නඩුවලට අදාළ ‘ඩීඑන්ඒ‍’ පිරි­ක්සුම් දෙගුණ වෙයි | Page 2 | සිළුමිණ

නඩුවලට අදාළ ‘ඩීඑන්ඒ‍’ පිරි­ක්සුම් දෙගුණ වෙයි

අධි­ක­රණ කට­යු­තු­ව­ලදී අදාළ පුද්ග­ල­යන් නිවැ­රැදි ලෙස ජෛව විද්‍යා­ත්ම­කව හඳු­නා­ගැ­නී­මට භාවිත කෙරෙන න්‍යෂ්ටික අම්ල (ඩීඑන්ඒ‍) පරී­ක්ෂණ සඳහා රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව වෙත මස­කට ලැබෙන යොමු කිරීම් සංඛ්‍යාව පසු­ගිය වස­රට සාපේ­ක්ෂව දෙගු­ණ­ය­කින් වැඩි වී ඇති බව රජයේ අති­රේක රස පරී­ක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජය­මාන්න මහතා සිළු­මි­ණට අනා­ව­ර­ණය කළේය.

පසු­ගිය වසරේ මස­කට නඩු 50–60 පමණ ප්‍රමා­ණ­යක සාම්පල ‘ඩී‍එන්ඒ’ පරී­ක්ෂණ සඳහා රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබුණු අතර, මෙම වසරේ එම සංඛ්‍යාව මස­කට 120 දක්වා ඉහළ ගොස් ඇතැ­යිද ජය­මාන්න මහතා කීය.

ඒ මහතා පව­සන අන්ද­මට ‘ඩීඑන්ඒ’ වාර්තා මඟින් ලැබෙන ප්‍රති­ඵල, ඇඟි­ලි­ ස­ල­කුණු සට­හන් සේම සිය­යට සිය­යක්ම නිවැ­රැදි සාක්ෂි සට­හන් ලබා­ගත හැකි නිසා, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, සොර­කම්, වාහන අන­තුරු, මාතෘ-පිතෘ­භා­වය අනා­ව­ර­ණය කිරීම් ආදි සියලු අප­රාධ හඳු­නා­ගැ­නී­මට ‘ඩීඑන්ඒ’ පරී­ක්ෂ­ණ­ව­ලට යොමු වීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින අතර, රස පරී­ක්ෂක වාර්තා සැක­සී­මට අවශ්‍ය ජෛව රසා­යන ද්‍රව්‍ය අඛ­ණ්ඩව නොලැ­බීම හා පුහුණු රසා­ය­නා­ගාර විද්‍යා­ඥයන්ගේ ප්‍රමා­ණය අඩු­වීම හේතු­වෙන් අධි­ක­ර­ණ­යට ප්‍රති­ඵල වාර්තා සැප­යීමේ ප්‍රමා­ද­යක්ද සිදු වේ. ‘ඩීඑන්ඒ’ පරී­ක්ෂණ සඳහා විදේ­ශ­ව­ලින් ආන­ය­නය කරනු ලබන ජෛව රසා­යන ද්‍රව්‍ය ඉතා ඉහළ මිල­කින් යුක්ත වන නිසා, ඒවා අඛ­ණ්ඩව කඩි­න­මින් සප­යා­ගැ­නීමේ ගැට­ලු­ව­ක­ටද රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව මුහු­ණපා ඇත.

Comments