බොරු වැඩ සහ හරි වැඩ | සිළුමිණ

බොරු වැඩ සහ හරි වැඩ

අරා­බියේ තිය­නවා ජන­ප්‍රිය කිය­ම­නක්. ඒ ලිංගික ක්‍රියා­ව­ලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවු­ල්වා­දය; අනෙක ඒඩ්ස්. මේ රටේ දේශ­පා­ලන ක්ෂේත්‍රය ගම පවුල ගොඩ­න­ඟන්න ගිය මේ ක්‍රියා­ව­ලිය නිසා රටේ ආර්ථි­ක­යට ඒඩ්ස් හැඳුණා. ඒ නිසා රට පිම්මක් පනින්න නම් ආර්ථි­ක­යට වැලඳී ඇති ඒඩ්ස් සුව කළ යුතු බවය.”ගිය වසරේ අය­වැය විවා­ද­යට එක් වෙමින් එහෙම කීවේ ඇමැති චම්පික රණ­ව­කය.චම්පික කිය­නවා වගේම ගිය ආණ්ඩුව ආර්ථි­ක­යට සිදු­කොට තිබුණේ එහෙම විනා­ශ­යක්ය.2006 වසර වන විට මෙරට රාජ්‍ය බදු ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 17.3%ක් ලෙස පැව­ති­යත් 2014 වසර අව­සා­නය වන විට එය සට­හන් වුයේ 11.6%ක් වශ­යෙන් ය. දේශ­ප්‍රේ­මි­යන් ඉතිරි කළේ ඒවා ය. 2005-2014 කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය බර 233% කින් ඉහළ ගිය අතර එනම් රුපි­යල් බිලි­යන 7391ක් දක්වා රාජ්‍ය ණය බර වර්ධ­නය විය. 2018 වසරේ රජයේ සමස්ත විය­දම බිලි­යන 4079 ක් වන විට මුලික ණය කොටස් ගෙවී­මට බිලි­යන 1150ක් හා පොලිය ගෙවීම සඳහා බිලි­යන 820 ක් පමණ වෙන් කර­න්නට රජ­යට සිදුව ඇත. ඒ අනුව 2018 වසර සඳහා පම­ණක් සමස්ත ණය ගෙවී­මට බිලි­යන 1970ක් අවශ්‍ය විය. ඒ අනුව සැම පුර­වැ­සි­යෙ­කුම රුපි­යල් ලක්ෂ­ය­කට ආසන්න මුද­ලක් ලබන වසර ණය ගෙවීම සදහා වැය කිරී­මට සිදු වෙයි. එයින් රුපි­යල් 85,000 ක් පමණ රාජ­පක්ෂ පාල­නය විසින් ගනු ලැබූ ණය ගෙවී­මට යෙද­විය යුතු මුදල් ය. ආණ්ඩුව වසර තුනක් පුරා කළේ ඉකුත් ආණ්ඩුවේ 'පව් කන්ද' ගෙවා දමන එක ය. මහින්ද ආණ්ඩුව රට ගොඩ­නැගූ බවට කරන සාහ­සික ප්‍රලාප අති­ශය ලැජ්ජා සහ­ගත ය. විෂම සංව­ර්ධන ව්‍යාපෘති වෙනු­වෙන් රුපි­යල් බිලි­යන ගණ­නින් රට විදෙස් ණය­කා­ර­යකු බවට පත්කි­රීම, රාජ්‍ය ආදා­යම් වර්ධ­නය කිරීම ගැන දශ­ම­යක හෝ අව­ධා­න­යක් යොමු නොකි­රීම, ඉහළ පොලී අනු­පා­ත­ය­කට ලබා­ගත් වාණිජ ණය ගෙවී­මට තවත් වාණිජ ණය ගැනීම, රාජ්‍ය ණය බර­තාව රාජ්‍ය ආය­තන තුළ සඟවා ජාතික ගිණු­මෙන් එය සැඟ­වීම, ආර්ථික දත්ත විකෘති කර වාර්ෂික ආර්ථික වර්ධ­නය ගැන ව්‍යාජ පුවත් සමා­ජ­ගත කිරීම රාජ­ප­ක්ෂලා සේම හෙංච­යි­යෝද මනාව සිදු කළහ. අන්ති­මට හැමෝම හිතුවේ 'සිංග­ප්පූ­රුව' යනු ශ්‍රී ලංකාව කියා ය. රාජ­ප­ක්ෂ­ලාගේ ආර්ථික උප­දේ­ශ­කයෝ 'නූල­ටම' රාජ­ප­ක්ෂලා අන්දවා තිබිණි. මාවෝගේ යුග­යේදී චීන ආර්ථික උප­දේ­ශ­ක­යෝද එහෙ­මම සිදු­කොට තිබිණි. 'අග­මැ­ති­තු­මනි, ගේ කුරු­ල්ලෙක් අවු­රු­ද්ද­කට ධාන්‍ය කිලෝ හත­රක් කෑමට ගන්නවා. අපේ රටේ ගේ කුරුල්ලෝ මිලි­යන 10ක් විතර ඉන්නවා නම් උන් අවු­රු­ද්ද­කට ධාන්‍ය කිලෝ මිලි­යන 40ක් කනවා. ඉතින් ඒක ලොකු අප­රා­ධ­යක්.' මාවෝ සේතුංට උප­දේ­ශ­ක­යෙක් එහෙම කීවේය.'මොකක්ද විස­ඳුම?'

'එකම විස­ඳුම ගේ කුරු­ල්ලන් සියලු දෙනා මරා දැමීම'

කීවා වගේම වැඩේ ක්‍රියා­වට නැඟුණි. ගේ කුරු­ල්ලකු සොයා­ගත නොහැකි තැනට චීන සමූ­හා­ණ්ඩුව පත්විණි. ගේ කුරු­ල්ලෙක් බෙහෙ­ත­ක­ට­වත් සොයා ගන්න බැරි වුණි. එහෙත් මේ සොබා­ද­හ­මට එරෙහි සෙල්ල­මට උත්තර දෙන්න සොබා­ද­හම අවු­රුදු දෙකක් ඇතු­ළත වග බලා ගත්තේ ය. ගේ කුරු­ල්ලන් අහිමි වූ රටේ බිඳ වැටුණු පරි­සර තුල්‍ය­තාව මැද පළා ගිර­වුන් පිරි­ව­රා­ගත් කෘමි උව­දුර එක යායට බෝ වුණි. යහ­මින් වැඩෙන කෙත් යාය­වල් සහ­මු­ලින් ම වැන­සී­මට මේ කෘමීන්ට ගත­වුණේ මිනිත්තු කිහි­ප­යක් පමණ ය. මහා සාග­තය ඇරැ­ඹුණි. කුස පොත්ත පිට පොත්තට ඇලුණු ලක්‍ෂ ගාණක් ඇවි­දින ඇට සැකිලි බිහි වුණි. චීනයේ ජන ජීවිත බිහි­සුණු හීන­යක නන්න­ත්තාර වුණි. කුසට අහ­රක් තබා දිය බිඳක් අහිමි මිනි­සුන් මංමා­වත් පාසා වැටී සිටි අතර මිනි­සුන් මිනි­සුන් ව කා දැමූ අවස්ථා ගැන පුවත් සිවු­දි­ගින් අස­න්නට ලැබිණි. ලක්‍ෂ හත­ළිස් පහ­කට වැඩි ජීවිත සාග­තය විසින් ඝාත­නය කොට තිබිණි. සාග­තය අස්සේම නිය­ඟ­ය­කුත් පැමිණි අතර දොර දොර මළ මිනී පිරී ඉති­රුණි. සොබා­ද­හමේ සාපය ශෝකයේ විලා­ප­යෙන් ගිඟුම් දුන් අතර පාළු කුඹුරු යාය­වල් රට­පුරා පැති­රිණි. සොබා දහ­මට එරෙහි ව යෑමේ බිහි­සුණු ආදී­නව ලෝක­යට උරුම වූ අවස්ථා එමට ය. චීනය අත්වින්දේ එවැනි බිසි­සුණු ඉර­ණ­මක් ය. මහින්ද යුගයේ සංව­ර්ධන වැඩත් එහෙ­මයි කියා කියන්නේ මිනිස්සු ය. 'කොහො­මද එහෙම කියන්නේ, ඒ යුගය තමයි රටේ ලොකුම සංව­ර්ධ­නය වෙච්ච යුගය' එහෙම කියන අයට දෙන්න උත්තර කිහි­ප­යක් තිබේ.

'කියන්න බලන්න ලොකුම සංව­ර්ධන ව්‍යාපෘ­තිය?''ඇයි මත්තල ගුව­න්තො­ටු­පොළ'

රටට කිරි­යෙන් පැණි­යෙන් උතු­ර­නවා කියා පටන් ගත්ත මත්තල ගුව­න්තො­ටු­පොළ ගෙඩි පිටින් ම සුදු අලි­යෙක් බව කියන්නේ ඒ ආණ්ඩුවේ ඒ දව­ස්වල හිටිය ප්‍රබල ඇමැ­ති­වරු ය. මත්තල ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ පැය විසි­හ­තර ම පව­ත්වා­ගෙන යෑමෙන් වස­ර­කට සිදු­වන පාඩුව රුපි­යල් මිලි­යන 250ක් බවත් ලබන සැප්තැ­ම්බර් මාසයේ ණය පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතු අතර ඒ සඳහා වස­ර­කට ලබන පාඩුව රුපි­යල් බිලි­යන 2ක් බවත් කීවේ හිටපු වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති ය. 'එත­කොට හම්බ­න්තොට වරාය?'

නැව් නොඑනා වරාය, ගුවන් යානා නොඑන ගුව­න්තො­ටු­පොළ, වරාය නග­රය, සයි­ටම්, ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ගණ, සම්ම­න්ත්‍රණ ශාලා, වාහන කලා­තු­ර­කින් යන අති දැවැන්ත මංමා­වත් යනා­දිය හම්බ­න්තො­ටට ම ය. ඒක ප්‍රසිද්ධ නැව් එන්නේ නැති වරාය විදි­යට ය. ගෙව­න්නට තියෙන ණය කන්ද­රාව අප්‍ර­මාණ ය. ඒ මදි­වට කිසිදු නිශ්චිත පද­න­ම­කින් තොරව බඳවා ගත් සේව­ක­යන්ට රැකියා දීම පවා ඒ අය හරි­යට සිදු කොට නැත. පවු ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩු­වට ය. හැම­දේම 'යහ­ගු­ණ­යෙන්' පිරී ගිය බව­ටත් ආශ්ච­ර්යය උප­රිම බව­ටත් කළ සන්ද­ර්ශ­න­යෙන් පසු හැරී බැලු­වාම සේරම අස්සේ තියෙන්නේ 'හිස් ප්‍රලාප' විත­රක් බව තෝරා­බේරා ගැනීම අප­හසු නැත.

යහ­පා­ලන ආණ්ඩුව ආ දා සිට මුහුණ දෙමින් උන්නේ පරණ ආණ්ඩුවේ පව්ව­ලට කර ගැසීමේ අර්බු­ද­යට ය. එහෙ­මත් නැත්නම් චීනය කළ ගේ කුරුලු සංහා­රය වගේ වැඩ­වල ප්‍රඵ­පල භුක්ති විඳින එක ය. ඉකුත් ආණ්ඩුව කාලයේ ගිනි තැබූ සේව නූල පත්තු වෙන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව කාලයේ ය. දැන් ඉතින් හැම කුණු ගොඩම 'යහ­පා­ලන ආණ්ඩු­වට ය.'

ගිය ආණ්ඩුව කීවේ තමන් යුද්ධය ඉවර කළා කියලා ය. හැබැයි ආයුධ යුද්ධය ඉවර කළාට ඒක ඉවර කළා ය කියන මහින්ද රාජ­පක්‍ෂ ව' දින­වන්න උතුරේ මිනිස්සු අකැ­මැති වූයේ ඇයි? වෙන එකක් හින්දා නොව, යුද්දෙ ඉවර කළාට 'සාමය' ඇති නොකළ හින්දාය. එහෙම බැලු­වම ඒ ආණ්ඩුව සාම­යෙ­නුත් 'අස­මත්' ය.එහෙම ගිය ආණ්ඩුවේ අය දැන් මේ ආණ්ඩු­වට බනින්නේ 'තමන් කළ පව්' මේ ආණ්ඩුව ගෙවන හින්දාද කියන්න දන්නේ නැත.'මේ ආණ්ඩුව මොන­වද කරන්නේ?'කියා වසර තුනක් තිස්සේ සම­හරු ඇසූහ.ආණ්ඩු­වේම අය පවා ඇසූහ.හැමෝම හිතුවේ ආව ගමන් ප්‍රාති­හාර්ය පාන්න ඕනා කියාය.හැබැයි ආව­ග­මන් ප්‍රාති­හාර්ය කිහි­ප­යක් පෑව බවත් සම­හ­රුන්ට අම­ත­කය.රාජ්‍ය සේවක වැටුප් එදා මෙදා තුර ඉති­හා­සයේ වැඩිම ප්‍රමා­ණ­ය­කින් වැඩි කළේ 'මොන­වද කළේ කියා?'සම­හරු අහන මේ ආණ්ඩු­ව­මය.ජේ ආර් 77 ආව ගමන් 'මැජික්'පෙන්වූයේ නැත.ඔහු මහ­වැ­ලිය වැනි යෝද ව්‍යාපෘතු පටන් ගත්තේ ආණ්ඩුව පත්වෙලා වසර කිහි­ප­යක් ගියා ම ය.මේ ආණ්ඩු­වත් එහෙම ම ය.'වැර­හැලි ජීවිත' හතර අතේ පිරී තිබූ රටක් ජේ. ආර්. ක්‍රමා­ණු­කූ­ලව ගොඩ ගත්තේය. මෙවර මේ ආණ්ඩු­වට ලැබුණේ 'මැරෙන්න වැටී සිටි' රටක් ය. මහි­න්ද­වා­දීන්ගේ ජන­ප්‍රි­ය­වාදී 'මේ ආණ්ඩුව ජන­තා­වාදි නෑ...රටට ආදරේ නෑ' ලියලා ය.හැබැයි මැරෙන්න වැටුණු රටක් යන්ත­මට ගොඩ ගත්තේ මේ ආණ්ඩුව බව ඒ අයට මතක නැත. ඉස්සර ජෝන් කොත­ලා­ව­ලට සම­හරු බැන්නේත් මෙහෙ­මම ය. ඒ දව­ස්වල විප­ක්‍ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟී­මක් නැති කුකුල් කේන්ති­කා­රයා කිය­ලාය.

හැබැයි අවු­රුදු එක­හ­මා­රක් වගේ කාල­යක් අග­මැති හැටි­යට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවු­රුත් නොක­රපු තරම් ය.

1954දී ශ්‍රීමත් ඔලි­වර් ගුණ­ති­ලක ආණ්ඩු­කාර පද­වි­යට පත් කර­මින් මෙරට ආණ්ඩු­කාර පද­වි­යට ශ්‍රී ලාංකි­ක­යකු පත් කිරීමේ පිළි­වෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොත­ලා­ව­ලය. සෑම නිද­හස් දින­ය­කම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රිසි කොඩිය එස­වීමේ පිළි­වෙත ඉව­තට දමන්නේ කොත­ලා­වල ය. ලංකා­වට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමා­ජි­ක­ත්වය ලබා ගැනී­මට මූලික වෙන්නේ කොත­ලා­ව­ලය. ඒ අතරේ දෙවැනි එළි­ස­බත් මහා රැජ­නත්, වල්ලභ එඩි­න්බරෝ ආදි­පාද පිලිප් කුම­රුත් මුල්ව­රට ලංකාවේ සංචා­ර­යක නියැ­ළුණේ කොත­ලා­වල අග­මැ­ති­ව­ර­යාව සිටි­යදී ය. එහෙම බැලු­වම කොත­ලා­වල කියන්නේ පුදුම නාය­ක­යෙක් ය. හැබැයි හැමෝම හිතුවේ කොත­ලා­වල ජාතිය ගැන, රට ගැන කැක්කු­මක් නැති ‘උද්දච්ඡ.මනු­ස්ස­යෙක් කියලා ය.

එදා වගේම අද යහ­පා­ලන ආණ්ඩු­වට විප­ක්‍ෂය චෝදනා කරන්නේ ජාති­ක­ත්වය ගැන හිතන්නේ නෑ කිය­ලාය. හැබැයි දළදා මාලි­ගාව ඉදි­රියේ නයිට් රේස් පදින තුරු බලා­ගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනාය. ඇමෙ­රි­කන් පුර­වැ­සියෝ රංචු­වක් හිටපු ආණ්ඩු­වක අය විප­ක්‍ෂ­යට වෙලා දැන් කියන කතා විහිළු බව කියන්නේ මිනි­සුන් ය.

ජාතික සංහි­ඳි­යාව වෙනු­වෙන් කාර්යා­ල­යක් පිහි­ටුවා ආණ්ඩුව වැඩ කරන්නේ ජන­වා­ර්ගික ඒකා­බ­ද්ධ­තා­ව­යෙන් යුතුව රට පෙරට ගෙනි­ය­න්නට ය.

ඒ දව­ස්වල ජෝන් කොත­ලා­ව­ලගේ වැඩ­පි­ළි­වෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරා­ජය කොට කඳ­වල වල­ව්වට තල්ලු කොට දැම්මේ ය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්‍රග­ති­ශීලී ලොසි­න්ජ­රය යටින් වූ විස බව කියන්නේ මිනි­සුන් ය. යහ­පා­ලන ආණ්ඩු­වට එරෙ­හිව කැරලි ගස­මින් විප­ක්‍ෂය හදන්නේ ජෝන් යැව්වා වගේ යව­න්නද කියා කියන්න නම් දන්නේ නැත.

එදා වේල කන්නේ කොහො­මද කියා කල්පනා කර­මින් ජීවන අර­ග­ල­යක යෙදුණු මිනි­ස්සුන්ට ජීව­ත්වීමේ කලාව පුරුදු කර­නවා වෙනු­වට අව­ස්ථා­වාදී දේශ­පා­ල­කයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනු­වෙන් 'සංවේදී' ප්‍රශ්න හුර­තල් කරන එක ය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නිද­හස, මානව අයි­ති­වා­සි­කම්, තොර­තුරු දැන­ගැ­නීමේ අයි­තිය, සහ­ජී­ව­නය, යනාදී සකල අයි­තීන් ජන­තා­වට දිනා දුන්නේ කවුද කියා මිනිස්සු දනී. 'ඔබ ජනා­ධි­පති ධුර­යට පත්වූ දා සිට මෛත්‍රී­පාල සිරි­සේන මහතා ශ්‍රී ලංකාව තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ නිද­හස තහ­වුරු කර­මින් සංහි­ඳි­යා­වත්, ස්ථීර­සාර සාම­යත් උදා කර ගැනී­මට සිදු කරන කැප­වීම මම අති­ශ­යින් ම අගය කර­නවා 'ජන­පති මෛත්‍රීට මෙහෙම කීවේ අස­ල්වැසි ඉන්දි­යාවේ අග­මැති මෝඩිය. රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව යන ගමනේ ප්‍රති­ඵල දැන් ලැබෙ­මින් තිබෙන බව නොදන්නා කෙනෙක් නැත. ගම්පෙ­ර­ළිය, එන්ට­ප්‍ර­යිස් ශ්‍රීලංකා, ග්‍රාම ශක්ති, ගම් උදාව වැනි යෝධ ව්‍යාපෘති හරහා ආණ්ඩුව අලුත් පිම්මක් පනි­මින් සිටී.'මොන­වද ආණ්ඩුව කළේ?'කියා අහන අයට දැන් උත්තර ලැබෙ­මින් තිබේ. කට උත්තර නැති­වන්නේ කාටද කියා ඉස්ස­ර­හට බලා ගන්න පුළු­වන් ය.

අදහස්