලුත් ඉඩම් කෑල්ලක අලුත් වගාවක් දාන්න පොලිය නැතිවත් සියයට තුනේ පොලියටත් ණය දෙනවා. පොලිය නැතිව හා මේ තරම් අඩු පොලියට අපේ අත්තා, මුත්තා කාලෙවත් ණය දුන්නේ නැහැ. ගිනි පොලි කාරයන්ගෙන් අපිව මුදවා ගන්න මේ වැඩේ හොඳයි. මේක තමයි සැබෑ වෙනස” ඔවුහු පැවසූහ.
මෙම ප්‍රදර්ශනයට තරුණ තරුණියන් 1000ක් පමණ සමඟ එක්වූ ජාතික තරුණ සේවා සභාවේ මොනරාගල මූලස්ථාන තරුණ සේවා නිලධාරි ජගත් සේනක මහතා පැවසුවේ මේ ප්‍රදර්ශනයෙන් තරුණ තරුණියන්ට ජීවිතේ අලුතින් ආරම්භ කිරීමට අලුත් පොලී නැති ණය යෝජනා ක්‍රම රැසක් ඇති බවයි. “මේ පිළිබඳව අපි තරුණ තරුණියන්ට ලබාදෙන්න වැඩපිළිවෙළ යොදා තිබෙනවා. මේ ප්‍රදර්ශනයේ කටයුතුවලට තරුණයින් 1000ක් පමණ අප යොදවා තිබෙනවා. ඒ මඟින් ඒ අයට ණය ක්‍රම පිළිබඳව අලුත් තාක්ෂණය පිළිබඳව දැනගන්න අවස්ථාව ලැබේවි” සේනක මහතා පවසයි.
“මේ ප්‍රදර්ශනයේ තරුණ තරුණියන් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ඉහළයි. ඒ අය අලුත් ණය යෝජනා ක්‍රම පිළිබඳව සතුටෙන් ඉන්නේ. තරුණ උපාධිධාරීන්ට දෙන ‘ඇරඹුම’ ණය ක්‍රමය පිළිබඳව අපි දැනගත්තෙ මේ ප්‍රදර්ශනයෙන්” මොනරාගල තරුණ සේවා නිලධාරි කපිල බණ්ඩාර මහතා අප සමඟ පැවසුවේ අද නව යොවුන් හා තරුණ පරපුරට ජීවිතයේ ඉදිරියට ගෙන යාමට මේ ණය ක්‍රම හොඳ ශක්තිමත් පිටුබලයක් හා අඩිතාලමක් වී ඇති බව පෙන්වමිනි.
මෙම ප්‍රදර්ශනය සඳහා ඌව පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ද කැපී පෙනිණි. උසස් පෙළ දරුවනට පාසලෙන් ඉවත්වී යන විට ජීවිතේ ඉදිරි ගමනට අත්වැලක් දෙන්නට මේ ප්‍රදර්ශය ඉතා වැදගත් බව ප්‍රදර්ශන භූමියෙදි අපට හමුවූ මේ බඩල්කුඹුර විදුහලේ විදුහල්පති එම්.ඒ. ස්වර්ණතිලකා මහත්මිය පැවසුවාය.
“අපිත් අපේ දරුවොත් මේ ප්‍රදර්ශනය බලන්න ඕනෑකමින් හිටියේ. අද ඒ අපේක්ෂාව සඵල වුණා. වෙල්ලස්සේ ජනතාව හැම දේ පිළිබඳව වැඩිපුර දැනගන්න කොළඹට යනවා. දහස් ගණනන් වියදම් කරනවා. නමුත් මේ ප්‍රදර්ශනය මඟින් කොළඹ පමණක් නොව රටේම සියලු ම තොරතුරු සියලු ආයතන වෙල්ලස්සට ගෙනැවිත් තිබෙනවා. සිසු සිසුවියන්ට පමණක් නොව, වෙල්ලස්සේම ජනතාවට සතුටුයි” ඇය කීවාය.
මෙම ප්‍රදර්ශනය වෙල්ලස්සේ සිංහල , දෙමළ, මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්වී සිටියේ වෙල්ලස්ස ජනතාවට සංහිඳියාවේ අරුණාලෝකය ගෙන එය ක්ෂේම භූමියක් බවට මේ ප්‍රදර්ශන භූමිය පත්කිරීමිනි.
මොනරාගල විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පී. ගනේෂන් මහතා ප්‍රදර්ශනයට පැමිණ සිටියේ තම පාසලේ සිසුන් 50ක් පමණ සමඟය. “මේ ප්‍රදර්ශනය සිසු පරපුරට රටේ ලෝකයේ වෙන දේවල් පිළිබඳව අලුත් දැනුමක් ලබා ගැනීමටත් සංහිඳියාවේ තෝතැන්නක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.”
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සිකුරාදා රාත්‍රි නිමාවට පත්වූයේ අපේ රට අලුත් ව්‍යවසායකයන් ලක්ෂයක් සමඟ 2025 දී පොහොසත් රටක් බවට පත්කර ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ පූර්ණ ශක්තිමත් අඩිතාලම තබමිනි.
සේයාරූ -රුක්මාල් ගමගේ, සමන්ත වීරසිරි, මාලන් කරුණාරත්න