කැකිරාවට සහ ත්‍රිකුණාමලයට කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛා | සිළුමිණ

කැකිරාවට සහ ත්‍රිකුණාමලයට කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛා

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆියිනෑන්ස් මෙරට කාර්යබහුලතම නගර දෙකක පිහිටි සිය ශාඛාවන් නව ස්ථාන කරා පසුගිය දා ගෙන යන ලදී. මෙලෙස නව ගොඩනැගිලි කරා ප්‍රවිශ්ඨ වූයේ කැකිරාවේ හා ත්‍රිකුණාමලයේ පිහිටි ශාඛා ද්විත්වයයි.

කැකිරාව ප්‍රධාන වීදියේ, තිලකවර්ධන ගොඩනැගිල්ලේ අංක 40 දරන ස්ථානයේ හා ත්‍රිකුණාමලය ප්‍රධාන වීදියේ අංක 83 දරන ස්ථානයේ ස්ථාපිත කර තිබෙන මෙම නවතම කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆියිනෑන්ස් පීඑල්සී ශාඛා, සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා සහ සෙනසුරාදා දිනයේ දී පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා මහජනයා වෙනුවෙන් විවෘතව පවතී.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆියිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් කාසි චිට්ටි මහතා මෙසේ පැවසීය. “කැකිරාව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සිටින අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන් හට වඩාත් ඵලදායී මූල්‍ය සේවා විසඳුම් ලබා දීමට අපි සැදී පැහැදී සිටිනවා. මෙම ප්‍රදේශවල අපගේ ව්‍යාපාරවල හා ගනුදෙනුකරුවන්ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් මෙලෙස නව ස්ථාන කරා යොමු වීමට අපි තීරණය කළා.

Comments