විසි­රුණු සිත ඇති අයට ආනා­පා­න­සති භාව­නාව | සිළුමිණ

විසි­රුණු සිත ඇති අයට ආනා­පා­න­සති භාව­නාව

අද අපි කතා කරන්නේ එදි­නෙදා  ජිවි­තයේ දි අපිට හික්මීම ඇති කර ගැනීම සදහා ඉතා වැද­ගත් වන  භාව­නා­වක් පිළි­බඳ යි. එනම් සමථ භාව­නාව පිළි­බඳ යි. සම­ථය කියන්නේ සිත සංසි­ඳී­ම­කට පත් කර ගැනී­මයි. ඔබ දැක ඇති දූවිලි ඇවිස්සි ඇති මාව­තක්. ඒ මාවතේ දූවිලි සුළ ඟට මතු­වෙ­නවා. අන්න ඒ වගේ අපේ සිත තුළ සෑම අව­ස්ථා­ව­කදී කෙලෙස් නැමැති ධූවිලි ඇවිස්සී ඇවිස්සී  මතු වෙනවා.

 මේ දූවිලි ඇවි­ස්සුණු මාව­තක‍ට මහ වර්ෂා­වක් ඇද හැලුණු අව­ස්ථා­වක ඒ දූවිලි සන්සි­ඳුවා ගන්න පුළු­වන්. ඒ වගේ තමයි සත් ධර්මය ජීවි­ත­යට එකතු වුව හොත් කෙලෙස් නැමැති දූවිලි සන්සි­ඳවා ගන්නට පුළු­වන්. කෙලෙස් නැමැති දූවිලි තාව­කා­ලි­කව සන්සි­ඳවා ගෙන තාව­කා­ලිව යට­පත් කරන වැඩ­පි­ළි­වෙ­ළක් සම්බුද්ධ සාස­නයේ තුළ උග­න්ව­නවා. ඒ වැඩ­පි­ළි­වෙළ හඳු­න්වන නම වන්නේ සමථ භාව­නා­වයි.

සමථ භාව­නාව පිළි­බඳ ඉතා හොඳ කතා­වක් අට්ඨ කතා­වල හඳු­න්වලා තිය­නවා. ඒ අට්ඨ කතාවේ දී හිත උපමා කර­නවා කුළු­ හ­ර­කෙ­කුට. වනා­න්ත­රයේ ජීව­ත්වෙ­නවා එක්තරා කුළු­ හ­ර­කෙක් එක්තරා මනු­සේ­ස­යෙක් මේ කුළු හර­කාව අල්ල ගන්නවා. දිග කඹ­ව­ලින් බැදලා ගමට අරන් එනවා. ඌව ඉතාම ශක්ති­මත් කණු­වක බැඳලා තිය­නවා. මේ කුළු හරකා මේ කණුව වටේ දුව­නවා. දුවන්න දුවන්න ලණුව කණුව වටේ එතෙ­නවා. ලණුව කණුව වටේ එතු­ණාම කුළු හරකා කණුව මුල ලැඟ ගන්නවා.

අන්න ඒ වගේ අපිත් අපේ හිත දම­නය කර­ගන්න ඕන. හිත නැමැති කුළු හරකා දිග ලණු­ව­කින් බදි­න්නට ඕන දිග ලණුව කියන්නේ සිහි­යට කියන නමක්. කණුව කියන්නේ භාවනා අර­මු­ණට කියන නමක්. භාවනා අර­මුණ කියන කණුවේ සිහිය නැමැති ලණු­වෙන් කුළු හරකා වැනි සිත බැඳ තබා­ගත යුතුයි. ඒ කියන්නේ භාවනා කරන්න ආරම්භ කර­න්නට අව­ශ්‍යයි. භාවනා කරන කෙ‍ාට වරින් වර හිත නොයෙක් අර­මු­ණ­ව­ලට දුව­නවා. කුළු හරක‍කු කැල­යට දුව­නවා වගේ දුවන්න පටන් ගන්නවා.

කැලය කියන්නෙ වරක තමන් ආසා කරන අර­මුණු වලට ගමන් කිරීම යි. අර­මුණු කර­නවා තමන් අර­මුණු කරන ආසා කරන අර­මු­ණ­ව­ලට කියන්නේ කාම­ඡන්ද කිය­ලයි. ඒ වගේම තවත් වරක තමන් අක­මැති තරහා හිතෙන වෛර හිතෙන අර­මුණ වලට ගමන් කර­නවා. මේ වෛරී තරහා සිතු­වි­ලි­ව­ලට කියන්නේ ව්‍යාපාද කියලා සම­හර වේලා­වට නිදි­මත හැදෙ­නවා. අල­ස­බව ඇති­වෙ­නවා. ඇඟ මැළි­කැ­ඩිම් සිදු­වෙ­නවා. අෑනුම් යෑම සිදු­වෙ­නවා. ඒ‍වගේම භාව­නාව තුළ සි‍ත ඇලෙන්නේ නැතිව යනවා. මෙයට අපි කිය­නවා ථීන­මි­ත්තය කියලා. ඒව­ගේම තවත් අව­ස්ථා­වක භාවනා අර­මුණ වල සිත රඳා­ප­ව­තින්නේ නැතුව එක එක අර­මු­ණු­ව­ලට සිත ගමන් කර­නවා. නොයෙක් අර­මු­ණ­ව­ලට සිත ගමන් කිරීම හඳු­න්වන්නේ උද්ධච්ජ කුකුච්ච කියලා.

තවත් සම­හර අව­ස්ථා­ව­ලදී බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය ගැන සැක සිතෙ­නවා ඒව­ගේම සීලය සමථ භාව­නාව ගැන සැක සිතෙ­නවා. විද­ර්ශ­නාව ගැන සැක හිතෙ­නවා. අතී­තයේ මම හිටියා ද නැද්ද සැක හිතෙ­නවා. අනා­ග­තයේ මම ඉප­දෙයි ද නැද්ද කියලා හිත­නවා. අනා­ග­තයේ ඉප­දිලා ඉන්න මම අනා­ග­ත­යට සම්බ­න්ධයි ද නැති ද කියල හිතෙ­නවා. අනා­ග­තයේ ඉප­දෙයි ද නැද්ද කියලා සැක හිතෙ­නවා. ඒ සැක හඳු­න්වන්නේ විචි­කච්ජා කියලා.

මොන අර­මු­ණ­කට ගියත් භාවනා යෝගියා ඉතා ශක්ති­මත් ව සිහිය පව­ත්ව­නවා නම් ඒ අර­මු­ණු­වල සිත යන සෑම වේලා­ව­කම හොඳින් තේරුම් ගන්නට අව­ශ්‍යයි, මගේ හිත දැන් භාවනා අර­මුණු තුළ නැහැ. මගේ හිත දැන් වෙන අර­මුණ වල­ට‍ ­ගි­හිල්ලා .මම නැවත භාවනා අර­මු­ණු­ව­ලට මගේ හිත ගත යුතුයි කියලා තේරුම් ගත යුතුයි‍. නැව­තත් ඒ කෙලෙස් අර­මු­ණු­ව­ලින් හිත ඈත් කරලා භාවනා අර­මු­ණ‍ව­ලට හිත යොදා ගන්නවා .

ඒ විදි­හට වරින් වර පුරුදු කරන විට භාවනා අර­මුණ තුළම හිත පව­ත්වා­ග­න්නට පුළු­වන් වෙනවා. අන්ති­මට කුළු හරකා කණුව අස­ලම ලැග ගත්තා වගේ අපේ හිත භාවනා අර­මුණ කියන ශක්ති­මත් කණුව මුලම තැන්පත් වෙනවා. මෙයයි සම­ථ­යට පත් වෙනවා කියන්නේ ඉතින් සමථ භාවනා කියන්නේ කුම­ක­ටද? ඇත්ත­ටම සමථ භාවනා ව ‍උපයෝගි කර­ගන්නේ අපේ හිත සන්සි­ඳී­ම­කට පත් කර­ග­න්නයි. හිත සංසි­ඳී­ම­කට පත් කර­ගන්නේ මොන වගේ අව­ස්ථා­ව­ලදී ද එයත් අපි වෙනම විමසා බල­න්නට ඕන.

සම­හර අව­ස්ථා­වල අපේ හිත තුළ අන­වශ්‍ය ආශා­වල් ඇති­වෙන්න පුළු­වන්. විශේ­ෂ­යෙන් අද සමා­ජයේ බොහෝ ගැට­ලු­වක් වන ස්වාමියා හැර බිරිය හැර වෙනත් ස්ත්‍රියක හෝ පුරු­ෂ­යෙකු පිළි­බඳ ආක­ර්ෂ­ණය ඇති වෙන්න පුළු­වන්. මේ ආකා­ර­යට ඇති වෙන ආක­ර්ෂ­ණය නිසා සම්බ­න්ධතා ඇති වෙන්න පුළු­වන්. ඒ වගේ අවස්ථා වලදී වැඩිය යුතුයි මේ සමථ භාව­නාව. සිතෙහි එක­ඟ­ත‍ාව ඇති කර­ගන්න නම් මේ සමථ භාව­නාව වැඩිය යුතුයි. එබදු අව­ස්ථා­ව­ලදී වැඩිය යුතු සමථ භාව­නාව හඳුන්ව‍නු ලබන්නේ පටි­ක්කූල මන­සි­කා­රය එනම් පිළි­කුල් භාව­නාව වැඩිය යුතුයි.

පිළි­කුල් භාව­නාව කිව්වට භයට පත්වෙන්න එපා. ඔබේ හිත ඔබට අවශ්‍ය නොවන වැරදි යයි සම්මත ශිෂ්ට සම්පන්න නැති අය වෙත දුවන අව­ස්ථා­ව­ලදී පිළි­කුල් භාව­නාව මෙනෙහි කිරී­මෙන් ඔබේ හිත හොඳින් පාල­නය කර­ගන්න පුළු­වන්. මේ ලිපිය කිය­වන ඔබ වැරදි දේවල් වලට සිත යොමු කරන කෙනෙකු නම් ඔබේ හිත පාල­නය කර­ගැ­නී­මට දුෂ්කර නම් සැබැ­වින් ම පිළි­කුල් භාව­නාව වැඩීම ඉතා හොඳයි. පහ­සු­වෙන් වාඩි­වෙන්න දෑස්පියා ගන්න. ඉඳ­ගෙන ඉන්න ඉරි­ය­ව්වට හිත යොමු කරන්න. හිඳි­නවා හිඳි­නවා යන සිතු­විල්ල මෙනෙහි කරන්න. ඉන්ප­සුව හිසේ හිට පාද­න්තය දක්වා පිහිටි ස්ථාන වල සිට මෙනෙහි කරන්න. දත් සම ලොම් නිය සමස් නහර ඇට ඇට­මි­දුළු, වකු­ගඩු, හද­වත, අක්මාව බඩ­වැල ආදි සියල්ල පිළි­බ­දව හි යොමු කරන්න.

ආසා­වල් නිසා නොම­ඟට යොමු වු සිත සුම­ඟට යොමු කිරී­මට සාර්ථක ගිහි ජීවි­යක් ගත කර­න්නට මෙය සැබැ­වින්ම ඉව­හල් වෙනවා. ඔබේ ජිවි­තය වාස­නා­වන්ත එකක් බවට පත් කර­ග­න්නට එය හේතු­ව­නවා නිය­තයි. ඒව­ගේම අපි තවත් කාර­ණා­වක් අර­ගෙන බලමු ඇතැම් අව­ස්ථා­ව­ලදී අපේ හිත තුළ අධික කෝපය හට ගන්නවා. ඒ වගේ ම ක්ෂණික කෝපය හට ගන්නා අවස්ථා තිබෙ­නවා. තරහා නිසාම හිත පාල­නය කර­ගන්න බැරි අවස්ථා තිබෙ­නවා. ඒ අව­ස්ථා­ව­ලදී සමථ භාව­නාව වැඩී­මට යෝග්‍යයි.

තරහා වෛරය, එකට එක කිරීම පළි­ගැ­නීම වැනි අව­ස්ථා­වල දී වැඩිය යුතු සමථ භාවනා හඳු­න්වනු ලබන්නේ මෛත්‍රි‍ ­භා­ව­නාව නමි­නුයි. මෛත්‍රි භාව­නාව කිරී­මට කැමැති සත් පුරු­ෂ­යකු මුලින්ම කළ යුතු වන්නේ පහ­සු­වෙන් වාඩි වී ඇස් පියා ගැනී­මයි. හිඳ­ගෙන ඉන්න ශරී­ර‍යට හිත යොමු කර­නවා. හිඳි­නවා හිඳි­නවා කියලා ටික වේලා­වක් මෙනෙහි කර­නවා. ඉන් පසුව තමන්ගේ ශරී­රය හිත යොමු කරලා හිත­නවා මම වෛර නොවෙම්වා තරහා නොවෙම්වා නිදුක් නොවේම්වා සු‍වසේ ජීව­ත්වෙම්වා සුව­ප­ත්වෙම්වා කියලා.

ඉන්ප­සුව තමන්ගේ නිවසේ සිටින අය සහ ඉන් අන­තු­රුව සිය­ලුම සත්ත්ව­යන්ට නිදුක් ‍නිරෝගි සුව­පත් වේවා කියලා ප්‍රාර්ථනා කර ඉන් පසුව තරහා ඇති තැනැ­ත්තාට හිත යොමු කළ යුතුයි. තමන්ගේ ඉදි­රියේ ඇති යැයි සිතා­ගෙන ඔහු­ටත් මෛත්‍රි කළ යුතුයි. තරහා නොවෙත්වා වෛර නොවෙත්වා නිරෝග වෙත්වා සුවසේ ජිවත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. විශාල තරහා ඇති අව­ස­ථා­වල දී මෛත්‍රි භාව­නාව කළා කියලා තරහා නිවෙන්නේ නැහැ.

බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළා වෙනත් ක්‍රම­වේ­ද­යක්. ඒ තමයි තරහා ඇති කෙනාගේ ශරි­රය කෙට­ස්ව­ලට බෙදා තමා විසින්ම ප්‍රශ්න ඇසිය යුතුයි. තරහා ඇති තැනැ­ත්තාගේ එක් එක් අව­ය­වය අර­ගෙන ඇසිය යුතුයි ඔබ තරහා ශරී­රයේ ඇති කෙස් සමඟ ද ඇස් සමඟ ද දත් සම­ඟද සම සම­ඟද ආදි වශ­යෙන් කොටස් වලට බෙදා වෙන් කර ප්‍රශ්න ඇසිය යුතුයි. ඒ අසන ප්‍රශ්න­ව­ලට තමා විසින් ම පිළි­තුරු දිය යුතුයි නැත කියලා.

එනම් ඔබ ඇස් සමඟ ද, අපි සිතිය යුතුයි නැත කියලා. ඉන් අන­තු­රුව අපි සිතන්න ඕන මේ ‍කොටස් ටිකත් සමඟ අපි තරහා නැහැ කියලා මෙ කොටස් ටික හැර වෙනත් සත්ත්ව­යෙක් පුද්ග­ල­යෙක් නැහැනේ එසේ නම් කා සමඟ ද තරහා වෙන්නේ. අන්න ආකා­ර­යට මෙනෙහි කිරී­මෙන් ශූන්‍ය බව වැට­හිලා තරහා යට­පත් කරන්න අපිට පුළු­වන්. මේ ආකා­රය එදි­නෙදා ජීවි­තයේ දී අපිට වෛරය තර­හාව ඉරි­සි­යාව එකට එක කිරීම පළි­ගැ­නීම ආදි පවිටු චේත­නා­ව­න්ගෙන් මිදි­මට හැකි­වෙ­නවා. ඒවගේ අවස්ථා දම­නය කර­ගැ­නී­මට සම­නය කර­ගැ­නී­මට මේ භාව­නාව වඩා උප­කාරී වෙනවා.

සම­හර අය ඉන්නවා නිර­න්ත­ර­යෙන් නිදි­මත ඒ වගේම අලස පුද්ග­ල­යන් ඉන්නවා. දහ­වල් නිදා­ගැ­නී­මට පවා පුරුදු වෙලා ඉන්නවා බුදු­ද­හ­මට අනුව නිදා ගත­යු­තු­වන්නේ රාත්‍රි දහයේ සිට උදෑ­සන හතර පමණ කාල­යයි. ඊට අම­ත­රව දහ­ව­ල්කා­ලයේ නිදා­ගැ­නී­ම­ට­බුද්ධ ශාස­නයේ හදු­න්න­වන්නේ ජීවි­තයේ වද­බ­ව­කි­ය­ලයි වද බව­කි­යන්නේ බෙහෝම හිස්ජී­වි­ත­යක් කියන අර්ථ­යෙ­නුයි නිෂ්පල ජීවි­ත­යක් ‍ප්‍රයෝජ­න­යක් නැති ජීවි­ත­යක් කියන අර්ථ­යෙ­නුයි ඒ නිසා නින්දට පුරුදු වෙලා නම් අලස බවට පුරු­දු­වෙලා නම් කම්මැ­ළි­ක­මට පුරුදු වෙලා ඉන්නවා නම් එය නැති කර­ගන්න සමථ භාව­නාව ඉතා­මත් ප්‍රයෝ­ජ­න­වත් වෙනවා. එය නැති කර­ගන්න උප­කාරී වන සමථ භාවනා ක්‍රමය විදි­හට මරණ සති භාවනා හඳුන්වා දෙන්න පුළු­වන්. එයින් කුසීත බව අලස බව නැති වෙලා ගිහිල්ලා වීර්යය තමාගේ සිත් තුළ වර්ධ­නය වෙනවා.

මර­ණ­සති භාව­නාව වඩන්නේ ඉහ­තින් සද­හන් කළ ආකා­ර­ය­ටම හිඳ­ගෙන දෑස් පියා­ගෙන අත්දෙක පහ­සු­වෙන් තබා­ගෙන. සිහි කරන්න මගේ මර­ණය සිදු­වි­මට හේතු ඇත. ආයුෂ අව­සන් වීමෙන් ද ජීවි­තය අනි­ය­තයි මර­ණය නිය­තයි. ඒ වගේම ඍතු විප­ර්යා­ස­යන් නිසා ගංව­තු­රට හසු වීමෙන්ද මර­ණය සිදු විය හැකිය. ජීවි­තය අනි­ය­තයි. මර­ණය නිය­තයි කියලා හිතන්න නොසැ­ල­කි­මත් බව නිසා හදිසි අන­තු­රු­ව­ලින් මර­ණය සිදු විය හැකිය ජිවි­තය අනි­ය­තයි. මර­ණය නිය­තයි. තමාගේ උප­ක්‍රම නිසා ද මර­ණය සිදු­විය හැකිය. ජීවි­තය අනි­ය­තයි. මර­ණය නිය­තයි. පරෝ­ප­ක්‍රම නිසා එනම් අනුන්ගේ උප­ක්‍රම නිසා මගේ මර­ණය සිදු­විය හැකිය. ජීවි­තය අනි­ය­තයි. මර­ණය නිය­තයි. ඒව­ගේම කර්ම විපා­ක­යන් නිසා මර­ණය සිදු­විය හැකිය. ජීවි­තය අනි­ය­තයි මර­ණය නිය­තයි අාදි­ව­ශ­යෙන් මේ ආකා­ර­යට සිහි කිරි­මෙන් කුසිත භාවය නැති වෙලා බුද්ධ ශාස­නය කෙරෙහි ශ්‍රද්ධාව මෙන්ම ‍ඔබේ විර්ය­යද වැඩෙ­නවා.

ඔ‍බේ සිත තුළ ප්‍රමෝ­දය ඇති වෙලා ශද්ධාව සීලය වර්ධ­නය වෙනවා අලස බව නැති වෙලා වීර්යය වන්ත ජීවි­ත­යක් බවට පත්වෙ­නවා.

ඉතිරි කොටස ලබන සතියේ ......

අදහස්