කැරම් ක්‍රීඩාවේ කෙරු­ම්කා­රයෝ | සිළුමිණ

කැරම් ක්‍රීඩාවේ කෙරු­ම්කා­රයෝ

 

මස්ත ලාංකීක අව­ධා­නය ආසි­යානු ක්‍රීඩා උෙල‌ළ දෙසට යොමු­වෙද්දී, එකී සියලු නෙත් සිත් මොහො­ත­කට වෙන­ත­කට හර­ව­න්නට මෙරට කැරම් ක්‍රීඩා­වට හැකි විය. ඒ පස්වැනි ලෝක කුස­ලාන කැරම් තර­ගා­ව­ලි­යේදී පිරිමි කණ්ඩා­යම ශූර­යන් සහ කාන්තා කණ්ඩා­යම අනු­ශූ­රි­යන් වීමෙනි.

ශ්‍රී ලංකාව දිනා ගෙන ඇති අතේ ඇඟිලි ගණ­න­ටත් වඩා අඩු විජ­ය­ග්‍ර­හණ අත­රට මෙරට කැරම් ක්‍රීඩාව එක්වූ සිවු­වැනි වතාව මෙය වීමද විශේ­ෂ­ත්ව­යකි. රට­වල් 20කගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැති පස්වන ලෝක කුස­ලා­න කැරම් තර­ගා­ව­ලි­යේදී 2-1ක් ලෙස ඉන්දි­යාව පරදා පිරිමි කැරම් ලෝක කුස­ලා­නය දිනා­ගැ­නී­මට චමිල් කුරේගේ නාක­ය­ත්ව­යෙන් සම­න්විත වු ශ්‍රී ලංකා කැරම් කණ්ඩා­යම සමත් විය. 3–0 ක් ලෙස ඉන්දි­යාව හමුවේ පරා­ජය වු යසිකා රාහු­බ­ද්ධගේ නාය­ක­ත්ව­යෙන් සම­න්විත ශ්‍රී ලංකා කාන්තා කැරම් ක්‍රීඩි­කාවෝ අනු­ශූ­රියෝ වූහ.

ලෝක කුස­ලා­නය දිනා දී
චමිල් රට හැර යයි

දකුණු කොරි­යාවේ පැවැති පස්වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ කණ්ඩා­යම් කිරුළ ප්‍රථම වරට ශ්‍රී ලංකා­වට දිනා දුන් කණ්ඩා­යමේ නායක චමිල් කුරේ කැරම් ක්‍රීඩා­වට සමුදී විදේශ ගත­වන බව සිළු­මිණ සමඟ විශේෂ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් පැවැ­සීය.

ශ්‍රී ලංකාව පස්වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ කණ්ඩා­යම් කිරු­ළට අම­ත­රව ස්විස්ලීග් දෙවැනි ස්ථානය, පිරිමි යුගල තෙවැනි ස්ථානය, කාන්තා කණ්ඩා­යම් තර­ගා­ව­ලියේ අනු­ශූ­රි­යන් සහ යුගල තර­ගා­ව­ලියේ තෙවැනි ස්ථානය දිනා ගැනී­මට සමත් විය.

රට­වල් විස්සක් තර­ගා­ව­ලි­යට එක්වූ අතර කණ්ඩා­යම් තර­ගා­ව­ලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව, දෙවැනි ස්ථානය ඉන්දි­යාව, තෙවැනි ස්ථානය ප්‍රංශය දිනා ගත්තේය. අව­සන් පූර්ව තර­ග­යේදී ශ්‍රී ලංකා­වට ප්‍රංශය හමුවූ අතර අව­සන් තර­ග­යේදී ඉන්දි­යාව හමු­විය.

ශ්‍රී ලංකාව තරග කළ කාණ්ඩයේ සර්බියා, ස්විස්ට­ර්ල­න්තය, කටාර්, අමෙ­රිකා එක්සත් ජන­ප­දය නියෝ­ජ­නය කළේය.

“ලංකාවේ කැරම් ක්‍රීඩා කළා ඇති. වැඩිම වතා­වක් ජාතික ශූරයා වුණා. ලෝක ශූරතා දෙකක් සහ ලෝක කුස­ලා­න­යක් රටට දිනා දෙන්නට නාය­ක­ත්වය දුන්නා. ජය­ග්‍රා­හි­වම මේ ගමන නව­ත්වන එක හොඳයි කියලා හිතුණා. මම මේ තර­ගා­ව­ලි­යට ආවෙත් නෙද­ර්ල­න්තයේ ඉඳලා. මගේ විභාග සහ වෘත්තිය කට­යුතු නිසා තමයි නෙද­ර්ල­න්ත­යට යන්න තීර­ණය කළේ“ යැයි චමිල් වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

ලෝක කුස­ලාන කැරම් තර­ගා­ව­ලි­යක දී ශ්‍රී ලංකා කණ්ඩා­ය­මක් ලෝක කුස­ලා­න­යක් දිනා­ගත් පළමු අව­ස්ථාව මෙය වෙයි. 2018 ලෝක කුස­ලන කැරම් තර­ගා­ව­ලි­යේදී මොහො­මඩ් ෂහීඩ් හීල්මි එක් වට­ය­කදී පරා­ජ­යට පත්වීම හැරෙ­න්නට සෙසු තරග වට දෙකක් ජය­ග­නි­මින් ශ්‍රී ලංකා කැරම් කණ්ඩා­යම මෙම ජය­ග්‍ර­හ­ණ­යට හිමි­කම් කීවේය.

මෙවර ලෝක කුස­ලාන කැරම් තර­ගා­ව­ලිය ජය­ගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩා­යම සේලාන් බැංකුවේ චමිල් කුරේ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ මොහො­මඩ් ෂහීඩ් හිල්මි, ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ උදේශ් චන්දිම පෙරේරා නියෝ­ජ­නය කළ අතර, ලෝක කුස­ලාන කැරම් අනු­ශූ­රි­යන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ යසිකා රාහු­බද්ධ (නායක) ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ජෝශප් රොසිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ චලනි ලක්මාලි ලිය­නගේ ශ්‍රී ලංකා යුද හමු­දාවේ මධුකා දිල්ශානි යන ක්‍රිඩි­කා­ව­න්ගෙන් සම­න්විත විය.

පස්වැනි වරට දකුණු කොරි­යාවේ චුන්චි­යෝන් නුවර පැවැති කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය 2016 පැවැති කැරම් ලෝක ශූර­තා­ව­ලි­යට පසුව පැවැති ප්‍රථම ජාත්‍ය­න්තර තර­ගා­ව­ලිය මෙය වීම ද විශේ­ෂ­ත්ව­යකි. ශ්‍රී ලංකාව එම තර­ගා­ව­ලි­යට එක්වූයේ ද ලෝක ශූර­යන් ලෙසය. ඒ 2016 පැවැති ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලිය ජය ගෙන තිබූ බැවිනි.

පස්වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වුණේ 2018 ලෝක සංචා­රක ක්‍රීඩා උෙල‌‍ෙළ් අංග­යක් ලෙසය. ඊට අයිස් හොකී සහ ටයි­කොන්ඩෝ ක්‍රීඩා අයත් විය.

මෙතෙක් පැවැති කැරම් ලෝක කුස­ලාන හත­රේ­දීම කිරුළ හිමි කර ගැනී­මට සමත්ව සිටියේ ඉන්දි­යා­වයි. මෙවර පිරිමි කණ්ඩා­යම් තර­ගා­ව­ලි­යට එක්ව සිටි ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය නියෝ­ජ­නය කළ ක්‍රීඩ­ක­යන් සිවු­දෙ­නාම ඉන්දි­යා­නු­වන් වීම ද විශේ­ෂ­ත්ව­යකි.

2008 ප්‍රංශයේ කෑන්ස්හි පැවැති පස්වැනි ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලියේ පිරිමි කණ්ඩා­යම් ශූර­තාව චමිල් කුරේගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකාව දිනා­ගත් අතර නිශාන්ත ප්‍රනාන්දු, ජර්මේන් ගුණ­ව­ර්ධන සහ විරාජ් ප්‍රනාන්දු එකී ජය­ග්‍ර­හ­ණ­යට උර දුන්හ. 2012 දී ශ්‍රී ලංකාවේ පැවැති හය­වැනි තර­ගා­ව­ලි­යේදී නිශාන්ත ප්‍රනාන්දු කේවල ලෝක ශූරයා විය. 2016 එංග­ල­න්තයේ පැවැති හත්වැනි තර­ගා­ව­ලියේ නැව­තත් චමිල් කුරේගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩා­යම තෙවැනි ජගත් කැරම් ජය මවු­බි­මට උරුම කර­දෙ­න්නට සමත් විය. නිශාන්ත ප්‍රනාන්දු සමඟ මොහො­මඩ් සෙරි­ෆ්ඩීන් සහ සහිඩ් මොහො­මඩ් මේ ජය­ග්‍ර­හ­ණ­යට උර දුන්හ.

ලාංකේය කැරම් ක්‍රීඩාව සිවු වතා­වක් ලෝක ශුරතා දිනා­ගෙන තිබුණ ද අදත් එය වර­ප්‍ර­සාද රහිත ක්‍රීඩා­වක් බව නොර­හ­සකි. ජාත්‍ය­න්ත­රය ජය­ගැ­නීම කෙසේ වෙතත් ඒ අස­ල­ක­ටත් යෑමට නොහැකි ක්‍රීඩා­වන්ට දක්වන සැල­කිලි සහ ලබා­දෙන වටි­නා­කම් දෙස අව­ධා­නය යොමු කරද්දී මෙරට කැරම් ක්‍රීඩා­වට කුඩ­ම්මාගේ සැල­කි­ලි­වත් ලැබේ දැයි සැක සහි­තය.

එවැනි ක්‍රම­වේද හැකි ඉක්ම­නින් අතුගා දමා මෙකී විජ­ය­ග්‍ර­හ­ණ­යට නිසි වටි­නා­කම් ලබා­දීම ක්‍රිඩා බල­ධා­රීන්ගේ සේම වග­කි­ව­යු­ත්ත­න්ගේද වග­කීම බව අව­ධා­ර­ණය කර­න්නෙමු. අඛ­ණ්ඩව ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ 2016 හත්වැනි ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලියේ පිරිමි කණ්ඩා­යම් ශූර­තාව ශ්‍රී ලංකාව සහ කාන්තා කණ්ඩා­යම් ශූර­තාව ඉන්දි­යාව දිනා ගනිද්දී, අනු­ශූ­ර­තාව ඉන්දි­යා­වට සහ ශ්‍රී ලංකා­වට හිමි විය. 1991 දී ආරම්භ වූ ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලියේ 2008 දක්වාම පිරිමි කණ්ඩා­යම් ශූර­යන් වූ ඉන්දි­යා­නු­වන් විසින් ඉදි කරන ලද බළ­කො­ටුව බිඳ දැමී­මට අනු­ශූ­ර­යන් වූ ශ්‍රී ලංකා­වට නොහැකි විය. 2008 පස් වැනි ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලිය ප්‍රංශයේ කෑන්ස් නුව­රට පැමි­ණෙන විට ඉන්දි­යා­නු­වන්ට පිරිමි කණ්ඩා­යම් ශූර­තාව පස් වැනි වර­ටත් අඛ­ණ්ඩව ආරක්ෂා කර­ගැ­නීම අභි­යෝ­ග­යක් වන විට එකී සෑම වතා­වක දීම අනු­ශූ­ර­යන් වූ ශ්‍රී ලංකා­වට තිබුණේ නැවත වතා­වක් එකී බළ­කො­ටු­වට අභි­යෝග කිරීම පමණි.

චමිල් කුරේගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩා­ය­මට නිශාන්ත ප්‍රනාන්දු (2012 ලෝක කැරම් ශූරයා) ජර්මේන් ගුණ­ව­ර්ධන සහ විරාජ් ප්‍රනාන්දු ඇතු­ළත් වූ අතර ඔවුන් විසින් කෑන්ස්හි දී දියත් කරන ලද සටන සිවු වතා­වක් ඉන්දි­යා­නු­වන් සතු වූ කැරම් පිරිමි ශුර­තාව දෙදු­රු­ම්ක­ව­න්නට තරම් විය. අව­සා­නයේ ඉන්දි­යා­නු­වන් පරා­ජය කර ඉති­හා­සයේ ප්‍රථම වරට ලෝක ශූරතා පිරිමි කණ්ඩා­යම් ශුර­තාව දිනා­ගැ­නී­මට ශ්‍රී ලංකා­වට හැකි විය.

2016 හත් වැනි ලෝක ශූරතා කැරම් තර­ගා­ව­ලිය එංග­ල­න්තයේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නාය­ක­ත්වය හිමි වූයේ ද චමි­ල්ටය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩා­යම පසු­ගිය වර අහිමි වූ පිරිමි කණ්ඩා­යම් ශුර­තාව නැවත දිනා­ගැ­නී­මට සමත් වීම විශේ­ෂ­ත්ව­යකි. චමිල්ට අම­තරව නිශාන්ත ප්‍රනාන්දු, සහිඩ් සහ සෙරි­ෆ්ඩීන් එකී ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යට උර­දුන්හ.

“මේ තර­ගා­ව­ලි­යට යන­කොට මම ශ්‍රේණි­ගත කිරී­ම්වල අංක එක, නිශාන්ත දෙක, සහිඩ් තුන, උදේශ් හත­ර­වැ­නියා“

චමිල් තම කණ්ඩා­යම ගැන මහත් අභි­මා­න­ය­කින් මේ තර­ගා­ව­ලි­යට පෙර පැව­සීය. “අපි මේ තර­ගා­ව­ලිය ඉලක්ක කර­ගෙන මාස දෙකක විතර කාල­යක් පුහු­ණු­වීම් කළා. අපි හතර දෙනාම උප­රිම කැප­වී­මක් කළා. අපට සින්කෝ ෆ්ලැටි­නම් බෝඩ් එකක් හම්බ­වෙලා මාස­යක් විතර ඇති.“

ඡායා­රූ­ප රංජිත් අසංක

මේ අනුව ලෝක ශූරතා දෙකක් සහ ලෝක කුස­ලා­න­යක් ශ්‍රී ලංකා­වට දිනා දීමට සමත් වූ ප්‍රථම නාය­කයා ලෙසද චමිල් ඉති­හා­ස­ගත වනු ඇත.

අපි අවු­රුදු විස්සක විතර කාල­යක ඉඳලා කැරම් ක්‍රීඩා­වෙන් ඉදි­රි­යට ආවා. 2008 අපි ලෝක ශූර­තා­ව­ලි­යට යන­කොට හතර පාරක්ම අනු­ශූ­රයෝ. මේ තර­ගා­ව­ලියේ ඒ ඉති­හා­සය වෙනස් කිරීමේ උණක් අපට තිබුණා. මම හිතන්නේ ඒ උණ තමයි අපිව ලෝක ශූර­යන් කළේ. ලෝක ශූරතා කැරම් තර­ගා­වලි ඉති­හා­සයේ පස්වැනි තර­ගා­ව­ලි­යේම අපට ඉති­හා­සය වෙනස් කරන්න පුළු­වන් වුණා. චමිල් 2016 අතී­තය හාර ඇවි­ස්සුවේ මෙසේයි. 2008 ලෝක ශූර­යන් වු ශ්‍රී ලංකාව 2012 ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැති හය­වැනි තර­ගා­ව­ලියේ නැව­තත් ඉන්දි­යා­නු­වන් අතින් පිරිමි කණ්ඩා­යම් තර­ගා­ව­ලියේ අනු­ශූ­රයෝ වූහ. 2008 කැරම් විජ­ය­ග්‍ර­හ­ණය අපට වැද­ගත් වූයේ එතෙක් මෙතෙක් ලාංකේය ක්‍රීඩා ඉති­හා­සයේ දිනා ගෙන තිබූ තෙවැනි ලෝක ශුරතා ජය­ග්‍ර­හ­ණය මෙය­වීම නිසාය.

1973 මොහො­මඩ් ජුන­යිඩ් මොහො­මඩ් ලාෆීර් බොම්බායේ පැවැති ආධු­නික ලෝක ශූරතා බිලි­යඩ් තර­ගා­ව­ලියේ ශූර­තාව ශ්‍රී ලංකා­වට රැගෙන ආවේ ලාංකි­ක­යකු ජගත් මට්ටමේ විජ­ය­ග්‍ර­හ­ණ­යක් සට­හන් කළ ප්‍රථම වතාව එයවූ බැවිනි. ඊට පසු 1996 දී අර්ජුන රණ­තුං­ගගේ නාය­ක­ත්ව­යෙන් ක්‍රිකට් ලෝක කුස­ලා­නය දිනා ගත්තේ මෙරට ක්‍රීඩා ඉති­හා­ස­යට දෙවැනි ජගත් විජ­ය­ග්‍ර­හ­ණය සට­හන් කර­මින්ය.

ලාංකේය කැරම් ක්‍රීඩාවේ වික්‍ර­ම­සිංහ පර­පුර එහෙ­මත් නැත්නම් නුගේ­ගොඩ පර­පුර ගහට පොත්ත මෙන් බැඳී ඇති නාම­යකි. මෙයට මූලික අඩි­තා­ලම වැටෙන්නේ ද චමිල්ගේ අත්තම්මා වන කමලා වික්‍ර­ම­සිංහ මඟිනි. කමලා වික්‍ර­ම­සිංහ චමිල්ගේ මවගේ (නයනා වික්‍ර­ම­සිංහ) මවයි. චමිල්ගේ මවද කැරම් ක්‍රීඩා­වට යොමු වී ඇත්තේ වයස අවු­රුදු 12 - 13 දීය.

2008 කෑන්ස්හි පැවැති පස්වැනි කැරම් ලෝක ශූර­තා­ව­ලියේ කාන්තා කණ්ඩා­යම් අනු­ශූ­ර­තාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නාය­ක­ත්වය දැරුවේ චමිල්ගේ ලොකු අම්මා අමිතා වික්‍ර­ම­සිංහ වීම ද විශේ­ෂ­ත්ව­යකි. එම තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කිරී­මට නයනා වික්‍ර­ම­සිංහ ද සුදු­සු­කම් ලබා සිටි නමුත්, වර­ප්‍ර­සාද හිමි­වූ­වන්ට පම­ණක් ඇති පදම් වර­ප්‍ර­සාද බෙදා දෙන ක්‍රීඩා අමා­ත්‍යං­ශ­යක් පව­තින රටක ස්වභා­වය මෙය යැයි ලොවට හඬ­නඟා කිය­මින් එව­කට ලංකාවේ අංක එකේ ක්‍රීඩි­කාව වූ නදීෂා අත­ප­ත්තුට සහ අංක තුනේ පසු වූ නයනා වික්‍ර­ම­සිං­හට එම තර­ගා­ව­ලි­යට එක්වී­මට නොහැකි වූයේ අවශ්‍ය වූ මුදල් ප්‍රති­පා­දන නොලැ­බීමේ සහ සොයා ගැනී­මට නොහැකි වීමෙනි. “අම්මාට 2008 තර­ගා­ව­ලි­යට යන්න බැරි වෙන­කොට මට ගොඩක් දුක හිතුණා. මම පුළු­වන් තරම් උත්සහ කළා අනු­ග්‍ර­හ­ය­ක්වත් හොයා ගන්න. ඒත් බැරි වුණා. ලොකු අම්මගේ නාය­ක­ත්ව­යෙන් අනු ශූර­තාව දිනා ගන්න­කොට, මගේ නාය­ක­ත්ව­යෙන් ශූර­තාව දිනා ගන්නට පුළු­වන් වුණා. “චමිල්ට අතී­තය කට­පා­ඩම්ය.

මවු උරු­ම­යෙන් රුධි­ර­යට කා වැදුණු කැරම් ඩාව නුගේ­ගොඩ ශාන්ත ජෝන් විද්‍යා­ල­යෙන් මුව­හත් කර­ගැ­නී­මට චමිල් සමත්ව සිටී.

1994 දි 14 පහළ තර­ග­ව­ලට ඉදි­රි­පත් වී අනු­ශූ­රයා විය. එහිදී දිගින් දිග­ටම කැරම් ක්‍රීඩා­වට යොමු­වෙන්න තීර­ණය කළ ඔහු දැනට වැඩිම වතා­වක් ජාතික ශුරයා වීම­ටත් සමත් විය.

චමිල් කැරම් ලෝක ශූර­තා­ව­ලි­යට මුලින්ම එක් වී ඇත්තේ 2004 ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැති සිවු වැනි තර­ගා­ව­ලි­ය­ටය. ලෝක කුස­ලා­න­යට චමිල් මුලින්ම ඒක්වූයේ 2006 දීය.

අතේ ඇඟිලි ගණ­න­ටත් වඩා අඩු ජාත්‍ය­න්තර ක්‍රීඩා ජය­ග්‍ර­හණ හිමි කර ගෙන ඇති මෙරට ක්‍රීඩා ක්ෂේත්‍ර­යට කැරම් ක්‍රීඩා­වෙන් පම­ණක් හිමි වී ඇති ජය­ග්‍ර­හණ සංඛ්‍යාව හත­රකි. ශ්‍රී ලංකා­වට ජගත් මට්ටමේ ජය­ග්‍ර­හණ ත්‍රිත්ව­යක් හිමි කර දුන් එකම නාය­කයා චමිල් කුරේයි.

නුගේ­ගොඩ පර­පුර හෙවත් වික්‍ර­ම­සිංහ පර­පුර සහ කැරම් ක්‍රීඩාව අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳී­මකි. චමිල් හාපුරා කියා කැරම් බෝඩ් එකක් අත­පත ගෑමට පුටුවේ වාඩි වන විට කකුල් දෙක පවා බිම නොගෑ­වෙන තරම්ය.

2008 - 16 දී කැරම් ලෝක ශූරතා දිනා ගත් ශ්‍රී ලංකාව 2018 දී ලෝක කුස­ලා­නය ද දිනා ගැනී­මට සමත් විය. මේ අතර 2012 දී නිශාන්ත ප්‍රනාන්දු ලෝක ශූරයා විය. වර­ප්‍ර­සාද පවා හිමි වන්නේ දක්ෂ­තා­ව­න්ටත් වඩා හිත­ව­ත්කම් පෙර­දැරි කර­ගෙන බව ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩි­කා­වන් පවා නොද­න්නවා නොවෙයි. බල­ධා­රින්ගේ සහ නිල­ධා­රින්ගේ හිත­ව­ත්ක­ම්වල දිග පළල මත වර­ප්‍ර­සාද බෙදී යන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ කිසි­වක් නැති අය තනි­වම හති වැටෙන තෙක්ම හැල්මේ දිව යා යුතුය.

මේ සඳහා උදා­හ­රණ සිය ගණ­නක් මෙකි පොළො­වෙන් ඕනෑ තරම් සොයා­ගත හැකිය. බොහෝ දෑ සපුරා ගෙන ඇති අත­ළො­ස්සක් පිරි­සට මදි නොකි­ය­න්නට බෙදා හදා දෙන සංස්කෘ­ති­යට හිමි­කම් කියන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය මේ කිසිත් නැති පිරි­සට සිද්ධ වන්නේ සිය කන­කර උගස් කර හෝ ඉල­ක්ක­ව­ලට යෑම පමණි.

1958 මාර්තු 07 දා පිහි­ටු­වන ලද ශ්‍රී ලංකා කැරම් සම්මේ­ල­නය 2008 සිය පනස් වැනි සංව­ත්ස­රය සම­රද්දී, ශ්‍රී ලංකා­වට තෙවැනි ජගත් ක්‍රීඩා ශූර­තාව දිනා­දී­මට සමත්වූ අතර, 2012 දී කේවල ලෝක ශූරයා සහ 2016 දී තෙවැනි ලෝක ශූර­තා­වද, 2018 කැරම් ලෝක කුස­ලා­නය ද දිනා­දී­මට දායක වී තිබේ. නමුත් ලාංකේය කැරම් ක්‍රීඩාවේ අඩු­පා­ඩු­ව­ලින් නම් අඩු­වක් නැත. අමා­ත්‍යං­ශ­යෙන් ලැබෙන ප්‍රති­පා­ද­න­ව­ලින් ගැට­ගසා ගෙන ඉදි­රි­යට යන ලාංකේය කැරම් ක්‍රීඩා­වට මින් මතු­වට හෝ කුඩ­ම්මාගේ සැල­කි­ලි­ව­ලට බඳුන් නොවිය යුතු බව අව­ධා­ර­ණය කළ යුතුය.

 

අදහස්