විශ්‍රා­මි­ක­යන්ගේ වැටු­පටත් විදින බහි­ර­වයෝ! | සිළුමිණ

විශ්‍රා­මි­ක­යන්ගේ වැටු­පටත් විදින බහි­ර­වයෝ!

යස අවු­රුදු 60ක් වන තුරු රටට සේවය කර විශ්‍රාම යන සේව­ක­යන්ට ජීවි­තයේ සැඳෑ සමය යහ­පත්ව දිවි ගෙවීම පිණිස විශ්‍රාම වැටු­පක් ලබා දීම ආරම්භ කෙරුණේ 1815, එනම්: සුද්දාගේ කාලයේ සිට­මය. 1901 වස­රේදී එය ලංකාවේ නීති­ගත කෙරුණු අතර, 1947 අංක 02 දරන ආඥා පනතේ 02 වැනි වග­න්ති­යෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍ර­හ­යක්ද ස්ථාපිත කෙරුණේ විශ්‍රාම වැටුපේ අව­ශ්‍ය­තාව නිසා­මය. එහෙත් 1948 වසරේ නිද­හස උරුම වීමෙන් පසු විශ්‍රාම වැටුප් හිමි අයට ඒවා ලබා­ගැ­නී­මේදී අද දක්වාම වසර 70ක්ම විවිධ දුක්ගැ­හැ­ට­ව­ලට මුහුණ දීමට සිදුව ඇත. මේ තත්ත්වය කාගේ වර­ද­කින් සිදු වන්නේද යන්න අපි නොද­නිමු. කෙසේ වුවත් විශ්‍රාම වැටුප ලබා­ග­න්නට කාල­යක් තිස්සේ රාජ්‍ය සේව­ක­යන් විඳිනා දුක අපි හොඳින් දුටු­වෙමු. මේ තත්ත්ව­යට පැවැති විවිධ රජ­යන් විසින් විස­ඳුම් දුන්නද තව­මත් නිසි ක්‍රම­වේ­ද­යක් විශ්‍රාම වැටුප් සඳහා සැකසී නැත.

රාජ්‍ය සේව­කයා විශ්‍රාම යන අව­ස්ථා­වේ­දීම එම විශ්‍රාම වැටුප සකස් කිරීමේ ක්‍රම­වේ­ද­යක් හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජන­රාල් සුනිල් හෙට්ටි­ආ­රච්චි මහතා විසින් සකස් කළද ඇතැම් නිල­ධා­රීන්ගේ නොසැ­ල­කි­ලි­ම­ත්කම් නිසා මේ ක්‍රම­වේ­ද­යද තව­මත් නිසි ලෙස සැලැසී නැත.

ඇතැම් විට විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබා­ගැ­නී­මට විශ්‍රා­මි­කයා දහ-දොළොස් වතා­වක් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ය­ටත්, විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත් බඩ ගෑ යුතුය. එතැ­නදී වුවද මේ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ට නිය­මා­කාර සැල­කි­ල්ලක් ලැබෙන්නේ නැත. තම-තමන්ගේ වරද කාට හෝ පවරා බෝලය එහාට-මෙහාට දමා ෂේප් වීම අපේ බොහෝ නිල­ධා­රීන්ගේ සිරි­තය. ඔවුන්ට තමන් විශ්‍රාම යන බව අම­ත­කව කට­යුතු කරන බවක්‍ද පෙනී යයි. මේ ගැන ලිය­න්නට අපට හිතුණේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් හා රාජ්‍ය සේවා­වට බොහෝ සම්බන්ධ විශ්‍රා­මික රජයේ අති­රේක ලේක­ම්ව­ර­ය­කුට මුහුණ පාන්නට වූ සිදු­වී­මක් හර­හාය.

මේ ලේක­ම්ව­රයා වසර 35ක පමණ සේවා කාල­ය­කින් පසු 2007 වසරේ විශ්‍රාම ගියේය. 2007 වසරේ විශ්‍රාම ගිය ඔහුට 2017 වසරේ සිට සම්පූර්ණ විශ්‍රාම වැටුප හිමි විය යුතුව තිබිණි. එහෙත් ඔහුට එසේ සම්පූර්ණ විශ්‍රාම වැටුප නොලැ­බිණි.

ඒ සම්බ­න්ධව ඔහු තමාට විශ්‍රාම වැටුප් ගෙවීමේ කට­යුතු සිදු කරන තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන් අවස්ථා කිහි­ප­ය­කදී දුර­ක­ථ­න­යෙන් විම­සන ලද නමුත් පැහැ­දිලි පිළි­තු­රක් ලැබුණේ නැත. එම නිසා ලියා­ප­දිංචි තැපෑ­ලෙන් ලිපි­යක්ද යොමු කරන ලදි. මාස 5ක් ගත වුවද පිළි­තු­රක් නොලැ­බිණි‍. පසුව එම විශ්‍රා­මික අති­රේක ලේක­ම්ව­රයා විසින් මේ සම්බ­න්ධව තමන්ට විස්තර නොදීම සම්බ­න්ධව තොර­තුරු දැන­ගැ­නීමේ පන­තට අනුව අදාළ සියලු තොර­තුරු ලබා දෙන්නැයි තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන් ලිඛිත ඉල්ලී­මක් කරන ලදි. එය මඟ­හැර යෑමට නිල­ධා­රීන්ට හැකි­යාව ලැබුණේ නැත. මාස 5ක් තිස්සේ නිදා සිටි ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ නිල­ධා­රීන්ට ඇස් ඇරුණේ විශ්‍රා­මික අති­රේක ලේක­ම්ව­රයා තොර­තුරු පන­තින් දමා­ගැසූ පසුය. ඒ අනුව අදාළ විශ්‍රා­මි­ක­යාට තොර­තුරු නිල­ධාරි (සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම්) – (තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ) ලිපි­යක් එව­මින් දන්වා ඇත්තේ ලිපිය සම්බ­න්ධව කට­යුතු කිරී­මේදී ප්‍රමාද දෝෂ­යක් සිදුව ඇති බවයි.

එමෙන්ම මේ සම්බ­න්ධව දිගින් දිග­ටම පැමි­ණිලි ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය දක්වා ගෙන යෑමට විශ්‍රා­මික නිල­ධාරි මහතා කට­යුතු කළ නිසා කොළඹ දිස්ත්‍රි­ක්ව­ර­යා­ගේද ඇස් ඇරිණි. එසේ වුවත් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සිදු වූ මේ අව­න­ඩුව ගැන කොළඹ දිස්ත්‍රික් ලේක­ම්ව­රයා විසින් සොයා බලා වාර්තා කරන ලෙස දන්වා ඇත්තේ තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යා­ට­මය. එය නීති­මය ක්‍රම­වේ­දය විය හැකිය. එහෙත් එය හොරාගේ අම්මා­ගෙන් පේන අහ­න­වා­ටත් වඩා අගනා කතා­වකි!

මේ සම්බ­න්ධ­යෙන් ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය හා අනෙ­කුත් ආය­තන වෙත මේ සිදු­වීම ගැන පැමි­ණිලි ඇදී යෑම නිසා මේ වන විට අදාළ අති­රේක ලේක­ම්ව­ර­යාට සම්පූර්ණ විශ්‍රාම වැටු­පම හිමිව ඇති නමුත් අද වන තුරුත් ඔහුට අඩු විශ්‍රාම වැටු­පක් ගෙවී­මට හේතුව දන්වා නැත.‍ තොර­තුරු පන­තට අනුව එය අනි­වා­ර්යෙන් දැන්විය යුතුය.

එය අත්වැ­රැ­ද්දක් හෝ පරි­ග­ණක දෝෂ­යක් හෝ වීම­ටද ඉඩ ඇත. එසේම යම් අයකු හෝ කණ්ඩා­ය­මක් විසින් හිතා-මතාම සිදු කරන ලද්දක් හෝ වීම­ටද ඉඩ ඇත. මෙහිදී කුමක් සිදු වුවත් අදාළ විශ්‍රා­මික අති­රේක ලේක­ම්ව­ර­යාට ඒ ගැන සොයා-බලා කට­යුතු කිරී­මට දැනු­මක් තිබිණි. එහෙත් මෙවැනි සිදු­වීම් දස-දහස් ගණ­නා­වක් සිදු වන බවට අපට වාර්තා වූයේ ඒ අති­රේක ලේක­ම්ව­රයා ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ විම­ර් ශන අංශයේ සේවය කළ අයකු නිසාය. ඔහු පව­සන්නේ තමා එහි සේවය කරන කාල­යේදී ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි දහස් ගණ­නක් ලැබුණු බවත් එයින් පැමි­ණිලි 80%ක්ම විශ්‍රාම වැටුප් ගැටලු සම්බ­න්ධව බවත්ය. එයින්ද වැඩිම පැමි­ණිලි ප්‍රමා­ණ­යක් ලැබී ඇත්තේ තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ විශ්‍රාම වැටුප් ගැටලු ගැන වීමද මෙහි විශේ­ෂ­ත්ව­යකි.

එය­ටද එක් හේතු­වක් ඇත. ඒ මෙරට වැඩිම විශ්‍රා­මි­ක­යන් ඉන්නා ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස අතු­රින් තිඹි­රි­ග­ස්යාය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යද මුලින්ම තිබෙන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යක් වන හෙයිනි‍.

අප මේ කතා කළේ එක් පුද්ග­ල­ය­කුගේ ගැට­ලු­වක් ගැන­යැයි ඇත­ම­කුට සිතෙ­න්නට පුළු­වන. එහෙත් අප අව­බෝධ කර­ගත යුත්තේ එය නොවේ. තමන්ගේ නියම විශ්‍රාම වැටුප ලබා­ග­න්නට ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­ර­ය­කුට එසේ දස වධ විඳී­මට සිදු වූවා නම් කම්ක­රු­වකු, රියැ­දු­රකු, කාර්යාල කාර්ය සහා­ය­ක­යකු ගැන කවර කතාද? කෙසේ හෝ අපට මෙහිදී පැහැ­දි­ලිව පෙනෙන්නේ තම තමන්ගේ වැරැද්ද වසා­ගෙන කට­යුතු කර­න්නට බහු­තර ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල කට­යුතු කරන බවයි. එමෙන්ම අපට වාර්තා වන පරිදි විශ්‍රාම වැටුප් සම්බන්ධ ‘ප්‍රා.ලේ. ටෙන් පර්සන්ට් බද්ද’ නමින් බද්දක් ගැනද විශ්‍රා­මි­කයෝ කතා වෙති. ඒ තමන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ කාර්ය­යක් කර­ග­න්නට ඇතැම් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල නිල­ධා­රීන්ට විශ්‍රා­මි­කයා විසින් 10%ක මුද­ලක් ලබා දිය යුතු වීමයි.

තමන්ට අවස්ථා ගණ­නා­වක් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලට බඩ ගාන­වට වඩා කීයක් හෝ ලබා දී විශ්‍රාම ගැට­ලුව නිරා­ක­ර­ණය කර­ගැ­නීම පහසු වන බව බොහෝ විශ්‍රා­මි­ක­යන් සිත­නවා විය හැකිය.

වය­සට යෑමේදී ඇති වන රුධිර පීඩන, දිය­වැ­ඩියා වැනි රෝගා­බාධ නිසා මේ විශ්‍රා­මි­ක­යන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමා­ණ­යද වැඩි වන හෙයින් කීයක් හරි අල්ල­සක් දී හෝ තමන්ගේ වැඩේ කර­ග­න්නට ඔවුහු හුරු වෙති. එසේ වුවත් විශ්‍රා­මි­ක­යන් නිර­තු­රු­වම මුහුණ පාන මෙවන් සුලභ ගැටලු ගැන අදාළ අංශ තව­මත් නිහඬ වීම කන­ගා­ටු­වට කරු­ණකි.

රාජ්‍ය ක්‍රම­වේ­දය කුමක් වුවත්, යම් ආය­ත­න­යක ගැට­ලු­වක් ඇති වේ නම් විශේ­ෂ­යෙන්ම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වැනි ජන­තාව සමඟ නිර­තු­රු­වම සබ­ඳ­කම් ඇති ආය­තන හා විම­ර්ශන කට­යුතු කිරී­මට වෙන­මම ඒක­ක­යක් සිටිය යුතු­මය. නොඑසේ නම් අප මේ කතා කළ විශ්‍රා­මි­ක­යාට වූ දේ හෙට තවත් දහස් ගණ­න­කට විය හැකිය. විශ්‍රා­මි­ක­යන් අව­ලංගු කාසි නොවන බව නිල­ධා­රීන් දැන සිටිය යුතුය. එවන් තත්ත්ව­යන් වළ­ක්වා­ගැ­නී­මට නම් රාජ්‍ය සේවා­වන්ගේ මේ ඒකා­ධි­පති මාෆි­යා­වට එරෙ­හිව වැටක් බැඳිය යුතු­මය.

අදහස්