පේරා­දෙ­ණිය සර­සවි බිමේ එළි­දුටු ලංකාවේ මුල්ම කායව්‍යව­ච්ඡේද කෞතු­කා­ගා­රය | සිළුමිණ

පේරා­දෙ­ණිය සර­සවි බිමේ එළි­දුටු ලංකාවේ මුල්ම කායව්‍යව­ච්ඡේද කෞතු­කා­ගා­රය

මේ ඇසෙන්නේ වෙනස් කතා­වකි. කෞතු­කා­ගාර ඉති­හා­සයේ අලුත්ම සට­හ­නක් තබන කතා­වකි. ඒ සඳ­හන ලංකාවේ ප්‍රථම කාය ව්‍යව­ච්ඡේද කෞතු­කා­ගා­රය ගැනය.

ලංකාවේ ප්‍රථම වතා­වට කාය ව්‍යව­ච්ඡේද කෞතු­කා­ගා­රය නිර්මා­ණය වන්නේ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලීය වෛද්‍ය­පී­ඨයේ ය. කාය ව්‍යව­ච්ඡේද විද්‍යාව යනු ජීවි­යාගේ ජීව ව්‍යුහය විද්‍යා­ත්ම­කව අධ්‍ය­ය­නය කරන්නා වූ විෂ­යයි. මෙම විද්‍යාව වසර තිස්ද­හ­සක් පමණ අතී­ත­යට දිව යන්නකි.

මහා­චාර්ය වෛද්‍ය මල්කාන්ති චන්ද්‍ර­සි­රිගේ අද­හ­ස­කින් බිහි වන කාය­ව්‍ය­ච්ඡේද කෞතු­කා­ගා­රය පහු­ගිය මැයි මාසයේ 28 වන දින පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති අතින් විවෘත විය.

වෛද්‍ය­ව­ර­යකු හෝ වෛද්‍ය­ව­රි­යක වන්නට පෙරුම් පුරන සිය­ල්ල­න්ටම මෘත දේහ­යන් කපා­කොටා අධ්‍ය­ය­නය කිරී­මට සිදු වේ. ගුණා­ත්මක වෛද්‍ය දැනු­මක් ලැබී­මට මිනිස් සිරුරේ කොටස් ගැඹු­රින් අධ්‍ය­ය­නය කර­න්නට වෛද්‍ය සිසුන්ට වසර දෙක තුනක්ම කැප කර­න්නට සිදුවේ.

ඒ නිසාම සැබෑ මෘත­දේහ හා ශරීර අංග විද්‍යා­ත්ම­කව සංර­ක්ෂ­ණය කොට අධ්‍ය­ය­න­යට යොමු කර­න්නට කාය ව්‍යව­ච­ඡේද කෞතු­කා­ගාර ඉදි කිරීම ලෝකය පුරාම සිදුවේ.

එහෙත් ලංකාවේ එවැ­න්නක් බිහි­වන්නේ ප්‍රථම වතා­ව­ටය.

වෛද්‍ය විද්‍යාව හදා­රනු ලබන සිසුන්ට පම­ණක් නොව පාසල් සිසුන්ට පවා තමන්ගේ න්‍යායා­ත්මක දැනුම ප්‍රායෝ­ගි­කව අත්වි­ඳි­න්නට මෙම කෞතු­කා­ගා­රය මහත් රුකු­ලක් ගෙන­දෙනු ඇත. වෛද්‍ය පශ්චාත් වෛද්‍ය හා සෞඛ්‍ය කේෂ්ත්‍ර­යට සම්බන්ධ සියලූ වෘත්ති­කයෝ තම වෘත්තීන් හි සාර්ථ­ක­ත්ව­යට පත් වන්නට මෙම කෞතු­කා­ගා­රය පිටි­ව­හ­ලක් කර ගනිති. සාමාන්‍ය ජන­තාව තම මිනිස් ශරී­රය පිළි­බඳ වන කුතු­හ­ලය සංසි­ඳවා ගනු ඇත.

සාමා­න්‍ය­යෙන් ලංකාවේ ජන­තා­වට එලෙස මිනිස් සිරුරේ කොටස් හොඳින් දැක­බලා ගැනී­මට හැකි වන්නේ වසර ගණ­න­කට වරක් පැවැ­ත්වෙන වෛද්‍ය ප්‍රද­ර්ශ­න­ය­කින් පම­ණයි. එහෙත් දැන් දැන් ලංකාවේ ඔනෑම අයෙ­කුට පැමිණ මෙම කෞතු­කා­ගා­රය නරඹා තම කුතු­හ­ලය සංසි­ඳවා ගත හැකිය.

පන්තියේ කළු ලෑල්ලට හුනු­කූ­රට පෙළ­පො­තෙහි ඇති පින්තූ­ර­යෙන් පම­ණක් උග­න­ගන්නා සමා­ජ­යට මහා උප­කා­ර­යක් වූ මෙම කෞතු­කා­ගා­රය සැක­සී­මට පේරා­දෙණි වෛද්‍ය පීඨයේ කාය­ව්‍ය­ව­ච්ඡේ­දන අංශයේ සියලු ගුරු­සිසු සේවක පිරිස් එක්ව කට­යුතු කර තිබිණි.

සියලූ නිර්මා­ණ­යන් ඔවු­නො­වු­න්ගේම වෙහෙස මහ­න්සියේ ප්‍රති­ඵ­ල­ය. සීමා­වා­සික වෛද්‍ය­ව­රුන්ගේ වෙහෙස මහ­න්සිය මෙන්ම මහා­චාර්ය වෛද්‍ය ජය­ම්පති දිසා­නා­ය­ක­යන් මෙන්ම මහා­චාර්ය අජිත් සොමි­නන්ද මෙන්ම පූර්ව සීමා­වා­සික වෛද්‍ය­ව­රුන්ගේ වෛද්‍ය ප්‍රශාන් එදි­රි­සිංහ ඇතුළු පිරි­සත් අන­ධ්‍ය­යන සේවක පිරි­සත් එහි කොට­ස්ක­රු­වෝය.

එම කෞතු­කා­ගා­රය තුළ පව­තින වස්තූන් අතර මිනිස් මළ සිරුරු මිනිස් ඇට­සැ­කිලි කාය ව්‍යච්ඡේ­දන මූල ග්‍රන්ථ වෛද්‍ය විද්‍යාවේ පතාක යෝධ­යන්ගේ ඡායා­රූප හා තොර­තුරු මෙන්ම වෛද්‍ය විද්‍යාවේ විකා­ශය පැහැ­දිලි කරනා පුවරු සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන සියලූ භාෂා­ව­න්ගෙන් සඳ­හන් කොට ප්‍රද­ර්ශ­නය කර ඇත.

මේ වන විට නොමිලේ ප්‍රද­ර්ශ­නය කරන කෞතු­කා­ගා­රය නුදු­රේ දී එහි නඩ­ත්තුව සඳහා ඉතා සුළු මුද­ලක් අය කොට ප්‍රද­ර්ශ­නය කිරී­මට බලා­පො­රොත්තු වන බව ද මහා­චාර්ය වෛද්‍ය අජිත් සොම්නාද මහතා විසින් දැනුම් දෙන ලදී.

අඟලේ තීරු­ව­ලට කැපූ සිරුර දශ­මෙන් දශ­මෙට වෛද්‍ය සිසුන්ට හඳු­නා­ගැ­නී­මට මෙන්ම ඩිජි­ට­ල්ක­ර­ණය භාවිත කර­මින් පැහැ­දිලි කිරීම්ද දැක­ගත හැකිය.

එසේම වෛද්‍ය පීඨය පව­සන පරිදි තම ශරී­රය මර­ණින් පසු පොළො­වට පස්වී­මට ඉඩ නො දී ලෝක­යට වැඩ­දායී වන ලෙස වෛද්‍ය පීඨ­යට පරි­ත්‍යාග කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය තොර­තුරු ද වෛද්‍ය පීඨය හා සම්බන්ධ වී දැන­ගත හැකිය. තවත් ජීවිත දහස් ගණන් ජීවත් කර­ව­න්නට දැනුම දෙන්නට ඔබේ ශරී­රය හේතු­වනු ඇත. එසේ පරි­ත්‍යාග කරනු ලබන මළ සිරුරුවල මිය­ගිය පිරිස් උදෙසා පින් පැමි­ණ­වී­මට ආග­මික වතා­වත් කිරී­ම­ටද වෛද්‍ය පීඨය කෘතඥ පූර්වක වේ.

මෙම ලංකාවේ ප්‍රථම කාය­ව්‍ය­ව­ච්ඡේද කෞතු­කා­ගා­රය පිළි­බඳ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය උපුල් බී දිසා­නා­යක අද­හස් දක්ව­මින් කියා සිටියේ “විශ්ව­වි­ද්‍යා­ල­යක් සතුව ප්‍රධාන කාර්ය ත්‍රිත්ව­යක් පව­ති­නවා... පළ­මු­වැන්න රටට අවශ්‍ය උපා­ධි­ධා­රීන් බිහි­කි­රීම... දෙවැන්න රටට නව පර්යේ­ෂණ මඟින් නව නිර්මාණ බිහි­කි­රීම...තෙවැන්න ජනතා මෙහෙ­ව­රක් සිදු කිරීම.අපගේ වග­කී­මක් යුතු­ක­මක් තිය­නවා අපේ දැනුම ජන­තාව අතර බෙදා­දීම. මේ කෞතු­කා­ගා­රය එහි ප්‍රධාන පිය­ව­රක්. මෙහි දී විශේ­ෂි­ත­වම සඳ­හන් කළ යුතු වනවා.

මෙම කෞතු­කා­ගා­රය පාසල් දරු­වන්ට අවශ්‍ය විෂ­යා­නු­බද්ධ දැනුම ලබා දෙනවා. මෙවන් කෞතු­කා­ගා­ර­යක් නර­ඹන්න පාසල් අධ්‍යා­පන චාරිකා සැල­සුම් කරන්න පුළු­වන්.

මෙම කෞතු­කා­ගා­රය මහ­ජ­න­තා­වට සෙන­සු­රාදා ඉරිදා විවෘත කර තබන්න බලා­පො­රොත්තු වෙනවා. අපි හිත­නවා එම­ඟින් පාසල් දරු­වන්ට උසස් අධ්‍යා­ප­නය ලබන්න විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතුළු වෙන්න වෛද්‍ය විද්‍යාව හදා­රන්න හොඳම උද්දී­ප­න­යක් පෙල­ඹ­වී­මක් වෙයි කියලා.

සඳ­රැසී සුදු­සිංහ

Comments