කෑෂ්වැගන් පළමු සමාජ සත්ක­ාරයට මුල පුරයි | සිළුමිණ

කෑෂ්වැගන් පළමු සමාජ සත්ක­ාරයට මුල පුරයි

අන්තර්ජාල ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මූල්‍ය සේවා සපයන කෑෂ්වැගන් ආයතනය නිරන්තරව උත්සහ ගන්නේ අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල ක්‍රියාත්මක වන අකාරයට දිගු හා සංකීර්ණ ක්‍රියාවලියකින් තොරව ශ්‍රී ලංකාවේද මූල්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැන්වීමටයි. එලෙස සිය ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කරන අතර කෑෂ්වැගන් සිය පළමු සමාජ සත්කරය පසුගිය දා සිදු කළේය. ඒ අනුව අඩු ආදායම්ලාභී සහ දුෂ්කර පාසලක් වන කළුතර දිස්ත්‍රික්යේ පිහිටි වෙහෙරවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන්ට උපකරණ සහ ද්‍රව්‍යමය ආධාර පිරිනමන ලදී.

මෙම පාසලේ සිසු දරුවන්ට ප්‍රාථමික පන්ති සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් කාමරයක් නොමැති වීම විශාල අඩුපාඩුවක් ලෙස පැවතිණි. ප්‍රාථමික පන්ති සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් කාමරයක් සහ එයට අවශ්‍ය සම්පූර්ණ උපකරණ හා බඩු බාහිරාදිය පරිත්‍යාග කිරීම මෙම සමාජ සත්කාරයේ මූලික කර්තව්‍ය විය. මීට අමතරව වෙහෙරවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ කට්ටල බෙදා දීම සහ දුෂ්කර පාසලක සේවය කරන ගුරු මහත්ම මහත්මීන් අගය කිරීමක් වශයෙන් ඔවුන්ටද තෑගි පිරිනමන ලදී. මෙම අවස්ථාවට කෑෂ්වැගන් කළමනාකාරීත්වය වෙනුවෙන් කෑෂ්වැගන් ශ්‍රී ලංකා ආයතන ප්‍රධානී සමිල ෆනෑන්ඩු, මෙහෙයුම් කළමනාකරු සුපුන් සංගදාස, පාරිභෝගික සේවා අධීක්ෂණ නිලධාරිනී ජනනි ෆර්ඩිනෑන්ඩු, තත්ත්ව පාලන කළමනාකාරිණී ජිත්මි ෆනෑන්ඩු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Comments