මගේ දේප­ළත් අර­ගෙන පිපා­සෙට දිය පොදක් දුන්නේ නෑ මට මේවා දාලා යන්න බෑ | සිළුමිණ

මගේ දේප­ළත් අර­ගෙන පිපා­සෙට දිය පොදක් දුන්නේ නෑ මට මේවා දාලා යන්න බෑ

 

මේ සංසාර ගමනේ අනන්ත වූ දීර්ඝ වූ කාල­යක් එක් එක් ජාති­වල ඉප­දුණු සත්ත්වයෝ ඒ ඒ මවු­පි­ය­න්ගෙන් යැපෙන බැවින් ඔවුන්ට ණය වෙති. වැඩි­හි­ටි­යන්ට ගුරු­ව­රුන්ට ණය වෙති. එප­ම­ණක් නොව සියුම්ව කල්පනා කර බැලු­වොත් ගහ කොළට සතා සීපා­වාට පිරි­සුදු ජල­යට වාත­යට පවා ණය වෙති. ඒ ඒ අයට ප්‍රති උප­කාර කිරී­මෙන් ඒ ණය ගෙවිය හැකිය. පරි­ස­රය දූෂ­ණය නොකි­රී­මෙන් සොබා දහමේ ණය ගෙවිය හැකිය.

මවු­පි­යන්ට ණය වෙන දරුවෝ ඔවුන් විය­පත් වූ විට සාත්තු සප්පා­යම් කොට පෝෂ­ණය කර­මින් ණය ගෙවති. මර­ණ­යෙන් මතු ද පින් පෙත් දී ණය ගෙවති. එසේ නොක­රන අය බල්ලන් වී ගෙවල් මුර කර­මින් ණය ගෙවති. ගව­යන් වී කුඹුරු හාමින්, කිරි සප­ය­මින් ණය ගෙවති. කෙසේ නමුත් කාගෙන් හෝ උද­ව්වක් උප­කා­ර­යක් ගත්තොත් ඒ ණය ගෙවන තුරු, ගෙවා අව­සන් වන තුරු සසර ගමන දික් වේ, නිව­නක් නම් නැත.

කෙනෙ­කු­ගෙන් මඟ තොටක් පාරක් ඇසූ විට “ඔහොම ගිහින් අන්න අත­නින් දකු­ණට හැරී යන්න” යැයි අත දිගු කර පෙන්වයි. ඔහුට “පින් සිදු­වේවා” කිය යුතුය. බොහොම ස්තුතියි කීවාට හිත යටින් හෝ පින් සිදු වේවා යි කිය යුතුය. පින් සිදු වේවා යි වච­න­යෙන් කීවාට පින් ලැබෙයි ද? පින යනු තමන්ට හෝ අනුන්ට හෝ අය­හ­ප­තක් නොවන යහ­ප­තක් ම සිදු වන, ලෝභ­යෙන් ද්වේෂ­යෙන් තොරව කරන ලද සද්ක්‍රි­යා­වක දී ඇති වන සි‍තේ “පිනා” යෑම, නිරා­මිස සතුට නිසා ඇති­වන “ශක්ති” විශේ­ෂ­යකි. මේ සසර ගම­නේදී තම තමන් රැස් කැර ගත් පින් කන්දක් ඇත. සම­නොළ කන්ද තරම් උස පින් කන්දක් ඇත. ඒ පින් සියලු ‍ලෝක සියලු සත්ත්වන්ට අනු­මෝ­දන් කළ යුතුය.

ඒ කෙසේ ද? කුම­කට ද? සියලු ලෝක සියලු සත්ත්වයෝ ම මේ දීර්ඝ සංසාර ගමනේ දී ‍අපේ මවු පිය ඥාති මිත්‍රා­දීන් වන්නට ඇත. ඔවුන් අපට උදව් උප­කාර ආධාර විවිධ ආකා­ර­යෙන් සිදු කර­න්නට ඇත. ඒ නිසා අප ද ඔවුන් ඔවුන්ගේ යහ­පත සඳහා පින් දිය යුතු ය. ඔවුන් දුකෙන් මිද­වීම, සුව­පත් කිරීම අපේ වග­කී­මකි. ඔවුන් අපේ වැඩී­මට දියු­ණු­වට උදව් කැර ඇති නිසා අප දෙන පින් ඔවුන්ට උරු­මය. කැපය. ඒ මෛත්‍රී (මිතුරු) කරුණැ හැඟී­මෙන්ම ඔවුන්ගේ යහ­පත සඳහා පම­ණක් ම පින් පැව­රිය යුතුය. එයින් ණයෙන් නිද­හස් වීමක් ද සිදු­වෙයි. එයින් යම් කෙනෙ­කුට, දුන් පින් අනු­මෝ­දන් විය නොහැකි නම් ලෝක ධර්ම­තා­වය අනුව ඒ පින් දෙගුණ තෙගුණ වී දහස් ගුණා­කා­ර­යෙන් පින් අනු‍මෝ­දන් කළ තැනැ­ත්තාට ම ආපසු ලැබෙයි.

මේ ශරී­රය නිර්මා­ණය වී ඇත්තේ ඉතා සියුම් වූ රූප කොටස් විසි අට­කිනි. වචී විඤ්ඤත්ති රූප හා කාය විඤ්ඤත්ති රූප එයින් දෙකකි. වච­න­යෙන් පාරක් ‍තොටක් පෙන්නු­වත්, අව­වා­ද­යක්, පාඩ­මක් කියා දුන්නත් ඒ සඳහා උගුර, තොල්, දිව මෙහෙ­යවා වචී විඤ්ඤත්ති රූප වෑය වෙයි. අත පය ශරී­රය මෙහෙ­යවා උද­ව්වක් කළොත් කාය විඤ්ඤත්ති රූප වැය වෙයි. ඒ සමඟ මෛත්‍රී කරුණා චෛත­සික පරි­ත්‍යාග කරයි. මේවාට ණය ගෙවිය යුතු­මය. එසේ නම් ගෙයක් දොරක් ඉඩ­මක් මුද­ලක් වැනි භෞතික සම්ප­තක් ලබා ගෙන ඊට කළ­ගුණ නොසැ­ල­කු­වොත්? දඬු­වම විශ්වය විසින් ලබා දෙනු නියත ය. ඒ ලෝක ධර්ම­තා­වයි.

අත්ත­න­ගල්ලේ ජයන්ති පනස් හැවි­රිදි ය. හිටි හැටියේ ඇයට කතා කර­න්නට නොහැකි විය. ඇවි­ද­ග­න්නට නොහැකි විය. ශරී­රය කෙට්ටු වී වේදනා දෙන්නට විය. ආහා­ර­වල වැලි මිශ්‍ර විය. ඇගේ ස්වාමි පුරු­ෂයා සහ දරු දෙදෙනා ද අසා­මාන්‍ය ලෙස කෙට්ටු විය. පියවි ඇසට නොපෙ­නෙන කෙනෙක් නිවෙස ඇතුළේ සැරි­ස­රන බව දැනෙ­න්නට විය. රාත්‍රි­යට ඡායා­වක් ගමන් කරනු පෙනෙ­න්නට විය. මේ අපල උප­ද්‍රව ඇති වූයේ ඔවුන් සමඟ මේ නිවසේ ජීවත් වූ ජයන්ති ගේ නැන්දා ගේ මර­ණ­යෙන් පසු­වය. මේ වන විට තොවිල් අටක් කළත් කිසිදු සහ­න­යක් නොවීය.

අව­සා­නයේ ජය­න්තිගේ සැමියා ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථාන කරා ඇය කැඳ­වා­ගෙන ආවේය. ආධ්‍යා­ත්මීය උප­දේ­ශක කසුන් නාගො­ඩ­වි­තාන මහතා මුණ­ගැසී ප්‍රති­කාර පැතූහ.

පළමු රෝග පරී­ක්ෂාවේ දී ජය­න්තිට භූතා­ත්ම­යක් ආවිෂ්ට වී රෞද්‍ර ලෙස ගොර­ව­න්නට විය. එහෙත් කතා කළේ නැත. ගවේ­ෂ­ක­ව­රයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේ ය.

‍බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ ද ඇයට භූතා­ත්ම­යක් දිෂ්ටි ගැන්විණි. ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ල්වෙලා ඉන්නේ?”

“මම දයා­වතී” යි භූතා­ත්මය උත්තර දුන්නාය.

“කවුද දයා­වතී ය කියන්නේ?”

“මේ කෙල්ලගේ නැන්දා. තාත්තගෙ නංගී.”

“ඇයි මෙයාට කර­දර කරන්නේ?”

“කර­දර නෙමෙයි මේකිව මරන්න ඕනෑ.”

“මොකක්ද මෙයා ඔබට කළ වැරැද්ද?”

“මහ­ත්මයා. මම අවි­වා­හ­කයි. මගේ ඉඩම අක්කර හත­රක්. ඒ ඉඩමේ එළ­වළු වගා කර­වලා හොඳ ආදා­ය­මක් අර ගත්තා. මම තනි­යම ඉන්න නිසා මගේ අයි­යගෙ දුවව මිහි­න්තලේ ඉඳල මෙහෙට ගෙන්නා ගත්තා. මේ ජය­න්තියි මේ සුම­න­දා­සයි දරුවො හතර දෙනයි ඇවිත් මගේ ගෙදර පදිංචි වුණා. වගා කට­යු­තුත් කර ගෙන හිටියා. ඔහොම ඉන්න කොට මම අස­නීප වෙලා එක් තැන් වුණා. මේකි මට සැල­කුවේ නෑ. මට වෙලා­වට, බඩ­ගිනි වෙන කොට කෑම බීම ටික දුන්නේ නෑ. සම­හ­ර­දාට තුන් වේල ලැබු­ණෙත් නෑ. මාව නෑව්වේ පිරි­සුදු කළේ නෑ. පිපා­සෙට වතුර ඉල්ලලා කෑ ගහන කොට වතුර ටික දුන්නේ නෑ. දව­සක් නොතා­රිස් කෙනෙක් ගෙද­රට ගෙන්නලා මගේ ගෙයයි ඉඩ­මයි ලියා ගත්තා. ඇ‍ඳේ ඉඳ­ගෙ­නම මගේ අත්සන ගත්තා. මැරෙන වෙලා­වෙත් මම කෑ ගහලා වතුර උගු­රක් ඉල්ලුවා. මේකි නෑහුණ වගේ හිටියා. පිපා­සෙට මගේ දිව ගිලුණා. කතා කර­ගන්න බැරුව මහා වේද­නා­ව­කින් මම මැරුණේ. මගේ දේප­ළත් අයිති කර­ගෙන මට පිපා­සෙට උගුර තෙමා ගන්න වතුර උගු­රක් දුන්නෙ නැතු­වට තර­හෙන් මම මළේ. මම දැන් මුන්ගෙන් පළි­ග­න්නවා” යි භූතා­ත්මය කීවාය.

ජයන්ති පියවි සිහි­යට පත් කොට මේ භූතා­ත්මය කියන කතාව ඇත්ත­දැයි ගවේ­ෂ­ක­ව­රයා ඇගෙන් ඇසීය.

“නැහැ මහ­ත්මයා මම හොඳට සැල­කුවා” යි ජයන්ති කීවාය. සුම­න­දාස බිම බලා­ගෙන සිටි­යේය.

“හොඳයි ගමේ පන්ස­ලට හීලට දන් අඩු­ක්කු­වක් පූජා කර සති­යක් බෝධි පූජා පවත්වා නැන්දාට පින් අනු­මෝ­දන් කොට නැවත එන්නැ”යි නියම කැරිණි. යළිත් පැමි­ණෙන විට දරු­වන් හතර දෙනා ද කැඳ­වා­ගෙන ‍එන ලෙස ද කීවේය.

“පුතාල රස්සා­ව­ලට යනවා. ඒ ගොල්ලන්ට එන්න විදි­හක් නෑ” යි ජයන්ති කීවාය.

“මළ­ගිය අය බොරු කියන්නේ නෑ. නැන්දගෙ දේප­ළත් ලිය­වා­ගෙන අව­සාන මොහොතෙ වතුර උගු­රක් නොදුන්න තමු­සෙලා වගේ පව්කාර මිනිස්සු මැරෙ­න්න­මයි අරින්න ඕනෑ. ඒ නැන්දගෙ ණය ගෙවන්න ම ඕනෑ. පුතා­ල­ටත් එන්න බැරි නම් මීට පස්සෙ ප්‍රති­කාර ගන්න මෙහාට එන්න එපා” යි ගවේ­ෂ­ක­ව­රයා තදින් කීවේය.

ඊළඟ දිනයේ පුත්තු හතර දෙනා ද ඔවුන් සමඟ පැමි­ණි­යහ. ගවේ­ෂ­ක­ව­රයා ඔවුන් ද දැනු­වත් කළේය.

“මේ දයා­වතී තමන්ගේ ගේ දොර ඉඩ­ක­ඩම් සිය­ල්ලක් ම දීලත් එයා මැරෙන මොහොතෙ පිපා­සෙට වතුර උගු­රක් දෙන්න තරම් අකෘ­තඥ වුණ ජයන්ති වගේ දුෂ්ට කාන්තා­වක් නිසා ඇය වෛර­යෙන් මැරී ප්‍රේති­යක් වෙලා. දේපළ ලියවා ගෙන නැන්දාට නොසැ­ලකූ නිසා ප්‍රේතිය බිලි ගන්නයි හදන්නේ.” යි කියන විට සියලු දෙනා ම අඬ­න්නට වූහ. අනේ අපේ අම්මා බේරා දෙන්නැ” යි ඇව­ටිලි කළහ.

“එහෙම නම් නැන්දාගේ ණය ගෙවෙන්න ගෙදර සාංඝික දාන­යක් දී ඇයට පින් අනු­මෝ­දන් කරන්න ඕනෑ. ඊළ­ඟට පවුලේ හය දෙනා ම වැඩි­හිටි නිවා­ස­යක් ශුද්ධ පවිත්‍ර කර වැඩි­හි­ටි­යන් නාවා පිරි­සුදු කර කවා පොවා සති­යක් සාත්තු සප්පා­යම් කර ප්‍රේති­යට පින් දී නැවත එන්න. මේ ටික අවං­ක­වම නොක­ළොත් ප්‍රේති­යට මරා­ගෙන අර­ගෙන යන්න දෙනවා. ගෙයක් සහ අක්කර හත­රක ඉඩ­මක් කියන්නේ වටිනා දේප­ළක්. ඒ වගේ දේප­ළක් ලබා දුන්න නැන්දාට සල­කපු හැටි බොහොම වැර­දියි.” ගවේ­ෂ­ක­ව­රයා තදින් ම කීවේය.

මර­ණ­යට ඇති අකැ­මැත්ත හා භය නිසා ම ඔවුහු ඒ නිය­ම­යන් අකු­රට ම සිදු කොට නැවත පැමි­ණි­යහ. එදින ගවේ­ෂ­ක­ව­රයා ජය­න්තිට ප්‍රේතිය දිෂ්ටි ගන්වා කතා කළේය.

“කොහො­මද පින් අනු‍මෝ­දන් වුණාද?” යි ඇසීය.

“ඔව් මහ­ත්මයා. නියම කළ වැඩ ටික මේ අය හොඳට සිද්ධ කළා. මේකිට මගේ දේපළ අයිති වුණාට දැන් මගේ තර­හක් නෑ, මමත් සංසාරේ මුන්ගෙන් ගත්ත ණයක් ගෙව්වා කියලා දැන් මට හිතෙ­නවා.”

“ඔබට තවත් මොන­වාද කෙරෙන්න ඕනෑ?”

“මේකි මගේ රත්ත­රන් බඩු ටිකත් අර ගත්තා. ඒවා­යෙන් පොඩි කර­ඬු­වක් හදලා පූජා කරන්න කියන්නැ”යි ප්‍රේතිය කීවාය.

කර­ඬුව පූජා කොට නැවත පැමිණි දිනයේ ද ප්‍රේතිය ජය­න්තිට ආවිෂ්ට වී කතා කළාය.

“මහ­ත්මයා මම දැන් මගේ ගෙද­රින් යන්න කැම­තියි. මේ වගේ එවුන් ළඟ ඉන්න­වත් මම කැමති නැහැ. මාව හොඳ තැන­කට යවන්නැ” ප්‍රේතිය ඉල්ලු­වාය.

පල­තුරු වට්ටි­යක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම කැල­ණි­යට යැවීය.

ණය ගෙවා අව­සන් කරන තුරු සසර දුකෙන් මිදී­මට නොහැ­ක්කේය.

අදහස්