නකල්ස් වන­ගො­මු­වෙන් හමුවූ පේරා­දෙ­ණියේ ගෙම්බා | සිළුමිණ

නකල්ස් වන­ගො­මු­වෙන් හමුවූ පේරා­දෙ­ණියේ ගෙම්බා

 

“නකල්ස් වක­රැලි මැඩියා” ලංකා­වට ආවේ­ණික අලුත්ම සත්ව විශේ­ෂ­යයි. මහ­නු­වර සහ මාතලේ දිස්ත්‍රික්ක වල හෙක්ට­යාර 21000ක් පුරා ව්‍යාප්තව පව­තින සුවි­ශේෂී ලෝක උරුම පරි­සර පද්ධ­ති­යක් ලෙස නකල්ස් රක්ෂි­තය හැඳි­න්විය හැකිය. සුදු ජාති­ක­යන් විසින් එහි පිහිටි කඳු­මු­දුන් වල හැඩය නිසා ‘නක්ලස්’ යනු­වෙන් හැඳි­න්වූ­වද අතීත ලාංකි­ක­යාට මේ සම්පූර්ණ වන ගොමුව පොදුවේ “දුම්බර වන­පෙත” ම විය.

සිරිපා හිමය සේම මනුෂ්‍ය ක්‍රියා­කා­ර­කම් අවම මට්ට­මක පව­තින මෙම වන­පෙත තුළ තව­දු­ර­ටත් අනා­ව­ර­ණය නොවු රහස් බොහෝය. එහි උස් කදු­මු­දුන් වල පව­තින ජෛව විවි­ධ­ත්වය සහ පාරි­ස­රික ලක්ෂණ කෙරෙහි පාරි­ස­රික විද්‍යා­ඥ­යන්ගේ නිබඳ සැල­කි­ල්ලක් සහ අව­ධා­න­යක් යොමු වන්නේද තව­දු­ර­ටත් යොමු විය යුත්තේ ද ඒ නිසාය.

එව­කට පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ගවේ­ෂණ කණ්ඩා­ය­මක් වූ ගයානි සෙනෙ­වි­රත්න, ප්‍රදිප් සම­ර­වි­ක්‍රම, නයන විජ­ය­ති­ලක, කැළුම් මන­මේ­න්ද්‍රා­රච්චි, ගයාන් බෝවත්ත, ශිරෝමි සම­ර­වි­ක්‍රම සහ මාධව මීග­ස්ක­ඹුර යන පිරිස නකල්ස් වන­පෙතේ පිහිටි ඉහළ කඳු­කර ප්‍රදේ­ශ­ය­න්ව­ලට පිවි­සියේ පෙර සැල­සුම් කළ ජෛව විවි­ධත්ව පර්යේ­ෂණ ගණ­නා­වක් උදෙ­සාය.

වනා­න්ත­රයේ උස් කඳු­මු­දු­න්වල සැකසූ කූඩා­ර­ම්වල කල් ගත­ක­ර­මින් නිර­තුරු වැටෙන පින්න­ටත්, හදි­සියේ කඩා හැලෙන වැස්ස­ටත් අසු­වෙ­මින් ඔවුන් දින ගණ­නා­වක් පුරා රූරා හැලෙන දිය කඩිති වලත්, නොඉ­ඳුල් වන ගොමු තුළත් සිය සෛද්ධා­න්තික විෂය දැනුම ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් වලට යොමු කළේ නොසැ­ලෙන අධි­ෂ්ඨා­න­යෙනි.

ඒ අධි­ෂ්ඨා­නය සඵල කර ගනි­මින් මෙරට ජෛව විවි­ධ­ත්වයේ වටි­නා­කම යළිත් ලෝක­යට පෙන්වා දෙන්නට හැකි සත්ව සහ ශාක විශේෂ ගණ­නා­වක දත්තද රැගෙන යළි පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය කරා එන්නට ඔවුන්ට හැකි­යාව ලැබිණි. ඒ වසර දෙක­කට අධික ක්ෂේත්‍ර පරී­ක්ෂ­ණ­ව­ලින් පසු­වය.

“අපි කණ්ඩා­ය­මක් විදි­යට වසර ගණ­නා­වක් නකල්ස් කැලේ ඇතුළේ පර්යේ­ෂණ කළා… මීට කලින් “දුම්බර කුරු බෝදි­ලිමා” කියන කටුසු විශේ­ෂය හොය­ගත්තේ මමත් ඇතු­ළත් පර්යේ­ෂණ කණ්ඩා­ය­මක්… මේ අව­ස්ථාවේ අපි හොයා ගත්තේ ගෙඹි විශේ­ෂ­යක්… තවත් පර්යේ­ෂණ ගණ­නා­වක පර්යේ­ෂණ වාර්තා ඉදි­රි­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තයි… තව­දු­ර­ටත් ජෛව විවි­ධත්ව පරී­ක්ෂ­ණ­වල නියුතු අපි, කණ්ඩා­ය­මක් විදි­යට අපේ මුල්ම පර්යේ­ෂණ වල ප්‍රති­ඵල දකිද්දි සාමු­හි­කව ආඩ­ම්බර වෙනවා…” තම පර්යේ­ෂ­ණයේ ප්‍රති­ඵල පිළි­බ­ඳව අපට අද­හස් දැක්වූයේ පර්යේ­ෂණ කණ්ඩා­යමේ ප්‍රමුඛ සාමා­ජි­ක­යෙකු වන ප්‍රදීප් සම­ර­වි­ක්‍රම මහ­තාය. දැන් ඔහු මෙරට ක්‍රියා­ත්මක ලෝක බැංකු ව්‍යාපෘ­ති­යක පරි­සර නිල­ධා­රි­යෙකු ලෙස කට­යුතු කරයි.

මෙවර ඔවුන් විසින් සොයා­ගෙන ඇත්තේ ලංකා­වට ආවේ­ණික ගෙඹි විශේ­ෂ­යකි. මෙම ගෙඹි විශේ­ෂය දක්නට ලැබෙන්නේ නකල්ස් වනා­න්ත­රයේ මිටර 1400 ට වැඩි කඳු මුදු­න්වල ජල උල්පත් සහ ජල පහ­ර­වල් ආශ්‍රි­ත­වය. ඒ අනුව බලන කල මෙම ගෙඹි විශේ­ෂය නකල්ස් වන ගොමු­වට පම­ණක් ආවේ­ණි­කය. මෙම ගෙඹි විශේ­ෂය ඔවුන් විසින් නම් කර ඇත්තේ lankanectes pera යනු­වෙනි. “pera” යනු­වෙන් අද­හස් කෙරෙන්නේ පේරා­දේ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යයි. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් දේශීය ජෛව විවි­ධත්ව පර්යේ­ෂණ සඳහා දැක්වූ දාය­ක­ත්ව­යට උප­හාර පිණිස එසේ නම් කිරී­මට කට­යුතු කළ බව ප්‍රදීප් සම­ර­වි­ක්‍රම මහතා පව­සයි.

Lankanectes ගණ­යම ලංකා­වට ආවේ­ණික එකකි. මෙයට පෙර මෙම ගණය යටතේ අනා­ව­ර­ණය වී තිබුණේ Lankanectes corrugatus හෙවත් “ශ්‍රී ලංකා වක­රැලි මැඩියා” යන ගෙඹි විශේ­ෂය පමණි. මෙවර හඳු­නා­ගෙන ඇත්තේ එම ගණය යට­තේම වන තවත් විශේ­ෂ­යකි. උෟ නම් කොට ඇත්තේ “නකල්ස් වක­රැලි මැඩියා” ලෙසය.

“ ශිරෝමි සම­ර­වි­ක්‍රම මහ­ත්මි­යගේ නිබ­න්ධ­න­යක කරුණු මුල් කර­ගෙන තමයි අපි මේ පර්යේ­ෂ­ණය පටන් ගත්තේ...එතැ­නදි අනු­මාන කරලා තිබුණා මේ කලා­පයේ හඳුනා නොගත් සත්ව විශේෂ ජීවත් වන්නට ඇති හැකි­යාව ගැන… ඊට පස්සේ තමයි අපි කණ්ඩා­ය­මක් විදි­යට මේ පර්යේ­ෂ­ණ­ව­ලට යොමු වුණේ…. වන­ජිවී දෙපා­ර්ත­මේ­න්තුවේ අව­ස­ර­යත්, විශ්ව­වි­ද්‍යා­ලයේ මඟ පෙන්වීම් ආදි­යත් එක්ක අපිට නිද­හසේ මේ පර්යේ­ෂ­ණය කරන්න පුළු­වන් වුණා… දීර්ඝ කාලීන කැප­වී­මක පළමු ප්‍රති­ඵ­ලය විදි­යට තමයි 2018 ජූලි 09 දා මේ සත්ව විශේ­ෂ­යට අනු­මැ­තිය ලැබිලා, 2018 අගෝස්තු 18 දා ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සඟ­රා­වක් වන Zootaxa සඟ­රාවේ පළ­ක­ර­න්නට අව­ස්ථාව ලැබෙන්නේ….”

අලු­තෙන් හඳු­නා­ගත්ත ද මේ ගෙඹි විශේ­ෂය ඉහත පරි­සර කලා­ප­වල හමු­වන්නේ ඉතාම විර­ල­වය. මෙම ගෙඹි විශේ­ෂයේ සංග­ණ­නය සදහා තව­දු­ර­ටත් පර්යේ­ෂණ කළ යුතු බව පව­සන ප්‍රදීප් සම­ර­වි­ක්‍රම මහතා මොවුන් වඳ­වීමේ තර්ජ­න­යට උප­රි­මව ලක්ව ඇති රතු දත්ත පොතට ඇතු­ළත් විය යුතු විශේ­ෂ­යක් බව අව­ධා­ර­ණ­යෙන් පව­සයි.

“නකල්ස් වනා­න්ත­රය ගත්ත­හම ආකාර දෙකක තර්ජ­න­යන් පව­ති­නවා… එකක් මිනිස් ක්‍රියා­ක­ර­කම් නිසා සිදු­වන පරි­සර හානිය. අනෙක ස්වභා­වි­ක­වම සිදු වන කඳු­කර වනා­න්තර මැරී­යෑම. මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා සංවේදී පරි­සර කලා­ප­වල ජල­ප­හ­ර­වල් දූෂ්‍ය වෙලා තියෙ­නවා…ඉහළ කඳු­ක­රයේ අලු­ග­ල්ලෙන වගේ පැති නිතර සංචා­ර­ක­යන් ගැව­සෙන ප්‍රදේශ… මේවාට ඉවක් බවක් නැතිව ඇතුළු වීමත්, අන­ව­ස­ර­යෙන් කඳ­වුරු බැඳී­මත් ලොකු හානි­යක්…. යහ­න්ගල වගේ පැති නිතර ගිනි­ ග­න්නවා.. එකෙ­නුත් වෙන්නේ ස්වභා­වික ජීවි ක්‍රියා­ව­ලිය තර්ජ­න­යට ලක්වීම… පරි­සර දූෂණ තත්ව­යන් නිසා කඳු­කර වනා­න්තර මිය­යෑම නිසා මෙම ගෙඹි විශේ­ෂය ජිව­ත්වන පරි­සර කලාප විනාශ වෙනවා… අපි මේ සත්තු හොයා­ග­ත්තට, නිද­ර්ශ­ක­වල විත­රක් ඉතිරි වෙලා මේ සත්තු වඳ­වෙලා යනවා නම් අපිට සතුටු වෙන්න පුළු­වන් කමක් නෑ…” නකල්ස් වන­යට දැඩිව ඇලු­ම්ක­ර­න්නෙකු ලෙස ප්‍රදීප් සම­ර­වි­ක්‍රම මහතා එහි අනා­ග­තය ගැන කතා කරන්නේ අවි­ශ්වා­ස­යෙන් යුතු­වය.

නකල්ස් වනය පම­ණක් නොව රටේ සමස්ත පරි­සර පද්ධ­ති­යම ආරක්ෂා කිරීම පුර­වැ­සි­යන් ලෙස අප සැම­ගේම වග­කී­මකි. එය වග­කි­ව­යුතු ආය­තන වෙත පම­ණක් පවරා නිද­හස් විමට හැකි­යා­වක් අපට නැත. ඔබ භාවි­ත­යෙන් ඉවත් කරන ටොෆි කොලයේ සිට ප්ලාස්ටික් බෝත­ලය දක්වා සියලු අප­ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කර­මින්, සංවේදී පරි­සර පද්ධති වෙත ඇතුළු නොවී­මෙන් මේ පරි­සර පද්ධති ආරක්ෂා කර ගැනී­මට කට­යුතු කරන්නේ නම් ලාංකීය ජෛව විවි­ධ­ත්වයේ වටි­නා­කම් තව­දු­ර­ටත් ආරක්ෂා කිරී­මට හැකි­වනු ඇත.

 

Comments