ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් කතුන්ට සහය ලැබෙන්නේ කොහාමද? | Page 2 | සිළුමිණ

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් කතුන්ට සහය ලැබෙන්නේ කොහාමද?

මෑත­කදී බලපෑ නිය­ඟ­යෙන් පීඩා­වට පත් උතුර, නැගෙ­න­හිර හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ කීප­යක පීඩා­වට පත් කාන්තා­වන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන වෙතින් ලබා­ගත් ණය රුපි­යල් ලක්ෂ­යක් හෝ ඒ දක්වා වන ණය සම්පූ­ර්ණ­යෙන්ම කපා දැමී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව නිය­ඟ­යෙන් බල­පෑම් ඇති වූ ත්‍රිකු­ණා­ම­ලය, අම්පාර, මඩ­ක­ල­පුව, යාප­නය, මුල­තිව්, කිලි­නොච්චි, වව්නි­යාව, මන්නා­රම, කුරු­ණෑ­ගල, පුත්ත­ලම, අනු­රා­ධ­පු­රය හා පොළො­න්න­රුව යන දිස්ත්‍රික්ක 12 තුළ පදිංචි කාන්තා­වන්ට සහන සල­ස­මින් ඔවුන් විසින් ලබා­ගෙන තිබුණු මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරුණු ඇත.

පසු­ගිය කාලය පුරාම ක්ෂුද්‍ර මූල්‍ය සමා­ගම් මගින් ණය ලබා ගත් කාන්තා­ව­න් එම ණය ලබා දුන් ආය­තන ඒවා නැවත අය­කර ගැනීමේ දී අනු­ග­ම­නය කළ දර­දඬු හා අවි­ධි­මත් ක්‍රියා­කා­ර­කම් හමුවේ පත්වූ අසී­රු­තාව පිළි­බඳ තොර­තුරු රැසක්ම මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ලාභ ලැබීම අර­මුණු කර­ගත් ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන තමන් ලබා­දුන් ණය සඳහා සිය­යට තුන්සි­ය­යක් තරම් විශාල අග­යක පොලි­යක් අය කර­ගත් අතර උහු­ලා­ගත නොහැකි ණය බර හමුවේ පවුල් ජීවිත රැසක් විනාශ වුණු බව ද, ණය ගෙවා ගත නොහැකි වුණු සම­හ­රක් දෙනා ඒ වේද­නාව, කල­කි­රීම හා ලැජ්ජාව නිසා සිය­දිවි නසා ගත් බව ද වාර්තා විය. ඉල්ලන පර­ක්කු­වට ණය ලබා දුන්න ද එම ණය නැවත අය­කර ගැනීමේ දී ක්ෂූද්‍ර මූල්‍ය ආය­තන අනු­ග­ම­නය කර තිබුණු ඇතැම් ක්‍රම ශිෂ්ට සමා­ජය කිසි­ලෙ­ස­කින් වත් අනු­මත නොක­රන බව පීඩා­වට පත් වූවන්ගේ අද­හ­සය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැ­කිව නිය­ඟ­යෙන් පීඩා­වට පත් ප්‍රදේශ වල පදිංචි කාන්තා­වන් පත්වූ අසී­රු­තා­ව­යන් පිළි­බ­ඳව මාධ්‍ය ඔස්සේ තොර­තුරු ඉදි­රි­පත් වීමත් සමඟ ඒ පිළි­බඳ ජනා­ධි­ප­ති­තුමා, අග­මැ­ති­තුමා, මුදල් ඇම­ති­තුමා ප්‍රමුඛ සමස්ත රජයේ අව­ධා­නය යොමු­විය. ඒ අනුව මෙම කාන්තා­වන්ට සහන සැල­සිය හැකි ආකා­රය පිළි­බ­ඳව සොයා බල­න්නැයි ජනා­ධි­ප­ති­තුමා හා අග­මැ­ති­තුමා මුදල් අමා­ත්‍ය­තුමා ප්‍රමුඛ මුදල් අමා­ත්‍යාංශ බල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන් අතර එම උප­දෙස් අනුව ක්‍රියා­ත්මක වූ ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ණය ලබා­ගත් කාන්තා­වන්ට සහන සැල­සිය හැකි ආකා­රය පිළි­බඳ රජ­යට කරුණු ඉදි­රි­පත් කරන ලදී. එම කරුණු පිළි­බඳ විශේෂ අව­ධා­නය යොමු­කර නිය­ග­යෙන් පීඩා­වට පත් දිස්ත්‍රි­ක්ක­වල පදිංචි කාන්තා­වන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා­ප­දිංචි වී ඇති මූල්‍ය සමා­ගම් හා ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සංග­මයේ ලියා­ප­දිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන වෙතින් ලබා­ගත් උප­රිම රුපි­යල් ලක්ෂය දක්වා වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය මුද­ලින් 2018 ජුනි 30 දින වන විට අවම වශ­යෙන් අඛ­ණ්ඩව මාස තුනක කාල­යක් හිඟව ඇති ණය ශේෂ­යන් හා හිඟ පොලී ප්‍රමා­ණ­යන් කපා­හැ­රී­මට කැබි­නට් මණ්ඩ­ලය පසු­ගි­යදා අනු­මැ­තිය ලබා දුන්නේය.

රජය ගත් මෙම තීර­ණය ක්‍රියා­ත්මක වන ආකා­රය පිළි­බ­ඳව “සිළු­මිණ“ කළ විම­සී­මේදී එහි උසස් නිල­ධා­රි­යෙකු සඳහන් කර සිටියේ කපා හැරී­මට අපේ­ක්ෂිත හිඟ ණය ශේෂ­යන් හා හිඟ පොලී ප්‍රමා­ණ­යක් අදාළ මූල්‍ය සමා­ගම් හා ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන විසින් 2018 අගෝස්තු 31 වන දිනට පෙර මහා භාණ්ඩා­ගා­රය වෙත ඉදි­රි­පත් කළ යුතු බවට එම සමා­ගම් හා ආය­තන දැන­ට­මත් දැනු­වත් කර ඇති බවයි . ඒ අනුව හිඟව ඇති ණය ශේෂ­යන් හා හිඟ පොලී ප්‍රමා­ණ­යන් කපා දැමීමේ දී සිදු­වන අලා­භය පිළි­වෙළින් මහා භාණ්ඩා­ගා­රය හා මූල්‍ය සමා­ගම් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන විසින් දරන බවද පැහැ­දිලි කළ එම නිල­ධා­රියා එසේ කපා හරින ලද හිඟව ඇති ණය ශේෂ­යන් මහා භාණ්ඩා­ගා­රය විසින් මූල්‍ය සමා­ගම් හා ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන වෙත වසර තුනක් තුළ සමාන වාරික 6 කින් ගෙවා දමන බවද සඳ­හන් කළේය.

කෙසේ වුවද ණය ගැනු­ම්ක­රු­වකු විසින් රුපි­යල් ලක්ෂ­යක් හෝ ඊට අඩු ණය කිහි­ප­යක් එක් ආය­ත­න­ය­කින් හෝ ආය­තන කීප­ය­කින් ලබා­ගෙන ඇති විට උප­රිම හිඟ මුදල සහිත එක් ණය මුද­ලක් පම­ණක් කපා දැමී­මට මහ බැංකුව කට­යුතු යොදා තිබේ. ඒ අනුව මෙම ණය සහන වැඩ­ස­ට­හන මගින් එක් ණය ගැනුම්කරු­වෙ­කුට ප්‍රති­ලාභ ලැබිය හැක්කේ එක් හිඟ ණය මුද­ලක් සඳහා පමණි. ණය හා හිඟ පොලී පිළි­බඳ විස්තර අදාළ මූල්‍ය සමා­ගම් හා ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන විසින් අගෝස්තු 31 වන දින වන විට භාණ්ඩා­ගා­රය වෙත ඉදි­රි­පත් කළ පසු මේ සම්බ­න්ධව අදාළ මූල්‍ය සමා­ගම් හා ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ද මහා භාණ්ඩා­ගා­රය බලා­පො­රොත්තු වේ. එම අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කළ පසු මූල්‍ය සමා­ගම් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන විසින් හිඟ පොලී මුදල කපා ඉවත් කළ යුතු අතර එහිදී සිදු­වන අලා­භය එකී සමා­ගම් හෝ ආය­තන මගින් දැරිය යුතුවේ. එමෙන්ම එසේ පොලි මුදල් කපා හැරීමේ දී තම සමා­ගම් හෝ ආය­තන වෙත සිදුවූ අලා­භය සම්බ­න්ධ­යෙන් ඉන් අන­තු­රුව කිසිදු ඉල්ලී­මක් රජය වෙත හෝ ණය ගැනු­ම්ක­රු­වන් වෙත ඉදි­රි­පත් නොකළ යුතු බවට ද කොන්දේ­සි­යක් පනවා ඇත.

අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කර සති­යක් ඇතු­ලත මූල්‍ය සමා­ගම් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන විසින් එක් එක් ණය ගැණු­ම්ක­රු­වකු වෙත ගෙවිය යුතු ණය මුද­ලෙන් නීති­මය වශ­යෙන් නිද­හස් කිරී­මට අදාල ලිපි නිකුත් කිරීම සිදු­කළ යුතු අතර “සිළු­මිණ“ සමඟ අද­හස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිල­ධා­රියා එහිදී වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේ මූල්‍ය සමා­ගම් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන තොර­තුරු ඉදි­රි­පත් කරන තුරු කපා හැරෙන ණය හා පොලී මුදල් හී එක­තුව පිළි­බඳ නිශ්චිත අද­හ­සක් ඉදි­රි­පත් කළ නොහැකි බවයි. පැහැ­දි­ලි­වම මෙලෙස ණය මුදල් කපා හැරීම රජය එම ණය ලබා ගත් ජන­තා­වට ලබා දුන් අති දැවැන්ත ප්‍රති­ලා­භ­යක් බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

මේ අතර මූල්‍ය සමා­ගම් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ආය­තන සඳහා තව­දු­ර­ටත් ගිනි­පොලී අය­කර ජන­තාව සූරා කෑමට අව­ස්ථාව නොදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය­ක­රනු ලබන වාර්ෂික පොලිය සිය­යට 35ක උප­රි­ම­ය­කින් පව­ත්වා­ගෙන යාමට අවශ්‍ය මාර්ගෝ­ප­දේශ නිකුත් කිරී­මට ද ශ්‍රී ලංකා මහ බැංකුව බලා­පො­රො­ත්තුවේ. මහ බැංකුව සතු තොර­තුරු වලට අනුව මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 40% සිට 300% ක් පමණ දක්වා අධික පොලි­යක් අය කෙරේ. මීට අම­ත­රව මෙතෙක් තමන් වෙතින් ණය ලබා ගත් ගනු­දෙ­නු­ක­රු­වන් වෙත උසු­ලා­ගත නොහැකි පීඩ­න­යක් ලබා දුන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමා­ගම් පාල­නය කිරීම සඳහා නව නීති රීති ද හඳු­න්වා­දී­මට රජය කට­යුතු යොදා ඇති අතර එම නීති රීති වලට අනු­ග­තව කට­යුතු කිරී­මට එම සමා­ගම් හෝ ආය­තන අපො­හො­සත් වන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් එම මූල්‍ය සමා­ගම් හෝ ආය­තන වෙත දැඩි පිය­වර ගැනී­මට ද අපේක්ෂා කරන බව නිවේ­ද­නය කර තිබේ.

Comments