මධ්‍යම කඳු­ක­රයේ මිය යන පසට පණ පොවන මානු­ෂික මෙහෙ­යුම | සිළුමිණ

මධ්‍යම කඳු­ක­රයේ මිය යන පසට පණ පොවන මානු­ෂික මෙහෙ­යුම

අතීත සිංහල රජ­ද­රුවෝ මධ්‍යම කඳු­ක­රය නොකෙ­ල­සූහ. රටට ජීවි­තය දුන් ප්‍රදේ­ශය ලෙස සල­කනු ලැබ රක්ෂා කළහ. එහෙත් අද වන විට මේ හද­බිම සිය ජීවි­තයේ අව­සන් සුසුම් හෙළ­මින් සිටි­න්නීය. ඇය මිය ගියා නොව මරා දමනු ලබ­මින් සිටි­න්නීය. මධ්‍යම කඳු­ක­රයේ අක්‍ර­ම­වත්ව කෙරෙන එළ­වළු වගා­වත්, ඒ සඳහා අතා­ර්කි­කව කෙරෙනා පොහොර භාවි­ත­යත් මේ ව්‍යස­න­යට හේතු වී ඇති අයුරු හෙළි­වෙ­මින් තිබේ.

උඩ­ර­ටට උඩ­රට එළ­වළු හඳුන්වා දුන්නේ ඉංග්‍රී­සීන් බව සැබෑය. මේ එළ­වළු නුව­ර­එ­ළි­යට ගෙනා බව කියන්නේ සැමු­වෙල් බේකර්ය. එහෙත් නුව­ර­එ­ළිය ආශ්‍රිත ප්‍රදේ­ශ­වල අර්තා­පල් ඇතුළු උඩ­රට එළ­වළු වගාව ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ වග කියන්නේ එක්ද­හ­හස් නව­සිය අසූව දශ­කය ආර­ම්භයේ සිටය.

රෝහිත පුෂ්පකුමාර

එකල ආර්තා­පල් වගා කළ ගොවීන් පව­සන්නේ මේ පොළො­වෙන් එකට විස්ස තිහක අස්වැ­න්නක් ලැබුණු ආකා­ර­යය. එකට විස්ස තිහ යනු එක් අර්තා­පල් හොණ්ඩ­ර­යක් වගා කළ විට එයට අස්වැන්න වශ­යෙන් ලැබෙන ආර්තා­පල් ප්‍රමා­ණ­යයි. එකල අද මෙන් රසා­ය­නික පොහොර අධික ලෙස භාවිතා කිරී­මක් මෙන්ම දිලීර නාශක භාවි­තාවයක් නොවුණ ආකා­රය ඔවුහු පව­සති. නමුත් අද වන විට ආර්තා­පල් අස්වැන්න එකට අට හෝ දහය දක්වා පහළ බැස ඇත. ඒ අස්වැන්න ලබා­ගැ­නී­මට යෙදිය යුතු රසා­ය­නික පොහොර මෙන්ම කෘමි­නා­ශක, දිලීර නාශක මෙන්ම දියර පොහොර ප්‍රමා­ණය ද අධික බව ගොවින්ගේ අත්දැ­කි­මය.

මර­ණ­යට පිහිට

අර්තා­පල් සහ එළ­වළු වගාව ක්‍රම­යෙන් ව්‍යාප්ත විමත් සමඟ එක් එක් පෞද්ග­ලික සමා­ගම් ගොවින්ගේ පිහි­ටට පැමි­ණි­යේය. ඔවුහු නොයෙක් වෙළද නාම යටතේ අල භෝග සඳහා අල පොහො­රද, කොළ භෝග සඳහා කොළ පොහොර වශ­යෙන්ද පොහොර වර්ග දෙකක් හඳුන්වා දුන්හ. ගොවීහු ද හිතු මනා­ප­යට එම පොහොර පසට යොදා තම අස්වැන්න වැඩි කර­ගැ­නී­මට උත්සාහ කළහ.

ආර­ම්භයේ දී එය ඉතා සාර්ථක විය. එහෙත් මේ වන විට යොදන පොහොර ප්‍රමා­ණ­යට සරි­ලන අස්වැ­න්නක් ලැබෙන්නේ නැත. ඔවුන් ව්‍යස­න­යක් හඳු­නා­ගෙන තිබේ. ඒ නිසාම අනෙක් ප්‍රදේ­ශ­යන්ට සාපේ­ක්ෂව නුව­ර­එ­ළියේ ගොවියෝ තම වගා­වට ගොම පොහොර, කුකුළු පොහොර, මෙන්ම කොම්පොස්ට් ද නො අඩුව යොදති. එහි යහ­පත් ප්‍රති­ඵල සම්බ­න්ධව නිරී­ක්ෂ­ණය කරති.

මිය­දෙන පස

පොහොර යෙදු­වත් ප්‍රති­ඵල නොලැ­බී­මට හේතුව සොයා­යන්නේ හැත්බැ හේවගේ රෝහිත පුෂ්ප­කු­මාර නැමැති උපා­ධි­ධාරී තරු­ණ­යෙකි. ඔහු මිට වසර දෙක­කට ඉහත දී පෞද්ග­ලික පොහොර සමා­ග­මක කළ­ම­නා­ක­රු­වෙකු ලෙස කට­යුතු කෙළේය. නුව­ර­එ­ළි­යට පැමි­ණෙන ඔහු දකින්නේ ගොවින්ගේ අනිසි පොහොර භාවි­ත­යය. ඉන් පසට වන ව්‍යස­න­යය. ඔහු අත්දුටු කතාව ඔහුගේ වච­න­යෙන්ම මෙසේය.

“මම කෘෂි­කර්ම විශේෂ උපා­ධිය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් හැදෑ­රුවා. ඊට පස්සේ පේරා­දේ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ශාක පෝෂ­ණය සහා ශාක ලෙඩ රෝග පිළි­බද විශේෂ පශ්චාත් උපා­ධිය සම්පුර්ණ කළා. මම පශ්චාත් උපා­ධිය කරන කාලේ පොහොර සමා­ග­මක කලාප කළ­ම­නා­ක­රු­වෙකු විදි­හට වැඩ කළා. ඒ දවස් වල තමයි මම අත්දැක්කෙ අපේ නොදැ­නු­වත් මිනිස්සු පසට කරන විනා­ශය. ලංකාවේ කොතැ­න­ක­වත් පසට අනුව පොහොර ගන්න නෑ. දැන් ලෝකේ දියුණු හැම රට­කම ඒ පසට ගැළ­පෙන, වගා කරන භෝග­යට ගැළ­පෙන පොහොර නිය­මිත ප්‍රමා­ණය තමයි පසට එක් කරන්නෙ. එහෙම නැත්නම් පස් විනාශ වෙනවා.

හොඳම වැඩේ කියන්නෙ කෘෂි­කර්මේ වගේම පේරා­දෙ­ණියේ තියෙන උද්‍යාන භෝග පරි­ක්ෂණ සහ සංව­ර්ධන ආය­ත­න­යේත් බෝඩ් ගහලා තියෙ­නවා පසට අනුව පොහොර යොදමු කියල. ඒත් එහෙම පොහොර කොහේ­වත් ගන්න නෑ. එහෙම වුණාම කොහො­මද ගොවියො ඒවා පාවිච්චි කරන්නෙ.

අපි ඉගෙන ගත්තේ අල­ව­ලට, ලික්ස් වලට, කැරට් වලට, වෙන වෙනම පොහොර තියෙ­නවා තියලා. මම පොහොර සමා­ග­මක වැඩ ට ආපු­වාම බැලුවා එහෙම පොහොර තියෙ­නවා ද කියලා. මට වැඩ කරන්න හම්බ­වුණේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­කයේ. මෙහේ අවු­රුද්දේ හැම දාම වගා කර­නවා. ඒ වුණාට කඩ­වල තියෙන්නේ අල පොහො­රයි කොළ පොහො­රයි කියලා පොහොර වර්ග දෙකක් විත­රයි. කඩ වලින් ඉල්ල­න්නෙත් එවා විත­රයි. මම බැලුවා ඇයි මේ ගොවින්ට ඒ ඒ භෝග­යන්ට නිය­මිත මාත්‍රා­වට හදපු පසට ගැළ­පෙන පොහොර ලැබෙන්නේ නැත්තේ කියල.

සුපො­ෂ­ණය වු ජලය සහිත වගා ළිඳක් 

තාර්කික පිය­වර

මම පේරා­දෙ­ණියේ තියෙන උද්‍යාන භෝග පරි­ක්ෂණ සහ සංව­ර්ධන ආය­ත­නයේ අධ්‍ය­ක්ෂක තුමා­ගෙන් ඇහුව්වා ‘අයි සර් මේ පසට අනුව පොහොර යොදන එක ක්‍රියා­ත්මක කරන්නේ නැත්තේ‘ කියලා. එත් එක්කම මම ඉල්ලුවා ‘සර්ලා මෙච්චර කල් පරික්ෂා කරලා තියෙන පස් සාම්පල වල විස්තර මට දෙන්න‘ කියලා. ඒ වෙන කොට ඒ ආය­ත­නයේ අවු­රුදු තුනක් ඇතු­ළත පරීක්ෂා කළ පස් පාම්පල 15යි තිබු‍ණෙ. ඊට පස්සෙ මම ඇහැව්වා ‘මේ පස් පරික්ෂා කරලා පසේ අඩු පෝෂක ටික විත­රයි නේද සර් අපි වගා­ව­කදි යොදන්න ඕනේ‘ කියලා. එතුමා කිව්වා ‘ඔව් ඒක තමයි හරි‘ කියලා. මම අහැව්වා ‘ඇයි එහෙ­නම් මේක ක්‍රියා­ත්මක කරන්නේ නැත්තේ‘ කියලා. ඔහු මට කිව්වා ‘ඒක මේ කොම්පැ­නි­කා­ර­යොත් එක්ක කරන්න බැහැ පුතා‘ කියලා.

පස පරික්ෂා කිරිමේ මුල් පිය­වර

පස්සේ මම එතු­මා­ගෙන් ඇහැව්වා මම මේ පස් සාම්පල පරික්ෂා කරලා පසට හරි­යන භෝග­යට හරි­යන පොහොර හදන වැඩේ පටන් ගන්න මට උදව් කර­නවා ද කියලා. එතුමා ඒකට කැමති වුණා. ඒ වුණාට මමත් වැඩ කරන්නේ පොහොර සමා­ග­ම­කනේ. ඒ අය මේකට කැමති වෙයි ද කියන ප්‍රශ්නේ තමයි මට ඊළ­ඟට තිබුණේ. පස්සේ අපේ කළ­ම­නා­කර අධ්‍ය­ක්ෂ­ක­තුමා මට ලොකු සහා­යක් දුන්නා . ඒ වුණාට මට මානව සම්පත් තිබුණේ නැහැ. කොම්පැ­නි­යට ලොකු විය­ද­මක් දර­න්නත් බැහැ. පස්සේ මම මේ ගැන කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂක ජන­රාල්ට කිව්වා. එතු­මාත් මේක හොඳ වැඩක් කියලා මට ලිපි­යක් දුන්නා. මම ඊට පස්සේ රජයේ පස් පරික්ෂා කරන ආය­ත­න­ව­ලින් ඉල්ලුවා ‘මේ පස් නොමිලේ පරික්ෂා කරලා දෙන්න‘ කියලා. එත් ඒ අය කැමති වුණේ නැහැ.

මම නුව­ර­එ­ළියේ තියෙන කෘෂි­කර්ම දෙපා­ර්ත­මෙ­න්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය වගේ හැම තැනින්ම මේකට සහාය ඉල්ලුවා. ඒ කවු­රුත් මට උදව් කළේ නැහැ. කොහො­ම­හරි අන්ති­මට මට මගේ ආය­ත­න­යෙන් රුපි­යල් ලක්ෂ හත­ලි­හක් විතර වෙන් කරලා දුන්නා මේ වැඩේ කරන්න.

විශ්වවිද්‍යාල සිසුන්

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි වැඩ කරන්න කට්ටිය නැති එක. මම රජ­රට, රුහුණු, පෙරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට මේ ගැන ලියලා මට මේ ව්‍යාපෘ­ති­යට සිසුන් ලබා දෙන්න කියලා ඉල්ලුවා. පස්සේ පස් පරී­ක්ෂාව කරන්න ඒ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් මට කණ්ඩා­යම් විද­හට ළමයි ලැබුණා. ඔවුන් එක්ක එක­තු­වෙලා ගමින් ගමට ගොස් පරී­ක්ෂ­ණ­යට ලක් කරන්න පස් සාම්පල් ගත්තා. ඒ හැම පස් සාම්ප­ල­යක්ම පරීක්ෂා කළේ රජයේ පරි­ක්ෂ­ණා­ගා­ර­වල. අපි මේ වෙන කොට නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක­යම ආව­ර්ණය වන විදි­හට මීපි­ලි­මාන, කන්ද­ඇල, සීතා­එ­ලිය, කඳ­පොල, රාගල, මහ­කු­ඩු­ගල, මන්දා­ර­ම්නු­වර, හයි­ෆො­රස්ට්, සිල්මි­යා­පුර වගේ ගොඩක් ගම්මා­න­ව­ලින් පස් සාම්පල් දාහක් පමණ පරීක්ෂා කළා.

පරි­ක්ෂණ ප්‍රති­ඵල

අපි පරික්ෂා කළ පස් සාම්ප­ල­වල ප්‍රති­ඵල දැක්කම මටත් පුදුම හිතුණා. අපි හොයා ගත්තා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­කයේ බහු­ත­ර­යක් ප්‍රදේ­ශ­වල පසේ සංයු­තිය හොඳ­ටම වෙනස් වෙලා කියලා. ඒ කියන්නේ මේ පසේ පොස්ප­රස් තියෙන ප්‍රති­ශ­තය 300% විතර වැඩියි. පසේ පොස්ප­රස් තියෙන්න ඕනේ සිය­යට තිහක් විත­රයි. ඒ වුණාට හැම තැනම තිබිය යුතු ප්‍රමා­ණ­යට වඩා පොස්ප­රස් තියන ප්‍රමා­ණය සිය­යට සීයක් වැඩියි. පොටැ­සි­යම් ප්‍රති­ශ­ත­යත් වැඩියි. පොටෑ­සි­ය­ම්නම් වැස්සට හේදිලා වෙනස් වෙන නිසා එච්චර බල­පැ­මක් නැහැ.

පසක පොස්ප­රස් වැඩි වුණාම පසට දාන පොහොර ශාක­ව­ලට උරා ගන්නේ නැහැ. පසේ මෙච්චර තැන්පත් වෙලා තිබුණෙ මෙතු­වක් කල් අවි­චා­ර­වත්ව ගොවීන් පසට එකතු කළ පොස්ප­රස්ම තමයි.

මැරෙන පස

මේ වෙන කොට නුව­ර­එ­ළියේ තිබුණ සරු­සාර පස මැරෙන්න ඔන්න මෙන්න. ඇත්ත­ටම පස පණ අදින ගමන්. මෙහේ ගොවියො වැඩි­පුර ගොම පොහොර කුකුළු පොහොර, කොම්පෝස්ට් එහෙම දාන නිසා තමයි පසේ පණ කෙන්ද තවම රැකිලා තියෙන්නේ. ඒ වුණාට මේ තත්ත්වය ලොකු පාර­ිස­රික ප්‍රශ්න­යක් ඇති කර­නවා. ඉදි­රියේ දී මිනි­ස්සු­න්ටත් ලොකු ප්‍රශ්න­යක් වෙන්න පුළු­වන්. දැන් මේ පස රසා­ය­නික පොහොර අව­ශේ­ෂ­ය­න්ගෙන් ඉස්මු­රු­ත්තා­වට ඇවිත් තියෙන්නේ. මේ පැති­වල පොස්ප­රස් පසේ වැඩි වුණාම ඇති වෙන තත්ත්ව­යට ඇවිත්. කානු­වක් කැපු­වත්, ළිඳක් කැපු­වාත් එවගේ එකතු වන වතුර තද කොළ පාටයි. ඒ කියන්නේ සුපො­ෂණ තත්ව­යක් ඇති වෙලා. තව ටික දව­සක් මෙහෙම ගියොත් නුව­ර­එ­ළියෙ භූගත ජලය බොන්න බැරි වෙනවා. වකු­ගඩු රෝග වගේ තව ගොඩාක් ලෙඩ රොග හැදෙන්න පුළු­වන්.

පසට විසැ­ඳුම්

මේ ප්‍රශ්නෙට විස­ඳු­ම­කුත් තියෙන්න ඕන නිසා අපි පරික්ෂා කරපු පස් සාම්ප­ල­වල විස්තර රජයේ පිළි­ගත් පාංශු විශේ­ෂ­ඥ­යන් කණ්ඩා­ය­ම­කට දුන්නා. ඔවුන් සියලු දෙනා මේවා පරි­ක්ෂ­ණ­යට භාජ­නය කරලා ඒ ඒ පස් සාම්ප­ල­ව­ලට ගැල­පෙන පොහොර මිශ්‍ර­ණ­යන් ගැන අපට අව­බොධ කරලා දුන්නා. ඊට පස්සේ අපි අපේ ආය­ත­න­යෙන් ඒ ඒ ගම්මා­න­වල භෝග­ව­ලට සරි­ලන පොහොර මිශ්‍රණ හැදුවා. ඒවා ගොවීන්ට දුන්නා. ඒ පරී­ක්ෂණ ව්‍යාපෘ­තිය සාර්ථ­කයි. මේ විදි­හට අවු­රුදු දහ­යක් කළොත් අපිට ඉස්සර තිබුණ විදි­හට පස පුන­රු­ත්ථා­ප­නය කර­ගන්න පුළු­වන්.

නුව­ර­එ­ළියේ ගොවින් අනෙක් ප්‍රදේ­ශ­වල වගේ නෙමෙයි. තාක්ෂ­ණ­යත් එක්ක ඉන්නවා. පර්යේ­ෂ­ණ­ව­ලට එක් වෙනවා. නිසා එයා­ලට මේක තෙරුම් කරලා දෙන්නත් හරි ලේසි...” ඔහු පව­සයි.

නුව­ර­එ­ළියේ සමස්ත ගොවීන් අද මුහුණ දෙන ප්‍රධා­නම ගැට­ලුව වගාව සඳහා වැය වන අධික පිරි­වැ­යය. විය­ද­මට සාපේ­ක්ෂව විශාල අස්වැ­න්නක් ලබා ගැනී­මට නොහැකි විමය.

වාර්ෂි­කව නුව­ර­එ­ළිය දිස්ත්‍රි­කයේ ගොවිහු ආන­ය­නය කරනු ලබන රසා­ය­නික පොහොර ටොන් විසි­ප­න්ද­හ­සත් තිස් දහ­සත් අතර ප්‍රමා­ණ­යක් හෙක්ට­යාර හාර­ද­හ­සක් පමණ වන තම වගා­බි­ම්ව­ලට හෙළති. මෙයින් භෝග­යන්ට අව­ශෝ­ෂ­ණය කර ගනු ලබන්නේ ඉතා සුළු ප්‍රමා­ණ­යකි. අනෙක් සියල්ල නිර­ප­රාදේ අපතේ යයි. නිය­මිත භෝගයට සහා නිය­මිත පසට සරි­ලන පොහොර මිශ්‍ර­ණ­යන් පම­ණක් ගොවින් භාවි­ත­යට ගත­හොත් වස­ර­කදි පසට හෙළන ටොන් තිස්ද­හ­සක් පමණ වන රසා­ය­නික ද්‍රව්‍ය තොගය ටොන් අට­ද­හ­සක සිට දස දහ­ස­කට අඩු කර ගත­හැ­කිය. මධ්‍යම කඳු­ක­රයේ ගොවීහු මහා ව්‍යස­න­යක් අබි­ය­සය. එය හඳු­නා­ගෙන තිබේ. විකල්ප ඉදි­රි­පත් වී තිබේ. රට වෙනු­වෙන් එම නිර්දේශ තුළ හැසි­රීම ඔවුන්ගේ වග­කී­මය

 

අදහස්