රජ්ජු­රු­ව­න්ටත් රටා දැමූ තල­ගුනේ වැසියෝ | සිළුමිණ

රජ්ජු­රු­ව­න්ටත් රටා දැමූ තල­ගුනේ වැසියෝ

සාම්ප්‍ර­දා­යික දුම්බර රටා­යැයි කිවූ සැණින් අපේ මත­ක­යට එන්නේ උඩ­දු­ම්බර තල­ගුනේ ගම්මා­න­යයි. අපට ආවේ­ණික වූ අපේම නිර්මාණ ශිල්පීන් සොයා පසු­ගිය දිනක අපි තල­ගුෙන් ගම්මා­න­යට ගියෙමු.

මහ­නු­වර -මහි­යං­ගණ ප්‍රධාන මාර්ගයේ උඩ­දු­ම්බර නග­ර­යට පැමිණ ඔර­ලෝසු කනුව ළඟින් ඇති මාර්ගයේ කිලෝ­මි­ටර් හත­රක් ගිය පසු තල­ගුෙන් ගම්මා­නය හමු වෙයි. ස්වභා­වික වන­න්ත­රය දිය කදුරු මෙන්ම හෙල්මළු කෙත්වතු මැදින් තල­ගු­නේට එන මාර්ග­යත් දුම්බර රටා­වක් තර­ම­ටම දැකු­ම්ක­ලුය. එහි සොබා සුන්ද­ර­ත්වය ගත සිත නිවී සන­ස­වයි.

තල­ගුනේ ගම්මා­නයේ වෙසෙන චන්දන යාපාගේ මහතා පනස් හැවි­රි­දිය. දෙම­වු­පි­යන් සමඟ රෙදි විවී­මට එක් වූයේ වයස අවු­රුදු 15 දීය. ඔහුගේ පියාද දක්ෂ ශිල්පි­යෙකි. පසුව ඉන්දි­යා­වට ගොස් විවීම පුහුණු වූයේය. තම ගමට පම­ණක් සීමාවූ දුම්බර රටා ගැන ඔහු සිතේ ඇත්තේ ආඩ­ම්බ­ර­යකි. හැඩ වැඩ දම­මින් රටා මවන යාපාගේ මහතා මෙම කර්මා­න්තයේ ඉති­හා­සය මෙන්ම වර්ත­මා­නය අපූ­රු­වට විස්තර කර­න්නේය.

“බෝපත්, තනි­ප­ට­ල­ණුව, දෙප­ට­ල­ණුව, හංස­පූ­ට්ටුව,

නෙළු­ම්මල් වගේ සම්ප්‍ර­දා­යික මෝස්තර සහ නවීන හැඩ­තල ආශ්‍රි­තව අපි නිර්මාණ කර­නවා. කළාල, සාරි වගේම ගෘහ අලං­ක­ර­ණ­යට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලුමේ හැටි­යට අපි නිර්මා­ණය කර­නවා. මේ කර්මා­න්තය රැක­ගන්න මීට පෙර රජ­යෙන් උදව් උප­කාර ලැබුණා. මෙම­ගින් රටට විදේශ විනි­මය උපයා ගන්න පුළු­වන්. ඒ නිසා මම රජ­යෙන් ඉල්ලා සිටින්නේ අපේ ගමට සංචා­රක අව­ධා­නය යොමු­වන විදි­හට වැඩ­ස­ට­හ­නක් හදන්න කියලා. මහ­නු­ව­රට එන විදේ­ශීය සංචා­ර­ක­යන් හුන්න­ස්ගි­රියෙ, මීමුරේ, වස්ග­මුවේ, නක­ල්ස්ව­ලට යනවා. ඒ වගේම දහ­අට වංගුව බැහැලා මහි­යං­ගණ හරහා පොළො­න්නරු යනවා. මේ අය උඩු­දු­ම්බර නත­ර­වෙලා අපේ නිර්මා­ණ­ව­ලට අව­ධා­නය යොමු­ක­ර­වන වැඩ පිළි­වෙ­ළක් සක­ස්කළ යුතුයි. එහෙම වුණොත් අපේ නිර්මා­ණ­ව­ලට වටි­නා­ක­මක් ලැබෙ­නවා වගේම ගමේ අයට කිතුල් හකුරු කෑල්ලක් එක්ක බෙලි­ම­ල්ටි­කක්, කුර­ක්කන් හැල­ප­යක්, ගමේ හැදෙන පල­තු­රක් විකු­ණ­ගන්න පුළු­වන්. ඉන් ගමේ වැඩි දෙන­කුට අතට කීයක් හරි ලැබෙ­නවා.” ඔහු කතා කරන්නේ ගමේ සිය­ලු­දෙනා වෙනු­වෙන්ය.

චන්ද­නගේ බිරිය රංජනී හේම­ලතා ද දක්ෂ නිර්මාණ ශිල්පි­නි­යකි. ඔහුගේ සොහො­යුරා සමන් ද ඉතා අපූ­රු­වට දුම්බර රටා විය­න්නෙකි. ඔහුගේ පදිං­චි­යද උඩු­දු­ම්බර, තල­ගුෙන්, කොටු­වේ­ල­න්දය. සමන් රට දැය වෙනු­වෙන් සටන් වැද ආබා­ධි­තවූ රණ­වි­රු­වෙකි.

“මම 1995 යුධ හමු­දා­වට බැඳිලා විශේෂ බළ­කායේ සේවය කළා. 2001 වස­රේදී බිම් බෝම­බ­ය­කට අහු­වෙලා කකුල නැති වුණා. නමුත් මට අද නිර්මා­ණ­වල යෙදෙන්න එය ගැට­ලු­වක් නොවෙයි. මහ­නු­වර දුම්බර මිටි­යා­වතේ කෙරෙන රටා නිසා මෙයට දුම්බර රටා යැයි කිය­නවා. මුළු ලෝක­යේම මෙවැනි රටා යෙදූ නිර්මණ තියෙන්නේ තල­ගුෙන් විත­රයි. මේ රටා රෙදි සහ හණ­ව­ලින් කෙරෙ­නවා. අපි වැඩි වශ­යෙන් කරන්නේ රෙදි­ව­ලින් කරන නිර්මා­ණයි. අපේ පර­ම්ප­රා­වම මෙවැනි නිර්මා­ණ­ව­ලට දක්ෂතා දැක් වූ අයයි. ඒ වගේම අපේ පවු­ලට එක­තු­වෙන අය­ටත් මෙම ශිල්පය ලබා දී තිබෙ­නවා. මගේ බිරි­යත් අපේ පවු­ලට අලු­තින් එක­තු­වෙලා දැන් දක්ෂ නිර්මාණ ශිල්පි­නි­යක්. අපි වෙළෙඳ පොළ හදා­ගත්තේ අපිම මහ­න්සි­වෙලා. හොඳ රටා යෙදූ සාරි­යක් රුපි­යල් විසි­ප­න්ද­හ­ස­කට වගේ අල­වි­ක­ර­නවා. බිත්ති සැර­සිලි, කළාල, සාරි වගේ ඉල්ලුමේ හැටි­යට ඕනෑම දෙයක් රටා යොදා නිර්මා­ණය කරලා දෙන්න අපට පුළු­වන්.”

සමන්ගේ බිරිය ආර්. ඩී. අනුෂ්කා දර්ශ­නීය. බෙන්තර උපන් අනු­ෂ්කාට සමන් මුණ ගැසුණේ රාගම රණ­විරු සෙව­ණේ­දීය.

“රට වෙනු­වෙන් සටන් කර ආබා­ධි­තවූ රණ­වි­රු­ව­කුගේ බිරි­යක වීම උතුම් දෙයක් කියා මට හිතුණා. මම විවාහ වෙලා උඩු­දු­ම්බ­රට ආවට පසුව සමන් වගේම පවුලේ අය මට රෙදි විවීම සහ මෝස්තර රටා දැමීම කියලා දුන්නා.මම ඉතා කෙටි කාල­ය­කින් වැඩ ඉගෙන ගත්තා. දැන් මහ­ත්තයා එක්ක එක­තු­වෙලා මෝස්තර දාලා රෙදි විය­නවා..”ඇය පැව­සු­වාය.

මෙම ගම්මා­නයේ බොහෝ දෙනෙක් ඥාතී­හුය. ගොවි­තැන මූලික වූ මෙම ගම්මා­නයේ අම­තර ආදා­ය­මක් ලෙස වැඩි දෙනෙක් අත්යන්ත්‍ර පේෂ­ක­ර්මා­න්තයේ යෙදී සිටිති.

දුම්බර රටාවේ අත්දැ­කීම් ඇති පරි­ණත නිර්මාණ ශිල්පි­යෙකු වන 76 හැවි­රිදි සිරි­සේන යාපාගේ මහතා නිර්මා­ණ­ක­ර­ණ­යට එක්වී වසර හැට­කට අධි­කය. දුම්බර රටා ඉති­හා­සය පිළි­බඳ ඔහු බොහෝ කරුණු කාරණා දන්නේය.

“අපේ මුතුන් මිත්තෝ මහ­නු­වර රාජ­ධා­නියේ සිටි රජ­ව­රු­න්ටත් වස්ත්‍ර නිර්මා­ණය කළ අයයි. ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජ­තු­මාගේ කාලයේ සිට ගත් විට අපි අට­වැනි පර­ම්ප­රාවේ අයයි. දුම්බර රටා තියෙන්නේ අපි ළඟ විත­රයි. මගේ දරු­වන් තුන් දෙනෙක් දැන් මේ කර්මා­න්තයේ යෙදී සිටි­නවා. පේම­චන්ද්‍ර, සෝම­වංශ හා දයා­වතී යන මගේ සහෝ­දර සහෝ­ද­රි­යන් වගේම ඒ අයගේ දරු­වොත් මේ කර්මා­න්තයේ යෙදී සිටි­නවා.

මේ නිර්මාණ සිය­යට සිය­යක්ම කරන්නේ කපු නූලෙන්. අපේ මුත්තෙක් ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජ­තු­මාට වියලා දුන්න දිය කච්චි­යක් තවම කෞතු­කා­ගා­රයේ තිබෙ­නවා. අපේ මුතුන් මිත්තන්ගේ තවත් නිර්මාණ බොහෝ­ම­යක් කෞතු­කා­ගා­රයේ තිබෙ­නවා. අපි මේ කර­ගෙන යන කර්මා­න්ත­යට තරුණ දූ පුතුන් එකතු විය යුතුයි. දුම්බර රටා සමග අපේ රටේ අභි­මා­නය ලෝක­යට ගෙන යන්න පුළු­වන්. මෙය ඒ සඳහා තිබෙන හොඳම අව­ස්ථා­වක්. ඒ නිසා රජය දුම්බර රටා ජාතික හා ජාත්‍ය­න්ත­ර­යට යෑමට වැඩ පිළි­වෙ­ළක් සකස් කළ යුතුයි.”

එර­න්දිකා කුමාරි දුම්බර රටා මවන්නේ චන්දන යාපාගේ මහතා උප­දෙස් යට­තේය.

“මම උස­ස්පෙළ අව­ස­න්වෙලා රැකි­යා­වක් සොයා­ගෙන යන්නේ නැතුව පුර්ණ කාලී­නව රෙදි විවීමේ කට­යු­ත්තට යොමු වුණා. අපේ ඊළග පර­ම්පරාව මේ කර්මා­න්තයේ රඳවා ගැනී­මට පහ­සු­කම් ලබා දිය යුතුයි. විශ්ව­වි­ද්‍යා­ල­යේදී පේෂ­ක­ර්මාන්ත පාඨ­මාලා හදාරා ප්‍රායෝ­ගික පුහු­ණු­වට අපේ ළඟට එන අය ඉන්නවා. මේ වගේ පාර­ම්ප­රික කර්මා­න්ත­ව­ලට අලුත් පර­පුර එක­තු­කර ගැනී­මට විශ්ව­වි­ද්‍යාල වගේම උසස් අධ්‍යා­පන ආය­ත­න­ව­ලත් මෙවැනි පාඨ­මාලා ආරම්භ කළ යුතුයි.

ඒ අයට උදව් කර­මින් නිර්මා­ණා­ත්මක විවීම් කරන්න උග­න්වන්න අපට පුළු­වන්.” ඇය අභි­මා­න­යෙන් යුතුව පව­ස­න්නීය.

මේ කර්මා­න්තයේ අනා­ගත දියු­ණුව වෙනු­වෙන් පළා­ත්ස­භා­වට කළ හැකිදේ පිළි­බඳ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒක­නා­යක මහ­තා­ගෙන් අපි ­වි­ම­සු­වෙමු.

“දුම්බර රටා පර­ම්ප­රා­වෙන් පැවත එන කර්මා­න්ත­යක්. මේ ගමේ අය මීට අවු­රුදු 15කට කලින් ඉතා දුක්ඛිත තත්ත්ව­යක හිටියා. අපි මධ්‍යම රජය සමඟ එක­තු­වෙලා මේ ගම්මා­න­යට වටි­නා­ක­මක් දෙන වැඩ­ස­ට­හන් කීප­යක් කළා. රෙදි වියන මැෂින් දුන්නා. පුහු­ණු­වීම් සදහා අව­ස්ථාව ලබා දුන්නා. අලෙ­විය සඳහා ප්‍රද­ර්ශ­න­ව­ලට අව­ස්ථාව ලබා දුන්නා. ගමට යන්න තිබුණේ දුෂ්කර මාර්ගය කාපට් කළා. ඒ වගේම වසර ගණ­නා­වක් හදා­ගන්න බැරිව සිටි පාල­මක් හදා දුන්නා. මේ ගමේ දරු­වන්ට අංග සම්පූර්ණ ප්‍රාථ­මික පාස­ලක් උඩු­දු­ම්බර හැදුවා. ලෝකේ අල්ලන්න පිට­රට උදව් ලැබෙ­න­තුරු බලා­ගෙන ඉන්නේ නැතුව අපේ රටේ අපිට කරන්න පුළු­වන් බෙහෝ­ම­යක් දේ තිබෙ­නවා. ඒ ටික හරි­යට කළොත් පවුල් ගණ­නා­ව­කට සෙත සැල­සෙ­නවා. මේ ගම්මා­නය වගේ තවත් පාර­ම්ප­රික නිර්මාණ කරන ගම්මාන නව­යක් අපි මධ්‍යම පළාතේ හඳු­නා­ගෙන දියුණු කරන්න පිය­වර ගත්තා. මේ කර්මා­න්තයේ යෙදී සිටින අයට විදු­ලිය ලබා දුන්නා. ඒ අයගේ ගෙව­ල්ව­ලට යන්න තිබෙන මාර්ග කොන්ක්‍රීට් කළා. අපේ පාර­ම්ප­රික කර්මා­න්ත­ක­රු­වන් රැක­ගන්න වගේම ඔවුන්ගේ නිර්මාණ හැකි­යා­වන් වැඩි දියුණු කර­වන්න පළාත් සභාව මධ්‍යම රජ­යත් එක්ක එක­තු­වෙලා හැකි උප­රි­ම­යෙන් කට­යුතු කර­නවා.”

බොහො­ම­යක් කළාල හා බිත්ති සැර­සිලි ලෙස යොදා ගන්නේ තල­ගුනේ නිර්මාණ බව ගම්වැ­සියෝ පව­සති. මෙම නිර්මාණ ශිල්පීන් රජ­යෙන් ඉල්ලන්නේ විදේ­ශික සංචා­ර­ක­යන්ගේ අව­ධා­නය තම ගම්මා­නය පිළි­බඳ යොමු කර­වන ලෙසයි. එසේ වුව­හොත් දුම්බර රටා මව­න්නන්ට මෙන්ම උඩු­දු­ම්බර ප්‍රදේ­ශයේ විශාල පිරි­ස­කට ආදා­යම් උප­යා­ගන්නා මාර්ග­යක් උදා­වනු ඇති­බව ඔවුන්ගේ අද­හ­සයි.

ඡායා­රූප විස්ත­රය - දිඹු­ලා­ගල සමූහ
ප්‍රසන්න සිල්වා

Comments