කෑම ඇතුළේ බෝම්බ හංගා අලි ඇතුන් අපා දුක් දී මරන අම­නු­ස්සයෝ | සිළුමිණ

කෑම ඇතුළේ බෝම්බ හංගා අලි ඇතුන් අපා දුක් දී මරන අම­නු­ස්සයෝ

පොතු­විල පස­ර­ච්චේන කෙත්යාය දෙව­නත් කර­මින් මහා හඬින් නැඟෙන පිපි­රු­මකි. ඒ සමඟ වන අලි­යෙ­කුගේ තියුණු වේද­නා­ත්මක ළතෝ­නි­ය­කින් රැයේ නිහඬ බව බිඳී යයි. අශි­ක්ෂිත නරු­ම­යකු මේ ලෝකයේ සිදු විය හැකි නින්දි­තම අප­රා­ධ­යක් සිදු කර තිබේ.

පිපිරී ගොස් තිබුණේ කුස­ගින්නේ සිටින අස­රණ තිරි­සන් සතෙ­කුගේ මුව පුපු­රුවා මරා දැමීම සඳහා සකස් කළ හක්කේ පටස් බෝම්බ­යකි. එය සකස් කර තිබුණේ අලි­යකු මරා දැමීම ඉලක්ක කර­ග­නි­මිනි.

පසු දා උදෑ­සන සිදු වී තිබූ ඛේද­වා­ච­කය දුටුවෝ කම්පා වූහ. අලි­ය­කුගේ මුවෙහි හක්ක පටස් බෝම්බය පිපිරී ගොස් තිබිණි. දිව කැබලි වී හණු පුපුරා කුඩු වී ගොස් තිබිණි. මහා වේද­නා­ව­කින් පීඩි­තව සිටි වන අලියා අව­සන් හුස්ම හෙළා තිබුණේ එම ස්ථාන­යේම දණ ගසා­ගෙ­නය. වසර තිහක් පමණ වූ මේ සද්ද­න්තයා මිය ගොස් සිටි ආකා­රය දුටු දුටුවෝ කම්පා කළහ.

හක්කේ පටස් නිසා බොහෝ වන සතුන් ගොදු­රු­වන්නේ වේදනා බර මර­ණ­ය­කට ය. බොහෝ විට මේ මර­ණයේ ඉලක්ක වන්නේ පත්වන්නේ ඌරෝ සහ අලිය. ඌරකු හක්කේ පටස් කෑ පසු කට සුනු විසු­නව ගොස් දිව කැබ­ලි­ව­ලට කැඩි හකු පුපුරා ගොස් විනාඩි කිහි­ප­ය­කින් මිය යන්නේය. නමුත් හක්කේ පටස් නිසා බොහෝ වන අලින්ට අත්වන්නේ ඉතා වඩා දරුණු ඉර­ණ­මකි. අලි­යකු හක්කේ පටස් බෝම්බ­ය­කට ගොදුරු වු විට හක්ක කැබ­ලි­ව­ලට පිපිරි දිව කැඩී යයි. අන­තු­රුව මර­ණය තෙක් මේ සතා විඳින්නේ අපා දුකකි. දිය පොදක් ගත නොහැ­කිය. ආහා­ර­යක් ගත නොහැ­කිය. දිනක් ගත වන විට මුවෙහි තුවා­ල­ව­ලට මැස්සෝ වසති. තවත් දින­යක් යන විට තුවාල පණු­ව­න්ගෙන් වැසී යයි. මුවෙන් වැගි­රෙන පණු­වන් සහි­තව අති­ශය වේද­නා­වට පත් මේ සතුන් වනයේ ඉබා­ග­තයේ යන ආකා­රය දුටු අවස්ථා බොහෝය. ඒ අව­ස්ථා­වේ දී අලියා බේරා ගන්නට ඉදි­රි­පත් වන කිසිම උත්සා­හ­යක් ප්‍රති­ඵල දායක නැත. අව­සා­න­යේ දී දිය පොදක් නැතිව, කෑමක් නැතිව ඇද­වැ­ටෙන හස්ථියා දින ගණ­නක් අපා දුක් විඳි­මින් හිඳ මිය යයි.

හක්කේ පටස් හදන කරු­ම­ක්කාර මනු­ෂ්‍ය­යකු මුණ ගැසෙ­න්නට හැකි විය. බොහෝ පෙරැ­ත්ත­ය­කින් පසු ඔහු අපට මේ කතාව කියන්නේ ඔහුගේ අන­න්‍ය­තාව හෙළි නොක­රන පොරො­න්දුව පිටය.

“ඔය හක්කේ පටස් හදන ඒක ලෙහෙසි නැහැ. ඒක අව­දා­නම් සහ­ගත වැඩක්. බැරි වෙලා­වත් එහෙම ඔය හක්කේ පටස් එක පිපි­රිලා ගියොත් එහෙම අත­පය ඇහැ විත­රක් නොවෙයි ජිවි­ත­යත් විනාශ වෙන්න ඉඩ තියෙ­නවා. හක්කේ පටස් එක පොඩ්ඩක් තද වුණොත් පිපි­රිලා යනවා . සම­හර ළමයි හක්කේ පටස් පිපි­රිලා මැරිලා තියෙ­නවා. ”

එසේ නම් මේ පවු­කා­ර­කම අහ­වල් කරු­ම­ය­කට කර­නවා දැයි විම­සන විට හේ ඔළුව කස­මින් පිළි­තුරු දුන්නේය.

“මම නම් ජීවි­තේ­ටම අලි­යෙක් මැරෙන්න හක්කේ පටස් තියලා නැහැ. අලි­යෙ­කුව මරන්න හක්කේ පටස් තිය­න්නෙත් නැහැ. හැම­දාම මගේ කූඹුර ඌරෝ ඇවිත් විනාශ කරන නිසා තමයි මම හක්කේ පටස් හදන්න පටන් ගත්තේ. හක්කේ පටස් හදන්න ගන්න හොඳ වෙඩි බේත් තියන එක්තරා රතිඤ්ඤා වර්ග­යක් තියෙ­නවා. ඒවා 15ක් විතර අවශ්‍ය වෙනවා එක හක්කෙ පටස් එකක් හදන්න. එවායේ වෙඩි බෙහෙත් ටික ගල­වලා එකතු කරලා අර­ගෙන කොළ­ය­කට දමලා අවශ්‍ය තවත් දේ දමලා හක්කේ පටස් එක ඔත­නවා.

ඔතද්දි කරන්න වැඩ කට­යුතු කිහි­ප­යක්ම තිබෙ­නවා. මේක ඇතු­ළට වතුර නොයන ලෙසට හදන්න ඕන. එහෙම හදපු හක්කේ පටස් එකට අන්ති­මේදි වී කොටද්දි එකතු වන හාල් කුඩු වටේට අල­ව­නවා. එකේ සුව­ඳට ඌරෝ හක්කේ පටස් එක තියෙන තැන හොයා­ගෙන යනවා. මේවා කුඹුරෙ නිය­රක පුංචි වළක් හදලා වළ දානවා. වළ­දාල එතැ­නින් ගලක් තිය­නවා. ඌරො මේක හාරලා කන්න හද­න­කොට පිපි­රිලා මැරෙ­නවා. එක ඌරෙක් එහෙම මැරු­ණාම ආය මාස තුන හත­ර­ක­ට­වත් ඌරො මේ කුඹුර පැත්තට එන්නෙ නෑ...”

“අලි මරන්න හක්කෙ පටස් හදන්නේ ඇයි...” මම ඔහු විම­සමි.

“සම­හර අය හක්කේ පටස් අලි එන පාර­ව­ල්ව­ලත් තියෙ­නවා. එත­කොට අලියා හක්කේ පටස් එක කනවා. නර­කම දේ තමයි සම­හරු හක්කේ පටස් වට්ටක්කා ගෙඩි­යක් ඇතු­ළට දමලා අලි එන පාරෙ තියන එක. වට්ටක්කා කන්න අලින් කැමති නිසා ඉතා ආශා­වෙන් අලියා වට්ටක්කා ගෙඩිය කද්දි මෙම හක්කේ පටස් එක පිපි­රිලා අලියා තුවාල සිදු­වෙ­නවා. ඌරෝ නම් එම වෙලා­වේම මැරිලා යනවා. නමුත් අලි නම් මැරෙන්නේ අපා දුක් විඳලා. මම නම් කව­ම­දා­වත්ම අලින්ට හක්කේ පටස් තියන්නේ නැහැ. ”

“කට පුපු­ර­වලා සත්තු මරා දානවා ඇරෙන්න ඔයා­ලට වෙන වික­ල්ප­යක් නැද්ද ගොවි­තැන බේර ගන්න.”

“ඇත්ත­ටම කරන්න දෙයක් නැති නිසයි මම මේ වැඩේ කරන්නේ. කුඹුර විනාශ කරලා ගියාම අපි කොහො­මද ජිවත් වෙන්නේ.”

මේ දකින්නේ ඕනෑම තිරි­සන් වැඩක් කර එය සාධා­ර­ණී­ක­ර­ණය කිරීමේ පවු­කාර කමය.

2010 දී ලංකා­වෙන් අලි මරණ 227 වාර්තා වී තිබණි. ඒ අත­රින් හක්කේ පටස් නිසා වන අලි­යන් 11 දෙනෙක් මිය ගොස් සිටි­යහ. 2011 දී සිදුවූ අලි මරණ සංඛ්‍යාව 225 කි. ඉන් 36ක් හක්කෙ පටස් නිසාය. 2012 දී සිදු වූ මරණ 236න් 35ක් හක්කේ පටස් නිසා සිදු­විය. 2013 දී හක්කේ පටස් පුපුරා යෑමෙන් අලින් 32ක් ද, 2014 දී 33ක් ද, 2015 දී 51 දෙනකු ද 2016 දී 49 දෙනකු ද 2016 දී 49ක් ද 2017 දී 47ක් ද 2018 වසරෙ ජුලි 31 වන විට හක්කේ පටස් නිසා අලින් 34 දෙනකු ද මිය ගොස් තිබේ.

මර­ණය පිළි­ගත හැකිය. එහෙත් මේ තිර­ශ්චීන නින්දිත අප­රා­ධ­කාරී මර­ණය පිළි­ගත හැක්කේ කෙසේද?. දිව හණු කුඩු වී, තුවාල අසා­ද­න­යෙන් අප්‍ර­මාණ වේදනා විඳ, දිය පොදක්, නැතිව දින ගණ­නා­වක් කරන විඳ­වී­ම­කින් අන­තු­රුව මිය යන මේ සතුන් එක් අත­කට ප්‍රකාශ කරන්නේ මේ රටේ මිනි­සුන්ගේ තිරි­සන් මනෝ ව්‍යාධිය ය. 2010 වසරේ සිට මේ දක්වා මේ බිහි­සුණු මර­ණ­යට ලක්වූ සතුන්ගේ ගණන 330 කි.

වන­ජිවි දෙපා­ර්ත­මේ­න්තුවේ පශු වෛද්‍ය නිල­ධාරි ඩි.බි.එන්. පුෂ්ප­කු­මාර සිළු­මි­ණට කීවේ මෙවැනි කථා­වකි.

“පසු­ගි­යදා පොතු­විල ප්‍රදේ­ශ­යෙන් අවු­රුදු 30 ක් වය­සැති කෙණ­රක් හක්කේ පටස් කාලා මිය ගිහින් තිබුණා. ඒ සතාගේ දිව දෙකට කැඩිලා හක්ක හොද­ටම පුපු­රලා තිබ්බා. ඒ ස්ථාන­යේම ඒ අව­ස්ථා­වේම දණ ගසා ගෙන මිය ගිහින් තිබ්බේ. හක්ක පට­සයේ පිපි­රිම නිසා ඇති වුණ කම්ප­න­යට මිය ගියා කියලා හිතන්න පුළු­වන්. හක්කේ පටස් ආහා­ර­යට ගැනි­මෙන් වැඩි­පු­රම මිය යන්නේ අවු­රුදු 10ට අඩු අලි පැටව්. අපිට මේ සතුන් හම්බ වෙන්නේ තුවාල සිදු­වෙලා දවස් තුන හත­රක ගියාට පස්සේ කැලෙන් එළි­යට ආවාම. එත­කොට පණුවෝ දාලා තුවාලේ නරක් වෙලා ප්‍රති­කාර කරන්න බැරි මට්ටමේ තියෙන්නේ. ඒ වන විට එම සතා හොඳ­ටම දුර්වල වෙලා. තුවා­ලය සිදු­වෙලා පසු දින­වත් අපිට මෙම සතුන් මුණ ගැසෙ­නවා නම් බේරා ගැනි­මට යම් ඉඩ­ක­ඩක් තියෙ­නවා.

හක්කේ පටස් නිසා අලින්ගේ දිවට හානි වෙනවා. හකු පුපුරා විනාශ වෙනවා. දිවට හානි වීම නිසා මෙම අලින්ට වතුර ටිකක් හෝ ගන්න බෑ. සම­හර අලින් සති දෙක තුන තුවා­ල­වල පණුවෝ ගස­මින් දැඩි වේද­නා­වක් විඳි­මින් සිටි­නවා. මේ ආකා­ර­යෙන් හක්කේ පටස් දාන අයට නීතිය තදින් ක්‍රීයා­ත්මක විය යුතුයි. අම්පාරෙ අක්ක­ර­පත්තු මහ­ඔය ඉද්ද­පොළ වැනි ප්‍රදේ­ශ­වල බහු­ලව මෙම දේ සිදු වෙනවා. ඒ ජන­තාව මේ ගැන දැනු­වත් කිරීමේ වැඩ සට­හන් ක්‍රියා­ත්මක කළ යුතුයි. නීතිය දැඩිසේ ක්‍රියා­ත්මක කර දැඩි දඩු­වම් ලබා දුන්නොත් මෙම විනා­ශය පාල­නය කරන්න පුළු­වන්.”

අම­නු­ස්ස­කමේ ඛේද­වා­ච­කය නීති දමා නැවැ­ත්විය හැකි දැයි වැට­හෙන්නේ නැත. මනු­ස්ස­කමේ සංවේ­දන විහීන වී ගිය සමා­ජ­යක ප්‍රකා­ශ­නය හක්කේ පටස් වැනි බෝම්බ­යක් හැදී­මට කල්පනා කිරීමේ සිති­විලි මාත්‍ර­යෙන් පෙනෙ­න්නේය.

ස්තුතිය - ලාහු­ගල ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලයේ ප්‍රධාන රාජ්‍ය කළ­ම­නා­ක­රණ  සහ­යක එච්. ආර්. අම­ර­සු­රිය සෙන­වි­රත්න මහ­තාට

අදහස්