උරු­ම­යට නවෝ­ද­යක් වැඩ­ස­ට­හන පොලො­න්න­රු­වේදී | Page 2 | සිළුමිණ

උරු­ම­යට නවෝ­ද­යක් වැඩ­ස­ට­හන පොලො­න්න­රු­වේදී

හෙළ වෙද උරු­මයේ වටි­නා­කම ජන­තා­වට පෙන්වා දීමේ අර­මු­ණින් ඔක්තෝ­බර් මස 6 සහ 7 දින­යන්හී නොමිලේ වෛද්‍ය සායන, හෙළ වෙද­කම් ප්‍රද­ර්ශන මෙන්ම පොලො­න්න­රුව ප්‍රදේ­ශ­ය­ටත්, රට­ටත් ස්වභා­වි­කව ඇති­වන විපත් දුරුවී, බව­භෝග සක්‍රීය කර­වීම උදෙසා දේව ආශි­ර්වා­දය පත­මින් මහා ශාන්ති යාග­යක් ද පව­ත්වනු ඇත.

ලේක්හ­වුස් ආය­ත­නයේ සුබ­සෙත පුව­ත්පත මෙහෙය වන නොමිලේ වෛද්‍ය සාය­නය සහ හෙළ වෙද­කම් හා හෙද­කම් ප්‍රද­ර්ශ­නය එම දින­වල පැවැත්වේ.

ආදි වාසීන්ගේ වෙද­කම් ප්‍රද­ර්ශ­නය, භූත විද්‍යා ප්‍රද­ර්ශ­නය, ඔසු පැළ ප්‍රද­ර්ශ­නය හා අධ්‍යා­ප­නික වැඩ­මු­ළුව පාර­ම්ප­රික වෛද්‍ය­ව­රුන්ගේ ඖෂධ ප්‍රද­ර්ශ­නය දෙදින වැඩ­ස­ට­හ­න්ව­ලට අයත් වන අතර දළු­මුර පූජාව, කොල්මුර පූජාව, බිසෝ­කප සිටු­වීම, කාල පන්දම් පූජාව, පත්තිනි වේරං වැඩ­ම­වීම, තෙල්මේ රංග­නය, වාසල අඩක්කු පූජාව සහිත මහා ශාන්ති යාගය, 6 වැනි දින රාත්‍රී 08 සිට පසුදා පහන් වන­තුරු පැවැත්වේ.

 

 

Comments